යුධ අපරාධ චෝදනා

ශ්‍රී ලංකාව දේශපාලනිකව, සාමාජිය, ආර්ථික සහ සංස්කෘතික ලෙස අස්ථාවර කර කැබිලිවලට කඩා රටේ සම්පත් සුරා කෑමේ මානව හිමිකම් කොමිසම හරහාද ක්‍රියාත්මක වන ඉන්දියානු මෙන්ම බටහිර නව යටත් විජිත ආක්‍රමණය පරාජය කල යුතු වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගතව පදනම් විරහිත වාර්තා චෝදනා ඉදිරිපත් කරමින් කටයුතු කරන මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලේ නව යටත් විජිත ආක්‍රමණයේ එක අවියක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුල රූකඩයක් සේ ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු ඇමරිකානු සුරතලියක් බව ඇගේ මෑත ක්‍රියා කලාපයෙන් පැහැදිලිවේ. නව යටත්විජිත වාදී ආක්‍රමණ සැලසුමට අවනත නොවන ඒ වෙනුවෙන් පෙනී නොසිටින කිසිඳු පුද්ගලයකුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ධුරය හෝ මානව හිමිකම් කොමිසම් වැනි එහි අනුභද්ධ සංවිධාන වල ඉහල පුටුවලට පැමිණීමට නොහැක. මෙම සන්දර්භය අනුව මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලේ ගේ ක්‍රියා කලාපය නව යටත් විජිත ආක්‍රමණයේ එක අවියක් හසුරුවන පුද්ගලයෙක් වශයෙන් අපට තේරුම් ගත හැක.

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රගතිශීලි නායකයකු චිලී කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ ජනාධිපතිවරයා වූ Salvador Allende ව Pinochet ගේ හමුදා කුමන්ත්‍රණයේ සහායෙන් මරා දැමු ඇමරිකාව සමග වර්තමානයේ එක්වී ඇති චිලී කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායිකාව සහ 2018 වන තුරු දෙවරක් චිලී රටේ ජනාධිපතිවරයා වූ වත්මන් මානව හිමිකම් මහා කොමසාරිස්  Michelle Bachelet ඇමරිකානු අධිරාජ්‍යවාදී උවමනාව වන කුඩා රටවල් යටත් කරගනිමින් විනාශ කරමින් එම රටවල සම්පත් සුර කෑමේ සැලැස්ම ක්‍රියාවට නැංවීමට වන අවියක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුල රූකඩයක් සේ කටයුතු කරමින් නව යටත් විජිත ආක්‍රමණය වෙනුවෙන් ඇමරිකාවේ සුරතලියක් සේ ඉටු කරන සේවය ඉතා ජුගුස්නාජනකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ මානව හිමිකම් කඩ කිරීමේ ව්‍යාජ චෝදනා අවියක් ලෙස යොදා ගනිමින් කුඩා රටවල් ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික වශයෙන් අස්ථාවර කර සුරා කෑමේ එම නව යටත් විජිත ආක්‍රමණයට මුහුණ පා සිටින අන් සියලු රටවල් විසින් මෙම ආක්‍රමණය පිළිකුලෙන් හෙලා දැකිය යුතුය.

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්වත් පැවැත්වීමට නොහැකි ඇමරිකාවද ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් හෝ කිසි සෙත් නොපවත්වන, ව්‍යාජ හේතු දක්වමින් විවිධ රටවල නීති විරෝධී හමුදා ආක්‍රමණ කුමන්ත්‍රණ සිදු කරමින් එම රටවල ජනතාව ඝාතනය කරමින්, එම ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බලවත් යැයි කියා ගන්නා ර ටවලට එරෙහිව කටයුතු කරන ලෙස එසේ නොකරන බව දැන දැනත් මානව හිමිකම් කොමිසමට සහ වත්මන් මානව හිමිකම් මහා කොමසාරිස්  Michelle Bachelet අප අභියෝග කර සිටිනවා.

මානව හිමිකම් කොමිසමේ සහ එහි මහා කොමසාරිස් වරියගේ අසත්‍ය ද්වේශ සහගත ඕපාදුප වාර්තාවල කරුණු නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රී ලංකාව කුමන සාධක තර්ක සාක්ෂි ඉදිරිපත් කලද ඇමරිකානු අවශ්‍යතාවය අනුව එම උත්සාහයන් බීරි අලින්ට විනා වයනවා වැනි වේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය හොදින් දන්නවා ඔය කියන ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් මානුෂික මෙහෙවරේදී සිදු නොවූ බව. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වන තුරු ව්‍යාජ හේතු එකක් පසු පස එකක් ඉදිරිපත් කරමින් මෙම ක්‍රියා දාමය අප යටත් වෙන තුරු කරගෙන යාමට උත්සාහ කරනවා. නමුත් අප මේ තර්ජනයටන්ට යත් නොවී රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය ස්වාධීනත්වය වෙනුවෙන් නොභියව කටයුතු කල යුතුයි.

වර්තමානයේ මානව හිමිකම් කොමිසම විසින් එල්ල කරන චෝදනා පදනම් විරහිත වගේම හුදෙක් අභ්‍යන්තර දේශපාලන කරුණුවේ. රටේ කිසිඳු දේශපාලන කටයුත්තකට හමුදා නිලධාරීන් පත් කර නොමැත. යම් තනතුරු වලට පත් කර ඇත්තේ සේවයෙන් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් වේ. අප අහන්නේ යම් පුද්ගලයෙක් හමුදා සේවයේ යෙදී පසුව විශ්‍රාම ගිය විටත් රජයේ තනතුරක් දැරීමේ සාමාන්‍ය පුරවැසියකුට හිමි අයිතිවාසිකම් අහිමි වෙනවාද කියා.

මෙම රටට එරෙහි දුෂ්ඨ ආක්‍රමණශීලි ක්‍රියාදාමය පැහැදිලිව මෙසේ ක්‍රියාත්මක වෙද්දී මීට පෙර මානව හිමිකම් කොමිසම ඉදිරියේ රට පවා දුන් දුෂ්ඨ විපක්ෂය සහ එහි නායකයන්, ඩොලර් මත යැපෙන NGO හිගන්නන්, සිවල් සංවිධාන නියෝජිතයින් දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගන්නා පිරිස් වර්තමානයේ එල්ලෙන්න පිදුරු ගහක් නැතිව මෙම ආක්‍රමණශීලි ක්‍රියාදාමයේ වරද ශ්‍රී ලංකා රජය වෙත පැවරීම මගින් පෙන්නුම් කරනුයේ අංක එකේ  බටහිර නියෝ ලිබරල් ඒජන්තයා වූ රනිල් වික්‍රමසිංහගේ අන්ත පරාජයෙන් පසුව වත් ඔවුන්ගේ පරාජයට හේතු අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගෙන රටේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමට සුදානම් නැති බවය.

එමනිසා මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු සහ බටහිර නව යටත්විජිත වැඩි ආක්‍රමණය පරාජය කිරීමට නම් එම ආක්‍රමණයේ මෙරට නියෝජිතයින් වූ පෙරටුගාමී කුරුටුගමින්, ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහ සජිත්ගේ පක්ෂයත්, ඩොලර් මත යැපෙන NGO හිගන්නන්, සිවල් සංවිධාන නියෝජිතයින් දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගන්නා පිරිස් ඇතුළු මෙම බටහිර නියෝ ලිබරල් කඳවුර ස්ථිරව දේශපාලනිකව පරාජය කර මෙරටෙන් අතුගා දැමිය යුතුය.

ඒසඳහා මෙරට මහා සංඝරත්නය දේශමාමක දේශපාලන සහ සංවිධාන වල නායකයන් දේශප්‍රේමී උගතුන් බුද්ධිමතුන් වගේම ජාතිමාමක පොදු ජනතාව එක්ව සමගියෙන් කටයුතු කල යුතුය.

ඒවගේම මෙම ජාතික කඳවුර තුල සිටිමින් තනතුරු වරප්‍රසාද භුක්ති විදිමින්ම තමන්ගේ පටු දේශපාලනික සහ අනෙකුත් වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජාතික කඳවුර භේද බින්න ඇතිකරන නියෝ ලිබරල් විජාතික කඳවුරේ ඔත්තු කරුවන් ඒජන්තයන්ද, කුලී ලියන්නන්ද, මග වැරදි පැමිණියවුන්ද ඉවත් කිරීම හෝ පිටු දැකිම සිදු කල යුතුය. ඈත අතීතයේද 1818, 1848 වැනි දේශප්‍රේමී ජාතික සටන් වලදී ලැබුණු අත්දැකීම් පාවාදීම ගුරු කොටගෙන එම වැරදි නැවත සිදුවීම වලක්වා ගෙන මේ ජාතික සටන ජයග්‍රහණය කිරීමට නම් ජනතාව දැනුවත් කර පෙළ ගස්සන්වා සේම ඉහත කී ජාතික කඳවුර තුල සිටින ඔත්තුකරුවන් ද්‍රෝහීන් පරාජය කිරීමද අනිවාර්යය අවශ්‍යතාවයකි.

රුවන් දිසානායක



24 Viewers