• Home »
  • Sinhala News »
  • මිලින්ද මොරගොඩ පින්ටෝ පත් කිරීම කරන්න එපා – යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය

මිලින්ද මොරගොඩ පින්ටෝ පත් කිරීම කරන්න එපා – යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය

ප‍්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට සහ ඇමරිකානු එම් සී සී ගිවිසුමට එකඟ වූ හිටපු දේශපාලකයකු වන මිලින්ද මොරගොඩ පින්ටෝ ඉන්දියාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත් කිරීමෙන් වළකින ලෙස යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ඇමරිකානු ඒ්ජන්තවරයකු වූ මෙම හිටපු දේශපාලකයාගේ අබිරහස් කි‍්‍රයා ගැන කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ද රජයට අනතුරු අඟවා තිබූ බව එම සංසදය කියා සිටියි.

යුරෝපා ශී‍්‍ර ලංකා සංසදයේ ප‍්‍රධානි ආචාර්ය රුවන් උඩවත්ත මහතා තවදුරටත් දක්වා ඇත්තේ සතුරු පාර්ශ්ව රජය ඇතුළට උපක‍්‍රමශීලීව රිංගීමට උත්සාහ කරන බවයි.

ඇමරිකානු නිලධාරීන් ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසු මුලින්ම හමුවන්නේ මෙම හිටපු දේශපාලකයා වන මිලින්ද මොරගොඩ බවත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව වෙනම සංවිධානයක් ස්ථාපිත කළ යුතු බව ඇමරිකාවට යෝජනා කළේ ද ඔහු බවත් එම සංසදය හෙළි කර ඇත.

නෝර්වේ රාජ්‍ය සමග එක්වී ශී‍්‍ර ලංකාව දෙකඩ කිරීමට සැලසුම් කළ මෙම හිටපු දේශපාලකයා ඉන්දියාවේ ශී‍්‍ර ලංකා තානාපති කිරීමට ඇතැම් ප‍්‍රතිගාමී පාර්ශ්ව දරන උත්සාහය ව්‍යර්ථ කරන ලෙසද යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත දන්වා තිබේ.



195 Viewers