13 ට විරුද්ධ සරත් වීරසේකර පමණද?

13 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ශ විය හැක්කේ එජාපයට සහ ඊළාම්වාදී ද්‍රවිඩ පක්ෂ වලට පමණි.

1987 දී ඉන්දියානු ආක්‍රමණය සමගින් රටේ විරෝධතා, කලකෝලාහල, ඝාතන මැදින් මුලු රටේම ඇඳිරි නීතිය දමා රජීව් ගාන්ධි ඉන්දීය අගමැති වරයා සහ ශ්‍රී ලංකා ජනපති ජේ.ආර්. ජයවර්ධන සමගින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමේ අභාග්‍යසම්පන්න අවස්ථාවේ මුලු රටේම පැවති භීෂණය එදා ජීවත්වූ සැම පුරවැසීයාම අත්වින්දේය. මේ සඳහා සක්‍රිය විරෝධය ක්‍රියාත්මක කලේ *ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි*. ඔවුන්ගේ ක්‍රියාමාර්ග කටුක වුවත් දේශප්‍රේමී ජනතා ව කැමැත්තෙන් විවිධ කැපකිරීම් කරමින් එම ව්‍යාපාර වලට සහය දුන්නේ 13 හරහා රට බෙදීමට විරුද්ධව සක්‍රියව ක්‍රියාත්මක වූ එකම දේශපාලන ව්‍යාපාරය එය වීම නිසාය. මීට එරෙහිව රාජ්‍ය අනුග්‍රහයෙන් කහ බළල්ලු, කළු බළල්ලු, වැනි නිල නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කරනලදී. ජවිපෙ/ දේජද ට එරෙහිව ක්‍රියාත්මක වූයේ මෙම නිලනොවන රාජ්‍ය ත්‍රස්තවාදයයි. අවසානයේ රෝහණ විජේවීර සමගින් *ජවිපෙ මුල්පුරුක් සියල්ල* සමග තරුණ තරුණියන්, අහින්සක සිවිල් පුරවැසියන් 62,000 කගේ මෙන්ම පොලිස් සහ හමුදා නිළධාරින්ද සැළකිය යුතු පිරිසකගේ මළමිණී මතින් ඉන්දු ලංකා ගිවිසුම සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය නීතිගත විය.

රජීව් ගාන්ධිගේ සංචාරයේදී හමුදා ආචාරයේදි නාවික සෙබල විජිත් රෝහණ රජීව් ගාන්ධිට තම අවියෙන් පහරදීමද එම විරෝධයේම කොටසකි.

*පලා බබා අපට එපා* සටන් පාඨයද ඊට එක්විය.

එසේම එදා ජවිපෙ විසින් ජනතාවට නියෝග කලේ *ඉන්දියාවෙන් ආනයනය කරන සබන් කෑල්ලක් ගෑම පවා ද්‍රෝහී ක්‍රියාවක් බවත් එය දඬුවම් ලැබියහැකි වරදක් බවයි*. එදා බහුතර ජනතාව ජවිපෙ හි මෙම *දේශප්‍රේමය අගය කලහ*. ඒ ඉන්දීය ආක්‍රමණයට සක්‍රියව එරෙහි වීම නිසාය. නමුත් නියෝග කඩකල ජනතාවට දඬුවම් කල ආකාරය නම් අමානුෂික විය.

එබැවින් *රට බෙදන 13 සංශෝධනය සම්බන්ධව ජවිපෙට නිහඬ විය හැකිද?* එය ඝාතනයට ලක්වු රෝහණ විජේවීර ඇතුලු ජවිපෙ මුල්පෙල නායකයින් සහ 62,000 තරුණ ජීවිත වලට කරන අතිශය අසාධාරණයකි. ආරක්ෂක හමුදා ශක්තිය අඩුකිරීමට රනිල්ගේ රජය කල යෝජනාවටද *සැවොම මුනිවත රකී*.

එසේ වන්නේනම් ” උන් ඔක්කොම යාලුවො මල්ලි” කියන රන්ජන් න්‍යාය තව දුරටත් සනාථ වේ.

උදිත ජයසිංහ



26 Viewers