විජයග්‍රහණය

රට වෙනුවෙන් දිවි පිදූ සහ මස් ඇස් ඉස් මස් ලේ අත් පා දන් දී මේ නිදහස වෙනුවෙන් කැපවූ  උතුම් මාතෘභූමිය උදෙසා දිවි දෙවෙනි කොට සටන් වැදි සෑම අභීත වීරෝධාර රණවිරුවෙක්ටම ජාතියේ ගෞරවය හිමිවිය යුතුය.

විශේෂයෙන්ම අපේ ත්‍රිවිද හමුදාව එදත් අදත් කවදත් දිවි පරදුවට තබා ඔවුන්ගේ සේවය අකුටටම ඉටු කරති. වෙනස ඇත්තේ ඔවුන්ට දෙන නායකත්වයේ පමනි.

කවුරුන් කෙසේ කීවත් එහි ප්‍රදාන ගෞරවය එදා සේනාධිනායක ලෙස සියල්ලට නායකත්වය දුන් එවකට ජනාධිපතිව සිටි මහින්ද ‍රාජපක්ෂ මහතාටත් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුමය. ඔවුන් එදා මුහුනදුන්නේ ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තවාදීන් පමනක් නොවේ ලොව ඉදිරියේ මානව හිමිකම් වලටද ‍රටවෙනුවෙන් එඩිතරව අභීතව මුහුණ දුන් බව අමතක නොකල නොහැක.

ඒ හැරුන විට එදා යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක පොලිස් පති මෙන්ම එදා අවසන් මොහොතේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් කිරීමේ 53 වන සේනාංකය මෙහෙයවූ හිටපු සේනාංකාධිපති මේජර් ජනරල් කමල් ගුනරත්න මහතාටත් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුක සේනාංක හා කාර්‍යය සාධක බලකාවල නායකත්වය මරාගෙන මැරෙන්න සටන් මෙහෙයවූ දූරදර්ශි සේනාංක නායකත්වයටත් , එදා යුද්දය වෙනුවෙන් කැපවූ සියළුම දෙනාටත් ගෞරවය හිමිවිය යුතුය.

යුද සමයේ ජීවත් වූවකු වශයෙන් එදා දැනුන ඒ අවිනිශ්චිතබවත් භීතියත් මානසික පීඩනයට්ත් ජයග්‍රහණයෙන් පසු ලැබුන සැනසීමත් සතුටත් ඒ හැගීම් කිසිදා අමතක නොවනු ඇත.

එය එදා එසේ සිදු නොවූවානම් අපේ මාතෘ භූමියටත් ඔබටත් මටත් මේ වර්තමානය හිමි නොවනු ඇත. කෙසේ වෙතත් මේ වසර 11 කට පසු එදා ඒ සටනට නායකත්වය දුන් සියළුම දෙනාම අද වන විට රටටත් කොරෝනා සටනටත් නායකත්වය ලබාදෙමින් සුව විරුවන් සමග අත්වැල්  බැදී අනෙකුත්  රටවල් පරයමින් එහි ජයග්‍රහණය කරාද යමින් සිටීම දයිවෝපගත සිදුවීමකි.

ඇගට නොදැනෙන පිනට ලැබුන නිදහස පෙබරවාරි 04 සමරනවාට වඩා ලේ වලටම හදවතටම දැනෙන අපගේ සැබෑ ජාතික නිදහස් දිනය මෙය වන බැවින් නිදහස් දිනය මේ විජයග්‍රහණයේ දිනය ලෙස මෙදිනට සමරන්නට  සුදුසුයයි රජයට යෝජනා කරමි.

අප ප්‍රරෞඩ ඉතිහාසයෙන් පාඩම් උගෙන, තුවාල වූ සිත් සනීප කර, ජාති,කුල,මල,පාට බේද අත්හැර සැම එකම ශ්‍රී ලාංකිකයින්  ලෙස ලොවම ජයග්‍රහණය  කිරීමට එක්වෙමු.

විරුවනි අප ජීවිතය ඔබයි, ඔබට සදා ණයගැතියි
මේ උත්තමාචාරය ඔබටයි ..



91 Viewers