• Home »
  • Sinhala Articles »
  • සිංහලකම බෞද්ධකම විහිළුවක් වු “නාඩගම්කාරයෝ?

සිංහලකම බෞද්ධකම විහිළුවක් වු “නාඩගම්කාරයෝ?

ව්‍යාජ කපටි ආරක්ෂකයාගේ භූමිකාව නිරුපනය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් වන “නාඩගම්කාරයෝ” ටෙලි වෘතාන්තය.

“නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් බව දිනෙන් දින එහි කතාවේ චරිත වල දෙබස් වලින් පැහැදිලිවේ.

කොටි හිතවාදී සහ LTTE සංවිධානයේ ප්‍රධාන අරමුදල් සපයන්නෙක් වූ සුභාෂ්කරන් අලි රජා මිලට ගත් ස්වරණවාහිනියේ මෙවැනි තේමාවක් සහිත ටෙලි වෘතාන්තයක් දියත් කිරීම පුදුමයක්ද නොවේ. ඊනියා දෙමල ඩයස්පෝරාව හෙවත් කොටි සංවිධානයේ ඉතුරු බිතුරු මෙරට මාධ්‍ය අත්පත් කරගන්නේම ඔවුන්ගේ මේ අවශ්‍යතාවය ඉටු කරගැනීමටය.

සමහරක් නළු නිලියන්නට නම් මුදල් ලැබෙනවා නම් ඕනෑම දහ දුරාවක රඟපෑමට සැදී පැහැදී සිටින බව පැහැදිලිය. නමුත් සංගීත ගුරුවරයා ගේ චරිතය නිරුපනය කරන නළුවා ගේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධතාවය සහ ඔහුගේ දේශපාලන සම්බන්දතාවයන් අප හොදින් දනිමු. මෑතක සිට මෙවැනි නලු ලලියන්  යොදවාගෙන නිෂ්පාදනය කරන ටෙලි වෘත්තාන්තයට කෘතිමව  රේටින්  වැඩි කර ගැනීමේ ව්‍යාපාරයක් කර ගෙන ඇත.

බුදු දහම රැකගැනීමට සාසනය රැකගැනීම අනිවාර්යය වේ. සාසනය විනාශ වූ විට බුදු දහමත් මේ පොළවෙන් අතු ගෑවි යනු ඇත. බුදු පිළිම වන්දනාව අවශ්‍ය නැහැ කියන්නේ මේ යටි අරමුණ ඇතිව බව පැහැදිලිය. සම්බුද්ධ සාසනය රැකගැනීමට ප්‍රතිපත්ති සහ ආමිෂ යන දෙයාකාරයෙන්ම ක්‍රියා කිරීම අවශ්‍ය වේ.

මෙරටේ සෑම හන්දියකම විවිධ ආගමික කණඩායම් වල පල්ලි කුඩාරම් යාච්ඤා මඩු ඉදිවුනත් කතා රචකයාට බුදු පිළිමයක් ස්ථාපිත කිරීම පිළිබඳව ලොකු රුදාවක් ඇති වී තිබේ. බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට පෙළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන මුදලාලිගේ චරිතය මෙම දුෂ්ඨ අරමුණ ඉටු කරගැනීමට හීන් නුලෙන් භාවිතා කරනු පෙනේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ එයට විරුද්ධ වීම මගින් පෙන්නුම් කරනුයේ බුදු දහමේ පිළිවෙත් රැකගැනීම යන ව්‍යාජ තේමාවක් හෙවත් කපටි ආරක්ෂකයාගේ භූමිකාව නිරුපණය කරමිනි.

අනිත් අතට මෙම ටෙලි වෘතාන්තය තවත් එක බොළඳ තිරපිටපතක් බව විප්‍රකාර චරිත අනුව දැක ගත හැක. නමුත් ව්‍යාජ ජනප්‍රියතාවයක් ගොඩ නගා ඇත.රංගනයද විශේෂයෙන් සරා නමැති චරිතය සහ ඔහු වටා ඇති තරුණ පිරිස් වල රංගනයද සුවිශේෂී නොවන දුර්වල බව මාගේ නිගමනයයි. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයා එම චරිත සඳහා තෝරාගෙන ඇති තරුණ නළුවන් අදාළ දඩබ්බර චන්ඩි චරිත වලට කිසිසේත් ගැලපෙන්නේ නැත. සරාගේ මුහුණ එම චරිතයට ගැලපුනද සමස්ත ශරීරය එම දඩබ්බර ගණන් කාරයකුගේ චරිතයට කිසි සෙත් ගැලපෙන්නේ නැත.   මනමාලන්ගේ චරිතය අනවශ්‍ය මට්ටමට සීමාව ඉක්මවා කොමඩියක් කර විප්‍රකාරයකින් අවසන් කර ඇත. එය තනිකර පුස් අතිශයෝක්තියෙන් යුතු චරිතයකි. ගමේ කසිප්පු පෙරන චණ්ඩින්ගේ චරිත කොළඹ හැදුනු පාන්කඩ නළුවන්ට හෝ පියරු බබාලාට ලබා දීම මෙම නාට්‍යයේ නළුවන් තෝරා ගැනීම අතින් ප්‍රධාන දුර්වලතාවය වේ.

ජැක්සන් ඇන්තනි කියන ගුණාත්මක කතාවක් තිර රචනයක් රංගනයක් මෙම නාට්‍යයේ නැත. මෙම නාට්‍ය වෙනත් උපක්‍රමික මාර්ගයෙන් පුම්බා (Boost), වීව්ස් වැඩිකර, රේටින්ග්ස් වලින් ඉහළ ඔසවා ඇතැයි සැකයක් ඇතිවේ.

දැක්මක් නැති අවබොධයක් නැති  නොමේරු මනස් ඇති තරුණ තරුණියන් යම් ආකාරයකට මෙම ටෙලි වෘතාන්තයට ඇබ්බැහි වීම දක්නට ලැබේ. නමුත් මේ සිදු කරන්න යන කුඨ උත්සාහය පෙන්වා දී මෙම ව්‍යාපෘතියේ මහා මොළකරුවන්ගේ සැලසුම් ව්‍යර්ථ කල යුතුය.

රුවන් දිසානායක



226 Viewers