විග්නේශ්වරන් සහ ව්‍යාජ දෙමළ නිජ බිම

පසුගියදා පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරයේදී යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී C V විග්නේශ්වරන් මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විවාදයක් හට ගෙන ඇත.
දේශප්‍රේමී කඳවුර අතිශය නිශ්ශබ්ද වී ඇත. කවදත් දේශප්‍රේමීන් දෙස විසුල ඇසින් බලන්නට කැමති වූ අය උසුලු විසුලු සපයමින් සිටී.

මේ රට කාගේද ?

මෙය ශ්‍රී ලංකාවේ සිටින රටට ආදරය කරන ශ්‍රී ලංකාවේ සිටින රටට ආදරය කරන ශ්‍රී ලංකීය පුරවැසියන් සියල්ලන්ගේම බව විවාදයක් නැත.
නමුත් මෙහි දෙමළ නිජබිමක් පැවතියේද නැත්නම් එය අසත්‍යයක්ද? ඒ සඳහා විද්‍යාත්මක පසු බිමක් හෝ සාක්ෂි තිබේද?
මා මේ ලිපිය මගින් උත්සාහ කරන්නේ මා දන්නා ආකාරයට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙටියෙන් පහදා දීමටයි.

අපේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද ?

දළ වශයෙන් දැක්වුවහොත් අනුරාධපුර මහා කාලි කැණීමට අනුව ලංකාවේ මිනිසුන් ශිෂ්ඨාචාර ගතව නගර ගතව ජිවත්වන්නේ ක්‍රිස්තු පුර්ව නමවන ශතවර්ශය ආසන්න කාලයේදී බවයි. සිරාන් දැරණියගලට අනුව මෙම ප්‍රදේශයේ එකී වකවානුවේ නගරයක් පිහිටි බවත් ඔවුන් යකඩ භාවිතය ගැන දැන සිටි බවත් අනුරාධපුරයේ සල්ගහ වත්ත ප්‍රදේශයෙන් කාබන් කාළනීර්ණය අනුව සනාත කරගෙන ඇත.
මහාපාලි කැණිමෙන් යකඩ යුගය ක්‍රි.පුර්ව 900-600ක් අතර කාලයටත් පහළ මුල් අයිතිහාසික අවධිය ක්‍රි.පු. 600-400ත් අතරකය.
සිරාන් දැරණියගලට අනුව පුර්ව – බ්‍රාහ්මී සිංහල අකුරු හමුවන්නේ මේ කාළයේදීය. (කාලරක්ත මැටි බඳුන් වල සිංහල භාෂාවේ පුර්ව අවධියේ අක්ෂර වලින් අනුරාධ යනුවෙන් තැබූ සටහනක් හමුවී ඇත )
ඒ අනුව ඉන්දියාවේ නගර සංස්කෘතිය නිරිමාණය වන විට ශ්‍රි ලංකාවේද අනන්‍යව හා සමගාමීව අනුරාධපුර ආශ්‍රිව දියුණු නගර බිහිවී තිබු බවත් ඔවුන් ලියන්නට දැන සිටි බවත් ඔවුන් සිංහල භාෂාවේ මුල ස්වරූපයෙන් සටහන් තැබු බවට පිළිගත හැකි විද්‍යාක්මක සාක්ෂි හමු වීඇත.
මීට අමතරව මාන්කුලම් මිනිහා ගල්කන්ද උස්සන්ගොඩ ආශ්‍රිත පුරාවිද්‍යා කැණීම් වලින් අප දිවයින ජනාවාස තිබු බවට විද්‍යාත්මක සාක්‍ෂි තිබුණද අප්‍රිකානු මහද්වීපයෙන් පසු ලෝකයේ දුනු ඊතල පාවිච්චි කළේ එකල ශ්‍රී ලංකාවේ ජීවත්වූ මිනිසුන් බව විද්‍යාත්මකව පැහැදිලි වී තිබුනද ඔවුන් සිංහල හො දෙමළ වශයෙන් ජාතීන් මත පදනම් ව කටයුතු කළ බවට පිළිගත හැකි සාධක නොමැති නිසා මා ඒ දෙසට වැඩි අවධානයක් යොමු නොකරමි.
මෙම ප්‍රාක් ඵෙතිහාතික යුගවල මිනිසුන් නුතන භාෂා ජාතීන් හා ආගමික වශයෙන් බෙදී නොසිටි බැවින් ඔවුන් සිංහලද දෙමළ ද යන්න පිළිබඳව තර්කකිරීම විහිළුවකි.

සිංහලයාගේ ආරම්භය.

මහා වංශය විසින් දක්වන ජනප්‍රිය ජනප්‍රවාදයට අනුව සිංහලයා ඉන්දියාවේ සිට පැමිණි බව කියවේ. කෙසේ වෙතත් මහාවංශය දක්වන ආකාරයට විජය පැමිණෙන විට කුවේණි කපු කැටීමෙනුත් ගෘහාර්ශිත සුනකයෙකු සිටීමත් සාක්‍ෂි දරන්නේ විජය ලංකාව ශිෂ්ඨාචාර ගත කළ බවඳ නැත. විජය පැමිණෙන විටත් ලංකාවේ මිනිසුන් ශිෂ්චාර ගත වී සිටි බවය.
මහා වංශයේ එම මතයට සමපාතව පරණවිතාන දක්වන ආකාරයට ඉන්දියාවේ කරෝෂ්ඨ සෙල්ලිපිය සීහලක කියල පුද්ගලයෝ දෙන්නෙක් සීහලනායක් කියලා පුද්ගලයෙක් ගැන සඳහන් කරනවා. එයට අනුව පරණවිතානගේ මතය වන්නේ විජය ඔවුන්ගෙන් පැවත එන්නෙක්ය යන්නයි.
නමුත් මෙය අදටත් මතයක් පමණයි; විජයගේ කථාව මහා වංශයේ ලියන්නේ ඒ සිද්ධිය සිදුවුවාය කියන කාලයෙන් වසර 600 කට පසු නමුත් ඉහත කී කාරණාවලට අමතරව විජයගේ ආගමනය ගැන ඔප්පු කරන්න පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් නෑ. නමුත් විජයගේ ආගමනයට පෙර ශ්‍රී ලංකාව තුල ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් තිබූ බව ඔවුන් යකඩ, මැටි ඇතුළු කර්මාන්ත ගැන දැන සිටි බවත් ගෘහාශිත හීලෑ කල සතුන් ඇති කළ බවටත් ඔවුන් භාවිතා කළේ හෙළ බස බවටත් පැහැදිලි සාක්ෂි හමුවී තිබෙනවා.
මහා වංශයට අනුව විජයට ළමයි දෙන්නයි. ජීවහත්ත,දිසාල ඔවුන් දෙදෙනාව හා කුවේනියව විජය විසින් පන්නා දැමූ බව කියවෙනවා.
ඒ අනුව සිංහලයාගේ ආරම්භකයා විජය වෙන්න බෑ.
මෙකද කුවේණියව පන්නා දැමීමෙන් අනතුරුව ඇය විසින් දරුවන්ව පුලින්දයින්ට භාරදෙන ලද අතර ඔවුන්ගෙන් පුලින්දයින් පැවතගෙන එන බවයි මහා වංශයම කියන්නේ. ඒ අනුව විජයාගමනය වන විට ශ්‍රී ලංකාව තුල යක්‍ෂ හා නාග යනුවෙන් නොදියුණු ගෝත්‍ර දෙකක් සිටි බවට මහා වංශය ඉදිරිපත් කරන මත වාදය ඉබේම බැහැරවෙනවා. කවුරුන් වාසය කලද ඔවුන් ඉතාම ඉහල තාක්ෂණික මෙවලම් පාවිච්චි කල ගෘහාශ්‍රිත සතුන් ඇති දැඩි කල යකඩ වලින් මෙවලම් තැනු ,ලියන්න දැන සිටි ,නගර නිර්මාණය කල ජන වර්ගයක් බව පැහැදිලියි.

මහා වංශය විජයගේ ආගමනයෙන් පටන් ගත්තත් රාවනා රාජාවලිය වගේ පොත්පත් ඊට වඩා හාත්පසින් විරුද්ධ තොරතුරු දක්වනවා.

රාවනා රාජාවලියට අනුව ලංකා ඉතිහාසයේ පළමු රජු වන්නේ මහා සම්මත. ඒ අනුව එහි දක්වනවා විජය ආගමනයට කලින් රජවරුන් 1135 රජකම් කරපු බව නමුත් ඉහත ග්‍රන්ථ වලට අමතරව එය සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි වලට හැකියාවක් ලැබිලා නැහැ.

මොන විද්‍යාත්මක පසුබිමක සිටි බැලුවත් එය අතිශයොක්තියෙන් දක්වා ඇති බව පැහැදිලිය. නමුත් ඒ අතරම එක දෙයක් සනාථ වෙනවා. ඒ තමයි විජයට කලින් ලංකාවේ දියුණු ජන කොට්ඨාශයක් පාලනය කලබව සහ ඔවුන් රාජ්‍යතාන්ත්‍රකරණයනට යටත්ව සිටි බවය.
සිංහල අක්ෂර ක්‍රිස්තුපූර්ව 6 වන ශතවර්ෂය වන විට හෝ එයට කලින් ආරම්භවෙලා තිබෙනවා කියලා අපි දන්නවා. නමුත්, දේවානම්පියතිස්ස රජුගේ වකවානුවේ සිට මේ භාෂා ඥානය ඔවුන් ඉතාම හොඳින් සැහිරවූ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.
මිහිදු මහරහතන් වහන්සේ බුද්ධාගමත් සමඟ ලංකාවට වැඩම කරන විට ලංකාව පාලනය කරන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ දී මිහිදු හිමිපාණන් ලංකාවට වැඩමවීමෙන් පසු ධර්මය දේශනා කළේ දීපේ භාෂිවෙන් බව මූලාශ්‍ර වලින් කියවෙනවා. මොකද මේ දීපේ භාෂාව එය ඉතාම පැහැදිලියි.
මිහිඳු හිමියන් මෙහි වාසය කරන ජනතාවට ධර්මය පැහැදිලි කරන්න සීහල අ කථා සම්ප්‍රදාය හඳුන්වා දී තිබෙනවා. එය ඉතාම පැහැදිලි මේ අඨීය කථා සීහප අටිඨකථා ලෙස හඳුන්වා දී තිබෙන්නේ එය සිංහප භාෂාවෙන් ලියා ඇති නිසාය.
මේ විතරක් නෙමෙයි මහා වංශ ටීකාව දක්වනවා
“ පොරාණෙහි කතෝ පෙසෝ නිරුත්තියා භාසාය” කියල. මෙයින් කියවෙන්නෙ පුරාණයෙහි පොත පත සිංහලෙන් ලියා තිබු බවයි.
මේ කරුණු වලින් ඉතාම පැහැදිලි. සිංහල භාෂාව මේ කාලයේදී ලංකාවේ භාවිත වූ භාෂාව බව.
මෙයින් නොනැවතුනු දේවානම්පියතිස්ස රජතුමා වර්තමානයේ මන්නාරම ආශිත ප්‍රදේශයේ දැනට ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට හින්දු කෝවිලක්ය යනුවෙන් කියන නිරුක්තිස්වරම් අසල භූමිය සංසාරාමයක් ලෙස පූජා කළ බවට දක්වන සෙල් ලිපියක් කරවනවා. එය ලියා දක්වා ඇත්තේ ප්‍රකෘත – සිංහල භාෂාවෙන්.
ඒ ලංකාවේ රජ කෙනෙකු විසින් කරන ලද ප්‍රථම සෙල්ලිපියයි. ඉන් ඉක්ඉිති ලංකාවේ රජ කම් කළ රජවරුන් සෙල් ලිපි තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් කරවනව.
මේවායින් බොහොමයක් අද වන විට කියවා තේරුම් කරදී හමාරයි.
ඒවා අනුව ඉතාමත් පැහැදිලියි. පුරාණ ලංකාවේ රජවරුන් කවුද ඔවුන්ගේ කාල වපසරිය කුමක්ද ඔවුන් රටේ කුමන ප්‍රදේශ පාළනය කළාද යන්න.
ඒ කිසිම ශිලා ලේඛණයකින් පැහැදිලි වෙන්නේ නෑ. අපේ රටේ දෙමළ නිජබිමක් පැවතුනු බව.

දේවානම් පියතිස්ස දෙමළ ජාතිකයෙක් යැයි විග්නේශ්වරන් ඉදිරිපත් කරන මතය.

අවස් කිහිපයකදීම මම දැක තිබෙනවා, විග්නේශ්වරන් විසින් ප්‍රකාර කරනවා දේවානම්පියතිස්ස රජතුමා දෙමළ ජාතිකයකු බව . එය ඔහු විසින් Colombo Telegraph පුවත්පතට සකස් කළ ලිපියක් මගින් ප්‍රකාශ කර තිබුනා. එය එකළ මහා ආන්දෝලනයක් ඇති කළ ප්‍රකාශයක් බවට පත්වුනා.
මේ සඳහා ඔහු උපයෝගී කරලත්තේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති දෙයක්. ඒ දේවානම්පියතිස්ස රජුගේ පියාගේ නම “මුට සීව”
ඉතිහාසය හෝ පුරාවිද්‍යාවේ හයක් හතරක් නොදත් ඊළම් ඉතිහාසයන් ඉතාම ප්‍රසිද්ධයි. මේ වගේ අවිද්‍යාත්මක විහිලු සහගත පදනම් විරහිත නිගමන සහගත පදනම් විරහිත නිගමන වලට එළfඔන්න නමට අගින් හල කිරීමක් වගේ දෙයක් තිබ්බොත් එය දෙමළ කියල ඔවුන් සිතනවා.
ඒ අනුව විග්නේශ්වරන්ගේ තර්කය තමයි මුට සීව කියන්නෙ සිව භක්තිකයෙක් එයා ඒ නිසා හින්දු ඒ අනුව ඔහු දෙමළ.
විග්නේශ්වරන් දන්නේ නැහැ දෙමළ නොවන හින්දුන් තමයි ලෝකේ වැඩි පුර ඉන්නේ කියලා. ඒක නිසා හින්දු භක්තිකයෙක් කියලා හිතුවා හින්දු භක්තිකයෙක් යන්නේ තර්කයක් ගොඩ නැගුවත් ඔහු ඉබේම දෙමළ ජාතිකයෙක් බවට පත්වෙන්නේ නැහැ
අපි දැන් මොහොතකට හිතමු මුටසීව දෙමළද කියල. හරි සිව කියල නම අගට කෑල්ලකුත් තියෙනවා. හින්දු වෙන්නත් පුළුවන්. ඒත් මොකද මේ දෙමළෙන් “මුට” කියන්නේ. මුට කියන්නේ බිත්තර වලට. මින්නේශ්වරුන් සැගවු දෙය එයයි. ඔබ සිතනවද කිසිම දෙමළ මවක් තම දරුවට “බිත්තර සීව” කියල නමක් යොදයි කියලා. මෙන්න මේවා තමයි විග්නේශ්වරුන්ලාගේ විහිලු. ඔහු දන්නේ නැහැ දේවානම්පියතිස්සගේ පියා මුටසීව මිස මුටසිව නොවෙයි කියලා. මේ සීව නම් නාමය අපිට පුරාණ නම් වල හමුවී තිබෙනවා සීවලී මහරහතන් වහන්සේ පමණක් නොවෙයි සිවලා සහ මිදි වැලේ එන සිවලාට ද සිව කියල කොටසක් තියෙනවා. ඒ නමුත් ඔවුන් දෙමළ ද???, සිව කියලා නමේ කොටසක් තිබු පමණින් මෙවැනි තර්කයක්වත් ඉදිරිපත් කරන්නට හැක්කේ පුරා විද්‍යා ගැන නොවෙයි. සාමාන්‍ය දැනුම පවා නොමැති මුග්ධයින්ට පමණයි.

නාග ගෝත්‍රිකයන් දෙමළද

ක්‍රිස්තු පූර්ව හයවන ශතවර්ශයේදී බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවූ බව සඳහන් වෙනවා. මහා වංශයට අනුව (Ch1.VV-44-70) මේ පැමිණීම සිදුවන්නේ නාග ගෝත්‍රක නායකයන් අතර (චුලෝදර, මහෝදර) මැණික් ඔටුන්නක් වෙනුවෙන් තිබූ අර්බූධ යක් සංසිදුවන්න.
අද යාපන අර්ධද්වීපයේ ජීවත්වෙන බහුතරය දෙමළ නිසා විග්නේශ්වරන් හා සමහර ඉතිහාසඥයන් නාගයන් යනු දෙමළ ජාතිකයන් බවට මතයක් ඉදිරිපත් කරනවා.
නමුත් මහාවංශය හෝ වෙන කිසිම ඉතිහාස ග්‍රන්ථයක් දක්වන්නේ නෑ. මේ නාග ගෝත්‍රිකයන් යන මනුෂ්‍යකොට්ඨාසයක් බව මානිමේකලායි හා මහා වංශය විසින් අතිශයෝක්තියෙන් කියනු බලන දෙයින් ඉතාම පැහැදිලි වෙනවා මේ කියන්නේ මනුෂ්‍යයින් ගැන නොවන බව.
නාග ගෝත්‍රක මතවාදය ගැන කථා කරන විශ්වාස කරන විග්නේශ්වරන් සඳහන් කරන්නේ දෙමළ මිනිසුන්ගේ නම් නාගලිංගම් නාගේෂ් වැනි ආකාරයෙන් පවතින නිසා ඔවුන් නාග ගෝත්‍රිකයන් බව.
නමුත් ඉතිහාසය ඉතාම හොදින් හැදැරීමේදී ඉතාම පැහැදිලියි. මේ නාග සංකල්පය මුළු ඉන්දිය උප මහද්වීපය පළාත් ඉන් පිටතින් පැවති බව.
යම් කිසි තර්කයක් ගොඩනැගීම සඳහා නාගයන් යනු මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස තර්ක කළද ඔවුන් දෙමළ ජාතිකයන්යැයි පිළි ගැනීමට කිසිම පදනමක් නැත.
මනිමේකලායි දෙමළ කාව්‍යය නාගයින් හා දෙමළ මිනිසුන් අතර ගැටුමක් ගැන සඳහන් කිරීමෙන්ම මේ බව සනාථ වේ. මනිමේකලෛ නමැති දෙමළ කාව්‍යයේ සඳහන් වෙනවා දෙමළ මිනිසුන් සහ නාගයින් අතර ගැටුමක් පැවති බව එසේ දෙමළ මිනිසුන් සහ නාගයින් අතර ගැටුම පැවතියේ නාගයින් යනු දෙමළ මිනිසුන් නොවන නිසායි යම් හෙයකින් නාගයින් යනු දෙමළ මිනිසුන් නම් මනිමේකලෛ මෙසේ නාගයින් සහ දෙමළ මිනිසුන් අතර ගැටුමක් පැවති බවට සඳහන් කරන්නේ ඇයි යන්න ගැටලු සහගතයි ඔවුන් සඳහන් කළ යුතුව තිබුණේ දෙමළ මිනිසුන් ගෝත්‍ර දෙකක් අතර හෝ දෙමළ මිනිසුන් කණ්ඩායම් දෙකක් අතර හෝ නාගයින් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් පැවැති බවටයි . අදත් ඉන්දියාවේ සහ ඉන්දියන් උප මහද්වීපයේ ප්‍රදේශවල නාග ජාතිකයින් බවට හඳුන්වා ගන්නා ජනවර්ගයක් ජීවත් වෙනවා. ඔවුන් දෙමල නෙමෙයි ඔවුන් කතා කරන්නේ ආර්ය භාෂාවක් ඔවුන් වඩාත් පෙනුමෙන් චීන ජාතිකයින්ට සමානකමක් දක්වනවා.
තවද අද නාග්පුර් වැනි ඉන්දිය නගරවල කිසිම දෙමළ ජනතිවක් ජිවත් වන බව සාධකයක් නොමැති අතර, ඔවුන් ආර්ය භාෂාවක් කථා කිරීමෙන්ම නාග ගෝත්‍රිකයන් හා දෙමළ ජාතිකයන් යනු එකම ජන වර්ගයය යන තර්කය බැහැර වේ.
Ancient Jaffna පොත ලියන Mudlier C රාසනාම් ( Ancient Jaffna page – 03)දක්වන්නේ නාගයින් යන පොළව යටින් උඩට ඇදෙන විටෙක මනුෂ්‍ය වේශයක් ගන්නා විශේෂයක් බවය.
Fahien නම් හතර වෙනි සියවසේ ලොව සංචාරය කළ දේශගවේශකයා ලංකාව ගැන සඳහන් කරද්දී සඳහන් කරනුයේ “රට තුළ පෙර කාලයේ දී මනුෂ්‍ය වාසයක් නොතිබිනි. එය අමනුෂ්‍ය බලයන් හා නාගයන් විසින් අරක්ගත් තෝතැන්නක් වේ.”
(Fa Hien C.L.R.Vol.ii p 216)
ඒ අනුව මේ නාග සංකල්පය රචනා අලංකරණය කිරීමට යොදාගත් මෙවලමක් මිස වෙනයම් ජනවර්ගයක් හඳුන්වා දීමට කරන ලද උත්සාහයක් නොවන බව පැහැදිලිය.
යම් හෙයකින් නාගයින් යනු මනුෂ්‍ය කොට්ඨාශයක් යනුවෙන්ම තර්ක කළද ඔවුන් හා දෙමළ මිනිසුන් අතර කිසිම ඵෙතිහාසික සම්බන්ධයක් ඇති බවට ඔප්පු කිරීමට හෝ නාග ගෝත්‍රකයන් යන දෙමළ මිනිසුන් බවට දැක්වීමට කිසිම ඵෙතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයන් නැත.

වල්ලිපුරම් රන් සන්නස

ක්‍රිස්තු වර්ශ දෙවැනි ශතවර්ශයේ වසභ රජතුමාගේ කාළයේදී ලියන ලදැයි සැළකෙන වල්ලපුරම් රන් පත හමුවන්නේ යාපනයේ වල්ලිපුරම් කියන ග්‍රාමයෙන්.
එහි සඳහන් වන්නේ මෙසේයි.
සිධ මහරජ වභයහ රජෙහි අමෙ තෙ
ඉසිගිරියේ නකදිව බ්‍රජමෙනි.
බදකර අතනෙහි පියගුක තිස.
විහර කරිතෙ.
මෙහි තේරුම නම් වසබ නම් රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරි ඇමතිවරයා නාගදීපය පාලනය කළ අතර පියගැකතිස නම් තැනැත්තා බදකර අතන නම් ස්ථානයේ විහාරයක් කරවන ලදී.
ඒ අනුව ඉතාම පැහැදිලි වන්නේ යාපන අර්ධද්වීපය හා ආශ්‍රිත ප්‍රදේශ අනුරාධපුර රාංධානිය යටතේ පාළනය වූ බවයි.
මේ අනුව ශ්‍රීමත් පොල් පීරිස් ඉදිරිපත් කරන තර්කය වනුයේ නතදිව නාගදීපය යනු පුරාණයේ මුළු යාපන අර්ධද්වීපයම හැදින්වීමට හැදින්වු නම බවයි. වල්ල්පුරම් රන් පනින්ද තහවුරු වන්නේ එයයි.

යාපන රාජධානිය.

අනුරාධපුර යුගයෙන් පසු පසු ශ්‍රී ලංකාව නොයෙකුත් ආක්‍රමණයට නතු වූ බව පෙනේ
ව්‍යාජ ඉතිහාසයක් ගොඩ නගන දෙමළ විද්වතුන් කියන්නේ කාලිංඝ- මාස යනු යාපන ආර්ය චක්‍රවර්ති රජ පෙළපතේ ආරම්භකයා පවත් ඔහු දෙමළ ජාතිකයකු බවත්ය එය මිත්‍යාවකි.
නමෙන් දක්වන ආකාරයට කාලිංඝ යනු ඉන්දියාවේ කොතනකින් පැමිණියාද යන්න නිශ්චිත නොහැකි වුවත් ඔහු වර්තමාන ඩඩීසා කාලිංඝ දේශයෙන් පැමිණි බව අනුමාණ කළ හැක. එය අයත් වන්නේ ඉන්දියාවේ නැගෙනහිර ආසන්නයටයි. එම නිසා ඔහු අයත් විය යුත්තේ චෝඩගන්ගා පෙලපතටයි. එම නිසා ඔහු දෙමළ යන්න බැහැර වේ.
ඒ අනුව ආර්ය චක්‍රවර්තී රජ පෙළපතේ ආරම්භය දෙමළ යැයි කීමට කිසිදු පිළිගත හැකි සාක්ෂි නොමැත.

ආර්ය චක්‍රවර්තී රජ පෙළපත සහ යාපනය රාජධානිය.

දෙමළ ජාතිය අයත් වන්නේ ද්‍රවිඩ භාෂා කුළකයටය. ඔවුන් අනාර්යයන්ය. නමුත් සමහර විද්වතුන් කියන ආකාරයට ආර්ය චක්‍රවර්තී යන පෙළපත අනාර්ය ජාතික රජ පෙළපතක් ලෙස තර්ක කිරීමට අනාරකිකය. මෙය හුදෙක් සමාන වන්නේ මෝගල් යනු ඉංග්‍රීසි රජ පෙළපතක් බවට ඉදිරිපත් කරන ඉදිරිපත් වන තර්කයක් වැනි දෙයකට විජයවර්ධන ලා යනු දෙමළ ජාතිකයින් යනුවෙන් යම් කිසි කෙනෙක් ගොඩනගන තර්කයකට ය .බැලු පමණින්ම මේ ඉතාමත් අතාර්කිකය.
ව්‍යාජ ඊළාම් මතවාදය ගොඩනගන ව්‍යාජ ඉතිහාසකරුවන්ගේ තර්කය අනුව යාපන රාජධානිය බිහිවන්නේ අනුරාධපුර යුගයෙන් පසුවය. එනම් ක්‍රි.ව 12 ශතවර්ශයෙන් පසුවය.
නමුත් ඔබ මීට සියවස් ගනනාවකට පෙර ඉදිකරන ලද අනුරාධපුර පුරාවිද්‍යා නටබුන් දැක ඇත. පොළොන්නරුවේ පුරාවිද්‍යා නටබුන් දැක ඇත. එයටත් පසු මහනුවර- දඹදෙණිය වැනි ප්‍රදේශ වල පුරාවිද්‍යා නටබුන් දැක ඇත. සීගිරිය, ථූපාරාමය,ජේතවනාරාම, රුවන්වැලිසෑය මේවාට උදාහරණය.
නමුත් ඔබමේ කියන යාපන රාජධානියේ රජෙකු විසින් කරන ලද කිසියම් ගොඩනැගිල්ලක් ගැන අසා තිබේද. ඔවුන් විසින් පරිහරණය කරන ලද මුදල් ඒකකයක් කාසියක් ගැන අසා තිබේද? නැත. එයින් ගම්‍යවන්නේ කුමක්ද?. යාපන රාජධානිය යනුවෙන් අනන්‍ය වූ හා ස්වාධීන රජධානියක් නොපැවති බවයි.
අශෝක අධිරාජ්‍යා විසින් සටහන් තබන ලද අශෝක සෙල් ලිපි වලට අනුව ඔහු විසින් ප්‍රදේශ සහ රටවල් 13කට බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා ධර්මය ප්‍රචාරකයින් යවා ඇත. තම්බපන්නියේ හෙවත් වර්ථමාන ශ්‍රී ලංකාව මින් එකකි. එකල යාපනය වෙනම් රජධානියක් ව පැවතුනේ නම් ඔවුන් යාපන රජධානියට ධර්ම ප්‍රචාරක කණ්ඩායම් නොයැව්වේ ඇයිද යන්නත් සංඝමිත්තා මහතෙරණිය ලංකාවට වැඩම වද්දී දේවානම් පියතිස්ස රජතුමා යාපනයේ අන්තිම කෙළවරක පිහිටා ඇති දඹකොළ පටුනේ කරවටක් දියෙන් බැස ගියේ කෙසේද යන්නයි.
අදටත් යාපන අර්ථද්වීපයෙන් විශේෂයෙන් නැගෙනහිර පළාතෙත් සිංහල රජවරුන් විසින් කරන ලද වෙහෙර විහාර සෙල් ලිපි යෝධ වැව වැනි මහා වාපීන් සිය දහස් ගණනකි.
මේ යාපන රාජධානියක් පවතියේ නම් ඔවුන් සිංහල රජවරුන් විසින් දෙමළ රජවරුන්ට අයත් රාජධානියේ යම් යම් ප්‍රදේශවල වැව්, අමුණු, වෙහෙර විහාර ඉදිකරන තෙක් ඔවුන් කළේ මොනවාද? ඒවායේ නටබුන් වලින් සිදුවූයේ කුමක්ද යන්න ඊළාම් ඉතිහාසකරුවන් පහදා දිය යුතුය.

රාජධානීන් අතර සිදුවූ අන්තර් විවාහ.

අනුරාධපුර යුගයේදීත් ඉන් පසුව මහනුවර යුගය දක්වාත් ශ්‍රී ලංකාවේ තිබු රජ පෙළපත් සහ වෙනත් රටවල් වල රජ පෙළපත් වලින් ආවාහ විවාහ කළ සම්ප්‍රදායක් පැවතියේය.
පද්මාවතී සිංහල දේශයෙන් පැමිණි කුමාරිකාවක් රජකෙනෙකු සරණ පාවා ගත් බවත් ඉන්දියන් ඉතිහාසය සමහර ජනප්‍රවාද වල පවතී ලංකාවේ අන්තිම සිංහල රජු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ දක්වා රජවරුන් විශේෂයෙන් ඉන්දියාවේ මදුරා පුරයෙන් බිසවුන් වහන්සේලා ඉන්දියාවේ මදුරා පුරයෙන් බිසවුන් වහන්සේලා ගෙන්නා ගෙන ඇත. ඒ එය අපට සම්පතම රාජධානිය නිසාය. යාපනයේ රාජධානියක් පැවැතුන් නම් අප රජවරුන් ගොඩ බිමින් යා හැකි ආසන්නතම රාජධානියක් තිබියදී සත් සමුදුර තරණය කර මහා වෙහෙසකර ගමනකින් ආවාහ විවාහ කටයුතු සිදු කර ගත්තේ ඇයිද යන්න ගැටලුවකි.
යාපන කුමරයෙකු හෝ කුමාරයෙකු හෝ රජෙකු අසල්වැසි රටකින් ආවාහ විවාහයක් කරගෙන ඇති බවට කිසිදු සාක්‍ෂියක් නැත්තේ එවැනි රාජධානියක් නොපැවතුන නිසාය.
යාපන රාජධානිය සම්බන්ධව ස්වාධීන මතයක් ඉදිරිපත් කරන ආචාර්ය S Pathmanathan පවසන්නේ පරරාජසේකරන් නම් දෙමළ අයෙකු ක්‍රි.ව. 1478 – 1519 අතර කාලයේදී යාපනය පාලනය කළ බවය මෙය සිදු වන තෙක්ම යාපනය පාලනය කරන ලද්දේපාලනය කළේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විනාශ කළ සපුමල් කුමාරයාය.

නල්ලූර් කෝවිල

යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිල පවා ඉදිකළ ඇත්තේ සපුමල් කුමාරයා බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

සිංහල ග්‍රාම නාම සහ යාපන අර්ධද්වීපයේ බෞද්ධ නටබුන්

වසර දහස් ගණනාවක් තිස්සේ සිංහලයින් විසින් මේ රටේ ඉදිකළ මහා ශිෂ්ටාචාරයක නටඹුන් අප අතර පවතී යෝධ ඇලේ සැතපුමකට බැස්ම අදටත් ඇස් ඉදිරිපිට විද්‍යාමාන වේ. සීගිරියේ ජලතරංග අදටත් වැසි දිනයක ඉහළට ඉදිවෙන ආකාරය මා දැක ඇත.

යාපන දිස්ත්‍රික්කය පුරා විහිදෙන බෞද්ධ ශිෂ්ටාචාර වල නටඹුන් අදටත් විද්‍යාමානය. අදටත් ඩෙල්ෆට් දූපතෙන් පවා ස්ථූප වල පාදම් ඇත. එහෙත් මෙයට පසුව බිහි වූවාය කියන යාපන රාජධානියක නටඹුන් කිසිවක් ඔබ දැක තිබේද?
ශ්‍රි ලංකික ඉතිහාසය සනාථ කිරීමට නොයෙක් සාක්ෂි තිබේ. දීපවංශය, මහාවංශය රාජාවලිය පමණක් නොව තුන් දහසකට ආසන්න සෙල්ලිපි වලින් අපට අඛණ්ඩ සාක්‍ෂි සොයා ගත හැක.
නමුත් දෙමළ ඉතිහාසයක් ගැන දැනගැනීමට වත් පොත පතක් නොමැත.

1926 දී මුදලිදු රාසනියලම් විසින් රචිත ඵෙතිහාසික යාපනය ග්‍රන්ථයේ (P 384) ඔහු පවසන්නේ යාපනය දෙමළ ජනාවාස වීමට කලින් සිංහල ජනාවාස පැවති බවය. යාපනයේ බොහෝ ග්‍රාම නාම මුලින් සිංහල බවද පසුව ඒවා දෙමළ බවට පරිවර්තනය වී ඇති බවද ඔහු පවසයි. අත්ශය දෙමළ ජාතිකවාදී මත ඉදිරිපත් කරන ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මේ මතය තනවුරු කරන අතර ඔහු London විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධීය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනයේ දක්වනුයේ යාපනයේ දෙමළ ජනාවාස ඇති වී ඇත්තේ 14 වෙනි ශත වර්ෂය අවසානයේදී බවයි.
J.P.Lewis, නැමැති ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියා 1896 දී රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කරන ලද ලියවිල්ලක දක්වන්නේ වන්නියේග්‍රාම නාම පවා දෙමළකරණය වී ඇත්තේ ඉතාම මෑත දී බව ය.
බොහෝ සිංහල නාම එක එල්ලේම හ යන්න වෙනුවට ග යන්න වෙනුවට ක යන්න එකතු වීමෙන් දෙමළ කරණය වී ඇති බවත් ඔහු දුරටත් පෙන්වා දේ. ගල්කන්දමඩුව කලලකන්දමට්ටු වීඇත.
1916 දී Horburgh යාපන අර්ධද්වීපයේ සිංහල නාම යනුවෙන් ලියවිල්ලක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු පෙන්වා දෙන්නේ අඩුම තරමින් යාපන අර්ධද්වීපයේ ප්‍රධාන ස්ථාන 30ක් කලින් සිංහල ඒවා බවයි.
ඒ අනුව හුනුගම චුන්නාකම් ලෙසද වැලිගම වලිකාමම් ලෙසද මුලදිව මුලතිව් ලෙසද සාරවත්ත සැරවෙටි ආදී ලෙස වෙනස් වී ඇති බව පෙන්වා දේ.

ව්‍යාජ දෙමළ නිජබිමේ සමහර ස්ථාන වලට අදටත් ඇත්තේ සිංහල නම් පමණි.
මඩකලපුවට දෙමළ නමක් අදටත් නැත.
අම්පාරට දෙමළ නමක් අදටත් නැත. එපමණක් නොවේ, මිත්‍ය දෙමළ නිජබිම් වාසීන් පාවිච්චි කරන්නේ “මහවැලි” යන සිංහල නමමයි.
නමුත් ලොව කිසිම රටක මෙවන් තත්වයක් දැකගත නොහැක.

එංගලන්තයේ නම් වලට ඇත්තේ ප්‍රකාශ නම් නොවේ. රෝමයේ ගංගාවලට ස්පාඥ්ඥ නම් නැත.

සිංහල පෘතුගීසි සටන

දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන මුල්ම බටහිර ආක්‍රමිණිකයා පෘතුගීසි ජාතිකයන්ය. ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ තම ග්‍රහණයට ගත් අතර දන්තුරේ සටනේදී අන්ත පරාජයක පත්විය. කෙසේ වුවද යාපනය අල්ලා ගැනීමට පැවති සටන අච්චුවේලි ආසන්නයේදී පැවති බව ක්වේරෝස් දක්වයි. ඒ සටන පැවතියේ 10000 ක සිංහල හමුදාවක් සමග වන අතර. එහි සේනා විධායකයා අතපත්තු මුදලි නම් සිංහල සෙනෙවියෙකි. ඔහුව තවත් දසදහසක සිංහල හමුදාවක් සමඟ යාපනයට යවන්නේ එකළ සිංහල රජු මිසක යාපන රාංධානියක් මගින් නොවේ.
තවද ක්වේරෝස් පවසන පරිදි ලංකාව (Kinglets ) උප රාජධානි පහළවකට ලබා දුන් බලය මත පාළනය කර අතර කෝට්ටේ රජු මහරජ ලෙස සැළකීය.
(Qiueros – the conquest of ceylon page 32 )
මේ ආකාරයෙන්ම වසර 9 ක්ම යාපනයේ ජීවත්වු පෘතුගීසි ජාතික Phillippus Balberus “A true and exact description of the great Island of Ceylon” පොතෙහි සටහන් කරන්නේ ද Philippo D’ olivero ගේ හමුදාවන් විසින් අච්චුවේලී ආසන්නයේදී ( Cingalazen) සිංහල හමුදාවක් පරාජය කිරීමෙන් පසු බලය තහවුරු කරගත් බවයි.
දාහත්වන ශතවර්ශයේදී උඩරට රජුන්ගේ සිර කරුවකුට සිට පසුව ඉන් මිදී එංගලන්තයට පැනගිය ඉංග්‍රීසි ජාතිකයෙකු වූ Robert Knox විසින් ඔහුගේ සිර දිවිය ගැන පසුව රචනාකළ An historic relations of the island called Ceylon කෘතියේ දක්වන දාකාරයට ඔහුව කොටියාර බොක්ක (ත්‍රිකුණාමලයට ආසන්නයේදී) අත්අඩංගුවට ගන්නේ මහනුවර රජුගේ නිළධාරීන් විසින් එසේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර දහනමයක් ශ්‍රී ලංකාවේ ගතකරන අතර ඔහුගේ ග්‍රන්ථයේ තුන්වැනි කොටස් රටේ ජනතාව ගැන විස්තර කිරීමට ඔහු යොදා ගනී.
එහිදී ඔහු දක්න්නේ මෙම රටේ ජීවත්වන ජනතාව ගැනය. එහිදී සිංහලයා භූමි ප්‍රත්‍රයන් ලෙස හදුන්වන අතර දෙමළ මිනිසුන් හදුන්වන්නේ මලබාරි විදේශිකයන් ලෙසය.
“Besides the Dutch who possess all I judge about one fourth of the island there are Malabar, that are free Denizen!”
But I am to speak only of the natural proper people of the island, which they call Cinngulays.”
මෙයින් ගම්‍ය වන්නේ දෙමළ ව්‍යාජ ඉතිහාසකරුවන් වන පරිදි යාපන රාජධානියක් 17 වන ශතවර්ෂයේදී නොපැවති බව පමණක් නොව සිංහල රජුගේ බල පරාක්‍රමය ත්‍රිකුණාමල මුහුදු තීරය දක්වාද පැවති බව හා දෙමළ මිනිසුන්ට දෙමළ නම පවා භාවිතා නොකළ බවය. ඔවුන් එකළ හැඳින්වූයේ ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් ලෙස බව ඉතාම පැහැදිලිය.
1805 දී Captain Robert Percival විසින් රචිත , “An Account of the Island of Ceylon (1805) කෘතියේදී ඔහු සඳහන් කරන්නේ මලබාරි විදේශ සංක්‍රමණිකයන් ලෙසය.
“These different tribes of foreign settlers exceed in number of Native Ceylonese in the District of Jaffna” (PP71, 72)

විදේශිකයන් විසින් ශ්‍රි ලංකාව සඳහා භාවිතා කළ නම්, අනාදිමත් කාලයක සිට ශ්‍රි ලංකාවට නොයෙක් ජාතීන් පැමිණියහ.
හියුං සාං ෆාහියෙන්, ටොලමි මින් කිහිප දෙනෙකි.
මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ලංකාවට පැමිණි බවත් ශ්‍රි පාදය සංචාරය කළ බවත් කියවේ. ඔහු විසින් ශ්‍රීපාදයේ අත්වැල් දෙකක් කළ බවත් කියවේ.

අරාබි ජාතිකයන්, හ්‍රීක ජාතිකයන්, චීන ජාතියක් ශ්‍රී ලංකාව ගැන දැන සිටියහ. ඔවුන් ලංකාවට විවිද නම් යෙදූහ. ටොලමි තැපොබේන් යනුවෙන් සඳහන් කළ අතර , සීලදන්, සෙයිලාවේ, සීලාන් සිලොන් යන අනෙකුත් සෑම නමක්ම සිංහල යන්න තමන්ට උච්ඡාරණය කිරීමට සඳහන් වචනයන්හ.
සිංහල සීලාන් සීලාවේ සියලාන් සිලෝන් වූවා මිස වෙන කිසිම නමක් දෙමළ ජනයා වැන්නක් සඳහන් බව ඉතිහාසයේ සදහසදහන් ව ඇත.

– ඊළාම් –

Thomas Burrow, Robert Caldwell yd Herman Gundet යන භාෂාව විශාරදයන් පවසන පරිදි ඊළාම් යනු සිංහල යන වචනය දෙමළකරණය වීම නිසා සෑදුන වචනයකි. නැතහොත් දෙමළෙන් සිංහලට කියන වචනයකි. මෙය මදුරාසි විශ්වවිද්‍යාලය විසින් 1927 දී සම්පාදිත දෙමළ ශබ්දකෝෂයේ දී දක්වා ඇත්තේද ඊළාම් යනු සිංහලයන්ව හැඳින්වීම සඳහා භාවිතා කරන වචනයක් බවයි.

දෙමළ ඉතිහාසයක් වන මුදළිදු රානායගම් හා ආචාර්ය ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පවා මේ මතය තහවුරු කරයි.
“Whose name ilam is derived were Sinhalese”

ලන්දේසි – සිංහල ගිවිසුම

ක්‍රිස්තු වර්ෂ 1766 දී සිංහල රජු ලන්දේසි නැගෙනහිර ඉන්දිය සමාගම සමඟ ගිවිසුමකට ඇතුළත්විය.
සිංහලෙන් ලියැවුනු මේ ගිවිසුම orientalist සඟරාවේ III වෙනි වෙලුමේ 115 පිටුවේ පළමු H.C.P බෙල් මහතාගේ පරිවර්තනයේද රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සඟරාවේ XVI වෙලුමේ දක්වා ඇත.

මෙහි දෙවැනි වගන්තියේ ඉතාම පැහැදිලිව රටේ මුහුදුබඩ ප්‍රදේශ සියල්ලම පාහේ උඩරට රජු විසින් ලන්දේසින් හට පවරා දෙන ලදී. යම් හෙයකින් යාපනයේ හෝ වෙනම රාජධානියක් නොපැවති බව මෙහි දෙවැනි වගන්තිය පැහැදිලිව සාක්ෂි දරයි. මේ පවරා දීමට යාපනය මන්නාරම කුලියාපිටිය මඩකලපුව, චේඞ්ඩිකුලම පවා අයත්ය.

දෙවැනි වගන්තිය : ඕලන්දාවෙස් එකඟ වූ රටවල දීප්තිමත් වූ බොහෝ බල ඇත්තා වූ සත්තා තැන් ජනරාල් ජේශ්ටවරයාණන් වහන්සේලාව සහ බලවත් ඕලන්දකක්කාර කොම්පඤ්ඤවද දැන්දී තීන්දුවෙන පෙරලියට පලමුවෙන් කොම්ඤ්ඤ මේ ලංකාද්වීපය හරියෙන් බුක්ති වින්ද නොයෙකුත් රටවලට නියමවද යටත්වූ තනි උතුම් හාමුදුරුවන්ය කියා අග්‍ර රාජේශ්වර වූ උතුම් ස්වාමින් වහන්සේ සහ උතුම් වූ මහ වාසල මහ අමාපත මන්ඩලේ ප්‍රදාන වූ ස්වාමීන් වහන්සේලාද දැන ඇඳින ගන්නවාය. ඒ කොයිවාද කීවොත්, යාපා පට්ටනම ද ඊට අඩුතතු රටවල් ද හෙට්ටිකුලපත්තුව ද මන්නාරම ඇතුළුව ඊට අඩුතතු වූ ඉඩම් ද එතන හිට රට කල්පිටිය ද ඊට අඩුතතු වූ ඉඩම්ද, කොළඹ දිසාවද, ගාළුකෝරලේද, මාතර දිසාව හරියද, පුලියන්දූව, ත්‍රිකුණාමලේද යන මේ ස්ථානවලට මීට ප්‍රථමයෙන් අඩුතතු වූ ඉඩම්ද, තවද උතුම් වූ මහවාසල ඉහල කී රටවල්වලට මීට එපිටහදී තිබුනු එක්කෝ තිබෙන්න ඉල්ළු ආණ්ඩුවත් ඉල්ලීමත් උතුම් වූ ස්වාමි දුරුවානන් වහන්සේ සහ උතුම් වූ මහවාසල ප්‍රදානයවූ රාලහාමින්වහන්සේලත් අත්හරිනුය.
1796 දී කොළඹ යටත් කරගැනීමෙන් පසුව බි5තාන්‍යයන් විසින් සිය ග්‍රහණයට ගන්නා ලද මුහුදුබඩ දිස්ත්‍රික්ක සහ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ව බි්‍රතාන්‍ය රජුට පවරා දෙනු ලැබූ සිංහල රජුගේ බල ප්‍රදේශය අතර මායිම නිශ්චිතවම f ම්ගිවිසුමේ දක්වා තිබේ.

උඩරට ගිවිසුම

සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලා ගැනීමෙන් පසු බි්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් 1815 මාර්තු මස 02 වන දින ශ්‍රි ලංකාව අධිරාජ්‍යට ඈදාගැනීමට ගිවිසුමක් අත්සන් කරන්නේය.
මේ ගිවිසුම සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලියා තැබූ අතර දෙමළ භාෂාව ගැන හෝ දෙමළ වැසියන් ගැන කිසිදු සටහනක් නැත. එපමණක් නොව ගිවිසුමේ පස්වෙනි වගන්තිය ප්‍රකාරව බුද්ධාගම පෝෂණය කිරීම තුන්වෙනි ජෝර්ජ් රජතුමාගේ ආණ්ඩුවේ වගකීමක් වන්නේය. හින්දු ආගම ගැන දක්වා නැත.

මේ ගිවිසුමේ පාර්ශව මෙසේ දක්වයි.

“ මහා බි්‍රතාන්‍යයට අයර්ලන්තයට රාජ්‍යයෙහි රාශ්‍රියට පැමිණි තුන්වෙනි ජෝජ් මහා රාජෝත්තමයාණන් වහන්සේගේද රාජ්‍යය කරන ජෝජ් වෙලෙසෙහි කුමාරයින්ගේද වෙනුවෙන් ඉග්‍රිසිතාන්ව පළමුවෙනි ආණ්ඩුකාර ත්‍රාන්ත්‍රයට පත් වූ ලොයිතන් ජනරාල් රොබට් බ්‍රවුන්රිග් ගරුතර ගොවැන්නදොරු තුමා එකත් පක්ෂිකවද සීහලේ වැසියන් වෙනුවට අදිකාරීවරු සහ සීංහලේ රටවල්වල දිසාවල්වල ඇතුළුව වෙනත් රදලවරු අභිමුඛයෙහිදී අනෙක් පක්ෂයටද” යනාදී වශයෙනි.

මෙහිදී ඉතාම පැහැදිලිව ගම්‍යවන්නේ එකළ දෙමළ වැසියන්ට සැලකිය යුතු බලයක් හිමිවී නොතිබූ අතර මුලු දිවයිනම එකල හදුන්වනු ලැබුවේ සිංහලේ යන නමිනි.

ව්‍යාජ ඉතිහාසයක් පෙන්වන අය පෙන්විය යුත්තේ දෙමළ ජනතාව ජාතියක් ලෙස සැළකිය යුතු ජනසංඛ්‍යාවක් ශ්‍රි ලංකාව තුළ වාසය කලේ නම් ඔවුන්ව මේ ගිවිසුමට ඇතුළත් කලේ මන්ද යන්න පමණක් නොව, දෙමළ ඛළාධිකාරය මේ ගිවිසුමේ පාර්ශවයක් නොවූයේ ඇයිද යන්නය.
ඉංග්‍රීසීන් මුළු රටේම පාලනය ලබාගැනීමෙන් පසු බලධාරී ජාතිකයන් ලංකාවට පැමිණියේ දස දහස් ගණනිනි. ඔවුන් ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචි කරන ලදී. 1848 දී ටොරිංටන් සාමි වරයා එංගලන්තයට යවන ලද ලියවිල්ලක මෙසේ සඳහන් වේ. “East is also ready for Malabar settlement as was done in Jaffna” මින් කියැවෙන්නේ යාපනයේ දී කළ ආකාරයට නැගෙනහිර පළාත්ද දකුණු ඉන්දීය මලබාර් සංක්‍රමණිකයින් පදිංචි කරවීමට සූදානම් කර ඇත යන්නය. මෙසේ ලංකාවට පැමිණි මලබාරි ජාතිකයන්ව දෙමළ ජාතිකයන් ලෙස යටත් විජිත නිළධාරීන් විසින් හැඳින්වූයේ නැත.

තිරුකෙතීස්වරම් කෝවිල සහ ආතර් සී ක්ලාක්ගේ Reefs Of Taprobane කෘතිය

සුප්‍රසිද්ධ විද්‍යාඥ අතර් සී ක්ලාක් එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල දී හා මුහුද යට ඡායාරූප ගත කිරීමට විනෝදාංශයක් හැටියට කලා මෙහිදී ඔහු සමග රොඞ්නි ජොන්ක්ලාස් සහ තවත් කිහිප දෙනෙකු ගවේෂණ වලට සහභාගි වුණා ලංකාවේ රන්මුතුදූව සිනමාපටය මෙසේ මුහුද යට නිර්මාණය කරන ලද පළවෙනි චිත්‍රපටය ලෙසට දැක්වෙනවා යට ගවේෂණය කිරීමේදී ඔහු තිරිකුණාමළ තිරුකේතීෂ්වරම් කෝවිල ආසන්නයේ මුහුද යට ගවේෂණය කරන විට දුටු දෙය තමයි කඩා බිද දමා තිබූ බෞද්ධ ස්තූප වල නටබුන් ඒ අතර ශිව ලිංගයක් තිබි හමු වෙනවා ඊට අමතරව වැඩිපුරම හමුවෙන්නේ බෞද්ධ ්තූප වලටත් නටබුන් එයින් පැහැදිලි වන්නේ කුමක්ද කිසි ආක්‍රමණ කාලයේදී දැනට නම් ස්ථානයේ බෞද්ධ පන්සලක් පැවති බවත් පෘතුගීසීන් විසින් බෞද්ධ පන්සල විනාශ කර බවක් පෘතුගීසි සටහන්වල දක්වා තිබෙනවා මේ කඩා බිඳ දමා තිබෙන නටබුන්වලින් පැහැදිලි වෙනවා ඒ අනුව මේ බෞද්ධ පන්සල මත තමයි අද තිරුකේතීෂ්වරම් කෝවිල ඉදි වෙලා තිබෙන්නේ මේ ඉතාම මෑත කාලයේ දී ඒ කියන්නේ විසි වැනි සියවසේ මුල් කාලයේ දී ඉදිකරන ලද්දක් බවට බැලූ බැල්මට පෙනේ කාලයාගේ ඇවෑමෙන් භාෂාවක් අනන්‍යව සහ ස්වාධීනව වර්ධනය වනවිට වෙනම භාෂාවක් බවට පත්වීම යම්කිසි ජන වර්ගයක් ලෝකයේ යම්කිසි ජන වර්ගයක් කාලයක් තිස්සේ එහි මූලික සම්භවයෙන් වෙනස්ව අන්‍යෝන්‍යව වාසය කරන විට ජන වර්ගය එකී මූලික ලක්ෂණ වලින් බැහැර වීමට පටන් ගනී. අවුරුදු පන්සියයක් හෝ ඊට වැඩි ගණනක් එකී ජන කොට්ඨාශය අන්යෝන්යව ස්වාධීනව වැඩෙන විට එකී භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනස් භාෂාවක් බවට ක්‍රමයෙන් පත්වේ.

උදාහරණයක් ලෙස සිංහල ජාතිකයින් මීට හයසීයකට හත් සීයකට පමණ පෙර මාලදිවයිනට සංක්‍රමණය වූ අතර ඔවුන් කතා කර ඇත්තේ සිංහල භාෂාවයි නමුත් කාලයාගේ ඈවෑමෙන් ඔවුන්ගේ භාෂා ලක්ෂණ සිංහල භාෂාවට සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර ඔවුන් සිංහල භාෂාවට සමාන භාෂාවක් කතා කළත් අද එය දිවෙහි භාෂාව ලෙස පැහැදිලිවම ස්වාධීන භාෂාවක් ලෙස ව්‍යාප්ත වී ඇත. දෙමළ ජාතිකයින් තමිල්නාඩුවෙන් පැමිණ යම් කිසි ආකාරයකින් අනන්‍ය ව අවුරුදු පන්සීයක් හෝ හයසීයක් ඊට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කළා නම් අද ලංකාවේ කතා කරන භාෂාව තමිල්නාඩුවේ කතා කල යුතුව ඇත්තේ දෙමළ භාෂාවට ව හාත්පසින් වෙනස් වූ භාෂාවක් . උදාහරණයක් ලෙස ඉන්දියාව තුළම දෙමළ භාෂාවෙන් වෙනස් ව විකාශනය වෙලා තිබෙනවා තෙලිගු භාෂාව malayalam භාෂාව ඒ සියලුම දෙනා දෙමළ භාෂාවේ ආභාෂයෙන් ඇති වූ භාෂා. නමුත් අද වෙන විට ඔවුන් අනන්‍ය භාෂාවන් පත්වෙලා තිබෙනවා ඒ ආකාරයෙන්ම ලංකාවේ දෙමළ භාෂාවත් වෙනස් විය යුතුව තිබුණා. නමුත් ලංකාවේ දෙමළ භාෂාව අදටත් ඉන්දියාවේ දෙමළ භාෂාවට ඉතාමත් සමානයි භාෂාව උච්චාරණය කරන ආකාරය හැරුණු විට භාෂා දෙකම භාෂා දෙකක් නොවෙයි එම එක භාෂාවක් අනුව පැහැදිලි වන්නේ දෙමළ ජනයා ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ ඉතාම මෑතක දී බවයි.

ශ්‍රී ලාංකීය දෙමළ ජාතිය

1901 දක්වා සිදුකළ ජන සංඝණනය දක්වා ඔවුන් හැඳින්වූයේ මලබාරි සංක්‍රමණිකයන් ලෙසය. 1911 දී පොන්නම්බලම් රාමනාදන්ගේ බලපෑම මත Ceylon Tamil ලෙස ජන සංඝනනයේ දී වෙනස් වන්නේ එතෙක්එ තෙක් මලබාර් වූ ඔවුන්ය.ශ්‍රී ලාංකික දෙමළ සම්භවය ඒ අනුව. ආරම්භ වන්නේ 1911 දීය. ඒ සඳහා සුදුසුකම් සැපිරුවේ දිවයිනේ උපන් මලබාර් දරුවන්ය. ඔවුන් ශ්‍රි ලාංකික දෙමළ අනන්‍යතාවය තෝරාගැනීම හුදෙක් ස්වේජ්ඡා ක්‍රියාදාමයක් මත සිදුකළහ.

ඒ අනුව ශ්‍රි ලාංකික දෙමළ යනු සුද්දා විසින් වසර 120 ක් පමණ මෑතකදී බිහිකළ කෘතිම ජනවර්ගයකි

රිශ් උඩවත්ත



37 Viewers