රනිල් සහ 13

රනිල් වික්‍රමසිංහ යනු බොල් මිනිසෙකි. ඔහු කතා කරන විටදීද එම බොල් ශබ්දය අපිට ඇසේ.. සෑම දේම විහිළුවට ගන්නා ඔහුට බලය පවා විහිළුවකි. එබැවින් එතරම් සීරියස් නැති මිනිසුන් ඔහු වටා රොද බඳිති.

ආර්ථිකය සම්බන්දව මහජනයාගේ වේදනාව පරිපීඩනය මුදාහැරීමට අරගලයක් සංවිධානය වූ අතර එහි අරගලයේ සිටි නිරාගමික කල්ලතෝනින් විසින් මෙම පුද්ගලයාට ජනපති වීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලදි.

තවත් ආකාරයකට ගතහොත් මහජනතාව නැමති බිම් බෝම්බය පිපිරීම වැලක්වීමට සමස්ථ දේශපාලුවා විසින් කකුල බවට පත් කරගත්තේ රනිල් ය.
රනිල් කැමත්තෙන්ම එයට ඉදිරිපත් විය.

ඔහු තමාගේ අතට “මහ මැතිවරණය” නම් ග්‍රෙනේඩ් එකකුත් ගත්තාය.

ඔහු හරහා ඕනෑ එපාකම් කරගැනීමට අවශ්‍ය ඩයස්පෝරා සහ විදේශික බලවේග වලට අවශ්‍ය පරිදි දේශපාලුවන් සියල්ලම හැසිරවීමේ බලය මේ හරහා රනිල් ලබා ගත්තා ය.

13 ක්‍රියාත්මක කිරීමට හෝ ෆෙඩරල් ලබා දීමට හෝ පාර්ලිමේන්තුව එකඟ කර ගැනීමට රනිල් කල යුත්තේ සුළු දෙයකි.

රටේ පරිසරය දේශපාලුවන් පිළිකුල් සහගතව ප්‍රතික්ශේප කරනා තත්වයට වර්ධනය වෙමින් පවතින අවස්ථාවේදී මහ මැතිවරනය නම් ග්‍රෙනේඩ් එකෙන් අනිත් දේශපාලුවන්ට ගැසූ පමනින් උන් විනාශ වී යන බව උන් දනී..

රනිල්ව ජනපති කල පාර්ලිමේන්තු චන්දයේදී ද සජිත් ඉල්ලා අස් වී රනිල්ට බහුතරය ලැබෙන ලෙස චන්ද බෙදා වෙන්කරගත්තේද එසේ නොමැති වූවා නම් ඒ මොහොතේ පාර්ලිමේන්තුව විසිරවන්නට සිදුවන බැවිනි.

එසේ වූවා නම් මේ දේශපාලුවාට නැවත නැගිටීමක් නැති බව උනුන්ම අවබෝද කරගත්තෝය.

මේ අවස්තාවේදී රනිල්ගේ සුරතලුන් සැනසීම සඳහාත් දමිල චන්ද ටික කඩා ගැනීම සඳහාත් ක්‍රියාත්මක වන ෆෙඩරල් යෝජනාවට අනිකුත් දේශපාලුවන් කැමති කර ගැනීමට රනිල් මහමැතිවරණය නම් ග්‍රෙනේඩ් එක භාවිතා කරන බවට තර්ජනය කිරීමට ඉඩ තිබේ.

එය අසාර්තක වුවහොත් මහජන පරිපීඩන බිම් බෝම්බය පිපිරී යාම වැලක්වීමට ඔහු විසින් තැබූ කකුල ඉවත් කරගෙන මියෙම්වා රැකෙම්වා සිතමින් ඉවතට පැනීමට ඉඩ තිබේ.

මේ සියලු කාරානා එකකට එකක් සම්බන්දිතය.

රාජපක්ශ කඳවුර රනිල් සමග අත්වැල් බැදගෙන ඇත. සජිත් ට අගමැති හීනය පෙන්වුවහොත් ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නැත.
මාලිමාව විසින් නව බලවේගයකට නැගිටීමට ඉඩ නොදීමේ කර්තව්‍ය බාරගෙන සිටී.

ෆෙඩරල් හෝ බලය බෙදීම හෝ කුමක් හෝ වේවා මුං සියල්ලටම අවශ්‍ය වන්නේ උන් තුලම බලය රඳවා ගැනීමයි.

මහ ජනතාව මේ පිලිබඳ සබුද්ධික නොවී ගාල් ගත වීම තුල ජයග්‍රහණය ලබන්නේ පරන නරින් ටිකමය.

පිළිතුර ඇත්තේ ජනතාව තුලමය.

තමා අදහන ගාලෙන් ගැලවී ස්වාදීන නිර්පාක්ශික ජන බලයක් ගොඩ නැංවීම පමණි එකම විසඳුම.



10 Viewers