• Home »
  • Sinhala News »
  • සම්බන්ධන් ඇතුළු දෙමළ නායකයෝ බලය බෙදීමේ යෝජනා 3ක් ජනපති රනිල්ට දෙන්න යයි

සම්බන්ධන් ඇතුළු දෙමළ නායකයෝ බලය බෙදීමේ යෝජනා 3ක් ජනපති රනිල්ට දෙන්න යයි

දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් බලය බෙදීම සම්බන්ධයෙන් වන යෝජනා 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට සැරැසෙන බව වාර්තා වේ.

එම පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාව පවත්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ කොළඹ පිහිටි නිවසේ දී බව වාර්තා වේ.

එම යෝජනා තුන නම්,

1. බලය බෙදීමේ දී ව්‍යවස්ථාව හා නීතිය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම

2. නව ව්‍යවස්ථාවක් සකස්කර එයට බලය බෙදීම ඇතුළත් කිරීම

3. දෙමළ ජනතාවගේ සියලු ඉඩම් ඔවුන්ට ලබාදීම

මෙම යෝජනා තුන සම්බන්ධයෙන් දෙමළ නායකයන් පැවැත්වූ සාකච්ඡාවේදී එකගතාවට පැමිණ ඇතැයි සදහන්ය.

මෙම යෝජනා ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.



8 Viewers