මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය සමුගනී..
පූවත් පත් කලාවේදි කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඒ මහතා ‘දිවයින’ පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද ඉතා දක්‍ෂ ලෙස කටයුතු කළේය.
වර්ණකුලසූරිය මහතා ‘ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹූ අතර, මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය මේ රටේ ක්‍රියාත්මක වෙද්දී ත්‍රස්තවාදය පරදවා මාතෘ භූමිය බේරා ගැනීමට ආරක්‍ෂක හමුදාවන්ට දිරි දෙමින් යුද පුවත් විශේෂාංග සම්පාදනය කළ ඒ මහතා වරෙක ග්‍රන්ථයක් ද සම්පාදනය කළේය.
ඔහු සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක් ද එකල ලියනු ලැබූ අතර ඒවා මහත්සේ පාඨක ප්‍රසාදය දිනා ගත්තේය.
වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වූ දිස්නා මහත්මිය කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය.
අවසන් කටයුතු පසුගියදා ඒ මහතාගේ අවසන් ඉල්ලීම පරිදි චාම්ව සිදුකර ඇත.
14 Viewers