• Home »
  • Sinhala »
  • මුහුදු මහා විහාරයට නාවික හමුදාව කැඳවයි – හමුදා අනු කණ්ඩයක් පිහිටුවයි

මුහුදු මහා විහාරයට නාවික හමුදාව කැඳවයි – හමුදා අනු කණ්ඩයක් පිහිටුවයි

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න අද (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වුණා.

https://www.truenews.lk/steps-have-been-taken-to-hand-over-the-security-of-the-pottuvil-sea-temple-to-the-navy/


මුහුදු මහා විහාරයට අක්කර 30ක් ගැසට් කිරීම අන්තවාදීන්ට උඩගෙඩි දීමක් 

පොතුවිල් ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරයට පුරාවිද්‍යා පනතට අනුව හිමිව ඇති අක්කර 70කට වැඩි භූමි ප‍්‍රමාණය වෙනුවට අක්කර 30කට ආසන්න ප‍්‍රමාණයක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජය කි‍්‍රයා කරන්නේ නම් එය අන්තවාදීන්ට තව දුරටත් උඩගෙඩි සැපයීමක් පමණක් වනු ඇතැයි ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ දිවයිනට ඊයේ (15දා* ප‍්‍රකාශ කළහ).

මේ අයුරින් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන් අතට පත් වීමට ඉඩ ලබා දීමෙන් එයට නීතියානුකූල භාවයක් හිමිවීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද උන්වහන්සේ පැවසූහ.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප‍්‍රකාශයට පත් කරන ලද අක්කර 72ක විහාර භූමි ප‍්‍රමාණය 1965දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කර තිබුණා මේ අඩු කිරීමට නිශ්චිත හේතුවකුත් නෑ.

ඒ කෙසේ වෙතත් පුරාවිද්‍යා පනතට අනුව මුහුදු මහා විහාරයට හිමිව ඇති අක්කර 70කට වැඩි භූමි ප‍්‍රමාණයක පිහිටි ඉඩමේ මේ වන විට ඓතිහාසික වටිනාකමක් සහිත ගල් කණු, සඳකඩ පහන්, මුර ගල් අතුළු සියල්ල විනාශ කරමින් එහි නිවාස සාදා ගනිමින් බලහත්කාරයෙන් ඉඩම් අයිතිවාසිකම් කීමට අන්තවාදීන් පෙළඹී සිටීම ජාතියේ අවාසනාවක් දැයි ප‍්‍රශ්න කරනවා යැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

ශ‍්‍රී ලංකාවේ වැඩිම පුරාවස්තු පිහිටි ප‍්‍රදේශය වන නැගෙනහිර පළාතේ දී මෙරට වැඩිම පුරාවස්තු සංහාරය සිදුවීම නිහ`ඩව ලබා සිටිය නොහැක්කක් නිසාවෙන් රජය මේ පිළිබඳව වහා පියවර ගනිමින් පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවස්තු සංහාරයක යෙදෙමින් ඒවා විනාශ කිරීම හෝ විකෘති කිරීම වෙනුවෙන් කටයුතු කරන නැගෙනහිර පළාතේ අන්තවාදී කොටස් වෙත නීතිය කි‍්‍රයාත්මක කරමින් ඇප පවා නොලැබෙන වැරදි නතර කිරීමට රජය වහාම පියවර ගත යුතුව ඇතැයි ද ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



42 Viewers