• Home »
  • Sinhala News »
  • මුල්ලිවයික්කාල්හි රැස්වීම පහන් දැල්වීම තහනම්

මුල්ලිවයික්කාල්හි රැස්වීම පහන් දැල්වීම තහනම්

මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයට ජනතාව ඒකරාශී කිරීම හා කණ්ඩායම් වශයෙන් පැමිණ පහන් දැල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.

මුලතිව් පොලිසිය විසින් කොරෝනා මර්දන නීති රීති මත අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මුලතිව් අධිකරණය මෙම වාරණ නියෝගය පනවා තිබේ.

මුලතිව් පොලිසිය පැවසුවේ ඉතා විශාල කණ්ඩායම් පැමිණ මැයි මස 18 වැනිදා මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දැල්වීමේ සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගත් බවයි.

පළාතේ කොරෝනා රෝගය පාලනය කිරීම ස`දහා එම තත්ත්වය විශාල බාධාවක් බැවින් අධිකරණ නියෝගය ලබාගත් බවත් එම අධිකරණ නියෝගය කඩ කරන ඕනෑම තරාතිරමක අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මුලතිව් පොලිසියේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

මහා මාර්ගවලට පැමිණ කණ්ඩායම් වශයෙන් බැනර් රැුගෙන යතුරුපැදිවලින් ගමන් කිරීම ඇතුළුව රංචු ගැසී සිදු කරන සියලූම ක‍්‍රියාවන් තහනම් මෙන්ම මැයි මස 20 වැනිදා දක්වා මුලතිව් අධිකරණ සීමා බලප‍්‍රදේශය තුළ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ කටයුතු තහනම් කොට ඇති බවද මුලතිව් පොලිසිය ප‍්‍රකාශ කරයි.

මුලතිව් පොලිසිය විසින් අධිකරණ නියෝගය මුලතිව් ප‍්‍රදේශයේ දේශපාලන ක‍්‍රියාධරයින් ඇතුළු විශාල පිරිසකට බාර දී ඇත.



11 Viewers