විග්නේශ්වරන් සහ හෙළ බුදුන් සංකල්පය

විග්නේෂ්වරන්..
————————
විග්නේෂ්වරන් කියන්නේ වර්තමානයේ කතාබහට ලක්වුණ චරිතයක්…. ඔහු කතාබහට ලක්වෙන්නේ සහයෝගිතා යහපත් පදනමක් මත නෙවෙයි…. බෙදුම්වාදී ආකල්ප ඔස්සේ සිංහල සහ දමිළ ජනතාව අතර අතිශය වෛරය හැඟීම් ඇතිකරවන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශ ද්‍රෝහී චරිතයක් විදියටයි…..

හෙළ බුදුන් සංකල්පය..
————————————
හෙළ බුදුන් සංකල්පය කියන්නේ ද සිංහල බෞද්ධ ජනතාව දෙකඩ කොට ඔවුනොවුන් අතරේ ගැටුම් ඇති කරවන සංකල්පයක්…. එහි බරපතලකම කොච්චරද කිව්වොත් ඇතැම්විට හෙළ බුදුන් සංකල්පය දරන්නවුන් විසින් වත්මන් ලක්වාසී භික්ෂූන් වහන්සේලාට මෙන්ම අතීත දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සහ අතීතයේ සිටි ව්‍යක්ත පඩිවරුන්ට මෙන්ම එකී බොරුවට එරෙහිව වර්තමානයේ හඩ නගන පැවිදි ගිහි දෙපාර්ශ්වයටම අතිශය අපහාස කරමින් මරණීය තර්ජන පවා කරමින් අනාචාරයේ හැසිරෙන කණ්ඩායමක්….

දමිළ ජනතාවට තමන්ටම කියලා ලෝකයේ කොහේවත් රටක් නෑ… යුද්ධයෙන් රටක් දිනා ගැනීමට උත්සාහ කළා එකී ජනතාව නියෝජනය කරන ත්‍රස්තවාදී නායකයින් එම උත්සාහය ව්‍යාර්ථ වූ නිසා දේශපාලන බලය භාවිතා කරමින් ඓතිහාසික උරුමයන් තිබෙන බව සමාජගත කරමින් නැවතත් එකී ජාතිවාදී නායකයින් උත්සාහ කරන්නේ ඔවුනටම යැයි නැති රටක් ඇතිකර ගැනීමට බව නොතේරෙන්නේ අත දරුවන්ට මිස වෙන කාටද….?

හෙළ බුදුන් සංකල්පය දමිළ බෙදුම්වාදයට සම්බන්ධිතද….!
——————————————————————–
බුද්ධ භාෂිතය හරියට හදාරා ඇති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කොට ඇති මිත්‍යා මතවාද පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන….. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කළේ අල්ලපු රටේ තිබුණ මිථ්‍යා මතවාද නොවෙයි…. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය භූමිය අවට තිබිච්ච මිථ්‍යා මතවාද…. කෙනෙක්ට ඒක පිළිගන්න බැරිනම් පැහැදිලිවම ඔහු සත්‍ය වසන් කරන කෙනෙක්…. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු මිත්‍යා මත වාද අතරේම තියනවා වෛදික ඉගැන්වීම් වල තිබුණු සංකල්ප සහ බමුණු මතවාද… ඔබ ඉතිහාසය යම් තරමක් හෝ දන්න කෙනෙක් නම් වෛදික සංකල්පවල පැරණිකම අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ….

වෛදික සංකල්ප මූලබීජ බවට පත්වෙලා, ඒ මූලබීජ හරහා තමයි හින්දු කියන ආගම නිර්මාණය වෙන්නේ… ඒ නිසා තමයි ලෝකය තියෙන පැරණිම ආගම් අතරට හින්දු ආගමක් ගණනය වෙන්නේ….. ඒ අනුව ඔබට තහවුරු වෙන්න ඕන බුදු දහමත් හින්දු ආගමත් බිහි වෙන්නේ එකම රටක් ඇතුලේ කියන එක….. අපි කියන්නේ නෑ ඒ රට ඇතුලේ වෛදික සංකල්ප විතරක් තිබුණා කියලා…. ඒ රට ඇතුලේ වෛදික සංකල්ප වගේම බමුණු සංකල්පත් තිබුනා….

ඒ අනුව බුදුදහම පහළ වුණේ මොන රටේද ඒ රට ඇතුලෙම හින්දු ආගම බිහිවීමේ මූලබීජ තිබුණා කියන එක අපිට පිළිගන්න වෙනවා….. එතකොට බුදුරජාණන් වහන්සේ ලංකාවේ නම් උන්වහන්සේ වැඩ සිටි භූමියේ තිබුණු හින්දු ආගමේ මූල බීජත් ලංකාවේ බවට පත්වෙනවා… ඒ කියන්නේ හින්දු ආගම බිහි වුණෙත් නෑ ලංකාවේ කියන තර්කය ඕනෑම දමිළ කෙනෙකුට ත්‍රිපිටකය හරහාම ඔප්පු කරන්න පුළුවන්….

හෙළ බුදුන් සංකල්පය විග්නේෂ්වරන්ගේ මතය තහවුරු කරනවාද….?
———————————————————————–
පැහැදිලිවම ඔව්… හෙළ බුදුන් සංකල්පය විග්නේෂ්වරන්ගේ මතය තහවුරු කරනවා…. මොකද බුදුරජාණන් වහන්සේ ලංකාවේ නම් උන්වහන්සේ වැඩ සිටි භූමියේ තිබුණු, හින්දු ආගම බිහිවීමට බලපෑ වෛදික සංකල්ප තිබුනෙත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය භූමියේම නිසා…..

විග්නේෂ්වරන් සහ හෙළ බුදුන් සංකල්පය දරන්නන්ගේ සමානතා තිබේද….?
———————————————————————-
විග්නේෂ්වරන් සහ හෙළ බුදුන් සංකල්පය දරන්නන්ගේ සමානතා හුඟක් තියෙනවා…. ඒ අතර තියෙන ප්‍රධානතම කාරණාවක් තමයි…,

*. දීපවංසයේ, මහාවංශය, පූජාවලිය ඇතුළු හෙළ ඉතිහාසය පිළිබඳව කරුණු සොයා ගත හැකි හෙළ සාහිත්‍යය, ප්‍රබන්ධ ලෙස හුවා දක්වමින් ප්‍රතික්ෂේප කිරීම….

*. හෙළ සාහිත්‍යයේ ගොඩනැගූ භික්ෂූන් වහන්සේලා ඇතුලු අද්විතීය ගත්කරුවන් ප්‍රතික්ෂේප කිරීම…….

ඉහත කරුණු දෙක විග්නේෂ්වරන් සහ හෙළ බුදුන් සංකල්පය දරන්නන්ගේ ප්‍රධානතම සමානකම් ඇති කරුණු දෙකක්….

මෙතුළින් නිගමනය වෙන්නේ කුමක්ද…?
————————————————————-
බුදුරජාණන් වහන්සේ යන නාමය බෞද්ධ ජනතාවට අප්‍රමාණ ශ්‍රද්ධාව උපදවන අවස්ථාවක්…. තමන්ගෙ ශාස්තෘවරයා ලෝකයට පහළ වුණේ තමන්ගේ රටේ කියන සංකල්පය බෞද්ධ ජනතාවට මහත් අස්වැසිල්ලක්… රටක් නැති දමිළ ජනතාවට තමන්ටම කියලා රටක් හදාගන්න හොඳම අවස්ථාව විදිහට සැලසුම් කළේ බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේය කියන මතවාදය ලංකාව තුළ සමාජගත කිරීමයි…. බුද්ධියෙන් නොවිමසා අන්ධ භක්තියෙන් බුදු රජාණන් වහන්සේ සහ බුද්ධ ධර්මය දෙස බලන බෞද්ධයා අන්ධ කොට, මේ සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේව ඉස්සරහින් තබා රටක් නැති දමිළ ජනතාවට රටක් ලබා දීමේ බෙදුම්වාදී න්‍යාය තහවුරු කිරීමයි…..

ඒ අනුව විග්නේෂ්වරන්ගේ මතවාදය තහවුරු කිරීමට හෙළ බුදුන් සංකල්පය දරන්නවුන් ලබා දෙන සහය අප්‍රමාණයි…. හෙළ බුදුන් සංකල්පය දරන්නවුන් ලබාදෙන සහයෝගය කෙතරම්ද කිවහොත් ඔවුන්,

*. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරනවා…
*. බුද්ධ භාෂිතය විකෘති කරමින් දේශනා කරනවා…..
*. හෙළ සාහිත්‍ය ප්‍රතික්ෂේප කරනවා….
*. අතීත සහ වර්තමාන භික්ෂූන් වහන්සේලාට නොසෑහෙන විදිහට අවලාද කරනවා…..
*. කොටින්ම කිව්වොත් හෙළ බුදුන් සංකල්පයේ තිබෙන සාවද්‍ය භාවය පෙන්වා දෙන ගිහි පැවිදි සියලු දෙනාටම මරණීය තර්ජන පවා කරනවා…

ඒ අනුව ඔවුන් එසේ හැසිරෙන්නේ සිංහල ජනතාව මරා දමමින් හෝ සිංහලයගේ එකම රට වෙච්ච ශ්‍රී ලංකාව දමිළ ජනතාවට පාවාදීම නෙවෙයිද යන්න සබුද්ධික, කියවන ඔබ තේරුම් ගත යුතුයි නේද…..?

ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ තියෙන බෞද්ධ පුදබිම් ඉන්දීය හින්දූන්ට පවරා දීමටත් හෙළ බුදුන් සංකල්පය දරන්නන් ලොකු උත්සහයක යෙදෙනවා…. එහෙම කියන්න හේතුව තමයි ඉන්දියාවේ තියෙන බෞද්ධ පුදබිම් සියල්ල හින්දූන්ගේ පුදබිම් බව නිතර නිතර ප්‍රකාෂ කිරීම….. ඒ අනුව අපට පැහැදිලියි හෙළ බුදුන් සංකල්පය දරන්නන්ගේ අරමුණ ලෝකයෙන්ම බුදු දහම අතුගා දැමීමටයි….

හෙළ බුදුන් සංකල්පයට එරෙහිව අප නිතර හඬ නගන්නේ එකී මිත්‍යාව පරාජය කිරීමටම බව මෙහිදී අනිවාර්යෙන්ම සටහන් කළ යුතුයි…

සටහන,
උපේක්ෂා සෙව්වන්දි රාජසිංහ



29 Viewers