• Home »
  • Sinhala Articles »
  • යුද අපරාධ සිදුකළ රටවල් පහක් මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට චෝදනා නැඟීම

යුද අපරාධ සිදුකළ රටවල් පහක් මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට චෝදනා නැඟීම

manawa145මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා අස්වන බවට පුවතක් ප‍්‍රචාරය විය. එහෙත් මානව හිමිකම් කවුන්සිලය තුළ ශී‍්‍ර ලංකාව කි‍්‍රයාත්මක වන්නේ නිරීක්‍ෂණ මට්ටමෙනි. එසේම ශී‍්‍ර ලංකාව මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයකු ද නොවේ. මේ බව ඇතැම් දේශපාලකයන් මෙන්ම මාධ්‍ය නොදනී.

45 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා (14දා* ආරම්භ විය. එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහි බටහිර සතුරන් තවදුරටත් කි‍්‍රයාත්මක වේ.

සමුළුවේ 2 වැනි දිනය වූ සැප්තැම්බර් 15 දා රටවල් පහක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව හඬනැගුවේ බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා පේ‍්‍රන්ඞ්ය.  උතුරු මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්රෝ සහ බි‍්‍රතාන්‍ය වෙනුවෙන් ප‍්‍රකාශයක් කළ ඇය ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවමින් පැවසුවේ ලබන වසරේ (2021* මාර්තු මස ශ‍්‍රී ලංකාව ගැන වැදගත් වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන බව කීවාය.

එහෙත් මේ වාර්තාව කුමක්දැයි රීටා ප්‍රෙන්ඞ් හෙලිකළේ නැත. ඇය පවසන මේ වාර්තාව නම් 30/1 ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට වසර 2 ක් ලබාදුන්නත් එම කාර්ය ඉටුනොකිරීමයි.

එහෙත් ශ‍්‍රී ලංකාව ඊට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම්ද? ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහි සිදුවන සතුරු කි‍්‍රයා ගැන නිසි අවධානයක් සිදුනොවෙද්දී 20 වැනි සංශෝධනය ගැන වාද විවාද පැවැත්වේ.

එසේ වුවත් මානව හිමිකම් සමුළුවේදී බි‍්‍රතාන්‍ය තානාපතිනිය සමඟ එක්ව කටයුතු කළ රටවල් පහ යුද අපරාධ සිදුකර ඇතත් ඒ බව වසන් වී ඇත.

කැනඩාව, බි‍්‍රතාන්‍ය, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ මොන්ටිනිග්රෝ යන රටවල් යුද අපරාධ සිදුකර තිබේ.

මේ ගැන ශ‍්‍රී ලංකාව අද වනතුරු අභියෝග කර නැත. එසේම එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ නේස්බි සාමිවරයාගේ වාර්තාවද ඉදිරිපත් කර නැත.

මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක පනත කි‍්‍රයාත්මක කරන ලෙස බි‍්‍රතාන්‍ය රජයට දැඩි බලපෑම් එල්ල කිරීමේ යෙදී සිටිති. එසේම මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිප් හා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක වී ඇත.

යස්මින් සුකා මානව හිමිකම් සමුළුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙලෙස දක්වා තිබේ.

‘‘ කොළඹ බටහිර තානාපතිවරු නිරතුරුවම ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී තෑගි හුවමාරු කරගනී. හිටපු හමුදා නිලධාරීහු රජයේ විවිධ තනතුරු වලටද පත්වී ඇත.’’

මේ අතර ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව – අධිකරණ කටයුතු සහ දේශපාලනය යන අභ්‍යන්තර කටයුතුවලටද මානව හිමිකම් කවුන්සිලය සෘජුව මැදිහත්වී තිබේ.

ඊට හොඳම නිදසුන බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ඞ්ගේ ප‍්‍රකාශයයි.

එවැනි ප‍්‍රකාශවලට මුල්වූයේ 2015 සැප්තැම්බර් මස යහපාලන රජය ශ‍්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ජිනීවා 30/1 යෝජනාවට එකඟ වීමයි.

මෙම ද්‍රෝහී කි‍්‍රයාව සිදුකිරීමෙන් පසු යහපාලන රජයට සම්බන්ධ පිරිස ජනතාව රවටමින් ජිනීවා මානව හිමිකම් ප‍්‍රශ්නය සදහටම නවතී යනුවෙන් රජයේ මාධ්‍යවලින් ප‍්‍රචාරයක් දියත් කරනු ලැබීය.

එසේම එකළ ජනපතිව සිටි මෛත‍්‍රිපාල සිරිසේන නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ ප‍්‍රකාශය ගැන ජනපති කාර්යාලයට රිංගාගෙන සිටි රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරියෙක් එම ප‍්‍රකාශය නිසා මානව හිමිකම් චෝදනා අහෝසිවන බව කියා සිටියේය.

එසේ වූවත් සිදුවූයේ කුමක්ද? හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවේ ස්ථාන 29 කට වඩා යුද අපරාධ චෝදනා එල්ල කර තිබීමයි.

මෙම තත්ත්වය මත ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වීම දිගටම පවතී. මේ නිසා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 59 කට අධික සංඛ්‍යාවට විදේශ ගතවීමටද නොහැකිවී ඇත.

මෑතකදී හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා යුද අපරාධ චෝදනා එල්ලවූ නිලධාරීන් සංඛ්‍යාව 250 ක් දක්වා ඉහළ නංවා තිබූ අතර හමුදාව විසින් අතුරුදන් කර ඇති ද්‍රවිඩයන් සංඛ්‍යාව 40000 සිට 75000 දක්වා වැඩිකර තිබුණි.

එසේම කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍යයේ ආරක්‍ෂක උපදේශක ස්වර්ණ බෝතොටට එරෙහිවද වසර 2 කට පසු යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබීය.

මෙය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකි. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පැය 24 ක් තිබියදී කැනඩා මන්ත‍්‍රී ජීසස් ගානට් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම පසුබිමේ සිටින්නේ කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරීයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ බලය ලැබෙන සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

ප‍්‍රසන්න අල්විස්, ප‍්‍රියංක මුණසිංහ සහ ස්වර්ණ බෝතොට යන හමුදා නිලධාරීහු එම නීතිය යටතේ අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබුණි.

මේ තත්ත්වය මත ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහි සිදුවන කුමන්ත‍්‍රණය නතර වී නැත.

එසේම ජිනීවාහි සිටින සතුරන් රැුසක් විදේශිකයන් සමඟ එක්වී ශ‍්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට මානව හිමිකම් නිලධාරීන් ඉදිරියේ සාක්‍ෂිදී තිබේ. ඔවුන් අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ මැතිවරණ කාර්යාලයේ සේවය කළ ස්විට්සර්ලන්තයට පැනගිය මාධ්‍ය පාර්ශ්වයක්ද වේ.

මෙවන් වාතාවරණයක් මැද 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ‍්‍රී ලංකාව සූදානම්ව සිටින්නේද?

ඒ සම්බන්ධයෙන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජනාධිපති හා විදේශ ඇමැති වෙත සංදේශයක්ද යවා ඇත. එහෙත් ඊට ප‍්‍රතිචාර දක්වා නැත. මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් රජය ජිනීවා යෝජනාව ගැන නිසි පියවර ගැනීම අත්හැරදමා තිබේද යන්නයි.

මේ අතර ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ යහපාලන රජය එකඟවූ ජිනීවා යෝජනාවෙන් ඉවත්විය නොහැකි බවයි. එසේ නම් මීළඟ පියවර කුමක්ද? යහපාලන රජය ජිනීවා යෝජනාවට එකඟ වී මුළු හමුදාවම අමාරුවේ දැමුවේය. එහි ප‍්‍රතිඵලය වූයේ හමුදාවට යුද අපරාධ ලේබලය එල්ල වීමයි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානද සහය විය.

මෙම පසුබිම මැද 46 වැනි මානව හිමිකම් සමුළුව තව මාස 5 කට පසු පැවැත්වේ. එහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන වාර්තාව යටතේ මානව හිමිකම් කවුන්සිලය කුමන පියවරක් ගන්නේ දැයි කිව නොහැකිය.

නවිපිල්ලේගේ සිට මිචෙලි බැචලට් දක්වා වූ මානව හිමිකම් කොමසාරිස්වරු ශ‍්‍රී ලංකාවට එරෙහි වූවන් වේ.

මේ නිසා ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති බරපතළ යුද අපරාධ චෝදනා අහෝසිවීමේ ප‍්‍රවණතාවයක් උදාවී නැත.

එසේම ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධානද ඊට කිසිසේත් ඉඩ නොදෙනු ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිවිල් සංවිධානවලට නිදහසේ කි‍්‍රයාකිරීමට ඉඩදිය යුතු බවට බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ඞ් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමයි.

එහෙත් විදේශ අරමුදල් මත යැපෙන එන්.ජී. ඕ. සංවිධානවලට රටට එරෙහිව කි‍්‍රයාකිරීමට ඉඩදිය යුතුද?

සාධාරණ සමාජය නම්වූ ව්‍යාපාරයේ සරත් විජේසූරිය නැමැත්තා හමුදා බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සලේ ධුරයෙන් ඉවත්කර බුද්ධි සේවාව අරාජික කල අයුරු අමතක නොවේ.

මෙම පසුබිම මැද ශ‍්‍රී ලංකාවට සහ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කොටි ඩයස්පෝරාවයි. එහෙත් බිහිසුණු යුද අපරාධ සිදුකළ කොටි ත‍්‍රස්තයන්ට එරෙහිව මෙතෙක් යුද අපරාධ චෝදනා එල්ලවී නැත.

යුරෝපා රටවල පමණක් දේශපාලන රැුකවරන ලත් කොටි ත‍්‍රස්තයන් 200 කට අධික සංඛ්‍යාවක් සිටිති. එහෙත් ඔවුන් ගැන එම රටවල් කිසිදු පරීක්‍ෂණයක් කර නැත.

මේ තත්ත්වය මත බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ඞ් සමඟ එක්වී ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නඟා ඇත්තේද යුද අපරාධ සිදුකළ රටවල්ය. එහෙත් ඒ ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිදු ප‍්‍රකාශයක් කරන්නේ නැත.



3 Viewers