වර්ගවාදී සහ බෙදුම්වාදී විග්නේෂ්වරන්

විග්නේෂ්වරන් උත්සාහ කරන්නේ දෙමළ වර්ගවාදය අවුස්සලා උතුරේ දෙමළ ජනයාගේ නායකයා වෙන්න. ඔහුට මෙතුවක් කල් උතුරේ දෙමළ ජනයාගේ එකම පක්ෂය විදියට හිටිය දෙමළ සන්ධානය තුළ ඒකට ඉඩක් සුමන්දිරන් නිසා ලැබෙන්නේ නැහැ.  විග්නේෂ්වරන් ඒකට අලුත් පක්ෂයක් හැදුවා – “තමිල් මක්කල් තේසීය කුට්ටනි”

විග්නේෂ්වරන් ගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලුවේ දෙමළ සන්ධානයෙන් කැඩුන ආනන්දි සසිදරන්, එම්. කේ.  ශිවාජිලිංගම් සහ එන්.ශ්‍රීකාන්තා කියන අය. මේ තුන්දෙනා කොහොමත් දෙමළ සන්ධානයත් එක්ක හොඳ ගනුදෙනුවක් තිබ්බෙ නැහැ. දෙමළ සන්ධානයේ අනිත් සාමාජිකයන්ට වඩා මොවුන් වර්ගවාදී සහ කෙළින්ම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින අය.

ආනන්දි සසිදරන් කියන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූ එලිලන්ගේ බිරිඳ. ඇය මීට කලින් පක්ෂයක් හැදුවා “ඊලාම් තමිල් සුවාච්චි කසාගම්” කියලා. මේකෙ තේරුම “දෙමළ ඊලාම් ස්වරාජ්‍ය පක්ෂය” කියන එකයි. මේ වගේ පක්ෂ හදාගෙන පැහැදිලිවම ලංකාව තුළ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී ඉන්න ආනන්දි සසිදරන්ට ලංකාවේ දේශපාලනය කරන්න සහ පළාත් සභාවට පත් වෙන්න ඉඩක් තියෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

ශිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ ඥාතියෙක්.  ඒ වගේම කෙළින්ම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. ඔහු සහ කලින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වුන  ශ්‍රීකාන්තා දෙදෙනාම කලින් සම්බන්ධ වෙලා හිටියේ ටෙලෝ සංවිධානයත්  එක්ක. ටෙලෝ එක සහ දෙමළ සන්ධානය ප්‍රමාණවත් ලෙස වර්ගවාදී නොවූ බව කියමින් ශ්‍රීකාන්තා සහ් ශිවාජිලිංගම් දෙදෙනා වෙනම පක්ෂයක් හැදුවා. ඊට පස්සෙ යාපනයේ දෙමළ ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ මේ දෙන්නා ආපහු ටෙලෝ එකට රිංග ගත්තා. දැන් ආපහු මේ දෙන්නා විග්නේෂ්වරන් ගෙ නැට්ටෙ එල්ලිලා.

 



45 Viewers