මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට! !!

”19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි.

සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ  දෙවියන්ට නම් වෙන්න බෑ.” යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමිතම දේශපාලන හිතවතකුවන රජිත් කීර්ති තෙන්නකෝන් එබව කියා සිටියේ, ඊයේ ( 26 ) කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි.

”19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබුනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා.  19 අහෝසි කරනවා කියන්නේ, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම” යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එහිදී පැවසීය.

”රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත ව්‍යවස්ථා සභාවකින්.

පලාත් සභා අහෝසි කරන්නට ගැටපොළු විදපු සරත් වීරසේකර පළාත් සභා ඇමති විදිහට පත් කරලා. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දාන්නද ඇමතිතුමා ව්‍යවස්ථා සභාවට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ, බලය බෙදීමේ දේව විමානේ හදන්නේ නැති බව අප තේරුම් ගත යුතුයි. ” ‘ යැයි ද තෙන්නකෝන් සඳහන් කළේය.

’19 ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙන්නේ ද්විත්ව පුරවැසිකමේ ප්‍රශ්න විසඳා ගැනීමයි, පාර්ලිමේන්තුවට තියෙන බලය ජනාධිපති අතට ගැනීමයි විතරයි.

තොරතුරු පනත ගැන උදම් අනපු, වැඩමුළු තිබ්බ අය පවා, තොරතුරු පනතින් තොරතුරු ගත් අය පවා මේ ගැන කථා කරන්නේ නෑ.  රටක රාජ්‍ය යේ කටයුතු ජනතාවගෙන් වසන් කරනවා කියන්නේ දුෂණයට මග පෑදීමේ ආරම්භය යි. ”රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.



17 Viewers