• Home »
  • Sinhala »
  • ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයේ! ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් මැදිහත් වෙයි!! නව මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කළයුතු බව කියයි

ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයේ! ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් මැදිහත් වෙයි!! නව මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කළයුතු බව කියයි

(Courtesy of The Divaina)

* නව මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කළයුතු බව කියයි
* අපේ සෙබළුන්ට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ඉඩ නොදෙමි – ඇමරිකානු ආරක්‍ෂක උපදේශක
* ශ්‍රී ලංකා රජය රණවිරුවන්ට එරෙහි චෝදනා ගැන ප්‍රතිචාර දක්‌වා නැත

image1

39 වැනි ජිනිවා මානව හිමිකම් සැසිවාරය පසුගිය සඳුදා ආරම්භ විය. මේ සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ මෙරට ඉතිහාසය මුළුමනින්ම වෙනස්‌ කිරීම සඳහා බෙදුම්වාදීන් පැරණි ඉතිහාසය විකෘති කරමින් පිටු 48 ක ග්‍රන්ථයක්‌ ජාත්‍යන්තර ප්‍රජාව අතර බෙදාහැරීමට ක්‍රියාකරනු ලැබීය.

මීගමුවේ සිට තිස්‌සමහාරාමය දක්‌වා ද්‍රවිඩ නිජබිමට අයත් බව දක්‌වමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කළ ඊළම්වාදියා ඉතිහාසඥයකු නොවේ. ඔහු පලාලි ගුරු අභ්‍යාස විදුහලේ සේවය කළ ද්‍රවිඩ යුවළකගේ පුත්‍රයකුවූ සුන්දරපිල්ලෙයි සෙන්තිනාදන් නමැත්තෙකි.

මහාවංශයේ තොරතුරු ග්‍රන්ථ හතරක විවිධ ලෙස පළවී ඇති බව පවසන මොහු ක්‍රිස්‌තු පූර්ව 235 දා සිට 161 දක්‌වා කාලය තුළ අනුරාධපුරම් (අනුරාධපුර පෙර පාලනය කරන ලද්දේ එල්ලාලන් හෙවත් එළාර හෙවත් එලිසා චෝල රජු බවද කියා සිටී.

image-2

එසේම ක්‍රිස්‌තු පූර්ව 30000 ට පෙර සමයේදී මැඩගස්‌කරය, දකුණු ඉන්දියාව, ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව ලේම්යුරියා මහාද්වීපය හෙවත් කුමාරි කණ්‌ඩම් නමින් හඳුන්වනු ලැබූ අතර සාගරය විසින් ගිලගැනීම නිසා ද්‍රවිඩ ජනතාවගේ විශාල මහාද්වීපයවූ කුමාරි කණ්‌ඩම් අහිමිවූ බවද තම ග්‍රන්ථයේ දක්‌වා තිබේ.

මේ හැර ද්‍රවිඩයන්ට අයත් ප්‍රදේශ සිංහලකරණයට ලක්‌කර ඇති බව දක්‌වන මෙම ඊළම්වාදියා වෙන්නප්පුව යනු වෙන්නප්පු ලෙසද නාත්තන්ඩිය යනු නාත්තන්ඩි ලෙසද වනාතවිල්ලුව යනු වනාතවිල්ලු සහ පුත්තලම යනු පුත්තලම් ආණමඩුව යනු ආනයිමඩු බවටද සිය විකෘති ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

මෙයට අමතරව පදවිය, තෙප්පවිකෙල්ලාව (කැබිතිගොල්ලෑව), හොරපොතාන (හොරොව්පතාන), පොල්ලන්නරුව (පොලොන්නරුව), බදුල්ල – මගියන්කන්නාඩි (මහියංගණය), මොනරාගල්ල – තෙසෙයිමරාක්‌කම් (තිස්‌සමහාරාමය) වැනි ප්‍රදේශ ද්‍රවිඩයන්ගෙන් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයිද හෙතෙම දක්‌වා තිබේ.

මොහු මොරවැව හඳුන්වා ඇත්තේ මොරවාඩ් යනුවෙනි. කන්තලේ යනු කන්තලායිද සේරුනුවර යනු සේරුවලායි ලෙසද පවසන සෙත්තිනාදන් නමැත්තා 1833 සිට 1955 කාලය තුළ සිංහලයන් ද්‍රවිඩ නිජබිමෙන් සියයට 50 ක භූමි ප්‍රදේශයක්‌ අල්ලා ගත් බව කියා සිටියි.

සෙන්තිනාදන් නමැත්තා සිය ග්‍රන්ථයෙන් ද්‍රවිඩයන් මීගමුවේ සිට පුත්තලම් දක්‌වා පදිංචිවී සිටි බවද තවදුරටත් සඳහන් කර ඇත.

එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමකට ලක්‌කළ මේ ග්‍රන්ථයට මෙරට විදේශ කටයුතු බලධාරීන් හෝ ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය අභියෝග කර නැත. නිදහස උදෙසා ඊළාම් ද්‍රවිඩයන්ගේ හිමිකම් නමින් නම්කර ඇති මේ ග්‍රන්ථය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී විදේශිකයන් අතට පත්වන අවස්‌ථාවේ ඊට සමානව උතුරු පළාත් සභාව තවත් මෙහෙයුමක්‌ දියත් විය. ඒ උතුරේ සිංහල ජනතාව පදිංචියට තහනම් කළ යුතු බවට දන්වමින් පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් ඉදිරිපත් කළ යෝජනාවක්‌ සම්මත විය.

රවිහරන් නැමැත්තා පසුගියදා මුලතිව් නයාරු ප්‍රදේශයේ සිටි සිංහල ධීවරයන් පිරිසක්‌ද පලවා හැරීමට ක්‍රියාකළේය. එහෙත් යහපාලන රජය සංහිඳියාව යටතේ නිහඬ විය.

mechel
එහෙත් සංහිඳියාවේ තරම පසුගියදා මුලතිව් කුරුඳුමලෙයි පුරාවිද්‍යා රක්‍ෂිතය එළිපෙහෙළි කිරීමට පුරාවිද්‍යා බලධාරීන් දැරූ උත්සාහය ව්‍යාර්ථ කිරීමට රවිහරන් නැමැත්තා ක්‍රියාකිරීමෙන් තහවුරුවේ. සිය සහචරයන් පිරිසක්‌ සමඟ එම ස්‌ථානය වෙත පැමිණි රවිහරන් මුලතිව්හි සිංහල ජනාවාස සහ බෞද්ධ සිද්ධස්‌ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට රජය ක්‍රියාකරන බවට චෝදනා කරනු ලැබීය. එසේ වූවත් සත්‍යය නම් කුරුදුමෙලයි වනය මැද පිහිටි භූමිය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ගැසට්‌ කර එහි මුරකුටියක්‌ ඉදිකිරීමට පුරාවිද්‍යා බලධාරීන් උත්සාහ කිරීමයි.

ද්‍රවිඩ ජනතාව මුලතිව්හි සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහි බවත් ඒ ගැන ජනතාව දැඩිලෙස කෝප වී සිටින බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.

එහෙත් 18 වැනි සියවසේ සිට කුරුඳුමලෙයි පුරාවිද්‍යා ස්‌ථානය ගැන වාර්තා වී ඇති අතර 2013 දී එය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ගැසට්‌ කර ඇති බවත් පුරාවිද්‍යා බලධාරීන් හෙළිකර ඇත.

ක්‍රිස්‌තු වර්ෂ 100-108 යටතේ මෙම කුරුඳුමලෙයි විහාරය ගොඩනඟා ඇති බවත් පළමු අග්බෝ සහ පළමුවන විජයබාහු රජවරුන් සමයේ එය වැඩිදියුණු කර ඇති බවත් මහාවංශයේ සඳහන් වී තිබේ.

මේ නිසා එම විහාරය සංරක්‍ෂණය කිරීමට පැමිණි පුරාවිද්‍යා බලධාරීන්ට රවිහරන්ගේ සහචරයන් තර්ජනය කර ඇති බවද ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

රවිහරන් සමඟ උතුරු පළාතේ ඇමැතිවරයකුවූ කන්දයියා ශිවනේෂන්ද පුරාවිද්‍යා අධිකාරියේ වැඩපිළිවෙළ නතර කර දැමීමට ක්‍රියාකර තිබේ. මෙම පුරාවිද්‍යා අධිකාරිය සිය අධිකාරියේ ඉහළ නිලධාරියකු නිකුත් කළ ලිපියක්‌ මත මෙම පුරාවිද්‍යා ආරක්‍ෂිතය සංරක්‍ෂණය කිරීමට ගත් උත්සාහය නතර කිරීමට රවිහරන් කවුද? ඔහුට රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගවලට එරෙහි විය හැකිද?

මෙම කුරුඳුමලෙයි පුරාවිද්‍යා රක්‍ෂිතය කොටි ඩයස්‌පෝරාව හඳුන්වා ඇත්තේ කුටුයාවුකායි නමිනි.

මේ පසුබිම මැද ඔඩ්ඩුසුඩ්ඩාන් පොලිසිය කලහකාරී ලෙස හැසිරුණ ද්‍රවිඩයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ කර ඇත. එසේම පුරාවිද්‍යා අධිකාරිය නිකුත් කළ ලිපිය සත්‍ය ලිපියක්‌ද සමඟ විමර්ශනය කරන ලෙස අධිකරණය තවදුරටත් පොලිසියට උපදෙස්‌ දී ඇත.

මෙම කුරුඳුමලෙයි සිද්ධියට ජර්මනියේ අටවාගෙන ඇති ඡේ. ඩී. එස්‌. නමැති සංවිධානයද මැදිහත්වී තිබේ. කොටි සමඟ එක්‌ව කටයුතු කළ මේ සංවිධානයේ ප්‍රධානියා ත්‍රස්‌ත මර්දන ඒකකය අත්අඩංගුවට ගැනීමට පෙර මෙරටින් පැන ගියේය.

මේ අතර තවත් බරපතළ සිද්ධියක්‌ අනාවරණය විය. ඒ ජිනීවා යෝජනාවෙන් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා වලට සහ ජිනිවා මානව හිමිකම් කොමාසාරිස්‌ගේ වාර්තාවෙන් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ කැබිනට්‌ මණ්‌ඩලය මේ දක්‌වා කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බව හෙළිවීමයි. එසේම වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 40000 ක්‌ නොවන බවත් මරුමුවට පත් සංඛ්‍යාව 6000 ත් 8000 ත් අතර බවට මෙරට සිටි බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ ලියවිලි වලින් තහවුරු කරන බව නේස්‌බි සාමිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සැසිවාරවලට ඉදිරිපත් කර නැත.

මින් සනාථ වන්නේ කොටි ඩයස්‌පෝරාව සමාන්තර රැස්‌වීම් 10 ක්‌ 15 ක්‌ අතර සංඛ්‍යාවක්‌ මානව හිමිකම් සැසිවාරය තුළ පවත්වමින් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා පවා මානව හිමිකම් කවුන්සිලයට බොරු වාර්තා 40 කට අධික සංඛ්‍යාවක්‌ ඉදිරිපත් කරද්දී රජය නිහඬ වීමයි.

ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි මෙරට මාධ්‍ය අතරින් විශේෂයෙන් (Exclusive) ප්‍රකාශයට පත් කළේ ආරක්‍ෂක විශේෂාංගයෙකි.

බ්‍රිතාන්‍යයේ නේස්‌බි සාමිවරයා එරට පාර්ලිමේන්තුවේදී සිදුකළ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාවට අදාළ ප්‍රකාශය මෙරට විදේශ කටයුතු බලධාරීන් පවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර නැත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ජිනීවාහිදී එල්ලවන යුද අපරාධ චෝදනා වලට රජය නිසි ප්‍රතිචාර නොදැක්‌වූයේ මන්ද යන්නයි. මෙය පුදුමයක්‌ නොවේ.

2015 ඔක්‌තෝබර් මස දිනෙක සාමය සඳහා ජාතික ව්‍යාපාරය නමින් අටවාගෙන තිබූ සංවිධානයක්‌ මෙහෙයවූ සම්මන්ත්‍රණයක්‌ ඇමතූ රජයේ දේශපාලකයෙක්‌ මෙලෙස පවසා ඇත.

“අප සියලු දෙනා එක්‌වී යහපත් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී සම්මත කර ගත්තා. අප දැන් මානව හිමිකම් කොමිසමේ න්‍යායපත්‍රයේ නැහැ”

මෙම සම්මන්ත්‍රණය ඇමතූ මාදම්පානම අස්‌සජි හිමි අන්තවාදීන් ජිනීවා යෝජනාව අල්ලාගෙන කෑගසන බවත් ඔවුන් එම යෝජනාව ගැන බිල්ලෙක්‌ මවා පෙන්වන බවත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් මොවුන් ජිනීවා යෝජනාවට අදාළ මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාවෙන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන නොදන්නාකම තහවුරු වීමයි.

එසේම ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයෙන් ඉවත්වී ඇති බවද එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ වී ඇත.

image3
එහෙත් ජිනීවා යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් වී නැත. 2019 මාර්තු මස පැවැත්වෙන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එම යෝජනාව ක්‍රියාත්මක කළේද යන්න ගැන ශ්‍රී ලංකා රජයට ප්‍රතිචාර දැක්‌වීමට සිදුවේ.

මේ සතියේ දිනෙක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වූ කොටි ඩයස්‌පෝරාවේ සම්මන්ත්‍රණයේදී ජිනීවා යෝජනාව ගැන සාකච්ඡාවට ලක්‌විය.

මෙම සම්මන්ත්‍රණය රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානයේ ජිනීවා නියෝජිත මනිවන්තන් සහ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධව සියොබ්හාන් මැක්‌ඩොනා නමැති මන්ත්‍රීවරිය ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලකයන් රැසක්‌ සහභාගි වී ඇත. එහිදී අවධාරණයට ලක්‌වූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමයි.

මේ සමුළුව පැවැත්වූයේ කොටි ධජයද ප්‍රදර්ශනය කිරීමෙනි. බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ එම ධජය ප්‍රදර්ශනය කිරීමට ඉඩලැබුණේ කෙසේද?

එම කොටි ඩයස්‌පෝරා සමුළුවට සහභාගිවූ සිසොබ්හාන් මැක්‌ඩොනා වන්නි මෙහෙයුමෙන් ද්‍රවිඩයන් 40000 ක්‌ මියගිය බවටද ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාව තුළ ජාති සංහාරයක්‌ සිදුවූ බවට දක්‌වමින් පැවැති මේ කොටි ඩයස්‌පෝරා රැස්‌වීම ගැන ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ප්‍රතිචාර දක්‌වා නැත.

මේ නිසා කොටි පරාජය කළ ශ්‍රී ලංකා හමුදාවේ රණවිරුවන් ආරක්‍ෂා කර ගැනීමේ බලගතු මෙහෙයුමක්‌ ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළදී දියත් කිරීමේ කාර්ය ආරම්භ කර ඇත්තේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.

මෙතෙක්‌ කිසිදු සංවිධානයක්‌ ජිනීවාහිදී රණවිරුවන් ආරක්‍ෂාකර ගැනීමට ඉදිරිපත් වී නොමැත.

මෙම ක්‍රියාදාමය ඉතිහාසගත වන මෙහෙයුමකි. මෙවර සංසදයේ ක්‍රියාකාරී පහළොවක්‌ සහභාගි විය. ඊට මහාචාර්ය චන්න ජයසුමනද සහභාගි විය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජිනීවා සැසිවාරයේදී මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 සිට 300000 දක්‌වා මරාදැමූ බවට කොටි ඩයස්‌පෝරාව සහ ඔවුන්ට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට දැඩිලෙස ප්‍රතිචාර දැක්‌වීමේ මෙහෙයුමටයි.

මේ චෝදනා මුළුමනින්ම සාවද්‍ය බවට කොටි ප්‍රකාශයට පත්කළ සංඛ්‍යා ලේඛන වලින්ම සනාථ කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියාකරනු ලැබීය.

එසේම මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් කවුරුන්ද? ඔවුන්ගේ නම් ගම් සහ පදිංචිව සිටි ස්‌ථාන කොහේද යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය කළ ප්‍රකාශයට අද දක්‌වාම ප්‍රතිචාර දැක්‌වීමක්‌ නොවුණි.

කොටි ඩයස්‌පෝරාව විසින් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක්‌ වෙත ගෙන්වූ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා වෙතින් ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක්‌ මියගිය බවට සාක්‍ෂි පෙන්වන ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර එල්ල කළ අභියෝගය හමුවේ සුකා නිහඬ විය.

මේ අතර 39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතමින් නව මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ කළ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයෙන් ඉවත්වී නැති බව තවදුරටත් තහවුරු විය.

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන කටයුතු කිරීමේ සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකිරීම ඉතාමත් ප්‍රමාද බව ඇය තම ප්‍රකාශයේදී චෝදනා කළාය.

එහෙත් මෙරට ඇතැම් දේශපාලකයන් මානව හිමිකම් ප්‍රශ්නය සදහටම නවතියි යනුවෙන් පසුගියදා ප්‍රකාශ කරනු ලැබීය.

මෙවන් පසුබිමක්‌ මැද තමිල්නාඩුවේ පසුපති නායගම් නමැති කොටි හිතවාදී සංවිධානය මානව හිමිකම් සැසිවාරය අමතමින් මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කරනු ලෙස ඉල්ලා ඇත.

එම කොටි හිතවාදී සංවිධානය තවදුරටත් මෙලෙස දන්වා තිබේ.

image-4
“යුද අපරාධ චෝදනා ලත් යුද අපරාධකරුවන්ට විදේශ රටවලට යැම සඳහා වීසා ලබාදීම නතර කළ යුතුයි – එසේම ශ්‍රී ලංකාවට ආර්ථික සහ හමුදා ආධාර ලබාදීම වළක්‌වන සම්බාධක පැනවීමට ක්‍රියාකළ යුතු අතර යුද අපරාධ චෝදනා ලැබූවන්ට විදේශ රටවල අත්අඩංගුවට ගැනීමේ විශ්ව අධිකරණ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළ යුතුයි. 2019 මාර්තු මසදී මානව හිමිකම් කවුන්සිල න්‍යාය පත්‍රයේ රඳවා ගනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ගැන නිරීක්‍ෂණයක්‌ සිදුවේ.

මේ නිසා වගවීම සම්බන්ධව ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රගතිය ගැන සෙවීමට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කළ යුතු බවට අපිට නිර්දේශ කරන්නෙමු.

මෙලෙස කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් බවට පත්කිරීමට දැඩි උත්සාහයක යෙදෙන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කර ඊට වගකිවයුතු හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු බවට දැක්‌වෙන ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකාව අද කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි වී ඇත. ඇමරිකාවේ ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් එරට කොන්සර්වටිව් පෙඩරල් සමාජය අමතමින් ඇෆ්ගනිස්‌තානයේ සේවය කළ ඇමරිකානු භටයන්ට යුද අපරාධ චෝදනා එල්ලවීම ගැන දැඩි ලෙස ප්‍රහාර එල්ල කළේය.

අපේ හමුදා සෙබළුන් ගැන තීන්දු ගැනීමට විදේශ රටවලට බැහැ. ඔවුන්ව ආරක්‍ෂා කිරීමට අපි හැම පියවරක්‌ම ගන්නවා. මේ යුද අපරාධ චෝදනා එල්ල කළ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය නීති විරෝධිය. එම අධිකරණය අපට මළගිය අයෙක්‌ පමණයි යෑයි ආරක්‍ෂක උපදේශකවරයා කියා සිටියේය.

එසේම ජාත්‍යන්තර අධිකරණය සමඟ එක්‌ව කටයුතු කරන රටවල් වලටද ඔහු අනතුරු අඟවනු ලැබීය.

ඇමරිකාව සහ මිත්‍ර සන්ධානයේ රටවල් යුද අපරාධ සිදුකළ බවට දක්‌වමින් ජාත්‍යන්තර අධිකරණය සමඟ එක්‌ව කටයුතු කරන රටවල්වලට විදේශ ආධාර සහ හමුදා ආධාර සහ බුද්ධි සේවා තොරතුරු ලබාදීම ගැන අපි අවධානය යොමුකරනවා. මේ යුද අපරාධ චෝදනා අසාධාරණ යෑයි ජෝන් බෝල්ටන් තර්ජනය කරමින් පළකළේය.

genewa5මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වූ ඇමරිකානු සෙබළුන් රැකගැනීම සඳහා කෝපාවිෂ්ඨවූ ආරක්‍ෂක උපදේශකවරයා දැඩි ප්‍රකාශයක්‌ කරද්දී පසුගිය ඇමරිකානු රජය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේද යෑයි ශ්‍රී ලංකාවේ බලධාරීන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර නැත.

ඇමරිකාව තම සෙබළුන් පිළිබඳව අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාවට එල්ලවූ අතුල් පහරක්‌ නොවේද?

එහෙත් කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාව සමාන්තර රැස්‌වීම පවත්වමින් අතුරුදන්වූවන්ගේ යෑයි කියන අයවළුන්ගේ ඡායාරූප පවා ප්‍රදර්ශනය කරද්දී ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිහඬය.

එසේ වූවත් රණවිරුවන් වෙනුවෙන් අනභිභවනීය සේවයක යෙදී ඇත්තේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.

එපමණක්‌ ද නොවේ මියන්මාර් හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලදී මියන්මාරයට සහය දැක්‌වීමටද එම සංසදය ඉදිරිපත් වී ඇත. ඒ සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් සුනිල් චන්ද්‍රකුමාර මහතා ජිනිවාහි මියන්මාර් තානාපතිවරයා හමුවී සාකච්ඡාවක්‌ කිරීමටද නියමිතය. මේ අතර ත්‍රිකුණාමල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්‌ ජනාධිපති ලේකම් වෙත ලිපියක්‌ යවමින් පදවි ශ්‍රී පුර පදිංචිකරුවන් පුල්මොඩෙයි 13 වන සැතපුම් කණුව අසල පදිංචි වී ඇති බවත් එය වහාම නතර කරන ලෙසත් ඉල්ලා ඇත.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට උතුර නැගෙනහිර ඕනෑම ස්‌ථානයක පදිංචිවීමේ හිමිකමක්‌ නැද්ද?

මේ පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති චෝදනා ගැන තමා සැප්තැම්බර් 24 වැනිදා එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට අමතා ප්‍රකාශයක්‌ කරන බව ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර හෙදුන්තර්ති පුරාවිද්‍යා භූමියටත් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හිමිකම් ඉදිරිපත් කර තිබේ.

ක්‍රිස්‌තු පූර්ව 3-1 දක්‌වා යුගයට අයත් බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ශිලා ලිපි සහ වංශ කතාවලට අනුව වඩ්ඩමාන පර්වත විහාරය නමින් බෞද්ධ ආරාමයක්‌ නයිනමඩු රක්‍ෂිතයේ පැවැති බව හෙළිවිය.

එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්‌ද? ඒ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක්‌ ඉදිකිරීමට උත්සාහ කිරීමයි.

මෙම බෞද්ධ පුරාවිද්‍යා භූමිය නිරීක්‍ෂණය කිරීමට චාල්ස්‌ නිමලනාදන්, ශිවශක්‌ති ආනන්දන් – ආනන්ද සෂිදරන්, එම්. කේ. සිවාජිලිංගම් සහ ජී. ටී. ලිංගනාදන්ද පැමිණ ඇත.

මේ අතර උතුරු පළාත් සභාව කඩිමුඩියේ යෝජනාවක්‌ සම්මත කර එය ජිනීවා යවනු ලැබීය. ශ්‍රී ලංකාවට එරෙහිව හමුදා සම්බාධක පැනවූ උතුර නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පැවැත්වීමට, යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට විදේශගතවීමට වීසා නොදීම සහ ඉල්ලීම් එම යෝජනාවේ අඩංගු විය.

මේ අතර බ්‍රිතාන්‍ය නියෝජිතයා මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ වලටද මැදිහත්විය. රජය ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර නැති බවද චෝදනා කළේය.

එසේම ලබන මාර්තු මසට පෙර ජීනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසටද අනතුරු අඟවනු ලැබීය.

keerthi



636 Viewers