• Home »
  • Sinhala Articles »
  • රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂාවට තර්ජනයක් – හමුදාපති හෙළි කරයි

රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂාවට තර්ජනයක් – හමුදාපති හෙළි කරයි

(Courtesy of Sunday Diwaina)

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී තිබේද? අලූත්ම තොරතුරුවලට අනුව මේ තර්ජනය එල්ල වී ඇත්තේ ස්විට්සර්ලන්තයේ ලූසෝන් සහ සුරිච් නගරවල සිටින හිටපු කොටි ත‍්‍රස්තයන්ගෙනි.

පසුගියදා මෙරට බුද්ධි අංශ කිලිනොච්චියේ පදිංචි අම්බිකා ත්‍යාගයන්” තයන්ජුන් සිංගනාදන්” රත්නමාලන් සහ බුවනේශ්වරී කුලසිංහම් නමැති හිටපු කොටි ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් අතර හමුදා ප‍්‍රහාරයකින් මියගිය ගෝපිගේ මවද විය. වන්නි මෙහෙයුමෙන් වසර ගණනකට පසු ස්විස් කොටි ජාලය ගෝපිව මෙරටට ඒවා තිබුණේ ප‍්‍රහාර එල්ල කිරීමටය.

මෙවර ඉහත කී සිව් දෙනා අසු වූයේ ක්ලේමෝ බෝම්බයක් රැගෙන එමින් සිටියදීය. මෙම සිද්ධියට සම්බන්ධ අම්බිකා නමැති කාන්තාවගේ බැංකු ගිණුමකට ස්විට්සර්ලන්තයේ සිට අරමුදල් ලැබෙන බව ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට හෙළි විය. හිටපු කොටි හමුදා නායකයන් වූ ජිවන් මාස්ටර් සන්තෝෂම් මාස්ටර් ත‍්‍රිකුණාමල හිටපු හමුදා නායක දයා මෝගන්ද ඇතුළු හිටපු කොටි 200 ක් ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටී. මෙම ක්ලේමෝ බෝම්බ හමුවීමට අදාළව ත‍්‍රස්ත මර්දන නිලධාරීහු ගෝපිගේ මව වූ බුවනේශ්වරිද අත්අඩංගුවට ගත්හ.

එසේ වූවත් ස්විස් පෙඞ්පෝල් පොලිසිය මේ ක්ලේමෝ බෝම්බ සිද්ධියට සහය දක්වන්නේ නැත. ඊට හේතුව ස්විට්සර්ලන්ත අධිකරණයෙන් ලබාදුන් තීන්දුවයි.

මේ තීන්දුවෙන් දැක්වෙන්නේ කොටි සංවිධානය අපරාධකාරි සංවිධානයක් නොවන බවයි. මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ස්විට්සර්ලන්තයේ සිට සැලසුම් වූ 14 වැනි ප‍්‍රහාරය මෙයයි.

මෙවන් පසුබිමක් මැද හිටපු ත‍්‍රස්තයන්ගේ තර්ජනය පහවී නැත. මේ තත්ත්වය මත මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර විදෙස් ගත කොටි ජාලය මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහ යුරෝපොල් පොලිසියේ සහය පතා ඇත. ඒ කොටි අරමුදල් නතර කිරීම සඳහායි.

එහෙත් ස්විට්සර්ලන්තයේ ප‍්‍රධානතම බැංකුවක ඩොලර් මිලියන පහක අරමුදලක් ඇත. මෙයට අදාළ කිසිදු තොරතුරක් ස්විස් රජය ලබා නොදෙන්නේ ස්විස් නීතිය මතය. මෙයට පෙර ගෝපිගේ ප‍්‍රහාර සැලසුමට සම්බන්ධ සන්තෝසම් මාස්ටර් මෙරටට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත් ස්විස් පෙඞ්පෝල් පොලිසිය ඊට එක`ගවූයේ නැත.

මේ අතර කිලිනොච්චියේදී අසු වූ ක්ලේමෝ බෝම්බය එකලස් කළේ කව්දැයි මෙතෙක් හෙළි වී නැත. මෙය විනාශකාරී බෝම්බයකි. මින් සනාථ වූයේ උතුරේ හිටපු කොටින්ට යළිත් ක්ලේමෝ බෝම්බ සකස් කිරීමේ හැකියාව ඇති බවයි. පුනරුත්ථාපනයට ලක් නොවූ කොටි 416 ක් උතුරේ සිටින නිසා මෙම ක්ලේමෝ බෝම්බය යළි අනතුරක පෙර නිමිත්තක් බව තහවුරු වී ඇත. එය තවදුරටත් සනාථ වූයේ ස්විට්සර්ලන්තයේ පැවැති මහාවිර්නාල් සමරු රැස්වීමකදී හිටපු කොටි නායකයකු කළ ප‍්‍රකාශයයි.

‘අප සටන ඉදිරියට ගෙන යන්නෙම’ු අපේ සටන් කරුවන් ඕනෑම අවස්ථාවක සටනට සූදානම් වී සිටි. 12000 ක් අවි පුහුණුව ලැබූවන් උතුරේ සිටියී. එය අමතක නොකළ යුතුයි.

මේ මහාවීර්නාල් සමරුවලට ස්විස් පොලිසියේ අවසරය හිමි වී තිබිණි. එවන් තත්ත්වයක් මැද ත‍්‍රස්ත තර්ජනයක් නැතැයි කිව හැකිද?

ස්විස් ආරංචි මාර්ග දක්වන්නේ ශ‍්‍රී ලංකාව සම`ග සබඳකම් පවත්වන පිරිසකගේ දුරකථනවලට අදාළ තොරතුරු ස්විස් රජය සතුව පවතින බවයි.

එහෙත් එරට නඩු අධ්‍යක්‍ෂවරයාගේ අවසරයකින් තොරව එකී දුරකථන අංක මෙරටට ලබාගත නොහැකිය. මේ අතර දින කීපයකට පෙර මුලතිව්හිදී පිපිරීම් ශබ්ද කීපයක් ශ‍්‍රවනය විය. ආරක්‍ෂක අංශ විගස එම ප‍්‍රදේශයට ගිය නමුත් පිපිරීම සිදු කළවුන් අසු වූයේ නැත. මේ අතර මාස 20 ට පසු මෙරට අයිසිස් නායකයා කවුදැයි හෙළි විය. ඒ මහජන ආරක්‍ෂක බලධාරීන් කළ විමර්ශනයේදීය.

මොහු ඕස්ටේ‍්‍රලියානු අත්අඩංගුවේ පසුවන රුක්මාන් තස්ලිම් හෙවත් ජමිල්ය. එහෙත් ඉරිදා දිවයිනට හැර වෙන කිසිදු මාධ්‍යයකට මොහු කව්දැයි හෙළි දරව් කිරීමට හැකි වූයේ නැත. තස්ලිම්ගේ පුත‍්‍රයන් දෙදෙනාද අයිසිස් පුහුණුව ලැබූවන් වේ. ඔවුන් දෙදෙනා කටාර්හි සිරගත වී සිටිති. එසේම මාවනැල්ල බුදුපිළිම කඩා දැමූ අන්තවාදීන් දෙදෙනා සිරියාවට යවා ඇත්තේ තස්ලිම් බව හෙළි වී ඇත. එහෙත් මේ තොරතුරු වත්මන් රජය බලයට පත්වන තුරු වසන් වී තිබිණි. මේ අතර ඉන්දීය බුද්ධි සේවාව අල්ලාගත් සම්සුදීන් නමැත්තා ශ‍්‍රී ලංකාවට අදාළ තොරතුරු හෙළි කර තිබිණි. ඒ සහරාන්ගේ කණ්ඩායමට අයත් මේ බෝම්බකාරියන් ගෙන් තිදෙනකු අතුරුදන් වී ඇති අතර ඔවුන් අල්ලා ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබේ.

මේ අතර මාස 20 ක් ගතවනතුරුත් මෙරට අයිසිස් ක‍්‍රියාකාරීන් ගැන රහස් පොලිසිය විමර්ශනය නොකළේ මන්ද යන්න අභිරහසක් විය.

‘‘අප දැන් අයිසිස් ක‍්‍රියාකාරීන් ගැන සොයනවා යැයි නව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පළ කළේය. ඒ සඳහා රුසියානු බුද්ධි සේවාවේ සහය ලබා ගන්නා බවද හෙතෙම සඳහන් කරනු ලැබීය.

මෙම පසුබිම මැද එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා පිටු 6 කින් යුත් සිය අලූත්ම විමර්ශන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය.

එය නව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකරට එරෙහිවය. මේ වාර්තාවේ සම කෙටුම්පත් කරු ජර්මනියේ සිට ක‍්‍රියාත්මක වන ජේ. ඞී. එස්. සංවිධානයයි. එය මෙහෙයවන්නේ කොටි සංවිධානයේ දේදුන්න පුවත්පත සංස්කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධනයි. ඔහු මෙරට ත‍්‍රස්ත මර්දන ඒකකයට අවශ්‍ය කරන අයෙකි.

රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව යස්මින් සූකා ගොනු කර ඇති චෝදනා මෙසේය.

⋆ උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල නොදෙන බව පැවසීම

⋆ බලය විමධ්‍යගත නොකරන බව ප‍්‍රකාශ කිරීම

⋆ 13 වැනි සංශෝධනයට ඉඩ නොදීම

⋆ වන්නි මෙහෙයුමට දායක වීම

⋆ ද්‍රවිඩ සංවිධානය තහනම් කළ යුතු බව පැවසීම

*⋆ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට එරෙහිව සාහසික ක‍්‍රියා සිදු කිරීමට බලපෑම් කිරීම

⋆ ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම බේරාගැනීමට ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහය ලබා ගැනීම

⋆ ජිනීවාහිදී මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට තර්ජනය කිරීම

⋆ ඊළම් දේශය ගැන කතා කරන්නන් සහ ත‍්‍රස්තවාදීන් යැයි හඳුන්වන අයට එරෙහිව ප‍්‍රකාශ කිරීම

⋆ සිංහල බෞද්ධ හඬ ප‍්‍රවර්ධනය කිරීම

⋆ සෙබළුන්ට විදුලි පහන් බෙදාදීම

⋆ සිවිල් ආරක්‍ෂක බළකාය ස්ථාපිත කිරීම

⋆ රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ක‍්‍රියා කිරීම

⋆ ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් ලියමින් හමුදාවට එරෙහිව ක‍්‍රියාකරන්නන් ත‍්‍රස්තවාදීන් බවත් ඔවුන් එල්ලා මරාදැමිය යුතු බවත් පැවසීම.

එහෙත් මේ චෝදනා එකක්වත් යුද අපරාධවලට සම්බන්ධ නැත. 2009 දී වන්නි මෙහෙයුම අවසන් වූවත් වසර 11 කට පසු සරත් වීරසේකරට එරෙහිව යස්මින් සූකා මේ චෝදනා ඉදිරිපත් කළේ 60 වැනි යුධ අපරාධකරු ලෙස නම් කිරීමටයි. රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව මෙම යුද අපරාධ චෝදනා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සූකා කටයුතු කළේ ඔහු මහජන ආරක්‍ෂක ඇමැති ලෙස පත් කිරීම නිසාය. එසේ වූවත් මානව හිමිකම් කවුන්සිලය එල්ල වී ඇති චෝදනා පිළිගෙන නැත. මේ අතර කැනඩාවේ නව තානාපති ලෙස හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් පත් කිරීම ගැන එරට කොටි ජාලය එරෙහි වී ඇත. හිටපු ගුවන් හමුදාපතිව කැනඩාවට පිළිනොගන්නා ලෙස කැනඩා කොටි අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම පසුබිමේ සිටින්නේ කැනඩා මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරීය. ගැරී ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි වූවකි. ඔහු යාපනයට පැමිණ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවට ප‍්‍රකාශයක් කළ තිබිණි. මේ පසුබිම මැද මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් නමැත්තා ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් යුද අපරාධකරුවන් ලෙස නම් කරමින් ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයා යුතු බව ඉල්ලා ඇත. බි‍්‍රතාන්‍ය කොටි ඩයස් පොරොවද මේ සතියේදී ලන්ඩන ්නුවර ප‍්‍රධාන සාප්පු සංකීර්ණ ඉදිරියේ විරෝධතා දක්වමින් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ මිලයට ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා ඇත. ඊට අමතරව එංගලන්ත ක‍්‍රිකට් පිල ශ‍්‍රී ලංකාවට යැවීමෙන් වලකින ලෙස ඉල්ලා ඇතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී තිබේ.

චැනල්පෝ රූපවාහිනි සේවාව විසින් කිළිංෆීල්ඞ් චිත‍්‍රපටයේ පිටපතක් එංගලන්ත ක‍්‍රිකට් පිලේ කළමනාකරු වෙත ලබා දී ඇතත් එය පිළිගෙන නැත. මේ අතර මැලේසියානු පොලිස්පති හමීඞ් අන්වර්ට සහ එරට ආරක්‍ෂක මූලස්ථානය වෙත ප‍්‍රහාර එල්ල කරන බවට මැලේසියානු කොටි නායකයා ඊමේල් මගින් අනතුරු අ`ගවා තිබේ.

මේ නිසා එරට රහස් පොලිසිය ඔහුව අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මැලේසියානු පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වූයේ හිටපු කොටි සරනාගත ලේබලය යටතේ එරට සිටින බවයි.

මේ පසුබිම මැද හමුදා ඇකඩමියේ පැවැති උත්සවයක් ඇමතූ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාවට එන්. ජී. ඕ. සංවිධානවලින් තර්ජනය එල්ල වී ඇති බව හෙළි කළේය. මේ එන්. ජී. ඕ සංවිධාන සම්බන්ධව ඉරිදා දිවයින මුලින්ම හෙළි කර තිබිණි.



9 Viewers