සිය විරෝධාර ‘පුතු’ගේ කදින් වෙන්වූ ‘හිස’ අතේ තබා ගෙන සිටි පියෙකු මම සියසින් දුටුවෙමි.
‘දුර දක්නයෙන්’ ඈත මුහුද නිරීකෂණය කල ඔහු අතින් ඒ දෙසට යන ලෙස පෙන්විය……..
මෙසේ ඈත මුහුදේ දිස් වෙන බොහෝ දේ සොයා පුර දින 1 1/2ක් ගියත් පලක් නොවූ නිසා මගේ අබමල් රේනුවක් තරම්වත් විශ්වාසයක් නොවීය ……..
එහෙත් ඔහු දැඩි විශ්වාසයක වූයේය <3 ……..
ඒ නිසාම තෙරක් නොපෙන ඉන්දියෙන් සිය පුතු සොයන්නට විය <3 …….
‘ඩෝරා’ යත්‍රාව පෙන්වූ තැනට ලංවිය ….. කෙස් සහිත කුඩා යමක් පාවෙනු පෙනින ….. අතන්ගුවක ආධාරයෙන් එය උඩට ගත්තේය ……
දෙයියනෙ ! :'( මිනිස් හිසකි :'( බෙල්ලෙන් වෙන්වී ගිය ඒ හිසේ විශාල කොටසක් මාලුන් විසින් කාදා තිබුනි ….. පුංචි දුගදක්ද වහනය වෙමින් තිබුනි :'( …….
ඔහු ඒ මේ අත ඒ හිස හරවමින් සිටී ….. නිමේෂයකින් ඈත සිතිජය දෙස බලා ගෙන දිගු හුස්මක් පිට කලේය …….
හිස නවා අර ‘හිස’ සිප ගත්තේය ….. සියල්ල දෙස අපි කුතුහලයෙන් බලා සිටියෙමු …..
ඔහු සිය හඩ අවදි කලේය …. ‘මේ මගේ පුතා’ <3 ……
මම වහා ඔහුව මගේ ‘පපුවට’ තද කර ගත්තේය ….. ‘සර් කලබල වෙන්න එපා’ ……
මට කියන්න ලැබුනේ එපමනකි ….. මගේ ග්රහනයෙන් මිදුනු ඔහු කෙලින් සිට ගත්තේය …… ඒ වචන ඉතා පැහැදිලිය <3 …….
‘මම දුක් වෙන්නෙවත් කලබල වෙන්නෙවත් නෑ …… මම ආඩම්බර වෙනව මගේ පුතා ගැන …… මම ඔහුට කිව්ව ….. උබ මැරුනත් කමක් නෑ …. මට සාක්ෂියක් ඉතිරි කරපන් කියල …… ඔහු ඒක කලා’ <3 …………
මම වහා එතුමන් අතට සුදු පිරිසිදු තුවායක් දුන්නේය ………..
එතුමා සිය පුත්‍රයාගේ ‘හිස’ එය මත තැබුවේ …… හරියට සෙනේබර පියෙකු සිය පුතුන් නිදි කොට පරිසමින් යහන මත තබන ලෙසය <3 …….
ඒ විරෝධාර පුත්‍රයා වත්තලට ඔබ්බෙන් මුහුදේදී අතුරුදහන් වූ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝ ගුවන් යානයේ සහයක නියමුවාය වූ මර්ටින්ස්ටයින්ය <3 ……….
ඒ වන විට ඇන්ටනෝ යානා රැසක් හිටි ගමන් අතුරුදහන් වුවත් කිසිදු නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට අපහාසු වූ නිසා විවිධ කතා පැතිරෙනට විය :'( …….
මේ උදාර පියා සිය පුතනුවන් ගෙන් ….. උබ මලොත් සාක්ෂියක් ඉතිරි කර මැරියන් යැයි ඉල්ලා සිටින්නේ නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන්ය <3 ……..
ඒ උදාර පියා අන් කවරෙකුත් නොව නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයේ එවක අණදෙන නිළධාඊ ‘සෙඩ්රික් මාර්ටින්ස්ටයින්’ය …….
විශේෂ යාත්‍රා බල ඝණයේ නිර්මාතෘ වත්මන් නාවික හමුදාපති වයි අද්මිරාල් රවි විජේගුණරත්නයන්ගේ අනුප්රප්තිකා වූයේ ‘සෙඩ්රික්’ය …….
උපතින්ද ! පාටින්ද !! කථා බහහින්ද !!! එතුමා ‘සුද්දෙක්’ විය ……..
ඒ නිසා විජේගුනරත්නයන් වැනි දැවැන්ත පෞර්ෂයක් හිමි අයකුගේ අනුප්රප්ත්කයෙක් ලෙස ‘සුද්දෙක්’ මම දස අතේ කල්පනා කරන්නට විය …….
මම ‘සෙඩ්රික් මාර්ටින්ස්ටයින්’ හා වැඩ කලෙමි <3 ……
ඔහු අසම සමය <3 ……
‘සෙඩ්රික් මාර්ටින්ස්ටයින්’ නම් උදාර මිනිසාගේ නාවික දිවියේ අවසානය සනිටුහන් වූයේ ‘අතුරුදහන්’ වූවෙකු ලෙසය :'( …..
සිය ආදරණීය පුත්රායාගේ අභාවයෙන් මාස කීපයකට පසුව ….. ඉදිරි මෙහෙයුම් සදහා සාකච්චා කිරීම සදහා …….
එහෙත් ඔහු ගමන්කල ‘හෙලිකොප්ටරය’ අලිමංකඩට ටිකක් ඔබ්බේදී …. කොටි ප්‍රහාරයකට ලක්ව කඩා වැටුනේ ……
‘සෙඩ්රික්’ ඇතුල එහි ගමන් කල සියලු දෙනා අතුරු දහන් වූවන් ලෙස :'( …….
දැන් අපේ රටේ මිනිසුන්ට මෙවන් මිනිසුන් ගැන මතකය ගිලිහී යද්දී ……..
වත්මන් නාවික හමුදාපතිතුමන් ( 2015 – 2017 ) ……. සිය සටන් සගයා ‘සෙඩ්රික් මාර්ටින්ස්ටයින්’ ගේ මතකය මැකී නොගියේ <3 ……
ඒ නිසාම ”සෙඩ්රික් මාර්ටින්ස්ටයින්” විසින් විශේෂ යාත්‍රා බලඝනයට හදුන්වා දුන් ?Arrow’ යාත්‍රාව ඉදිරියේදි ……
‘සෙඩ්රික්’ නමින් නම් කිරීමට තීන්දු කලේය <3 ……..
සැබවින්ම එය උතුම් ක්‍රියාවකි <3 ……
බොහොම පිං නාවික හමුදාපතිතුමනි <3 ……
* සැබවින්ම කාට වටින්නෙ නැති මේ උදාර මිනිසුන් මට බොහෝ සේ වටි <3 …….
* ටිකක් නොව ගොඩාක් !!! …….
..
( බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක වෙතින්)
11 Viewers