• Home »
  • Sinhala Articles »
  • රුපියල් මිලියන ගණනක් ඉපයූ අතුරුදන්වූවන්ගේ ජාවරම… ජිනීවා මානව හිමිකම් සමුළුව අමතන ලීලාදේවිගේ වෙස් මුහුණ ගැලවෙයි…

රුපියල් මිලියන ගණනක් ඉපයූ අතුරුදන්වූවන්ගේ ජාවරම… ජිනීවා මානව හිමිකම් සමුළුව අමතන ලීලාදේවිගේ වෙස් මුහුණ ගැලවෙයි…

අතුරුදන් වූවන්ගේ ඡාවාරම උතුරේ ක‍්‍රියාත්මක වන ඉතා ලාබදායී ව්‍යාපාරයකි. තම පුත‍්‍රයා සැමියා සහ දූවරුන් හමුදාව විසින් අතුරුදන් කර ඇතැයි කියමින් ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයට අරමුදල් සැපයෙන්නේ කොටි ඩයස්පොරාවෙනි.

මේ අතුරුදන් අයවලූන් බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නෝර්වේ, කැනඩාව යන රටවල්වල ජීවත්වේ.නෝර්වේ රාජ්‍යයේ පමණක් හිටපු කොටි 600 ක් වාසය කරති. එහෙත් කිසිදු රටක් එම රටවල්වල සිටින ද්‍රවිඩයන් කව්දැයි හෙළි කරන්නේ නැත. මොවුන් අතුරුදන් වූ බවට ප‍්‍රචාරය වුවත් එකී පිරිස් ඉහත කී රටවල් වලට පැන ගියේ කෙසේද? මෑතකදී බි‍්‍රතාන්‍යයේ සිටින ද්‍රවිඩයන් කවුදැයි රජය බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඊට ප‍්‍රතිචාරයක් දක්වා නැත.

* 1987 අපේ‍්‍රල් 21 දා පිටකොටුවේ සිදු වූ කොටි බෝම්බ ප‍්‍රහාරය රජයට අමතක වෙයි
* මියගිය සංඛ්‍යාව 113 යි

මේ වනවිට හෙළි වී ඇති කරුණු මෙසේයි.

1.) මැණික්පාම් කඳවුරේ සිටි හිටපු කොටි ක‍්‍රියාකාරීන්

තැරැව්කරුවන්ට සහ දූෂිත හමුදා නිලධාරීන්ට අල්ලස් දී පැනයෑම.

2.) යහපාලන රජයේ ත‍්‍රස්ත මර්දන ඒකකයට සහ ඊට පෙර ක‍්‍රියාත්මක වූ ත‍්‍රස්ත මර්දන ඒකකයේ බලධාරීන් වෙතින් පරීක්‍ෂණ සහ නඩු අහෝසි කර ත‍්‍රස්ත‍්‍රවාදී සැකකරුවන් රටින් පිටවීම.

එසේ වූවත් මේ තොරතුරු වසන් විය.

අද අපි විශේෂයෙන් හෙළිකරන්නේ අතුරුදන් වූවන්ගේ තොරතුරු සෙවීමේ සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම්වරිය යැයි හඳුන්වන ලීලාදේවි ආනන්ද නඩරාජාගේ අතුරුදන් වූවන්ගේ ඡාවාරමයි. පසුගිය වර්ෂ ගණනාව මුළුල්ලේ ඇය ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණියාය. එහිදී ඇයව මෙහෙය වනු ලැබුවේ ප‍්‍රංශ කොටි ඩයස්පොරාවේ නායක මරියදාස් බොස්කෝයි.

යහපාලන රජයේ බුද්ධි අංශවලට බොස්කෝ සහ ලීලාදේවි ගැන සෙවීමට ඉඩක් නොලැබුණේ ව්‍යාජ සංහිදියා ක‍්‍රියා මාර්ගය නිසාය. මගේ පුත‍්‍රයා සිංහල හමුදාව පැහැර ගත්තා යැයි ඇය ජිනීවා පැමිණි සෑම අවස්ථාවකම විදේශිකයන් හමුවේ පවසන අයුරු අපට දැක ගැනීමට හැකි වුණි.

එහෙත් පුත‍්‍රයා කව්ද? පැහැර ගත්තේ කොතැනකද? ඔහු හිටපු කොටියෙක්ද යැයි ලීලාදේවි හෙළි කළේ නැත. එහෙත් ලීලාදේවියගේ පුත‍්‍රයා ප‍්‍රංශයේ සිටී. ඒ බව දන්නේ මරියදාස් බොස්කෝයි. මෙවන් පසුබිමක් මැද ත‍්‍රස්ත මර්දන ඒකකය මුල්වරට ඇයව කොළඹට කැඳවනු ලැබූ අතර එහිදී ඇය විශ්මය ජනක ලෙස තමා රෝගාතුර වී සිටින බව කියමින් කිලිනොච්චියට කැඳවා කට උත්තරයක් දීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියාය. ලීලාදේවි ජිනීවා හී මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීම් රැසක අමතනු ලැබූ බවත් තම පුත‍්‍රයාගේ අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිලි කර ඇති බවක් පැවසුවේ නැත.

ඒ වෙනුවට ඇය සමාන්තර රැස්වීම් අමතා පැවසුවේ උතුරේ කාන්තාවන් සහ ළමුන් හමුදා පාලනය යටතේ ජීවත්වන බවයි. එසේම විශාල ලෙස සමූළඝාතන සිදුවී ඇති බව දක්වමින් උතුරේ ජනතාව බේරා ගැනීමට ආර් 2 පී සංකල්පය යටතේ එක්සත් ජාතීනගේ හමුදාවක් උතුරට එවිය යුතු යැයිද ඇය ඉල්ලා සිටියාය. ලීලාදේවිය සිය ප‍්‍රකාශය සනාථ කිරීමට වන්නි මෙහෙයුමේදී මියගිය කොටි සිරුරු පිළිබිබු කෙරෙන පත‍්‍රිකාවක්ද සමාන්තර රැස්වීමකට ඉදිරිපත් කළාය. ත‍්‍රස්ත මර්දන බලධාරීන් ඇගේ බැංකු ගිණුම් පරීක්‍ෂාවට ලක්කිරීමේදී විදේශ රටවල සිට රුපියල් මිලියන ගණනක මුදල් ලැබී ඇතැයිද හෙළි විය. ලීලාදේවි ආනන්ද නඩරාජාගේ වෙස් මුහුණ ගැලවුනේ යහපාලන රජය බිඳ වැටී ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවීමත් සමගය. 2019 මාර්තු 19 වැනිදා ප‍්‍රංශයේ තමිල් උසගම් නැමැති කොටි ඩයස් පෝරා සංවිධානය මෙහෙය වූ ද්‍රවිඩ වින්දිතයන් නැමැති සමාන්තර රැස්වීමට ඇය සහභාගී වූයේ උතුරේ ද්‍රවිඩ අයිතිය පිළිබඳ ක‍්‍රියාකරන්නකු යැයි හඳුන්වන විජයකුමාර් නවනිදන් සමගයි. එහෙත් කිලිනොච්චි ත‍්‍රස්ත මර්දන ඒකකයට විජයකුමාර් නවනිදන් ගැන හෙළි වී නැත. මේ හැර 2018 ජුනි 25 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමට ලීලාදේවි පැමිණියේ මානව හිමිකම් ක‍්‍රියාකාරිනියන් යැයි හඳුන්වන ඇටෙන්ගන් බර්නඩෙට් සහ අරුල්වතාන ස්ටීපන් සමගය. එහෙත් ත‍්‍රස්තමර්දන ඒකකය එම කාන්තාවන් දෙදෙනා හඳුනාගෙන තිබේද?

ලීලාදේවි ප‍්‍රමුඛ උතුරේ ද්‍රවිඩ කාන්තාවන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන්නේ අතුරුදන් වූවන් ගැන සාක්ෂි ඉදිරිපත් කිරීමටය. මෙලෙස බොරු සාක්‍ෂි ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට කටුනායක ගුවන් තොටුපළින් යෑමටත් ආපසු පැමිණීමටත් ඉඩ ලැබුණේ යහපාලන රජය ඔවුන් ගැන නිරීක්‍ෂණය කිරීම බුද්ධි අංශවලට තහනම් කර තිබියදීය. මෙම අතුරුදන් වූවන්ගේ ඡාවාරම සඳහා ලීලාදේවි ඇතුළු පිරිසට සහය දැක්වීමට බටහිර සහරාවේ බෙදුම්වාදී ක‍්‍රියාකාරිනියන්ද කැමරුන් සහ කාෂ්මීර් බෙදුම්වාදීන්ද ඉදිරිපත් වී ඇත. මෙවන් පසුබිමක් මැද උතුරේ අතුරුදන් වූවන්ගේ තොරතුරු සෙවීමට යැයි දක්වමින් අතුරුදන් වූවන්ගේ ඡාවාරම මෙහෙය වන ප‍්‍රධාන ඡාවාරම්කරුවා මරියදාස් බොස්කෝ බව හෙළි වී ඇත. මේ අතර ලීලාදේවි නඩරාජා නැමැත්තිය ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස ද ඉල්ලා ඇත.

කොටි ඩයස්පොරා සංවිධාන 10 ක් ප‍්‍රංශය තුළ පිහිටුවාගෙන සිටින බොස්කෝ සිය මෙහෙයුම දියත් කරන්නේ තනිවය. එහෙත් ඇදහිය නොහැකි මුදල් සම්බාරයක් ඔහුට ඇත. මේ දක්වාම තහනම් කොටි හිතවාදී නාමලේඛණයට බොස්කෝගේ නම ඇතුල් වී නැත. මරියදාස් බොස්කෝගේ මෙහෙයුම් අනුව උතුරේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීව සිටි ආනන්ද සසිකරන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන්වන අතර ජිනීවා හී ආරක්‍ෂිත නිවසකදී ඇයට නවාතැන් සැපයේ.

මෙම තත්ත්වය මත සෑම වසරකම අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව වැඩි වන බව හෙළි වී ඇත.

මෙහි දැක්වෙන්නේ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව වැඩි කර ඇති ආකාරයයි.

1. බී. බී. සී. හිටපු වාර්තාකාරි – ප‍්‍රැන්සන් හැරිසන් -147000

2. පසුගියදා මියගිය මන්නාරම රදගුරු රායප්පු ජෝශප් – 146000

3. රටින් පිට ඊළාම් ආණ්ඩුව – 200000

4. එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත ගෝඩන් වෙයිස් 40000

5. හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා 40000-75000

මෙවන් පසුබිමක් මැද විශාකා චන්ද්‍රසේකර නැමැත්තිය අතුරුදන් වූවන් පිළිබඳව පාංශු නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළාය. එහෙත් රටවල් රැසක සිටින ද්‍රවිඩයන් ගැන ඇය නිරීක්‍ෂණයට ලක් කළේ නැත. මේ අතර එක්සත් ජාතින්ගේ හිටපු නිලධාරිනී යස්මිත් සුකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පසුපස හඹා යෑම අත්හැර නැතැයි හෙළි විය. ඇය මේ සතියේ බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයට පිටු 50 ක වාර්තාවක් ඉදිරිපත් කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මැග්නිට්ස්කි සම්බාධක පණත යටතේ තහංචි පනවන ලෙස ඉල්ලා සිටියාය. ඇය මෙම පිටු 50 ක වාර්තාවේ දක්වා තිබුණේ වන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදු වූ යුධ අපරාධ පිළිබඳ සාක්ෂි නඩු අධ්‍යක්‍ෂකවරු සහ නීතිවේදීන් විසින් එකතු කර ඇති බවයි. එහෙත් එම නඩු අධ්‍යක්‍ෂකවරු සහ නීතිවේදීන් කව්දැයි ඇය හෙළි කර නැත. එසේම වින්දිනයන්ගේ සහ ඇසින් දුටු සාක්‍ෂිද සිය වාර්තාවට ඇතුළත් කර ඇති බව දක්වන යස්මින් සුකා ඔවුන් බි‍්‍රතාන්‍යයේ සිටින බවද අනාවරණය කර ඇත. මෙලෙස බි‍්‍රතාන්‍යයේ සිටි සාක්‍ෂිකරුවන් යනු මෙරටින් බි‍්‍රතාන්‍යයට පැනගිය හිටපු කොටි ත‍්‍රස්තයන් වේ. මේ අතර 2011 දී බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය වන්නි පෙරමුණේ සිටි බව කියන හමුදා නිලධාරියකුගෙන් ප‍්‍රශ්න කර ඇති බවත් හමුදාභටයන් ද්‍රවිඩ ජනතාවට වෙඩි තබමින් දිවවල් සහ කාන්තාවගේ පියවුරු කපාදමා ඇති බවත් හෙළි කර ඇතැයිද සුකා වැඩිදුරටත් දක්වා ඇත. එහෙත් මේ තොරතුරු හෙළි කළ හමුදානිලධාරියා කව්දැයි සුකා හෙළිකර නැතත් ඔහු ප‍්‍රනාන්දු නැමැත්තෙක් යැයි වාර්තා විය.

එසේ වුවත් 58 වැනි සේනාංකයේ ප‍්‍රනාන්දු නැමැති හමුදා නිලධාරියෙක් නොසිටි බව හෙලි වී ඇත. එසේ නම් චැනල් ෆෝ රූපවාහිනී සේවාව හමුදා නිලධාරියෙකු ලෙස හඳුන්වමින් ප‍්‍රකාශයක් ලබාගෙන ඇත්තේ සිංහල භාෂාව කතා කරන සිංහල නමක් ගෙන ඇති ද්‍රවිඩයකුගෙන්ද?

මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ යුද අපරාධ චෝදනාවලින් බි‍්‍රතාන්‍යය හමුදා සෙබළුන් බේරා ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ පනත සාම මණ්ඩලය විසින් පරාජය කරනු ලැබීය. යුද අපරාධ සිදුකළ සෙබළුන් බේරා ගැනීමේ පනතට එරෙහි වූ ලේබර් පක්‍ෂය තවදුරටත් දක්වා ඇත්තේ යුද අපරාධ වලට දඬුවම් නොලැබීම වරදක් බවයි.

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා කළ බි‍්‍රතාන්‍ය රජයට මෙම පනත පරාජය වීම පාරාවලල්ලක් විය. මේ අතර ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාවෙන් පරාජය වීම ගැන මෙලෙස කියා සිටියේය.

නන්දිකඩාල් වලින් ආරම්භ කළ සටන ජිනීවාවලින් අවසන් නොකිරීමේ ප‍්‍රතිඵලය අද මේ රජය අත්විදිනවා. 2009 මැයි 19 දා නන්දිකඩාල් හිදී පරාජය වුයේ ඊළම ලබාගැනීමේ සටනයි. බැන්කිමූන් ලංකාවට පැමිණ විවෘත ලියවිල්ලක් රැගෙන යෑමෙන් පසුව දයාන් ජයතිලක 13 ව්‍යවස්ථාව පූර්ණව බලය විමධ්‍යය ගත කිරීමට යෝජනාකර සම්මත කරගත්තා. එය නොලැබුණ විට 2015 දී එවකට පැවැති යහපාලන රජය ලවා ලංකාව යුද අපරාධකරුවන් ලෙස පිළිගැනීමට සලස්වනු ලැබූහ. ඒ අනුව යුද හමුදා නිලධාරීන් 57 කට එරෙහිව චෝදනා ඇති බව දරුස්මාන් වාර්තාව තුළින් ප‍්‍රකාශයට පත් වුනා.

එම චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි ආඥාපනතට නතු නොවන අයුරින් සාක්‍ෂි ගොනු කිරීමට අතුරුදන් වුවන්ගේ පනත සම්මත කළා. ඇත්ත වශයෙන්ම මෙවර 46/20 යටතේ නම් වශයෙන් යුද අපරාධකරුවන් ලෙස සලකා ඇති හමුදාපති සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු යුද අපරාධ චෝදනා ලාභීන් හිටපු ජනපතිට ණයගැතී. එතුමා නොසිටියේ නම් යුද අපරාධකරුවන් ලෙස නම් වී ඇති හමුදා නිලධාරීන් 57 ක කණ්ඩායම සිටින්නේ විදේශ සිරගෙවල්වලයි. එය මග හැරුණේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන අතුරුදන් වූවන්ගේ කාර්යාලය තමා යටතට ගැනීම නිසායි. යසස් ධර්මදාස මහතා තවදුරටත් මෙලෙස ප‍්‍රකාශ කළේය. ඒ පිළිබඳව ජාතික සංවිධාන සමග පෙළ ගැසුණු ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය මෛත‍්‍රීපාල මහතාට කරුණු පැහැදිලි කළා. ඒ මහතාට අඩුම තරමේ අසා සිට යමක් වටහා ගැනීමේ අවබෝධයක් තිබුණා. ‘‘ගෑෂ්’’ වාර්තා කියන්නෙ යුද සමයේ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ් මහතා විසින් යුද්ධයේ තත්කාලීනව සැපයූ වාර්තා වලටයි. බි‍්‍රතාන්‍යය මෙහිදී ඉතා අහිතකර දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. එය සමස්ත ලෝකයම හෙලාදැක පිලිකෙව් කළ යුතුයි. ලංකාවට දඬුවම් නියම කරන දරුස්මාන් වාර්තාවේ කරුණු කිසිම තැනක තහවුරු කර නැහැ. අවුරුදු 30 ක් ගතවෙන තෙක් එම චෝදනා කළේ කවරෙක්ද කියල හෙළි කරන්නෙත් නැහැ. සමහර විට යහපාලන රජයේ ප‍්‍රබලයින්ද එහි සිටිය හැකියි. ගෑෂ් වාර්තාවේ සඳහන් කරුණු තහවුරු කළ හැකියි. අත්‍යාවශ්‍ය ආහාර ලබා නොදී තිබීම සම්පූර්ණ අසත්‍යයක් බව එවකට උතුරු පළාතේ නියෝජිතවරිය වන ඉමෙල්ඩා සුකුමාර්ගේ වාර්තා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වාර්තාවලින් සනාථ වෙනවා. ඒ වගේම ‘‘ටැමිල් නෙට්’’ වාර්තා අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 11,500 ක් පමණ වෙනවා. එහි සමහර දෝෂ ඉවත් කළ පසුව මරණ සංඛ්‍යාව 7300 ක් පමණ වෙනවා. මෙම ගණන රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා යාපනය විශ්වවිiාලයේ ගණනයක් සමග සමපාත වෙනවා. ඒ අනුව බි‍්‍රතාන්‍යයට ගෑෂ් වාර්තා වැරදියි කියා ප‍්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් උදා වෙනවා. එකම කාරණය ශ‍්‍රී ලංකා රජය මෙම ගැටලූව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවේශ වන ක‍්‍රමය වැරදියි. අපි මේ පිළිබඳව ඕනෑ තරම් කරුණු පෙන්වා දී තිබෙනවා. නන්දිකඩාල්වලින් ආරම්භ කරපු සටන ජිනීවාවලින් අවසන් කළේ නැති වීමේ ප‍්‍රතිඵලය තමයි අද මේ රජය අත්විඳින්නේ. අප ජාතියක් ලෙස මේ මුහුණ දෙන්නේ ඊළාම් යුද්ධයේ පස්වන වටයටයි. මේ යුද අපරාධවලට අපේ රණවිරුවන් කොටු කිරීමෙන් ඔවුන්ගේ මානසිකත්වය කඩා බිඳ දමා ඔවුන් බියගුල්ලන් කර අපහසුවකින් තොරව ඊළම ලබාගැනීමයි මෙහි අරමුණ. රජයේ අත කරකවමින් රජය ඇතුලේම සිටින කුම්භාණ්ඩයින් හඳුනාගෙන ඔවුන්ව පන්නා දමා කාර්යක්‍ෂමව ප‍්‍රශ්නයට මුහුණ දිය යුතුයි. එය ලබන වසරේ මාර්තු වෙන තෙක් බලා නොඉද අද අදම නිවැරදිව සේනා සංවිධානය කළ යුතුයි. ලබන මාර්තුවට පෙර තව දෙවරක් මානව හිමිකම් සමුළු පැවැත්වෙනවා. එනම් ජුනි සහ සැප්තැම්බර් මාසවල. එහිදීත් රජයට විශාල කාර්යභාරයක් කිරීමට තියෙනවා. ඊට අමතරව රජයට විශේෂ සැසිවාරයක් අවශ්‍ය ඕනෑම විටක ඉල්ලීමේ හැකියාව තියෙනවා. දර්ශනයක් ඇතුව කටයුතු කිරීම තමයි සිදුකළ යුතු වන්නේ. ඒ සඳහා රජය පෙළඹවීමට කටයුතු කරන මෙන් සියලූම දේශ හිතෛශී ජනතාවට සහ සංවිධානවලට ආරාධනා කරනවා.’’

මේ අතර කොටි ඩයස්පොරාවේ කම්පනයට පත් කළ සිදුවීම් දෙකක් පසුගිය සතියේ වාර්තා විය. ඒ මන්නාරම දෙගුරුව සිටි රායප්පු ජෝශප් සහ ඇමරිකාවේ කොටි ඩයස් පොරාව වෙනුවෙන් පෙනීසිටි හිටපු නීතිපති රැම්සේ ක්ලාක් යන දෙදෙනාගේ අභාවයයි. රායප්පු ජෝශප් මන්නාරම රදගුරු සමයේ කොටි ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කර මගින් 55 ක් ඝාතනය කරනු ලැබීය. යානාවේ සිටි මගීන්ගේ සිරුරු ධීවරයන් වැල්ලේ වැලලූ බව ඔහු මන්නාරම පොලිස් අධිකාරී ලලිත් ලේකම්ගේට හෙළි කළත් ඒ කොතනකදැයි පැවසූවේ නැත. රැම්සේ ක්ලාක් කොටි සංවිධානය හඳුන්වනු ලැබුවේ විමුක්ති සංවිධානයක් ලෙසිනි. කොලොම්බියා අධිකරණයට ඉදිරිපත් වූ කොටි නඩුවක් වෙනුවෙන් පෙනී සිටි රැම්සේ ක්ලාක් කොටි සංවිධානය විදේශ ත‍්‍රස්ත සංවිධානයක් නොව ජාත්‍යන්තර නීතිරීති මත කටයුතු කරන ස්වයං පාලනය ඉල්ලා සිටින සංවිධානයක් ලෙසට තර්ක කලේය. රටින් පිටත ඊළාම් රාජ්‍යය නැමැති සංවිධානයේ උපදේශක මණ්ඩලයේ සේවය කළ ඔහු ලවා කොටි ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමටද ක‍්‍රියා කරනු ලැබීය. මේ අතර කොටි සංවිධානය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුදුකුඩියිරිප්පු හී හිටපු කොටි ත‍්‍රස්තයකු වූ නඩනා සබේසෙන් ලෝගරාජා ඇතුළු පස්දෙනෙක් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණි. මෙම පිරිස අත්අඩංගුවට ගැනීම ගැන උතුරේ මන්ත‍්‍රී චාල්ස් නිමලනාදන් නැමැත්තා දැඩි විරෝධය පා ඇත.



15 Viewers