• Home »
  • Sinhala »
  • රණවිරු දඩයම හා කුමන්ත්‍රණ හමුවේ මතුවූ දේශපාලන විප්ලවය

රණවිරු දඩයම හා කුමන්ත්‍රණ හමුවේ මතුවූ දේශපාලන විප්ලවය

(Courtesy of The Divaina)
Capture

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ඇති ව්‍යවස්‌ථාමය බලතල ප්‍රකාරව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමත් සමඟ මේ වන විට රට තුළ සිදුව ඇත්තේ ඉතා වැදගත් දේශපාලන පෙරළියකි.

රටම විශ්මිත කරමවමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් සිකුරාදාය. එසේ අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අගමැතිවරයා ලෙස කොළඹ මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී ඊයේ (29 වැනිදා) රාජකාරි අරඹනු ලැබීය.

මෙය එක්‌සත් ජාතික පක්‍ෂයට නම් එතරම් සුබදායක පුවතක්‌ නොවුණි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙකී නව පත් කිරීමත් සමඟ මාධ්‍ය ඔස්‌සේ ජනතාව අමතමින් කීවේ ශ්‍රී ලංකාවේ අගමැති තවදුරටත් තමන්ම යෑයි කියාය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැතිවරයා ලෙස පත් කිරීම ව්‍යවස්‌ථා විරෝධී බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එයට ප්‍රතිචාර දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සඳහන් කළේ රටේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීම තුළ කිසිදු ව්‍යවස්‌ථා විරෝධී කටයුත්තක්‌ සිදුව නොමැති බවකි.

ඉකුත් සෙනසුරාදා කොළඹ පදනම් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ කැඳවූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති කරුණු එකින් එක ගෙන පෙන්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කිරීම තුළ ඇති නෛතික වලංගුභාවය රටට පෙන්වා දෙන්නට වූහ.

ඒ අනුව ජනාධිපතිවරයා සිදු කළ නිල පත්කිරීම හමුවේ දැන් රටේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂය සඳහන් කරන්නේ තවදුරටත් අගමැති රනිල්ම බවය. එනිසා අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයෙන් පිටව යැමද මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්‍ෂෙ කර ඇත.

මෙම තත්ත්වය හමුවේ දැන් රට තුළ මතුව ඇත්තේ පැහැදිලි දේශපාලන අර්බුදයකි. මෙවන් තැනකට රට ඇදවැටුණේ කුමක්‌ නිසාද? එයට පිළිතුරු දීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ නායකත්වය භාරගෙන මුලින්ම මේ රටේ අගමැතිවරයා බවට පත්වූ මීට දහසය වසරකට ඉහත ඉකුත් 2002 වසර දක්‌වා වූ කෙටි අතීතයට ගමන් කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රධාන පක්‍ෂ කිහිපයක එකතුවෙන් ගොඩනැගුණු එක්‌සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණය ජයගෙන ඉකුත් 2002 වසරේදී මේ රටේ අගමැතිවරයා බවට වරක්‌ පත්විය.

එවකට රටේ ජනාධිපතිනිය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ය. ජනාධිපතිනය ලෙස චන්zද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පෙරමුණ සමඟ චන්ද්‍රිකා ජනපතිනිය යටතේ සහයෝගයෙන් රජය පවත්වාගෙන යැම ඇරඹීය.

මේ ආරම්භයත් සමඟ රටතුළ සිදුවූයේ කුමක්‌ද? ඓතිහාසික “මිලේනියම් සිටි” මහා පාවා දීම සිදුවන්නේ එදාය. මහනුවර පොලිස්‌ නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු වූ කුලසිරි උඩුගම්පොළ නම් නිලධාරියා යුද හමුදා බුද්ධි බළකාය එල්ටීටීඊයට එරෙහි මෙහෙයුමකට සූදානම්ව ස්‌ථානගතව සිටි “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ වූ නිවසක්‌ වටලා රණිවරුවන් පිරිසක්‌ සමඟ අවිගොයක්‌ අල්ලා ගනිමින් නැටූ නාඩගම හමුවේ එදා රටට අත්වූ ශෝචනීය ඉරණම සුවිශාල එකක්‌ විය.

Capture1
මේ නිවසේ රහසිගතව රැඳී සිටියේ එල්ටීටීඊයට එරෙහි දගුදුර මෙහෙයුමකට සූදානම් වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසකි. එහෙත් කුලසිරි උඩුගම්පොළ නම් වූ පොලිස්‌ නිලධෘරීයා රටට කීවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඝාතනය කිරීමට සූදානමින් සැඟව සිටි යුද හමුදා කණ්‌ඩායමක්‌ එහි සිටි බවකි.

අවසානයේ ඔවුන් පිරිස අවිආයුධ සමඟ අත්අඩංගුවට ගත් පොලිසිය මේ බුද්ධි නිලධාරීන් පිළිබඳ සියලු තොරතුරු ලෝකයට හෙළ කළේය. එහිදී එම නිවසේ රැඳී සිටි රණවිරුවන් පිළිබඳ පමණක්‌ නොව, ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ එත්තුකරුවන්ගේ තොරතුරු පවා හෙළිදරව් විය.

පොලිසිය සිදු කළ එකී හෙළිදරව්වෙන් උපරිම ඵල නෙලා ගත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊ ත්‍රස්‌වාදීහු වූහ. මේ ශෙළදරව්වත් සමඟ එකිනෙකා පසුපස හඹා යමින් අවසානයේ යුද හමුදා බුද්ධි අංශයට පණ දුන් විරෝදාර රණවිරුවන් සහ ඔත්තුකරුවන් හැටකට විශාල පිරිසක්‌ බිලිගන්නට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු කටයුතු කළහ.

එම සිද්ධියෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට එවන් ෙ€දනීය රණමක්‌ අත්වෙද්දී අවසානයේ අනාවරණය වූයේ කුමක්‌ද? එම රණවිරුවන් පිරිස “මිලේනියම් සිටි” නිවසේ රැඳී සිටියේ අගමැති රනිල් ඝාතනයට නොව, ත්‍රස්‌වාදීන්ට එරෙහි මෙහෙයුමකට බව පැහැදිලිව හෙළි විය.

එකී සත්‍ය අනාවරණය වූයේද දීර්ඝ කාලයක්‌ පොලිස්‌ රැඳවුම් භාරයේ තබාගෙන සිටි බුද්ධි අංශ රණවිරුවන් පිරිස අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය සැරසෙද්දී ඔවුන් සන්තකයේ තිබූ අවි අතරට ආගන්තුක අවියක්‌ පොලිසිය විසින් ඇතුළත් කර තිබීමේ සිද්ධියක්‌ මුල් කරගනිමිනි.

මේ බව හෙළි කරගනු ලැබුවේද පොලිස්‌ අත්අඩංගුවට පත් වුවද අවධියෙන් සිටි බුද්ධි නිලධාරියකුම විසිනි.

ඔහු අන්කිසිවකුත් නොව වත්මන් යහපාලනය බලයට ඒමෙන් පසු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේදී ලසන්තගේ රියෑදුරා පැහැරගත්තේ යෑයි කියමින් අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධී බළාකයේ බළලත් නිලධාරී ප්‍රේමානන්ද උදලාගමය.

මෙම පාවාදීම සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරනු ලැබුවේ නශඳ පිළිවෙතකි. එක්‌සත් ජාතික පෙරමුණු රජය කළේ කුලසිරි උඩුගම්පොළගේ බුද්ධි අංශ පාවාදීමට තටු දීමකි. කෙසේ වෙතත් අවස්‌නයේ සත්‍ය හෙළිවීම හමුවේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොළට රැකියාව අහිමි විය.

මේ ෙ€දනීය පාවාදීමට සම්බන්ධ වූ යුද හමුදා බුද්ධි බළකයේ රාජකාරී කළ එවකට අණදෙන නිලධාරියකුව සිටි ලුතිනන් කර්නල්වරයකු ඇතුළු කිහිප දෙනකුට සිදුවූයේ අපකීර්තිමත් ලෙස හමුදාවෙන් සමුගෙන යන්නටය.

මේ අන්දමට ඉකුත් 2002 වසරේ බලයට පැමිණි රනිල්a වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ එක්‌සත් ජාතික පෙරමුණු රජය යටතේ මහා පාවාදීමක්‌ සිදු වෙද්දී තවත් පැත්තකින් සිදුවූ දෙයක්‌ද විය. එය වන්නේ රටේ ජනාධිපතිනියද නොදැනුවත්ව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් මිනිමරු එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුමක්‌ අත්සන් කරමින් සමස්‌තය අමු අමුවේම වේලපිල්ලේ ප්‍රභාකරන්ට පවා දීමය.

එහිදීත් අපමණ හිරිහැරයන්ට ගොදුරු වූයෝ රට වෙනුවෙන් පෙරට ගිය රණවිරුවෝම වූහ. එකී සටන් විරාමයට අනුව යුද පෙරමුණේ සිටි අපේ විරුවන් කඳවුරුවලට සිමා කෙරෙද්දී එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු ඔවුනට ඇඳිවත උස්‌සා පශ්චාත්භාගය පෙන්නා යන තරමටම ජාතියේ වීරත්වය බාල්දු විය.

මේ සියල්ල හමුවේ අවසානයේ අගමැති රනිල් වික්‍රමසිංහට සිදුවූයේ කුමක්‌ද? එදා රට පාලනය කළ විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතිවූ විරසක හමුවේ සිය විධායක බලතල පාවිච්චි කීරීම හේතුවෙන් දෙවසරක්‌ ඇතුළත අගමැති ධුරයද අහිමිව ගෙදර යන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

එතැන් පටන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්‌සත් ජාතික පක්‍ෂයට අත්වූ ඉරණම අතිශය දඬුවම්කාරී එකක්‌ම විය. එම සිදුවීම් පෙළින් පසු පැවති මැතිවරණ විසිහතරකින්ම රනිa වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්‌සත් ජාතික පක්‍ෂයට පරාජයම හිමිවිය. මැතිවරණ විසිහතරක්‌ එකදිගට පරාජයට පත්වූ මෙරට එකම දේශපාලන නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්විය.

එසේ පරාජයේ අමිහිර හොඳටෝම විඳි රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 2015 වසරේ සිදුවූ දේදුණු විප්ලවයත් සමඟ යළි මේ රටේ අගමැති ධුරයට පත්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිංසිදු වන්නටය.

එහෙත් ඉතා ආයාශයෙන් නැවතත් එක්‌සත් ජාතික පෙරමුණක්‌ යටතේ මේ රටේ අගමැති බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ යළිත් නිර්මාණය වූයේ කුමන වටපිටාවක්‌ද?

එක්‌සත් ජාතික පක්‍ෂයට වසර එකොළහක්‌ තිස්‌සේ පරාජයේ අමිහිර විඳීමට සිදුවූ පෙර වැරදි අමතක විය. නැවතත් කරළියට පැමිණියේ විජාතික වුවමනාවන්ය. ජාත්‍යන්තර න්‍යායපත්‍රයන්ට අනුව සියල් සිදුවන්නට විය. අපේකම සහ ශ්‍රී ලාංකීයත්වය කුණු මුල්ලට වීසි කෙරිණ.

විජාතික කුමන්ත්‍රනකරුවන්ගේ සහ එන්ජීඕ නඩවලට අනුව නටන්නට වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතරය නැවතත් මහා මූසල රණවිරු දඩයමක්‌ ආරම්භ කළේය. එසේ නොවූවේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.

මන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ සම්මුතිවාදී රජයක්‌ ආරම්භ කළ තැන පටන් යදු සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව සීඅයිඩීය ආරම්භ කළ විමර්ශනවලදී සිදුවූ දහසක්‌ සිදුවීම් එයට පැහැදිල සාක්‍ෂි වශයෙන් ඇත.

යහපාලනයකත් සමඟ ආරම්භ කළ පාර්ලිමේන්තු මන්තී නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනයේ සිටි ප්‍රගීත් එක්‌නැලිගොඩ, මාධ්‍යවේදී වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීම, නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී තිබෙන වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌දෙනකු පැහැරගත්තේ යෑයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය, ආදී වශයෙන් දිගින් දිගටම සිදු කෙරුණු සීඅයිඩී විමර්ශන ඔස්‌සේ සිදු කෙරුණේ රට වෙනුවෙන් බොහෝ කැපකිරීම කළ බුද්ධි අංශ රණිවරුවන් දඩයම් කිරීමය.

පොලිසිය එසේ කටයුතු කරද්දී සතුටට පත්වූයෝ විදේශගත කොටි ඩයස්‌පෝරාව සහ එල්ටීටීඊයට කඩේ ගිය විජාතික කඳවුර මෙන්ම එන්ජීඕ කාක්‌කන් විය. එක්‌සත් ජාතික පක්‍ෂයේ බොහෝ අය කීවේ රණවිරුවන් අපරාධකරුවන් සහ මිනීමරුවන් බවය. සිදුවන විමර්ශනවල තිබූ අර්බුදකාරී තත්ත්වය ඇසපනා පිටි පෙනෙන්නට තිබුණද ඒ පිළිබඳ කතා කරන්නට කිසිවකුත් නොවීය.

වරින් වර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අවනඩුව දැක රට ඉදිරියේ ඒ බව ප්‍රසිද්ධියේ පවසමින් අදාළ අංශවලට උපදෙස්‌ දුන්නද දිගින් දිගටම එයම සිදුවිය. පොලිසිය සිටියේ ජනාධිපිතවරයාටවත් අවනත නොවන තැනකය. ජනාධිපතිවරයා එසේ සාධාරණය පිළිබඳ කතා කරද්දී ප්‍රභාකරන් පරාජය කිරීම හමුවේ රණවිරුවන් සමඟ බද්ධ වෛරයකින් පසුවූ ජාත්‍යන්තරයෙන් යෑපුණ සිවිල් සංවිධාන කෙරුමෝ ජනාධිපතිවරයාටද දෙස්‌ දොවොල් තැබූහ.

මේ අතරේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගිය හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා සිය්ලට හොරා රටට සහ රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරුණු විජාතික පනතකට සම අනුග්‍රහය දක්‌වද්දී අගමැති රනිල් වික්‍රම සිංහ මහතා කළේ මුනිවත රැකීමය.

මංගල සමරවීර මහතාගේ එකී පාවාදීමත් සමඟ එක්‌සත් ජාතීන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා අනුව යමින් රට බේරාගත් රණවිරුවන් පාවා දෙන අනපනත් පාර්ලිමේන්තු තුළ සම්මත කිරීමද කිසිදු හිරිකිතයකින් තොරව සිදු කෙරුණු අතර රට බෙදා වෙන්කිරීමේ තැනටම ගමන යමින් සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රධාන කඳවුර තුළින් මේ සියලු දේ සිදු වෙද්දී සම්මුතිවාදය තුළ දිගින් දිගටම සියල්ල ඉවසා සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවූයේ එජාපයේ ප්‍රාණ ඇපකරුවකු සේ සිටින්නටය. සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ කතාවෙන් ඒ බව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබීය.

සිය්ල මෙසේ සිදුවන අතරේ අවසානයේ රටම කම්පනයට පත්කරමින් කරළියට පැමිණියේ ඩීඅයිජී නාලක සිල්වා විසින් පොලිස්‌ ඔත්තුකරුවකු වූ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර සමඟ සිදු කළ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක කේම්වරයා ඝාතනය කිරීමට සිදුකළ කුමන්ත්‍රණයේ කතාවය.

මේ මොහොත වන විට එම කුමන්ත්‍රණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු ඇමැතිවරයකු වන µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකාද සම්බන්ධ බව නාමල් කුමාර විසින් ප්‍රසිද්ධියේ සදහන් කළේය.

මෙම කුමන්ත්‍රණ සිද්ධි සම්බනAධයෙන් රහස්‌ පොලිසිය සිදුකළ විමර්ශනයට අනුව මේ වන විට පොලිස්‌ අත්ඩංගුවට ගත් හිටපු ඩීඅයිජී නාලක සිල්වා සිටන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.

රටතුළ අලුත්ම දේශපාලන අර්බුදයක්‌ මතුකරමින් ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කර හටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබුවේ මේ කියන යථාර්ථය හමුවේ නොවේද?

වසර තුනක්‌ තුළ රටට සහ රණවිරුවන්ටත් සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටත් පිළිගත නොහැකි ලෙස සිදු කළ සියලු දේ හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහට නිලවශයෙන් දැන් අගමැති ධුරය අහිමිව ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා කියනුයේ තමන් තවමත් රටේ අගමැති බවය.

එසේ නම් මේ සිදුව ඇත්තේ එදා සිදු කෙරුණු පාවා දීම් හමුවේ වසර දෙකකින් අහිමි වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙදා තෙවසරකින් අහිමි වීම නොවේද?

සමන් ගමගේ



605 Viewers