කොටි නැගිටිනවා!
මම යාපනයේ හිටපු අවුරුදු හතරෙන් අවුරුදු තුනකදීම මහවිරුසැමරුම් වලට ගියා. සිංහලයො නොයන මහවිරුවට අවුරුදු තුනම නොකඩවා මමයි ලැවයි දෙන්නම ගියේ මොකක්ද වෙන්නෙ කියන කුතුහලය විසඳගන්න ඕන නිසාමයි.
සමහරු යන්න කලින් කිව්වා “සිංහල අය යන්න එපා කපනව “කියල පවා ,ඒ තියෙද්දි මගෙ දමිල මිත්‍රයා ලෝජන් ,මෝගන්,අරුන් එක්ක වැඩේට බැස්සෙ අපිටත් වඩා අපිට එයාල sure නිසායි.
අපි ගිය ගමන් බැලුවෙ ප්‍රභාකරන්ගෙ පිංතූරයක් හරි ඇති කියල.
පට්ටම චකිතෙකින් බයකින් තමයි ඇතුලට ගියෙ.
හැබැයි ඒ කිසිම තැනක මම ඊලාම් ධජය හෝ ප්රභාකරන්ගේ රුව සහිත අඩුම පෝස්ටරයක්වත් දැක්කෙ නෑ.
දමිල මිත්‍රයො ගොඩාක් එක්ක මම ඒ ගිය හැම වතාවකම ඒ මිනිස්සුන්ගෙ දුක්ඛිත කතාව ඇහුව, යුද්ධයේ බිහිසුණු බව , ප්රභාකරන් ගැන එයාලට තියන අකල්පය ඕපන් කතා කලා,යුද අතීතෙ කඳවුරේ කටුක ජීවිතේදී බඩගින්න නිවෙන්න දුන්න “කන්ජි ” සිහි කරල රතු හාලෙන් හදන කැඳ කෝපයක් බිව්වා.
යාලුවගෙ මැරුණ අම්මව තාත්තව අයියව සිහි කරල පහන් තිබ්බ, ඒක හරි සංවේදි අවස්ථාවක් , හැබැයි එ් කාලෙත් ජනමාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් දකුණට අාපු පනිවිඩය වෙනස් ,විකෘතියි, කොටි නැගිටිනව ,මහවිරු සමරුව ජයටම මේ වගේ හෙඩ්ලයින් දකිනකොට වැඩියෙන් ම බය උනේ අපෙ අම්මල, අම්ම කතා කරල එලියට බහින්නෙ නැතුව ඇතුලටම වෙලා ඉන්න ,ඔහෙ කලබල නේද අහනකොට මම ,හිනාවෙලා කොහෙද කියල විතරයි ඇහුවෙ,අම්මල නිව්ස් වලින් දැක්ක කලබල ,නැගිටිලි ඇතුලෙ හිටිය අපිවත් දැක්කෙ නෑ.අපි දැක්කෙ අහිංසක ස්මරණයක් විතරයි .
ඔවුන්ට අහිමිවෙලා ගිය නෑදෑයො අම්ම තාත්ත සිහි කරන්න ඉඩ දෙන එක වැරැද්දක්ද? හැබැයි ත්රස්තවාදීන් සැමරීම වැරදියි නීතියට පටහැනි.
ඒ හැඟීම ඇඟට හිතට කාවැදුන නිසාම අපි ඊටපස්සෙ තිබ්බ සැමරුම් වලටත් ගියා.
ඇව්ත් මුහුනු පොතේ සටහනකුත් තිබ්බා.
හැබැයි ඔය අතරෙ ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය පතුරවන පිරිසක් නැතුවාමත් නෙවෙයි, ඒ අය උතුරේ දේශපාලනය පවත්ගෙන යන්න දේශපාලන බයිට් එකක් විදියටත් ,ජාතිවාදී විෂ රෝපනය කරන්න උතුරේ අන්තවාදී පක්ෂ සහ ශිෂ්‍ය සංගම් යැයි කියා ගන්නා ඊනියා ශිෂ්‍ය සංගම් යොදගනිමින් පොඩි මොරාල් එකක් හදන තෝතැන්නක් විදියටත් මහවිරු දිනය පාවිච්චි කරනව වගේ දකින්නත් පුලුවන්, එ් පිරිස අනිවාර්යෙන්ම පුනරුත්ථාපනය කල යුතුයි .
උතුරෙත් දකුනෙත් අන්තවාදීන් පිලිකුලෙන් බැහැර කල යුතුයි සේම කිසියම් හෝ තැනක තහනම් ත්‍රස්ත සංවිධානයක් ස්මරණය කරනවා නම් අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක කල යුතුය. ගොඩක් තැන්වලට හැබැයි කෙරෙන්නේ සංවිධාන වෙච්ච සැමරුමක් තමයි. නෑදෑයෝ සමරන අතර ින් කොටි ්රස්තවාදීන් ද මේ අවස්ථාවේදී යටින් හොරෙන් සමරනවා වගේ.
අවුරුදු 30 ක් අැවිලුනු ඛේදවාචකයක් නිසා මේ අලු යට ගිනි හොඳට අවුලවන්න පුලුවන් සංවේදී මාතෘකාවක් ,උතුරත් දකුනත් බෙදල දේශපාලනය පවත්වගෙන යන්න නම් මහවිරුව හොඳ පොලිටිකල් බයිට් එකක් විදියටයි මට නම් පේන්නෙ. වෙනස් විදියට ඔවුන්ගෙ හිත් අස්සට එබිල බැලුවොත් තේරෙනවා.
✍️මනුජය ජයතිලක
22 Viewers