• Home »
  • News »
  • ලංකාව අන්තර්ජාතික අධිකරණය හමුවට ගේන බවට දිව්රපු කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂ නායකයාට ආසනය අහිමි වේ

ලංකාව අන්තර්ජාතික අධිකරණය හමුවට ගේන බවට දිව්රපු කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂ නායකයාට ආසනය අහිමි වේ


අන්තර්ජාතික අධිකරණයේ (ICJ) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරන බවට ප්‍රතිඥා දුන් කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂ නායක පියරේ පොයිලිව්රේට, පසුගිය සතියේ පැවැති කැනඩාවේ මහමැතිවරණයේදී ඔහුගේ ආසනය අහිමි විය.

මැතිවරණය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වූ ඔහුගේ පක්ෂය පාලක ලිබරල් පක්ෂයට පරාජය විය.

ශ්‍රී ලංකාව පිළිබඳ පොයිලිව්රේගේ ස්ථාවරය, ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්දදායකයන් දිනාගැනීම සඳහා මැතිවරණ උපක්‍රමයක් වූ බව පේන්නට තිබිණි.

කෙසේවෙතත්, ඔහු වසර 20 කට වැඩි කාලයක් දැරූ ආසනය විරුද්ධ පක්ෂයේ නව අපේක්ෂකයකුට හිමිවිය.



6 Viewers