• Home »
  • Sinhala Articles »
  • මානව හිමිකම් පුටුවකට කොටි හුරතලෙක් කොටි 140 ක් යළි ඉන්ටර්පෝල් ලැයිස්තුවට

මානව හිමිකම් පුටුවකට කොටි හුරතලෙක් කොටි 140 ක් යළි ඉන්ටර්පෝල් ලැයිස්තුවට

කොටි සංවිධානය සමග දැඩි සබඳතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙස නිර්දේශ වී ඇතැයි ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග ඊයේ 4 දා හෙළි කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කි‍්‍රයාත්මක කිරීම සඳහා රේවතන් නමැති කොටි ත‍්‍රස්තයා කොළඹට එවා තිබූ අතර ඉහත කී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා රේවතන්ව තම රාජ්‍ය නොවන සංවිධානයේ උප සභාපති ලෙස පත් කර තිබූ බව ද හෙළිවී ඇත.

මේ ඝාතන සැලසුම හෙළිවීමත් සමග ම රේවතන් මෙරටින් පැන ගොස් තිබේ.

ඔහු පැන යෑමෙන් පසු රේවතන්ට එරෙහිව ඉන්ටර්පෝල් පොලිසිය ‘දුටු තැන අල්ලනු’ රතු වරෙන්තුවක් ප‍්‍රකාශයට පත්කර ඇත.

මෙම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියාගේ කි‍්‍රයාදාමයන් ගැන අමාත්‍ය විමල් වීරවංශ මහතා වරක් හෙළිකර තිබිණි.

පසුගිය රජය විසින් ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කළ හිටපු කොටි ත‍්‍රස්ත නායකයන් 140 දෙනකුගේ නම් යළි ‘දුටු තැන අල්ලනු’ ඉන්ටර්පෝල් ලැයිස්තුවට ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත.

තහනම අහෝසිවූ මේ හිටපු කොටි යළි අරමුදල් එකතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා යැයි වීරසේකර මහතා පැවසීය.

මොවුන් අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම නෝර්වේ කොටි නායක තෙදියවන් යන අයවලූන් ද වෙති.

පසුගිය යහපාලන රජය මෙම කොටි නාමලේඛනය අහෝසි කර තිබුණේ හොර රහසේය.

එම කොටි ලැයිස්තුව ඉන්ටර්පෝල් පොලිසියෙන් ඉවත්කර ගැනීම සඳහා හිටපු දේශපාලකයකු හමුදා බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් කර තිබූ බවද වත්මන් රජයට වාර්තා වී ඇත.



20 Viewers