• Home »
  • Sinhala Articles »
  • මානව හිමිකම් වාර්තාවේ වගන්ති 64 කින් ලක් රජයට යුද අපරාධ චෝදනා… මෙන්න ඇත්ත!

මානව හිමිකම් වාර්තාවේ වගන්ති 64 කින් ලක් රජයට යුද අපරාධ චෝදනා… මෙන්න ඇත්ත!

(Courtesy of Sunday Diwaina)


පාස්කු ප‍්‍රහාරය සිදුවී මේ වනවිට මාස 18 ක් ගත වී ඇත. එහෙත් හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන සමයේ සිටි පොලිස් නිලධාරීහු එකිනෙකාට චෝදනා කරනවා මිස එම ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට ක්‍ෂණික පියවරක් නොගත්තේ මන්දැයි ප‍්‍රකාශ කර නැත. එවන් තත්ත්වයක් මත තවත් පුදුමාකාර සිද්ධියක් හෙළි විය. ඒ පොලිස් මූලස්ථානයේ සිට දිවයිනේ සියලූම පොලිස් ස්ථානවලට 2017 වසරේ සිට යවනු ලැබූ විද්‍යුත් ලිපි අත-ුරුදන් වීමෙන් රටේ ජනතාවගේ මුදලින් යැපෙන පොලිස් මූලස්ථානය කි‍්‍රයාත්මක වන අයුරු සනාථ විය. මේ හැර යහපාලන විදේශ කටයුතු අමාත්‍යාංශය යළි විදේශගත තානාපතිවරු නිහඬව සිටි අයුරුද හෙළි වී ඇත. 2019 මාර්තු මස ප‍්‍රංශයේ ඒ. බී. සී. තමිල්ඔලි නමැති කොටි ඩයස්පෝරා සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත වාර්තාවක් ගොනු කරනු ලැබීය.

එම වාර්තාවේ සඳහන් වූයේ ශී‍්‍ර ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව සාහසික කි‍්‍රයා සිදුවන බවත් ඊට අන්තවාදී බෞද්ධ සංවිධාන සම්බන්ධ බවයි. මෙයට පෙර කොටි හිතවාදී සංවිධාන මුස්ලිම්වරුන් වෙනුවෙන් හඬක් නැඟුවේ නැත. මෙම ජිනීවා සමුළුවට යෑම සඳහා අප කටාර්හි චොහා ගුවන් තොටුපළේ සිටින විට අලූත්ගම ප‍්‍රදේශයේ පදිංචි බව පැවසූ මුස්ලිම් ජාතිකයකු හමු විය. ඔහු පැවසුවේ මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන ප‍්‍රකට මෝටර් රථ ප‍්‍රදර්ශනය නැරඹීමට යන බවයි. එහෙත් අති විශාල මුදලක් වැය කර මෝටර් රථ ප‍්‍රදර්ශනයක් නැරඹීමට ශී‍්‍ර ලංකාවේ සිට ජිනීවා සහ ව්‍යාපාරිකයන් කලින් වසරවල ද අපට හමුවූයේ නැත. ජිනීවා මෝටර් රථ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි බව පැවසූ එම අබිරහස් ව්‍යාපාරිකයා එහිදී අපට හමු වූයේ නැත. එහෙත් ජිනීවා නුවර මුස්ලිම් ඩයස්පෝරාව කි‍්‍රයාත්මක වන බවත් අයිසිස් කි‍්‍රයාකාරීන් සමග ඔවුන් සබඳකම් පවත්වන බවත් අපට හෙළි විය. එවන් පසුබිමක් මැද ජිනීවා ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස යහපාලන රජය පත් කර තිබුණේ මුස්ලිම් ජාතිකයෙකි. ප‍්‍රංශයේ ඒ. බී. සී. තමිල්ඔලි සංවිධානය මේ තත්ත්වය මත සිය වාර්තාවේ මෙලෙස දක්වා තිබිණි.

‘‘2013 වසරේදී මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර 241 ක් එල්ල වුණා. 2015 සිට ජුනි දක්වා මුස්ලිම්වරුන්ට එල්ල වු ප‍්‍රහාර සංඛ්‍යාව 64 ක් යැයි කිව හැකියි. එහෙත් මෙපමණ ප‍්‍රහාර එල්ල වූ බවට පැමිණිලි ශී‍්‍ර ලංකාවේ පොලිසිය වෙත ලැබී තිබුණේ නැත. එසේ නම් මෙය සාවද්‍ය වාර්තාවක් නොවේද?

මෙම බොරු වාර්තාවට පෙර එනම් 2018 මාර්තු 20 දා කොටි හමුදා නායක එලීලන්ගේ බිරිය වූ ආනන්දි සසිකරන් මුස්ලිම් විරෝධී කි‍්‍රයාමාර්ග නමින් තවත් බොරු වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කර තිබුණි. එහෙත් මේ වාර්තා බොරු යැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප‍්‍රකාශ කිරීමට ජිනීවා නිත්‍ය නියෝජිත අසිස් ඉදිරිපත් වූයේ නැත. මේ බොරු වාර්තාවෙන් ආනන්දි සසිකරන් පැවසුවේ ශී‍්‍ර ලංකාවේ රජය මුස්ලිම්වරු සංහාරය කරන අතර මුස්ලිම් ආර්ථිකය විනාශ කිරීමට කි‍්‍රයා කරන බවයි.

අතුරුදන් වූ පිරිස ගැන නොකඩවා හඬ නැඟූ සසිකරන් එකවරම මෙරට මුස්ලිම්වරු වෙනුවෙන් හඬ නැඟුවේ කාගේ කොන්ත‍්‍රාත්තුවකටද? එසේම ඉන් සිදුවූයේ මුස්ලිම්වරුන් උසි ගැන්වීම නොවේද?

මෙවන් පසුබිමක් මැද පාස්කු ප‍්‍රහාරය සිදුවිය. එහෙත් මේ දක්වාම පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටි පිරිස සොයා ගැනීමට රහස් පොලිසියට හැකිවී නැත. ඊට හේතුව අති විශාල මුදල් බලයකින් සිද්ධිය වසන් කළේ ද යන්න ජනතාව තුළ දැඩි සැකයක් මතුවීමයි. මෙම විනිසුරු පාස්කු ප‍්‍රහාරය සිදුවූ සමයේ රහස් පොලිසියේ සිටි සියලූම නිලධාරීන්ගේ වත්කම් සෙවීමට වත්මන් රජය ද අද වනතුරු කි‍්‍රයා කර නැත.

එසේම බෝම්බකරු සහරාන් සතු ජංගම දුරකථන දෙක ඇමරිකානු එෆ් බී අයි පොලිසියට දුන්නේ මන්දැයි පරීක්‍ෂණයක් පවා පවත්වා නොමැත. දැන් එම ජංගම දුරකථනවල කිසිදු දත්තයක් නොමැත.

මේ අතර රුසියාවේ පැවැති ආරක්‍ෂක සමුළුවකදී රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් යූරි තුංනැව් මෙලෙස හෙළි කර තිබිණි.

‘‘ශී‍්‍ර ලංකාවේ සිට ඉරාකයට සහ සිරියාවට ගිය ඉස්ලාමීය කි‍්‍රයාකාරීන් එම රටවලදී අයිසිස් ත‍්‍රස්තයන් සමග සටන් කර ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දියත් කළහ. රුසියානු එෆ්එස්බී බුද්ධි සේවාව මේ තොරතුරු සොයාගෙන තිබුණි.

මේ ප‍්‍රකාශය තහවුරු වූයේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේදී බෝම්බය ගලවා ගැනීමට ගොස් මියගිය මොහමඞ් ලතිප් නමැති බෝම්බකරු තුර්කියට ගොස් ශී‍්‍ර ලංකාවට පැමිණි අයෙක් බව හෙළිවීමයි.

එසේම ලතිප් නම් වූ බෝම්බකරු එම පිපිරීමෙන් මිය යෑමට විනාඩි 45 කට පෙර සාකච්ඡා කළ බුද්ධි නිලධාරියා කවුද? ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් කි‍්‍රයා කර නැත. මෙම ලතිප් නමැති බෝම්බකරු ගැන රහස් පොලිසිය දැන සිටි බවද අනාවරණය වී ඇත.

යුධ අපරාධ චෝදනා එල්ලවී නැති බවට වාර්ථා වුවත් අද අපි හෙළි කරන්නනේ එකී චෝදනා ගැනය. මානව හිමිකම් කවුන්සිලයේ (OISL) වාර්තාවේ යුද අපරාධ සහ වචනය සඳහන් වන්නේ නැති බවට ප‍්‍රකාශ වුවත් මානව හිමිකම් කවුන්සිල වාර්තාවේ ස්ථාන 37 ක යුද අපරාධ වචනය සඳහන් වී ඇත.

වගන්ති 1281 කින් යුත් එම වාර්තාවේ වගන්ති 27 ක යුද අපරාධ වචනය පැහැදිලිවම සඳහන් වී තිබේ. එසේම නිර්දේශ 3G අතරින් 3 කද යුද අපරාධ යැයි දක්වා ඇත. එම වගන්ති මෙසේයි.

‘‘2-6-70 -90 (පසු සටහන් 190) පාද සටහන් :190- 115 – 191 – 117 – 193 – 118 – 194 – 128-265 -132 – 322- 325- 659 -675- 938- 1118 – 1116- 1119- 1130- 1135- 1139 -1141- 1152-1154 (පාද සටහන්) 1209- 1169- 1161 සහ 1243 නිර්දේශ 18-20-36

මින් 193 සහ 194 යන වගන්තිය යුද අපරාධ මාතෘකාව යටතේ 1243 වැනි වගන්තිය ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධවලට එරෙහි නීතිමය පියවර ගැනීම යන මාතෘකාව යටතේ ද සඳහන් කර ඇත.

මේ හැර මානව හිමිකම් කවුන්සිල වාර්තාව අනුව දක්වා ඇති චෝදනා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව අපරාධ ගණයට වැටෙන අතර ඉන් සනාථ වන්නේ කවුන්සිල වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට සෘජුව යුද අපරාධ චෝදනා නගා ඇති ිබවය. මෙම මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් ජාත්‍යන්තර නීතිරීති දෙකම යටතේ චෝදනා ගොනු කර තිබිණි. එනම් චෝදනා 3 ක් ජාත්‍යන්තර නීතිය (IHC) යටතේ ද ජාත්‍යන්තර මානුෂික නීතිය යටතේ චෝදනා හතරක් ද එල්ලවී ඇත. ජාත්‍යන්තර මානුෂික නීතිය යටතේ එල්ලවූ චෝදනා මෙසේය.

1. අවිචාරවත් ලෙස බෝම්බ දැමීම සහ රෝහල්වලට බෝම්බ දැමීම

2. සිවිල් සමාජය සහ සිවිල් ආයතන යුද්ධයේ බලපෑම්

3. යුද්ධය පැවැති කලාපයේ ජීවත් වූ සිවිල් ජනතාවට මානුෂීය ආධාර දීම ව්‍යර්ථ කිරීම

4. නීතිවිරෝධී මනුෂ්‍ය ඝාතන

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ එල්ල කර ඇති චෝදනා හතර මෙසේයි.

1. නිදහස් හිමිකම් උල්ලංඝනය කිරීම – නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම

2. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම

3. වධහිංසා පැමිණවීම

4. ලිංගික අපරාධ

2015 වසරේ බලයට පත් රනිල් – මෛති‍්‍රපාල යහපාලන රජය මෙම චෝදනා ප‍්‍රතික්‍ෂේප කළේ නැත.

මෙලෙස මෙවන් චෝදනා එල්ලවීමට බලපෑවේ ඇතැම් පාර්ශ්ව කළ චෝදනා ය. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව හෙවත් සීපීජේ ආයතනය වෙත අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාත්‍යන්තර සබඳතා ප‍්‍රකාශක අනුරාධා හේරත් නමැත්තිය මෙලෙස පවසා තිබිණි. ඔව්, කලින් රාජපක්‍ෂ රජය සමයේ භීෂණ සංස්කෘතියක් පැවතුණා. නමුත් එය තවදුරටත් පවත්වාගෙන යෑමට හේතුවක් නැත.

මෙය බරපතළ ප‍්‍රකාශයක්. මෙය එකල භීෂණ සංස්කෘතියක් පැවැති බව පිළිගැනීමකි. එහෙත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හෝ අගමැති මහින්ද රාජපක්‍ෂ මෙවන් ප‍්‍රකාශ කෙරේ අවධානය යොමු කළේද?

මේ අතර පසුගිය සැප්තැම්බර් මස පැවැති 45 වැනි මානව හිමිකම් සමුළුව නිමිත්තෙන් වූ සමාන්තර අන්තර්ජාල රැස්වීමකදී බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා මෙලෙස අනාවරණය කළේය.
‘‘වන්නි මෙහෙයුමින් මියගිය සංඛ්‍යාව ගැන මට බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයෙන් පස්වතාවක් ඉල්ලීමක් කළා. එහෙත් ඒ පස්වතාවම මා කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වුණා.

පසුව කළ අභියාචනාව නිසා මට ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑස්ගේ වාර්තා ලැබුණා. මේ වාර්තා පරීක්‍ෂාවට ලක් කිරීමේදී සමහර වාර්තා ලියවිලි නැති බව හෙළි වුණා. එම වාර්තා නැති කාල සීමාවේ ලූතිනන් කර්නල් ගෑෂ් බි‍්‍රතාන්‍යයට පැමිණ නැති බවත් ඔහු ශී‍්‍ර ලංකාවේ සිටි බව තහවුරු වුණා. මම මේ

ගැන බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළා. මේ වාර්තාවලට සිදුවූයේ කුමක්ද කියා හෙළි කරන ලෙස. එහිදී ඔවුන් පැවසුවේ විදේශ කටයුතු කාර්යාලයේදී එම රහස් ලියවිලි අතුරුදන් වී ඇති බවයි. මෙලෙස අතුරුදන් වූ බවට පැවසූ රහස් වාර්තාවලින් හතරක් මට ලබාදීමට විදේශ කටයුතු බලධාරීන් කි‍්‍රයා කළා. එම වාර්තාවල සඳහන් වූයේ දෙමළ සිවිල් තුවාලකරුවන්ව සහ වයස්ගත උදවියව හමුදාව විසින් ති‍්‍රකුණාමලය වැනි රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. දෙමළ කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකා හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් සමූල ඝාතනය කළ බවට චෝදනා නැඟුවාට ඒ ගැන කිසිදු සාක්‍ෂියක් එම රහස් වාර්තාවල සඳහන් වී නැතැයි යැයි නේ්ස්බි සාමිවරයා කියා සිටියේය.

එසේම ශී‍්‍ර ලංකාවේ පැවැති තත්ත්වයට අදාළ වන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය international Iluminitarian Law) විය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (International Human rights Law) නොවන බව හේස්බි සාමිවරයා තවදුරටත් එම සමාන්තර රැස්වීම අමතමින් අනාවරණය කළේය.

මෙහිදී තහවුරු වූයේ වන්නි මෙහෙයුම පැවැති සමයේ සිදුවූ කි‍්‍රයාදාමයට අදාළ රහස් වාර්තා රැසක් බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයේ කොටි හිතවාදීන් විසින් අතුරුදන් කර ඇති බවයි. එසේ නම් ඊට හිටපු විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ් ඊට සම්බන්ධද?

බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවේ දැඩි බලපැම් මත මෙරට පැමිණි එවකට විදේශ ලේකම් වූ මිලිබෑන්ඞ් එදා ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂ හමුවී වන්නියට යෑම සඳහා කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප විය. මේ සමයේ කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළේ ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් ය. ඔහු වන්නි මෙහෙයුමේ සියලූ සිදුවීම් ලන්ඩන් නුවරට වාර්තා කරනු ලැබීය.

‘‘දෙමළ සිවිල් ජනතාව කොටි සිටි කලාපයේ සිට හමුදාව පාලනය කළ ප‍්‍රදේශවලට දිනපතාම පැමිණියා. මේ බව ලූතිනන් කර්නල්වරයා බි‍්‍රතාන්‍ය රාජයට දැනුම් දුන්නා. ශී‍්‍ර ලංකා හමුදාව එලෙස පැමිණෙන සිවිල් ජනතාව මරා දැමුවේ නම් මරා දමන බව දැනගෙන ඔවුන් හමුදා පාලන ප‍්‍රදේශයට එනු ඇතැයි සිතිය හැකිද? ලූතිනන් කර්නල් ගෑෂ් මේ ඇත්ත තත්ත්වය හෙළි කළා යැයි නේස්බි සාමිවරයා කොටි ඩයස්පෝරාවේ ද්‍රවිඩ සමූලඝාතන චෝදනාව තරයේ ප‍්‍රකාශ කරමින් හෙළි කළේය.

එසේම නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවට අභියෝග කරමින් ශී‍්‍ර ලංකා හමුදාව දෙමළ සිවිල් ජනතාව කොටු කිරීම සඳහා යුද මුක්ත කලාපයක් ඇති කළ බවට නඟන චෝදනා ප‍්‍රතික්‍ෂේප කළේය.

‘‘මේ යුද මුක්ත කලාපය ඇති කළේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ අනු දැනුම ඇතිවයි. යුද මුක්ත කලාපය පිළිගැනීමට කොටි සංවිධානය කි‍්‍රයා කළේ නැත. ඔවුන් එය පිළිගත්තා නම් අසරණ දෙමළ ජනතාව මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ යැයි නේස්්බි සාමිවරයා තවදුරටත් පළ කළේය.

මේ අතර බි‍්‍රතාන්‍ය කොටි තහනම අහෝසි නොකරන ලෙස ඉල්ලමින් ලන්ඩන් ඉනිශේටිව් ආයතනය සහ බි‍්‍රතාන්‍යයේ සොලිසිටර් ජෙයරාජ් පළිහවඩන සහ කැනඩාවේ මහාචාර්ය නෙවිල් හේවගේ ස්වදේශ කටයුතු ලේකම්වරිය වූ පී‍්‍රති පැටල් සහ සාමි මණ්ඩලය වෙතද විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ මේ රහස් වාර්තාවට ඇතුළත් විය. එහෙත් එය ප‍්‍රකාශයට පත් නොවූයේ එහි ඇතුළත් කරුණු කොටින් අතට පත්වීම ව්‍යර්ථ කිරීම සඳහාය. මෙම රහස් වාර්ථාව බි‍්‍රතාන්‍යයේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ ජේම්ස් බ්‍රෝ ලෙන්ෂයර් කි‍්‍රස් පිලිප් ඇතුළු නිලධාරීන් වෙත ද ඉදිරිපත් කර ඇත. මේ අතර හමුදා බුද්ධි සේවයේ ප‍්‍රධානියාව සිටි බි‍්‍රගේඩියර් සුරේශ් සාලේ එම ධුරයෙන් ඉවත් කිරීමට මග පෑදූ තැනැත්තා පුංචි බොරැල්ලේ පොත් සාප්පුකාරයකු වූ සරත් විජේසූරිය බව 2018 ඔක්තෝබර් මස 14 දා ප‍්‍රකාශයට පත් වූ වාර්තාවකින් හෙළි විය. එම වාර්තාවෙන් විජේසූරිය නමැත්තා මෙලෙස ප‍්‍රකාශ කර තිබිණි. මුළු හමුදාවම ජනපතිට විරුද්ධ බවට බි‍්‍රගේඩියර් සාලේ ප‍්‍රචාරයක් ගෙන ගියා මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත වූ අයෙක්.’’

මෙහිදී නැෙඟන ප‍්‍රශ්නය නම් බි‍්‍රගේඩියර් සාලේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව විජේසූරිය දන්නේ කෙසේද යන්නයි. මෙවැනි පසුබිමක් මැද ප‍්‍රංශයේ නීස් නගරයේ දෙව්මැදුරකට එල්ලවූ අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරය සහ ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර ප‍්‍රහාරය ගැන ද මෙරට බුද්ධි අංශවල දැඩි අවධානයට යොමු විය යුත්තේ අයිසිස් හිතවාදීන් 1000 ක් පමණ ශී‍්‍ර ලංකාවේ සිටින නිසාය. ඔවුන් අවස්ථාව පැමිණෙන තුරු බලා සිටියි. ගත වූ කාලය තුළ මෙරට ඉස්ලාම් අන්තවාදීන් තුර්කීය, කටාර් , සවුදි අරාබියාව සහ පාකිස්තානය වෙත රහසිගත සංචාරවල යද්දී රජය බලා සිටිියේය. හිටපු අගමැති ඉස්ලාමීය නිකාභය පැළඳීම තහනම් කිරීමට එරෙහි විය. බින්ලාඩන් නමැති ත‍්‍රස්ත නායකයාව ඝාතනය කිරීම සඳහා ඇමරිකාව කි‍්‍රයා කළ අවස්ථාවේ ඊට එරෙහිව කොළඹ මරදානේදී විරෝධතාවක් පවත්වනු ලැබීය. එය මෙහෙයවනු ලැබුවේ මුස්ලිම් දේශපාලකයෙකි. එසේම ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් කවුන්සිලය මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වී සිටි. වත්මන් රජය හා ආරක්‍ෂක ලේකම්වරයා මේ සංවිධානයට ආරක්‍ෂක කි‍්‍රයාදාමයන්ට මැදිහත්වීමට ඉඩ නොදිය යුතු අතර එකී බලධාරීන් කී වරක් මුස්ලිම් රට වල්වල සංචාරය කළේද යන්න නොපමාව විමර්ශනය කළ යුතුවේ.

මේ අතර ඇමරිකානු නව ජනපති ජෝ බයිඩන්ගේ ධවල මන්දිර කණ්ඩායමට ශී‍්‍ර ලංකා විරෝධී ඇමරිකානු හිටපු තානාපතිනියක් වූ සුසන් රයිස් සම්බන්ධ වී ඇත. ඇය වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක යෙදුණු තානාපතිනියකි.

 



100 Viewers