• Home »
  • Sinhala Articles »
  • රට අමාරුවෙ වැටුණු වෙලාවෙ ඩොලර් හොයන්න පිටරට යන විදෙස් ශ්‍රමිකයන් ..

රට අමාරුවෙ වැටුණු වෙලාවෙ ඩොලර් හොයන්න පිටරට යන විදෙස් ශ්‍රමිකයන් ..

රට අමාරුවෙ වැටුණු වෙලාවෙ ඩොලර් හොයන්න පිටරට  යන විදෙස් ශ්‍රමිකයන් ගැනත් රට ගොඩ ගන්න පිට රටවල ලැබෙන ඉහළ වැටුප් අත් හැරලා ලංකාවට ඇවිත් සේවය කරන බුද්ධිමතුන් ගැනත් මේ මොහොතේ මතක් කරන්නේ ඉතා ආදරෙන් !  යුද්ධෙ වෙලාවෙත් සමහර බුද්ධිමතුන් රටදාලා යද්දි යුධ පෙරමුණට ගිහින් තුවාල වුණු අයට නොමිලේ  ප්‍රතිකාර කරපු දොස්තරවරුන් හිටියා; හෙද හෙදියන් හිටියා; පැන්ෂන් ගිය හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් හිටියා; එවකට තිබූ දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදාව , පොලීසිය ,සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු මේ ඉහත කී හැමෝම ඒ අසීරු  මොහොතේ යුධ ජයග්‍රහණයට දායක වුණා ! අවුරුදු  74 ක් තිස්සේ ණයට කාලා, ඇතැම් දේශපාලනඥයන් හා  රාජ්‍ය සේවකයන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් හා   කෝවිඩ්  ව්‍යාප්තියද  නිසා උත්සන්න වුණු  රටේ ප්‍රශ්න වලට  ගෝල්ෆේස් එකේ , කොටුවේ , පොල්දූව පාලම ගාව බෝඩ් උස්සන් පිකට් කරලා රටට ලැබුණේ මොනවාද? සමහරු දුප්පතුන්ට සහන මලු බෙදෙනකොට තවත් සමහරු  මිළ තුන් හතර ගුණයක් වැඩි කරලා දුප්පත් මිනිසුන්ගේ සොච්චම හූරාගෙන කෑවා !

අවුරුද්දක් පමණ  ඒ උද්ඝෝෂණ කරපු කාලය, මහන්සිය,මුදල් හා ඒ සංවිධාන ශක්තිය , රටින් පිටට ගිය බුද්ධිමතුන් හා පිටරට ඉහල වේතන අත් හැරලා රට බේරගන්න ආපු බුද්ධිමතුන් එක්ක එකට එක මේසෙක ඉඳන් කතා බහ කරලා රට ගොඩ දාන සැලැස්මක්  හදන්න යෙදවූවා නම් අපි මෙලහකටත් ගොඩ ගිහින් නේද?  රාජ්‍ය දේපල විකුණනවටත්  වඩා..,  ඉටු කරන්න අපහසු කොන්දේසි මත IMF යනවටත් වඩා..,   මේ රටේ දරුවන් වනසන කංසා ප්‍රවර්ධනයටත් වඩා…, මේ රට පිටරැටියන්ට මිනිස් වෙළඳාම් පොළක් කරනවාටත් වඩා.. , අපේ ගැහැණු ටික මැද පෙරදිගට විකුණනවාටත් වඩා…, අපිට වැටුණු තැනින් නැගිටින්න වෙනත් කිසිම ක්‍රම වේදයක්  ඇත්තේම නැද්ද?  අපිට අගය එකතු කර  ඩොලර්  හොයන්න හැකි  මේ රටේ සම්පත් ඇත්තේම  නැද්ද ?  අපි  හැමෝටම සමඟියෙන්  එක මේසයක වාඩි වෙන්නම බැරිද? අපේ රට වෙනුවෙන් ???  සමඟිය කියන්නේ අවුරුදු 74ක් තිස්සේ උතුරු නැගෙනහිර අපේම  මිනිසුන්ගේ   ඔවුන්ට  අවශ්‍ය,  මූලික  අවශ්‍යතා ටිකවත් ඉෂ්ට  නොකර  බලය විතරක්  බෙදා  පටු දේශපාලකයන්ගේ මනදොළ  සන්තර්පණය කිරීමද? රට වැටුණු වෙලාවේ ආත්මාර්ථකාමී නොවෙමු ! තමන්ගේ කොටස හඳුනාගෙන  රට ගොඩගන්න   දායක  වෙමු ! ජාතීන්  වශයෙන් රට බෙදා වෙන්  කිරීමට ඉඩ  නොතබමු  !

සටහන :- නීතීඥ මධුමාලි අල්විස්



24 Viewers