සිංහලයන් පදිංචි කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිවන මඩු ප්‍රාදේශීය ලේකම්
මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සිංහල ගම්මාන කිහිපයකම දැනටමත් පවුල් ගණනාවක් පදිංචිව සිටින අතර එහි සෙසු දෙමළ සහ මුස්ලිම් ජනතාවද සහයෝගයෙන් යුතුව පදිංචි වී ජීවිතය ගෙවමින් සිටිති.
උතුරු සහ නැගෙනහිර පලාත් වලින්ත් රස්තවාදීන් විසින් පළවා හරින ලද සිංහල වැසියන් සස සෙසු ජනතාව නැවත පදිංචි කිරීමේ රජයේ වැඩ සටහන යටතේ මෙම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුලද සිංහල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු නීත්‍යානුකූලව සිදු කෙරෙමින් පවතී.
එහෙත් එසේ රජය මගින් නීත්‍යානුකූලව නැවත පදිංචි කිරීම සඳහා අදාල ඉඩම් සහ නිවාස සඳහා සියළු අවශ්‍යතා සපුරා පැමිණෙන සිංහල ජනතාව සඳහා එම පදිංචි කරවීම මඩු ප්‍රාදේශීය ලේකම් වරයා විසින් සෘජුවම මැදිහත් වී රාජකාරි බලය සියතට ගෙන අත්තනෝමතික ලෙස කටයුතු කරමින් එම නීත්‍යානුකූලව කෙරෙන පදිංචි කිරීම වර්තමනයේදී සිදු නොකර සිටී.
එමෙන්ම දැනට මඩු ප්‍රදේශයේ ඉදිකර තිබෙන වෙළඳ සැල් සිංහල ජනතාවට ද බෙදාදිය යුතු බවට රජය මගින් යම් සමපාත වැඩ සටහනක් දියත් කර තිබුණ ද මෙම වර්තමාන මඩු ප්‍රාදේශීය ලේකම් වරයා විසින් එය ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සමග එකතුව දෙමළ ජනතාවගෙන් තෝරාගත් විශේෂ පිරිසකට පමණක් එකී වෙළඳ සැල් බෙදා දීමට කටයුතු කරමින් සිටියි.
මේ ගැන ගෝලීය සිංහල එකමුතුව සහ තවත් පාර්ශව ගණනාවක් කරුණු දැක්වුවද මෙම මඩු ප්‍රාදේශීය ලේකම් වරයා විසින් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇත.
ජාතිය ආගම හෝ වෙනත් කවර විශේෂතා තිබුණද ඒ ගැන නොසලකා මෙම දිවයිනේ කවර ප්‍රදේශයක වුවද නීත්‍යානුකූලව පදිංචි වීමට ඇති මානුෂික අයිතිය සිංහල ජනතාවට මඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දී වෙනස් නීතියක් හෝ ක්‍රියා මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වනවාද යන්න අදාල බළධාරීන් විසින් සොයා බැලිය යුතුය
මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමුකර නැවත පදිංචි කරවීමේ වැඩ සටහන යටතේ නීත්‍යානුකූලව හිමිකම් ලබාදී තිබෙන සිංහල පවුල් සඳහා මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අදාල ගම්මානයේ පදිංචි වීමට ඇති බාධාවන් ඉවත් කර දෙන මෙන් ගෝලීය සිංහල සංසදය ඉල්ලා ل සිටි යි.
මඩු ප්‍රදේශය ලේකම් අංකය
077 2203069
27 Viewers