සිංහලේ රැකගමු!
සිංහල ජාතිය, සිංහල භාෂාව සහ සිංහල ගතිසිරිත්, සභ්‍යත්වය ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතින යුගයක, සිංහලය ගැන සිනමා නිර්මාණ බිහිවන, සිංහලය ගැන කතා කරන තරුණ පිරිසක්, රසිකයින් පිරිසක්, සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් ඉන්නා බව දැනගන්නට ලැබීමත් මහත් භාග්‍යයකි.
ඉතිහාසය පුරාවටම කිසිදු ජාතියකට හෝ ජනවර්ගයකට, සිංහල අපට තරම් ඉතිහාසඥයන්ගෙන් කෙණෙහිලිකම් සිදුවී නැත.
ඉතිහාසය පුරාවටම අපේකම්, අපේ නම්, අපේ ගම් අපෙන් උදුරාගෙන, ඒ වෙනුවට පර නම්, පරසිරිත් අපේ ඔළුවලට කාවැද්දීම හැර, ඊනියා උගතුන් විසින් සිදු වූ දෙයක් නැත. විශ්ව විද්‍යාල තුළ මෙන්ම විද්‍යාලවලින් පිටත සිටින උගතුන් දන්නා බව පෙන්වන තරමටම ඔවුන් දේවල් දන්නවා නම් අද සිංහලයා දුබල නිවට ජාතියක් ලෙස හංවඩු ගැසෙන්නේ නැත.
පහත දක්වා ඇත්තේ ඊනියා උගතුන් විසින් අපෙන් පැහැරගත් ස්ථාන නාම කීපයකි.
+ සුණුගම – අද චුන්නාකම්
+ මහවිල් අරම – අද මාවිල් ආරු
+ වඩු ගොඩ – අද වඩුක්කෝඩෙයි
+ සාම පුර – අද සාම්පූර්
× කච්ඡදීප – අද කච්චතිවු
× වෙල්වැටි දුරය – අද වෙල්වෙටිතුරෛ
× පොත් අරම – අද පුත්තලම
× යහපා පටුන – අද යාපනය, යාල්පානම්
× ත්‍රිකෝණමලය – අද ත්‍රිකුණාමලය
× මනු-නා අරම – අද මන්නාරම
× නාගදීපය – හෙට නයිනතිවු
ජාතියක් විනාශ කළ හැකි හොඳම ක්‍රමය ඒ ජාතියට තමන් කෙතරම් විශිෂ්ට ජාතියක්ව සිටියාදැයි අමතක කරවීමයි.
ඒ කාලකන්නි මෙහෙයුම අද ඊයෙක ඇරඹුණු එකක් නොව, මීට වසර දහස් ගණනක් තිස්සේ පැවත එන ඉන්දියානු සහ බටහිර මෙහෙයුමකි.
එම මෙහෙයුම පරාජය කිරීමට පාට පක්ෂ කුල මල භේදයෙන් තොරව සිංහලයා එක්ව නැගී සිටීමට කාලයයි මේ.
එක්ව රැකගමු සිංහලේ!
-සිංහල සංවිධාන එකමුතුව
15 Viewers