• Home »
  • Sinhala Articles »
  • සිංහල-දෙමළ-මුස්ලිම් දේශප්‍රේමීනි, පෙරට වරෙව්!

සිංහල-දෙමළ-මුස්ලිම් දේශප්‍රේමීනි, පෙරට වරෙව්!

එක්තරා කොටි හිතවාදී සංවිධානයක් විසින් එංගලන්තයේ නීතිඥ ජයරාජ් පලිහවඩන මහතාට නඩු දමා ඇති බව වාර්තාවේ. “පරිස්සං වෙයං නඩු දානවා” යනුවෙන් ඔවුන් මුලින්ම පලිහවඩන මහතාට තර්ජනය කළේ පසුගිය ජිනීවා සැසිවාරය සමයේ දී ය.

නිදහස් අධ්යාපනයෙන් වාසි ලබා පිටරට ගොස් රටට තියෙන තර්ජනය දැක දැක නිහඬව තම පවුල් පන්සල් බලාගෙන ජීවත්වීමට පලිහවඩන මහතාටද තිබිණ. එතුමා එසේ කළේ නැත.

පසුගිය කාලය තුළ ගෝලීය සංසදය සහ ලන්ඩන් ඉනිෂියටිව් සංවිධාන හරහා ගෝලීය කොටි විසින් ගෙනයන “සයෝන්වාදී” ආකාරයේ බෙදුම්වාදී වැඩපිළිවෙළට එරෙහිව පලිහවඩන මහතා ඉමහත් කාර්යභාරයක් කළේය. ජිනීවාහි ශ්රී ලාංකීය රණවිරුවන්ට එරෙහිව ගෙනගිය වැඩපිළිවෙළට එරෙහිව ලෝකය පුරා සිංහල, දෙමළ, මුස්ලිම් බුද්ධිමතුන් එක්රැස් කොට එම ශ්රී ලංකා විරෝධී වැඩ පිළිවෙලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු කිරීමටත්, එංගලන්තයේ කොටි තහනම ඉවත් කිරීමට ඩයස්පෝරාව ගෙන ගිය වැඩපිළිවෙලේදී ඊට එරෙහි වීමටත් ඒ මහතා නායකත්වය ගත්තේය. 

පලිහවඩන මහතාට නඩු දැමීම දීර්ඝකාලීන දෙමළ බෙදුම්වාදී වැඩපිළිවෙළේ එක පියවරකි. එනම් ක්රියාකාරීන් නිහඬ කිරීමයි. එකෙක් නිහඬ කර අනිකුන් භීතියට පත් කිරීමයි. කාලිංග මාඝ ආක්රමණයේ දී ද ආක්රමණිකයන් විසින් මුලින්ම කළේ රටේ ප්රභූවරුන් නිහඬ කරවීම යැයි කියැවේ (ඇළ වේලි ආදිය කළමනාකරණය කිරීමට ඉංජිනේරුවන් ආදීන් නැති වූ කළ ගොවි කටයුතු කළ කරගත නොහැකි වූ පසු ජනතාව පොලොන්නරුව ප්රදේශය හැරදා දකුණට සේන්දු වූ විය). 

80 දශකයේ දී ප්රභාකරන් කළේ ද ඒ ටිකමය. සිංහල නායකයන් වූ රන්ජන් විජේරත්න, ගාමිණී දිසානායක, ආර්. ප්රේමදාස වැනි නායකයන් මරා දැමූහ. එමගින් සෙසු ජනයා භීතියට පත් කළහ. රට දැය කප්පිත්තෙක් නැති නැවක් කිරීමට සැලසුම් සහගතව ක්රියා කළහ! 

ගෝලීය කොටින්ගේ අද උපාය මාර්ගය වී ඇත්තේ ජාත්යන්තරය හරහා තම අරමුණ ඉටුකර ගැනීමට පාර කපා ගැනීමයි. අද කොටි බෙදුම්වාදය, ජාත්යන්තරය හරහා 1947 දී ඊශ්රායලය බෙදවාගත් ආකාරය, එනම් සියොන්වාදය අනුකරණය කරමින් සිටින බව මුලින් සඳහන් කළේ එබැවිනි. 

ඒ අනුව කොටින්ට එරෙහි ජාත්යන්තර සිංහල ක්රියාකාරීන් නිහඬ කිරීම අත්යවශ්යය සාධකයක් වී තිබේ. එසේම කොටින්ගේ නව බෙදුම්වාදයට එරෙහි සටනට දෙමළ සහ මුස්ලිම් ක්රියාකාරීන් එක්රැස් වීම වැළැක්වීමට ද අවශ්ය වී තිබේ. නීතිඥ පලිහවඩනට ජාත්යන්තරව ක්රියාත්මක වන කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන විසින් නඩු දැමීම පිටුපස තිබෙන්නේ ඒ සාධකයයි. දෙමළ බෙදුම්වාදයේ එදා අනිවාර්ය සගයාවූ තුවක්කුව වෙනුවට අද වෙනත් ක්රියාමාර්ග අනුගමනය කරමින් තිබේ. මේ පටන්ගෙන ඇත්තේ එකා එකා බිම දැමීමේ වැඩ පිළිවෙලයි.

නීතිඥ පලිහවඩනට අපගේ සහයෝගය පළ කරමු! ශ්රී ලාංකික දේශප්රේමීන් ලෙසට ඒ මහතා හුදකලා නොකිරීමට අපට වගකීමක් තිබේ.

සිංහල-දෙමළ-මුස්ලිම් දේශප්රේමීනි, පෙරට වරෙව්! 

රනිල් ජයනෙත්ති 



111 Viewers