සාසන (කසල) ශෝධකයෝ

බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටත් විජිත ලේකම්ට ලියාදැන්වුයේ හිසමුඩු කරගත් කහ වස්ත්‍රයෙන් සැරසුණ මිනිස්සු ඉන්න කම්, ලංකාව පූර්ණ යටත් විජිතයක් කල නොහැකි බවයි. සුද්දා විහාර හා දේවාලගම් පණත සහ අනෙකුත් වරදාන දිලා භික්ෂු සමාජයේ පැවති සරලබව ක්‍රමාණුකූලව දියකර හැරියා. සුද්දාගේ පැවත්ම තහවුරු කරගන්න මිෂනාරි අධ්‍යාපනය, සිවිල් සේවය මගින් සාමාන්‍ය ජන ජීවිතයටත් ඒකම කලා. කහනූලක් ඇඟ පටලා ගත්ත ගනින්නාසෙලා දක්වා බුදු දහමේ පැවත්ම පසුබැස්සත් ජාතියේ කුලදේවතාවන් වශයෙන් භික්ෂුත්වයට ලාංකීය සන්දර්භය ඇතුලේ තිබුන ගෞරවය සහ සමාජ වගකීම නිශ්ක්‍රිය කරන්න සුද්දට බැරි උනා. සමාජ වගකීම කියන්නේ නිශ්චිතවම දේශපාලනික දෙයක්.

සුද්දට කරන්න බැරි උන දේ කරන්න  අද සුද්දට ජාතක වුන් කර ගහලා තියෙනවා. සුද්දා කියන්නේ පොත්තේ සුද විතරමක්මනෙමේ. විජාතිකබවයි. උන්ට මේ සමාජය මහා පොළවට ගැට ගහලා තියෙන සංස්කෘතික රැහණිය කපලා දාන්න ලොකු අමාරුවක් තියෙන්නේ. ආගමක් දහමක් නැති බහුභුතිකවාදින් විදිහට ඔවුන් වියුක්ත කොටසක් ද? අනාගාම්ක අප්පුහාමිලා කුරුසේ කරේ තියාගෙන යන්නේ උන් සංස්කෘතියෙන් වියුක්ත නිසාද?ඔවුන්ට වහකදුරු වෙලා තියෙන්නේ මේ පොලවත් එක්ක බද්ධ උන බුද්ධාගම විතරයි.

සම හරක් උන් රෙදි උස්සන් එන්නේ උන් සාසන උන්නතිකාමි කසල ශෝධකයෝ වගේ.උන්ගේ කුණු වෙච්ච පපුවේ තියෙන සැබැ සංස්කෘතික වෛරයෙන් බැහැරව බැලුවම කරන චෝදනා හරිම ආකර්ෂණියයි.

භික්ෂුන් වහන්සේලා කියන්නේ රහතුන් වහන්සේලා නෙමේ. ආරණ්‍යවාසි සහ ග්‍රාමවාසි භික්ෂුන් වහන්සේලා වගෙම ආගමික  වත් පිළිවෙත් කරන් පුජක දිවියක් ගත කරන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා.විශ්ව විද්‍යාලයට එන හැමෝම ඈකඩමික්ස්ලා වෙන්නේ නෑ. සමහරු ආචාර්‍ය උපාධිය දක්වා යනවා. සමහරු වෘත්තියට පිවිසෙනවා. සමහර අපතයෝ අවුරුදු ගණන් විභාග ඇදගෙන උන්ගේ ජීවිතත් විනාශ කරගෙන උන්ගේ අම්මලගේ ඇස් වලටත් කඳුලු දිලා හිරේ ලගිනවා. (පස්සේ ඒවා මාකර්ට් කරලා පාර්ලිමේන්තුවට රිංගන එක වෙනම කතාවක්)

මාක්ස්ගේ අටමගල් දර්ශනයේ දැන් ප්‍රබේද කීයක් තියෙනවාද? අරගලයේදි  වසන්තට ටොකු ඇන්නේ කවුද? ජපුරේ පෙරෙට්ටෝ ජෙප්පන්ට අම්බානක නෙළුවේ ඇයි. නිර්ධන පංතියේ උන් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා මහා පාරේ අට්ටාල උඩ අනාථ වෙද්දි මධ්‍යම කාරක සභාවේ ඉන්න එකාගේ පුතා කොහොමද  බ්‍රිතාන්‍යය උපාධිය ගන්නේ . වහල්ලු  කොහොමද  ඒකත් හොඳයි කියලා හිත හදාගන්නේ.  ගමේන් විශ්ව විද්‍යාලවලට ඇවිත් හන්දි ගානේ අවුවේ කරවෙලා කැටහොලවපු ළමයින්ගේ සාංඝික එකතු කිරිම් මහවුන්ගෙ උදර පෝෂණයට ගියේ කොහොමද?

සාසනේ හදන්න කලින් අනාගමික අපතයන්ට උන්ගේ අභ්‍යන්තර විසංවාදයන්ට උත්තර හොයන්න කාලේ යෙදෙවුවා නම් හොඳයි.



23 Viewers