• Home »
  • Sinhala News »
  • රටේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න එපා – ජනපති UN සමුළුව අමතමින් කියයි…

රටේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න එපා – ජනපති UN සමුළුව අමතමින් කියයි…

එක්සත් ජාතීන්ගේ 75 වන සමුළුවට සමගාමීව, ඉහළ පෙළේ රාජ්‍ය නායක හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශය ( 2020 සැප්තැම්බර් 21)සභාපතිතුමනි,මහලේකම්තුමනි,මැතිඳුනි,ආයුබෝවන්!මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ සභාපති ධුරයට තේරී පත් වූ වොල්කන් බොස්කිර් මැතිතුමාට මගේ සුභාශිංසන පළ කරමි. මේ ඓතිහාසික අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි.අවාසනාවකට මෙන්, අද ලෝකය මින් වසර 75 කට පෙර මේ ගෞරවනීය සභාවේ නිර්මාතෘවරු අපේක්ෂා කළ තත්ත්වයට වෙනස්ය. මාස කිහිපයක් ඇතුළත අපේ ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති සහ සැබැවින්ම අපගේ සමාජ අඩපණ කළ පෙර නොවූ විරූ කොවිඩ් – 19 වසංගතයෙන් ලෝකය පීඩාවට පත්ව ඇත. දැනුවත් මැදිහත් වීමක් මගින් කොවිඩ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකිවිය. අප කොවිඩ් – 19 නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළේ ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙරය. අපේ ප්‍රවේශය ආරක්ෂක අංශ, සෞඛ්‍ය මෙන්ම ජාතික හා ප්‍රාදේශීය ම‍ට්ටමේ සිවිල් අධිකාරීන්ගෙන් සංයුක්ත විය.ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගීන් සුව වීමේ අනුපාතය සියයට 90 ඉක්මවන අතර එය ගෝලීය සුව වීමේ අනුපාතයට ඉහළ අගයකි. අපේ සාර්ථකත්වයට බොහෝ සේ පිටිවහලක් වූයේ අපගේ ප්‍රබලම ශක්තිය වන “සොයා ගැනීම හා නිරෝධායනයයි”. යන්න නිසාය.ගත වූ මාසයකට වැඩි කාලය ඇතුලත කිසිදු කොරෝනා අසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැත.ගරු රාජ්‍ය නායක / නායිකාවනි,ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030 සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම මගේ රජයේ ප්‍රධාන අභිමතාර්ථයකි.අප වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග කිහිපයක් වන ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවිය.ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා වසර 65 සමරන අපි එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයට දායක වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමු. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට මෙන්ම සංවිධානයේ විශේෂිත ආයතන සැලසුම් කරන වැඩසටහන් බොහොමයකට දායක වී ඇත.ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින මෙවන් සමයක, “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nations We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාවට දක්වන ‍ගෞරවය සහ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම යන පැතිකඩ නිසි අවධාරණයට ලක් කරන බව මම විශ්වාස කරමි.ගරු මැතිඳුනි, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය සහ එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැක්කේ සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් බව මම තර‍යේ විශ්වාස කරමි. එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වන අප අපට අවශ්‍ය අනාගතය සහතික කිරීම පිණිස මෙම ශ්‍රේෂ්ඨ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නෙමු.අපේ ජනතාවට සහ අනාගත පරම්පරාවන්ට එකී වගකීම ඉටු කිරීමට අපි බැඳී සිටින්නෙමු. ස්තූතියි!பொதுச் சபையின் 75 வது கூட்டத்தொடரின் தலைவர் பதவிக்கு தெரிவு செய்யப்பட்டுள்ள திரு. வோல்கன் பொஸ்கர் அவர்களுக்கு எனது வாழ்த்துக்களை தெரிவிக்கின்றேன். இந்த வரலாற்று சிறப்புமிக்க தருணத்தில் இலங்கை மக்களை பிரதிநிதித்துவம் செய்வதற்கு கிடைத்தமை எனக்கு கிடைத்த மாபெரும் கௌரவமாகும்.துரதிஷ்டவசமாக , 75 ஆண்டுகளுக்கு முன்னர் இந்த கெளரவமான சபையை ஆரம்பித்தவர்களின் எதிர்பார்ப்புகளுக்கு முற்றிலும் மாற்றமானதாகவே இன்றைய உலகம் காணப்படுகின்றது. ஒரு சில மாதங்களுக்குள் எமது பொருளாதாரம், சுகாதார கட்டமைப்பு மற்றும் முழுமையாக எமது சமூக செயற்பாடுகளை இடை நிறுத்திய, முன்னர் எப்போதும் இருக்காத கொவிட் – 19 நோய்த்தொற்றினால் முழு உலகும் பாதிக்கப்பட்டுள்ளது. அறிவார்ந்த செயற்பாடுகளின் மூலம் கொவிட் – 19 சவாலுக்கு வெற்றிகரமாக இலங்கை முகங்கொடுத்தது. இலங்கையில் முதலாவது நோயாளியை இனங்காண்பதற்கு முன்னராகவே நாம் கொவிட் – 19 தேசிய நிவாரண செயற்பாட்டுக் குழுவை ஸ்தாபித்தோம். பாதுகாப்பு தரப்பினர், சுகாதார, தேசிய மற்றும் பிரதேச மட்டத்தில் சிவில் அதிகாரிகள் அனைவரையும் உள்ளடக்கிய வகையிலேயே எமது முன்னெடுப்புகள் அமைந்திருந்தன. இலங்கையில் கொவிட் – 19 நோயாளிகள் சுகம் அடையும் வீதம் நூற்றுக்கு 90 ஐ விடவும் அதிகமாக உள்ளதுடன் அது உலகின் சுகம் அடையும் வீதத்தின் உயர் நிலையாகும். எமது பலமான சக்தியாக அமைந்த “தடமறிதல் மற்றும் தனிமைப்படுத்தல்” என்பதே எமது வெற்றிக்கான காரணங்களாகும். கடந்த ஒரு மாத காலத்தில் எந்தவொரு கொரோனா தொற்றுக்குள்ளானவரும் நாட்டினுள் இனங்காணப்படவில்லை. கௌரவ அரச தலைவர்களே, பேண்தகு அபிவிருத்தி நிகழ்ச்சி நிரலை 2030 இல் அடைந்துகொள்வதற்கு இலங்கை அர்ப்பணிப்புடன் செயற்படுகின்றது. விவசாயத்தை அடிப்படையாகக் கொண்ட உற்பத்தி பொருளாதாரத்தின் மூலம் வறுமையை ஒழிப்பது எனது அரசாங்கத்தின் முக்கிய நோக்கமாகும். நாம் வருடத்தின் ஆரம்பத்தில் உள்நாட்டு உற்பத்தியை மேம்படுத்துவதற்காக எடுத்த பல்வேறு நடவடிக்கைகளான இறக்குமதியை கட்டுப்படுத்தல் மற்றும் சிறிய மற்றும் நடுத்தர தொழிற்முயற்சியாளர்களுக்கு சலுகைகளை வழங்குவதன் மூலம் எதிர்பார்த்த பிரதிபலன்களை அடைந்துகொள்ள முடிந்துள்ளது.இலங்கை ஐக்கிய நாடுகள் சபையில் அங்கத்துவம் பெற்று 65 ஆண்டுகளை கொண்டாடுகின்ற இச்சந்தர்ப்பத்தில், நாம் ஐக்கிய நாடுகள் நிகழ்ச்சி நிரலுக்கு பங்களிக்க கிடைத்தமையை ஒரு பாக்கியமாக கருதுகின்றோம். இலங்கை ஐக்கிய நாடுகள் சபையின் அமைதிப்படையினருடன் இணைந்து செயற்பட்டதோடு சபையின் பலவேறு விசேட நிறுவன திட்டங்களுக்கும் பங்களித்துள்ளது. "உலகம் ஒரு பொதுவானதும் நிகரற்றதுமான அச்சுறுத்தலை எதிர்கொள்ளும் ஒரு சந்தர்ப்பத்தில், "எமக்குத் தேவைப்படும் ஐக்கிய நாடுகள் சபை", என்ற சுலோகம் நாடுகளின் இறையாண்மை சமத்துவத்திற்கு உரிய முக்கியத்துவம் கொடுக்கும் என்றும் ஆள்புல ஒருமைப்பாட்டினை மதித்து அவர்களின் உள்நாட்டு விவகாரங்களில் தலையிடாதிருப்பதற்கும் உரிய கவனம் செலுத்தும் என்று நான் நம்புகின்றேன்.கௌரவ அதிதிகளே, ஒரு சிலரின் தேவைக்கு எந்தவொரு நாட்டையும் பணயக் கைதியாக்காமல் இருப்பதன் மூலமே அங்கத்துவ நாடுகள் மற்றும் ஐக்கிய நாடுகள் சபைக்கு இடையிலான பங்களிப்புக்கள் மற்றும் ஐக்கிய நாடுகள் சபையின் மேலாண்மையையும் நிலைத்தன்மையையும் இயன்றளவு அடைந்துகொள்ள முடியுமாக இருக்கும் என்பது எனது உறுதியான நம்பிக்கையாகும்.ஐக்கிய நாடுகள் சபையின் அங்கத்துவ நாடான இலங்கை எமக்கு அவசியமான எதிர்காலத்தை உறுதி செய்வதற்காக இந்த சிறப்புமிக்க அமைப்பை பலப்படுத்துவதற்கு எடுக்கப்படும் முயற்சிகள் வெற்றியளிக்க வேண்டும் என்று எதிர்பார்க்கின்றது. எமது மக்களுக்கும், எதிர்கால சந்ததியினருக்கும் அதன் பொறுப்புக்களை நிறைவேற்றுவதற்கு நாம் கடமைப்பட்டுள்ளோம்.நன்றி.Full text of the statement by H.E. Gotabaya Rajapaksa, President of the Democratic Socialist Republic of Sri Lanka, At the High-Level Meeting to Commemorate the 75th Anniversary of the United Nations- 21 September 2020Mr. President,Mr. Secretary-General, Excellencies,Ayubowan ! Your Excellency Volkan Bozkir, I congratulate you on being elected as the President of the 75th Session of the General Assembly.I am deeply honoured to represent the people of Sri Lanka on this historic occasion.Unfortunately, the world is not what the founders of this august body envisaged 75 years ago.The world is plagued by the unprecedented COVID-19 pandemic, which has jeopardized our economies, health systems and indeed our societies, just within a few months.Sri Lanka was able to successfully face the challenge of COVID-19 through a proactive intervention. We established the National Action Committee for Preventing COVID-19 even before the first patient was detected in Sri Lanka. Our approach synchronized the military, health as well as civilian authorities of national and regional levels.Sri Lanka‟s recovery rate stands at over 90% well above the global recovery rate. Our success story owes much to our reliance upon “tracing and quarantine‟, which was our greatest strength.Sri Lanka has not reported a single case arising within the local society for over a month now.Excellencies,Sri Lanka has committed to the 2030 Agenda of Sustainable Development. Poverty alleviation through an agri-based production economy is a major goal of my Government.The steps that we had initiated earlier this year for enhancing local production, partial restrictions on imports as well as assisting small and medium scale entrepreneurs paid their dividend.As we celebrate 65 years of UN membership this year, Sri Lanka is pleased to have contributed significantly to United Nation‟s agenda, ranging from peacekeeping operations to programmes of its specialized agencies.At a time when the world is facing a common and an unrivalled threat, the “United Nations We Need”, I am certain, will place due emphasis on the sovereign equality of States, respect for territorial integrity and non-interference in their domestic affairs.Excellencies,I firmly believe that partnerships fostered between Member States and the UN continues at their best when no country is held hostage to the interests of a few.Sri Lanka is hopeful that we of the United Nations would rededicate ourselves in efforts to strengthen this great institution to ensure the future we want. We owe our peoples and future generations no less.Thank you.#GotabayaRajapaksa #GR #UnitedNations #UN

Posted by Gotabaya Rajapaksa on Monday, September 21, 2020

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව 21 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ කළහ. රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇත. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයකි. “සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැතැයි ජනාධිපතිතුමා කීය.

“ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව ජනාධිපතිතුමා පැවසීය. ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකි. එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සාමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය



8 Viewers