• Home »
  • Sinhala Articles »
  • හමුදා නිලධාරීන් 100ක් යුද අපරාධකරුවන් වූ හැටි… සුකා මෙහෙයුමේ ඇත්ත කතාව

හමුදා නිලධාරීන් 100ක් යුද අපරාධකරුවන් වූ හැටි… සුකා මෙහෙයුමේ ඇත්ත කතාව

මුළු යුද හමුදා ජාලය – බුද්ධි සේවාව – විශේෂ කාර්ය බළකාය, ත‍්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය, සහ නාවික හමුදාව සහ ආරක්‍ෂක ක්‍ෂේත‍්‍රයන්හි නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවකට යුද අපරාධ චෝදනා එල්ල වන අවස්ථාවේ ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා බලාසිටියේ පසුගිය යහපාලන ආණ්ඩුවයි.

මේ යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ දකුණු අප‍්‍රිකාවේ පොහැන් ස්බර්ග් නුවර නීතිවේදිනියක් වූ යස්මින් සුකායි.

යස්මින් සුකා ශ‍්‍රී ලංකාවේ හමුදාව මුළුමනින්ම යුද අපරාධකරුවන් කිරීමට ක‍්‍රියාකරද්දී යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇයට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කළේය. එහෙත් ඇය එම ඇරයුම ප‍්‍රතික්‍ෂේප කළාය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදී ඇයි නුඹ ශ‍්‍රී ලංකාවට ගොස් ඇත්ත තත්ත්වය විමර්ශනයට ලක් නොකරන්නේ යැයි විමසූ අවස්ථාවේ සුකාගේ ප‍්‍රතිචාරය වූයේ ‘‘මම ශ‍්‍ර‍්‍රී ලංකාවට ගියොත් මාව මරාගෙන කයි’’ යනුවෙනි.

යස්මින් ලූවිස් සුකා මානව හිමිකම් කවුන්සිලයේදී මා දුටුවේ ඇය වටා කොටි ඩයස් පෝරා ක‍්‍රියාකාරීන් සමගය. එහෙත් 2015 සිට 2019 දක්වා ජිනිවාහී ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය යස්මින් සුකා සම`ග එක් වූ කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදු කරන ද්‍රෝහී ක‍්‍රියාදාමය නිරීක්‍ෂණය කිරීමට හෝ ඊට ප‍්‍රතිචාර දැක්වීමට ක‍්‍රියා කළේ නැත.

ඒ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්නිවේදන අංශයේ යහපාලන හිතවාදියෙක් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන සම`ග ගැටුම් ඇති කරගැනීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය නොවන බවයි.

දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ත් නුවර පදිංචි සුකා දකුණු අප‍්‍රිකානු රජය විසින් එරට සත්‍ය සෙවීමේ කොමිසමේ සාමාජිකාවක් ලෙස පත්කරනු ලැබීය.

එහෙත් ඇය දකුණු අප‍්‍රිකානු ජනපතිව සිටි නෙල්සන් මැන්ඩෙලාගේ බිරිය වූ විනී මැන්ඩෙලා යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කොමිසම හමුවට ගෙන්වා ප‍්‍රශ්න කළේ නැත.

ඇය ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූයේ 2010 ජුලි මස වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදු වූ බව කියන යුද අපරාධ ගැන සෙවීමට මහලේකම් බැන් කී මූන් පත් කළ සාමාජිකයන් තිදෙනකුගෙන් යුත් දරුස්මාන් කමිටුවට පත්වීමෙනි.

අද අපි විශේෂයෙන් (Exclusive) හෙළි දරව් කරන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි දරුස්මාන් වාර්තාව 2011 ජුලි මස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු යස්මින් සුකා ශ‍්‍රී ලංකාවේ මුළු ආරක්‍ෂක යාන්ත‍්‍රණය සාවද්‍ය යුද අපරාධ චෝදනාවලින් යුද අපරාධකරුවන් කළ අයුරුයි.

මේ දරුස්මාන් වාර්තාවට 4000 ක් සාක්කිකරුවන් සාක්කි දුන් බව වාර්තාව ප‍්‍රකාශයට පත්වීමට පෙර දිවයින ඉරිදා ආරක්‍ෂක විශේෂාංගයෙන් මුල්වරට හෙළි කරනු ලැබීය.

මේ සාක්කිකරුවන් කව් දැයි ඇය හෙළි කළේ නැත. ඇගේ නිර්දේශය මත වසර 20 ක් ගතවනතුරු සාක්කිකරුවන් හෙළි කිරීමද තහනම් විය.

සුකා ඇතුළත් දරුස්මාන් කමිටුව හමුවේ කරුණු දැක්වීමටද ශ‍්‍රී ලංකාවට ඉඩක් ලැබුණේ නැත.

ඉන්පසු සුකා 2014 දී තවත් වාර්තා දෙකක් ප‍්‍රකාශයට පත් කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළාය. ඊට අමතරව ඇය හිටපු ආරක්‍ෂක ලේකම්

araksha2ගෝඨාභය රාජපක්‍ෂ සහ 58 වැනි සේනාංකයේ ප‍්‍රධානි වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සුදු කොඩි සිද්ධිය යනුවෙන් හඳුන්වමින් කොටි හමුදා නායකයන් ඝාතනය කළ බව කියා සිටියාය.

මේ සමයේ යස්මින් සුකා යුරෝපා සංගමයේ අරමුදල් යටතේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය සෙවීමේ ව්‍යාපෘතිය මැයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කර සිය ශ‍්‍රී ලංකා විරෝධී මෙහෙයුම දිගින් දිගටම ක‍්‍රියාත්මක කළාය.

එහෙත් සුකා එල්ල කරන චෝදනාවලට පසුගිය ආණ්ඩු ප‍්‍රතිචාර දැක් වූයේ නැත.

ඇය 2014 සිට 2020 දක්වා මානව හිමිකම් කවුන්සිලයට සැපයූ වාර්තා සංඛ්‍යාව මෙසේයි. 2014-01-2015-04-2016-08-2017-19 2018-09-2019-11-2020-11 එසේම යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය වෙත පැමිණිල්ලක් යවමින් ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් සාම සාධක භටයන් ලබාගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියාය.

මේ හැර යුද අපරාධ චෝදනා ලත් සියලූ හමුදා නිලධාරීන් සර්ව ලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි ඇය යුරෝපා රටවලින් ඉල්ලීමක් කරනු ලැබීය.

සුකාගේ උදහසට ලක් වූ හමුදා නිලධාරීන් මෙසේය. කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, බොනිෆස් පෙරේරා, ප‍්‍රියංක ප‍්‍රනාන්දු, ජගත් ජයසූරිය, ජගත් ඩයස්, හොරදාගොඩ.

හමුදා බුද්ධි අංශය – මේජර් ජනරාල් සුරේෂ් සාලේ රහස් පොලිසිය ප‍්‍රසන්න අල්විස්, නිශාන්ත සිල්වා, ශ‍්‍රී ලංකා පොලිසිය නන්දන මුණසිංහ නාවික හමුදාව වසන්ත කරන්නාගොඩ ත‍්‍රස්ත මර්දන ඒකකය ආබ්දීන් විජිත බණ්ඩාර, ගංගානාථ, හේමචන්ද්‍ර, ජනකාන්ත අසංග කරවිට, සමන් කරුණාරත්න, ලාල් ගමගේ, මානවඩු, මුතුබණ්ඩා, ඞී. නන්දසිරි, නසීර්, එන්. පුෂ්පලාල්, රයින් මොහමඞ් ඉන්දික සෝමරත්න, අනුර සමරවික‍්‍රම, සීලන්, සී. වාකිස්ට (විශ‍්‍රාමික) ජයන්ත වික‍්‍රමරත්න (විශ‍්‍රාමික) සුබයිර් මෙම නිලධාරීන්ගෙන් එක් නිලධාරියෙක් රැකියාවෙන් ඉල්ලා අස්වී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වාසය කරයි. ඔහුගේ ආරක්‍ෂාව උදෙසා අපි අනන්‍යතාව හෙළි නොකරන්නෙමු.

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ද සුකා විසින් වධහිංසා පැමිණවීමේ චෝදනා ගොනු කළත් ඔහු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව පරීක්‍ෂණ සිදු කළ නිසා ඉන් ගැලවුණි. මේ නිසා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් සුරිච් නගරයට පැමිණ ඔහු සහ පවුලේ අයට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා යස්මිත් සුකා ඉඩ දී ඇත. එසේම නිශාන්ත සිල්වාට එරෙහි අත්අඩංගුවට ගැනීමේ සර්ව ලෝක නීතියද අහෝසි විය.

මේ අතර පසුගිය ජුනි 19 දා යස්මින් සුකා සිය අලූත්ම බොරු වාර්තාව ප‍්‍රකාශයට පත් කළාය.

ශ‍්‍රී ලංකාව තුළ වධක බිම් 219 කට අධික සංඛ්‍යාවක් ඇති බව පවසන සුකා ඉන් මුළු ශ‍්‍රී ලංකාවම වධකාගාරයක් බවට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ පිළිබිඹු කරනු ලැබීය.

උතුරේ සිට නැගෙනහිර දක්වාද දකුණු ප‍්‍රදේශය පුරාද වධකාගාර ඇති බවට දැක්වෙන මේ වාර්තාවට සහාය දක්වා ඇත්තේ ජර්මනියේ සිට ක‍්‍රියාත්මක වන ජේ. ඞී. එස්. නමැති රාජ්‍ය නොවන සංවිධානයයි.

මේ සංවිධානයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සිය ද්‍රවිඩ බිරිය සම`ග ජර්මානු තානාපති කාර්යාලයේ සහායෙන් බර්ලින් නුවරට පැනගිය රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තායි

මොහු කිසිදිනක කොටි ත‍්‍රස්ත ක‍්‍රියා හෙළා දුටුවේ නැත. කොටි සංවිධානයේ දේදුන්න පුවත්පත සංස්කරණය කළ මොහු කැලම් මැක්රේගේ චැනල්පෝ වීඩියෝ පටයට හමුදාවට එරෙහි දර්ශන සැපයුවේ තමා බව කියා සිටියේය.

අද යස්මින් සුකාගේ සාවද්‍ය වාර්තාවලට කොළඹ සිටින එජන්තවරුන්ගෙන් ලබාගත් තොරතුරු සහ ඡායාරූ සපයන්නේ මේ තැනැත්තායි.

කොටි හිතවාදීන් පිරිසක් සම`ග එක්ව කොළඹ බණ්ඩාරනායක මාවතේ කාර්යාලයක් පවත්වාගෙන ගිය මොහු ත‍්‍රස්ත මර්දන ඒකකයට අසුවීමට පෙර රටින් පැන ගියේය.

ශ‍්‍රී ලංකාවේ වධක බිම් වාර්තාවෙන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජනරාල් සුමේධ පෙරේරාටද ඔහු චෝදනා එල්ල කර ඇත.

ඇය ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදු කළ ද්‍රෝහී ක‍්‍රියා නිරීක්‍ෂණය කළහොත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ශ‍්‍රී ලංකාව තුළ පැවැත්වීම වැළැක්වීමටද දැඩි උත්සාහයක් ගත්තාය.

එසේම 2019 වසරේ කොළඹ පැවැති ආරක්‍ෂක සමුළුවට පැමිණෙන බවට ප‍්‍රතිඥා දුන් හමුදා නිලධාරීන් රැසකටද එම නිලධාරීන් අයත් රටවලටද පෙත්සම් යවමින් එම හමුදා නිලධාරින්ගේ පැමිණීම වැළැක්වූවාය. ඊට හොඳම නිදසුන ආරක්‍ෂක සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව සිටි දකුණු අප‍්‍රිකාවේ රොඑල්ප් මේයර්, කැනඩාවේ කර්නල් හෝශන් මයිකල් සහ බෙරික් ප්‍රොසර් නෝර්වේහි කර්නල් ගේ හේගන්ස් ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රගේඩියර් සයිමන් ජොන්ස්ටන් බි‍්‍රතාන්‍යයේ කර්නල් ගේ‍්‍රහැම් වෙයර්මවුත්, මේජර් ජෑම් ගාර්ටි, කර්නල් ඇන්ඞ්රූ, බෙලින්ගෝල්, සිම්බාබ්වේහි බි‍්‍රගේඩියර් ජනරාල් කුඩුම්බා ජෝස්සාන්, පෝලන්තයේ කර්නල් රැඞ්ස්ලෝ ග‍්‍රැබ්ස්කි, සහ කොංගෝවේ මේජර් ජනරාල් කොම්බු, සන්කෝලේ සහ කර්නල් එස්ටුටු මයිසිකා මෙරටට නොපැමිණීමයි.

එහෙත් මේ බව වසන් විය. 2019 සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල කොළඹදී පැවැති මේ ආරක්‍ෂක සමුළුවට අකුල් හෙළුවේ යස්මින් සුකා බව එවකට පැවැති යහපාලන රජයටද අනාවරණය වුණේ නැත.

සුකාගේ ක‍්‍රියාදාමය මෙතැනින් නතර වූයේ නැත. ඇමෙරිකානු නීති සමාගමක් සම`ග එක් වී ගෝඨාභය රාජපක්‍ෂ ජනපති ලෙස පත්වීම ව්‍යර්ථ කිරීම සඳහා ඇය ඇමෙරිකානු අධිකරණයක් වෙත නඩුවක් ගොනු කිරීමටද ක‍්‍රියා කළාය.

ඒ සඳහා රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක සේවය කළ මාධ්‍ය පාර්ශවයන් සිව්දෙනෙක්ද යොදා ගැනීමට ඇය කටයුතු කරනු ලැබීය.

මේ පසුබිම මැද ජිනීවාහිදී යස්මින් සුකාට එරෙහිව ක‍්‍රියාකළේ ඊයර් අද්මිරාල් සරත් වීරසේකර සහ හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනිත් විමලය.

මේ අතර වසර 30 කට පෙර සිදු වූ සමූල ඝාතනයක තොරතුරු හෙළි විය. ඒ ගැන චෝදනා එල්ල වූයේ විනයාගමුර්ති කරුණාටයි.

කොවිඞ් 19 ට වඩා මම අනතුරුදායකයි. යුද්ධයේදී එකදිනකදී හමුදා භටයන් 2000 ත් 3000 ත් අතර සංඛ්‍යාවක් මා මැරුවා අලිමංකඩ සහ කිලිනොච්චියේදී එම ඝාතන කළා යැයි කරුණා මඩකලපුවේදී පවසා තිබුණි. මෙය රජයට එල්ල වූ කාල බෝම්බ ප‍්‍රහාරයකි.

එසේ නම් 1990 ජුනි 11 වැනිදා නැගෙනහිර තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් 600 ක් සමූල ඝාතනය කළේ කරුණා අම්මාන්ද?.

පොලිස් භටයන් 600 ක් ඝාතනය කළේ කරුණා අම්මාන් බව ඉන්දීය මහාචාර්ය පෝල් නිව්මන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකදී ප‍්‍රසිද්ධියේ පැවසුවේය.

මාළ`ග සාක්කි තියෙනවා යැයි ඔහු කියා සිටියේය. එසේ වුවත් කිසිදු ආණ්ඩුවක් කරුණා ගැන පරීක්ෂණ පැවැත්වූයේ නැත. හමුදා භටයන් ඝාතනය කිරීම ගැන කරුණා ප‍්‍රකාශ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසද ප‍්‍රකාශ කර තිබේ.

එහෙත් නැගෙනහිර පොලිස් භටයන් 600 ක් ඝාතනය වූයේ ඔහුගේ පියා එම පොලිස් භටයන්ට කොටි හමුවේ යටත්වන ලෙස නියෝග කිරීම නිසා නොවේද?

2010 දෙසැම්බර් මස උගත් පාඩම් කොමිෂම හමුවේ සාක්කි දුන් කරුණා පොලිස් භටයන් 600 ඝාතනය වන අවස්ථාවේ තමා යාපනයේ සිටි බව පවසනු ලැබීය.

මෙම ඝාතනය කළේ කොටි බුද්ධි නායක පොට්ටු අම්මාන් බවද කරුණා එහිදී තවදුරටත් කියා සිටියේය.

එසේම 2007 නොවැම්බර් 2 දා බි‍්‍රතාන්‍ය මෙට්රොපොලිටන් පොලිසිය තානාපති ගමන් බලපත‍්‍රයක් සම`ග සිටියදී ලන්ඩන් නුවරදී කරුණා අත්අඩංගුවට ගනු ලැබීය. 2008 ජනවාරි 25 දා ඔහුට මාස නවයක සිරදඬුවමක් නියම විය. එම වසරේ ජුලි 3 දා බි‍්‍රතාන්‍ය රජය කරුණා මෙරටට පිටුවහල් කරන ලදි.

කරුණා බි‍්‍රතාන්‍ය අත්අඩංගුවේ සිටියදී ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පැවසුවේ කරුණා යුද අරපාධ සිදුකර ඇති නිසා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර යහපාලන රජය වාහනයක් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණා අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මුදාහරිනු ලැබීය. කරුණා සම`ග නැගෙනහිර ප‍්‍රදේශයේ සිටි රාම් සහ නගුලන්ද ජීවතුන් අතර සිටින ඔවුන්ගෙන්ද මේ සිදුවීම ගැන ප‍්‍රශ්න කළ යුතුය.

කරුණා අම්මාන් කළ, සොල්දාදුවන් ඝාතනය කළේ තමා බව දැක්වෙන ප‍්‍රකාශය ගැන තවත් හිටපු දේශපාලකයන් තිදෙනෙකුද දැඩි සතුටට පත්ව ප‍්‍රතිචාර දක්වනු ලැබීය.

මේ අතර කරුණා මෙතෙක් පැවැති රහස් හෙළි කළේය. ඉන් විපක්‍ෂය දෙදරා යන තත්ත්වයකට පත්විය.

ඒ කොටි සංවිධානයට අරමුදල් සහ මුදල් දුන්නේ කවුද යන්නයි.

කරුණාගේ එම හෙළිදරව්වෙන් රහස් පොලිසියටද මෙතෙක් හෙළි නොවූ අබිරහස් තොරතුරු හෙළි විය. මෙය වීදුරු ගෙවල්වල සිට ගල්ගැසීමකට එල්ල වූ ප‍්‍රතිචාරයක් විය.

කරුණා අලිමංකඩ සහ කිලිනොච්චියේදී හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ බව පැවසුවත් එය අතිශයෝක්තියෙන් කළ ප‍්‍රකාශයකි.

මුලතිව් හමුදා කඳවුරේදී අල්ලාගත් හමුදා භටයන් නැගෙනහිරදී පොලිස් භටයන් 600 ක් සහ අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැනද ඔහුට චෝදනා එල්ල විය.

මේ අතර විනයහමුර්ති කරුනා තමා අලිමංකඩ සහ කිලිනොච්චි සටන්වලදී 3000 ක් ඝාතනය කළ බව පැවසූවත් 1998 සැප්තැම්බර් 27 සහ 29 අතර පැවැති කිලිනොච්චි යටතේදී හමුදා භටයන් 448 ක් මියගිය බවට වාර්තා වී තිබුණි. එසේම 2000 අපේ‍්‍රල් 22 සහ 23 අතර ඇති වූ අලිමංකඩ යටතේද හමුදා භටයන් 204 ක් මරුමුවට පත්වී 100 ක් අතුරුදන් වී ඇත. මේ නිසා කරුණා තමා 3000 ක් මරාදැමූ බව කියන්නේ අතිශයෝක්තියෙන්ද?

හමුදා භටයන් ඝාතනය කළ බවට කරුණා කළ ප‍්‍රකාශයෙන් පසු ඔහුව රහස් පොලිසියට කැඳවා තිබුණත් තමා අසනීප තත්ත්වයේ පසුවන බව පවසා පසුව කටඋත්තරයක් දෙන බව දන්වා ඇත. එහෙත් ජුනි 23 දා උදේ වනතුරු ඔහුට ලෙඩක් තිබුණේ නැත.

araksha3එහෙත් කරුණා කියන්නේ යුද්ධය පැවැති සමයේ සිදු වූ ක‍්‍රියාදාමයන්ට දැඩි දඬුවම් කළ නොහැකි බවයි. මෙලෙස කරුණා සෙබළුන් මරාදැමූ බව ප‍්‍රසිද්ධියේ පවසද්දී ඔහුට ආරක්‍ෂාව සපයන්නේ මෙරට ආරක්‍ෂක හමුදාවයි. මහ මැතිවරණය සමීපයේදී කරුණා ශ‍්‍රී ලංකා හමුදා භටයන් ඝාතනය කළ බව පැවසුවේ නැගෙනහිර ඡන්දය ලබාගැනීමටද යන බරපතල ප‍්‍රශ්නය පැනනැගී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය මුල්වරට තමන්ට කොන්දක් ඇතැයි ලොවට පිළිබිඹු කළේය.

ඒ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට තරග කළ කැනඩාවට සහ නෝර්වේ රාජ්‍යයට පක්‍ෂව ඡන්දය දීමෙන් වැළකීමයි.



54 Viewers