රාජපක්ෂ භීතිකාව (2010 -2015)

2030 දී අපට එරෙහිව පාරිසරික අපේක්ෂකයෙකු ඉදිරිපත් විය හැක. ජනාධිපති වීමට සිහින දකින කෙට්ටු උස හාදයා උපක්‍රමශීලී ලෙස වෙලාව එන තෙක් නිහඬව සිටියි.
ජනාධිපතිතුමාගේ හරිත ඡන්ද ව්‍යාපාරයට ජනයා අතර තිබූ ප්‍රසාදයම එතුමාට එරෙහිව මීලඟ වතාවේ යොදා ගත හැක. මේ සඳහා ඇතැම්විට නියෝජ්‍ය අගමැති කමක් බලා සිටින සිරිසේන මහතාගේ ආධාරයද ලබා ගන්නට ඉඩ ඇත.
ඒ නිසා ප්‍රාදේශීය දේශපාලන නායකයින් මේ ගැන දැන්ම දැනුවත් කර පිළිලය මුලදීම නවතා දැමීම සුදුසුය. සනත් නිශාන්ත ගේ අධාැකරුවෙකු සමග ගැටුණු දේවානි ජයතිලක තමන් සතු ඉඩමක් ලංකා ගම පදිංචි කරුවන්ට දෙන බව කීමෙන් පසුව ඒ ගැන රැල්ලක් ඇති විය හැක. නොවටිනා මුඩු ඉඩම් වලට ආණ්ඩුවේ සාරවත් ඉඩම් මාරු කර ගැනීමේ ඉතිහාසයක් ඇති මේ රටේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සඳහා මේ දේවල් භාවිතා කළ හැක.
 මේ නිසා ජනාධිපතිවරණ සමයේ පවත්වාගෙන ගිය පරිසර හිතකාමී වැඩසටහන් නැවතත් ආරම්භ කිරීමත් සෞභාග්‍යයේ දැක්ම යටතේ ඇති පරිසර හිතකාමී ව්‍යාපෘති ඇරඹීමහා ඒවා සඳහා ඉහළ ප්‍රචාරයක් ලබා දීමත් කළ යුතුය.

අළුතින් සිදු කළ පත්වීම් හොඳින් හිතාමතා කළ ඒවා බැවින් කුමන විරෝධයක් ඇති වුවද ඒවා වෙනස් නොකරන බව ජනාධිපතිතුමා කියා තිබේ.  ඉතා බරපතල ප්‍රකාශයක් වන එයින් පත් කරුණු ලැබූ සියලු දෙකා ගැන සම්පූර්ණ වගකීම එතුමා පිට පැටවේ. විරෝධයට ලක් වූ පත්වීම් සියල්ලටම විරෝධය පළ කලේ ඒ ඒ පත් කිරීම් වලට අදාල සුවිශේෂී කරුණු ඇතිවය.

යම් ආකාරයෙන් විරෝධතා සාධාරණීකරනය වන සිදු වීමක් සිදු වුවහොත් එය ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිතුමා ද දැඩි අපහසුතාවයට පත් කරන සිදුවීම් වන බැවින් විරෝධතා වලට හේතුවූ සාධක වලට පිළියම් මුලදීම යොදනවා නම් හොඳය. කැබිනට් බලතල සහිත තානාපතිධූ වැනි අතිශය භයානක තනතුරු පාලනය කිරීමේ ක්‍රම වේදයක් තිබිය යුතුය.
ආණ්ඩුව තුළ සිටින දේශප්‍රේමී බලවේග තවදුරටත් එය සමගම තබා ගැනීමට කටයුතු කරන්නේ නම් හොඳය. කවදත් සිටි සරත් වීරසෙකර මහතා වැන්නන් ආරක්ෂා කර ගරනීමත් හැමදා අත්තෙන් අත්තට පැන හැම ආණ්ඩුව ම ජනතා අප්‍රසාදයට පත් කළ පිරිස් වල න්‍යාය පත්‍ර පරාජයට පත් කිරීමත් සිදු කළ යුතුය.
හියපු ජනාධිපතිවරයා පිටුපස සිටින කිලී මහරාජාගේ කණ්ඩායම් නැවතත් ඔහුව ඉදිරියට ගෙන ඒමට පරිසරවාදයක් භාවිතා කරන්න⁣ට ඉඩ ඇති බව පෙනේ. පරිසර ඇමති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන වැලි ගොඩ දැමීම නතර කළා සිංහරාජයේ හා රක්ෂිතවල මායාම් පුළුල් කළා ආදී පෝස්ට් ක්‍රමයෙනි සංසරණය වනු දැකිය හැක.

අප දුටු අනතුරු විටින් විට මෙසේ සටහන් කර තබමි.  ඒවාට පිළියම් යෙදීම අප සැමට භාරය.



14 Viewers