මේ සිංහල ජාතියේ අවසානයේ ආරම්භයයි..!
අපේ ජාතිකත්ව කඳවුර බොරුවට කලු සුද්දියෙක්ගෙ ජාතික ගීය පස්සෙ හඹා යන්නෙ නැතුව අපේ පොදු සතුරාට විරුද්ධව නැගී සිටිය යුතුයි. ලංකාවෙ මේ ප්‍රශ්න ඔක්කොම ඇති කරන්නෙ ඇමරිකාවෙන්. එවුන්ට දැන් දියේගෝ ගාර්ශියාවෙන් යන්න වෙන නිසා ඒ වෙනුවට ලංකාව දෙකට තුනට කඩල අල්ලගන්න හදනවා. ලංකාව දුප්පත් වෙන තරමට ඒක කරන්න ලේසියි. දැනට රනිල් විදෙස් ණය නොගෙවා රට ගෙනියනවා. ඒත් ඒක හැමදාම කරන්න බැහැ.
ඇමරිකාවට තියන ලොකුම බාධකය බුද්ධාගම සහ හාමුදුරුවරු. ඒක අතීතයෙත් එහෙමයි. ජෝන් ඩොයිලිගේ ලිපි වල කියල තියනවා කහ රෙදි ඇඳගත්ත කට්ටියක් නිසා තමයි මොනවවත් කරන්න බැරි කියලා.. බුද්ධ දර්ශනය හරිම විද්‍යාත්මකයි. ඒනිසා ඒකට ගහල බුද්ධාගම වට්ටන්න බැහැ. ඒනිසා ඒවෙනුවට හාමුදුරුවරුන්ට බොන්න දීල ගෑනු දීලා විඩියෝ කරල බෞද්ධයින්ටම හාමුදුරුවරු එපා කරවනවා. හාමුදුරුවො කියන්නෙත් මනුශ්‍යයො. ඒනිසා උන්නාන්සේලා මේ උගුලට අහුවෙනවා.
මේක ඇමරිකන් ආක්‍රමණයක්. ඒකෙ පලවෙනි අදියරය පටන් ගත්තේ අනුර කුමාර ඇතුලු ජෙප්පන්ට ඩොලර් දීලා උන්ව අල්ලගෙනයි. එවුන් විදුලි බල දෙපාර්තමේන්තුවේ ඉන්නේජිනේරුවන්ට ඇමරිකාවෙන් දෙන ඩොලර් දීලා විදුලි බලය ක්‍රියා විරහිත වෙන විදිහට වැඩ කලා. ඒකෙන් බැට කාපු පහල මධ්‍යම පන්තික අමන රැල පාරට බැස්සා ඒක තමයි දෙවෙනි අදියරය වන අරගලය.
තුන්වෙනි අදියරය තමයි රනිල් බලයට ගෙන ඒම සහ ඔහුගේ මාර්ගයෙන් 13 වෙනි සංශෝධනය පුර්ණ ලෙස බලාත්මක කිරීම. ඉන්පස්සෙ දමිළ ඊලාම් රාජ්‍යය බිහි වෙනවා. ඔවුන් නැගෙනහිරත් අල්ලගෙන නැගෙනහිර ලංකාව ඇමරිකන් යුද හමුදා කඳවුරක් බවට පත් කරනවා. දැනටමත් උතුරේ සිංහලයින්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඊටපස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය සුනඛයාට යනවා.n
4 Viewers