සිංහල බෞද්ධ විරෝධී අන්තරය සහ NGO
ඉස්සර ජවිපෙ වෙසින්ද දැන් පෙරටු ගාමී වෙසින්ද තියෙන අන්තරය විසින් භික්ෂුත්වය කොයි තරම් දුරට විනාශ කරනවද කියලා මේ පින්තුර සාක්ෂි සපයනවා. විශ්වවිද්‍යාලවලට එන නවක භික්ෂුන් වහන්සේලාට අන්තරේ භික්ෂූන් මුලින්ම කරන්නේ ලෝක පාලන ධර්ම ( ලජ්ජා බය ) නැති කරන එක. කුණුහරුප කියන්න පුරුදු කරන එක. ඒවා කරන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පුරුදු කිරීමට දෙන පරිවාස කාලය කියල හදුන්වන රැග් එකෙන්. විවිධ පැතිවල විවිධ මට්ටම් වලින් එන අය සාමුහිකත්වයකින් රැදෙන්න නම් පොදු නීති රීති උපමානයන් ටිකකට යටත් කරන්න වෙන බව මම පිලිගන්නවා. ඒත් නේවාසිකාගාරයේ පොදු විනයට, සාමුහිකතත්වයට කිසි සේත්ම සේවය නොකරන දේවලුත් භික්ෂූන්ට හුරුපුරු පුරුදු කිරීමේ තේරුම කුමක්ද ? නිදසුනක් විදිහට රැග් කරන්නේ පොදු විනයකට යටත් කරන්න නම් කුණුහරුප කීම පොදු විනයට සේවය කරන්නේ කෙසේද ? ඇත්තටම කරන්නේ සාමුහික පැවැත්ම මුවාවෙන් ශ්‍රමණ ප්‍රතිරූපය සෑහෙන්න දුරට විනාශ කිරීමයි. කොටින්ම කිවොත් සිවුර යට ඉන්න භික්ෂුව සිවුර යට ඉන්න ගිහියකු බවට පත් කිරීමයි. මේක වෙනත් පිරිසකගේ උවමනාවන් අනුව පවරපු කොන්ත්‍රාත්තුවක් . ඒ දායදය තමයි සම්ප්රදායක් විදිහට අරං යන භික්ෂූන්ට මේවා ගැන වියුක්තව හිතන්න තරම් මොළ කළදක් හා උවමනාවක් නැහැ.
නියම මාක්ස් ලෙනින් ප්‍රතිපත්තිය තියෙන්නේ තමන් ළග කිව්වට මේ අය තමයි අධිරාජ්‍යවාදයේ නියම ගොදුරු. අන්තරේ භික්ෂුන් දැන හෝ නොදැන ඉටු කරන්නෙත් ඒ උවමනා. මොකද අර විලි බිය අරවපු එකේ නියම අස්වැන්න තමයි පෙළපාලිවල දී ඔවුන් නෙළා ගන්නේ. බලන්න ඕනෑම ශිෂ්‍ය විරෝධයක දී සමාජ සංවාදයට ලක්වන්නේ භික්ෂුත්වය, සංඝ සමාජයේ විනය, මේ අය හාමුදුරුවරුද වගේ කාරණා. අවසාන වශයෙන් මීට වඩා ගිහියන් හොදයි කියන නිගමනය. මේ උවමනාව කාගේද ? ඒකත් මේ අය උසිගන්වන බෞද්ධ සංස්කෘතික විරෝදී විකල්ප ගෝත්රයේම පොදු කතිකාව. මේ රටේ වැඩියෙන්ම සංඝ සංස්ථාවට පහරදෙන්නේ , විවේචනය කරන්නේ කව්ද? සිංහල බෞද්ධ ජාතිකවාදීන් ද? නැහැ. ඒක කරන්නෙත් ඔය නිරාගමික කල්ලි කණ්ඩායම්. ජවිපෙ, පෙරටු ගාමී , ලිබරල්වාදී , පශ්චාත් නුතනවාදී කුමන වෙස් මුහුණෙන් හිටියත් මේ විකල්ප ගෝත්‍රයේ පොදු ලක්ෂණය තමයි පරවේණි ගත රෝගයක් බදු සිංහල බෞද්ධ වෛරය. ඉතිං ඒ අයම විශ්වවිද්‍යාල ඇසුරෙන් ශ්‍රමණ ප්‍රතිරූ විනාශ කරන චර්යාවන් නිර්මාණය කරලා පොදුවේ සංඝ සමාජයටම පහර දෙන තත්වයකුත් නිර්මාණය කරනවා.
බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ තමන්ගේ දේශපාලන අරමුණු සිවුර ඉස්සරහට දාලා ඉටු කරගන්න ගමන් සංඝ ප්‍රතිරූපය විනාශ කරවන කතිකාවත් එළියේ නිර්මාණය කරනවා. මේ අන්තරේ අයියලා භික්ෂුව තමන්ගේ පෙළපාලි සදහා පාවිච්චි කරාට කවදාවත් බෞද්ධ සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින අය නෙමෙයි. සිවුර දාගත්ත එකෙක් පෙනී ඉන්න ඕන කොතෙකුත් නැතිබැරිකම් මැද වුණත් සිව්පසෙන් සංග්‍රහ කරන බෞද්ධයන් වෙනුවෙන් ද? මේ රටේ බෞද්ධ අධිපතිවාදයක් තියෙනවා ඒක බිදින්න ඕන කියලා සිංහල බෞද්ධ සංස්කෘතියටම කෙළවන විකල්ප පඩියන් එක්කද ? මම අහනවා අන්තරේ අතකොලු වී ඉන්න භික්ෂුන්ගෙන් අන්තරේ පෙරටුගාමී අයියලාට පන්සිල් දෙන්න පුළුවන්ද? එතකොට මේ තැන්නේ ඥානානන්දලා සිවුරත් දාගෙන එකතුවෙලා නිර්මාණය කරන්න වලිකනන්නේ පන්සිලුත් අරහං සමාජයක් නෙමේ ද ? බෙදුම්වාදී NGO ව්‍යවස්ථා ප්‍රශ්නයට මේ අය දක්වන ප්‍රතිචාරය කුමක් ද ? මේ ලිපිය මේ අය පස්සෙන් යන අනෙක් භික්ෂුන් වහන්සේලාට තමන් පාවිච්චි වෙමින් ඉන්නේ කුමක් සදහාද යන්න සිතා බැලීම සදහායි. මේවා දකින බෞද්ධයන්ට කුමක් සිතෙනු ඇද්ද?
රත්තනදෙණියේ මේධානන්ද හිමි
93 Viewers