13 බලාත්මක කරලා මේ රට කෑලි කඩන්න දෙන්නේ නෑ නෑමයි… මහින්දගේ මූණටම ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අද දැඩි විරෝධයක් පළ කළා.
උන් වහන්සේ අදහස් දක්වමින් පැවසුවේ ‘‘අපේ තාත්තා රට, අපේ අම්මා, බුදුහාමුදුරුවෝ ඒක හින්දා හැමතැනම හැමදාම කිව්වා වගේ සම්බුද්ධ ශාසනය යත් කසාවතත්නම් මේක විතරයි.මේ රට විතරයි.ඒක දෙකට කඩලා ඒක තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් ඒකට විරුද්ධව හාමුදුරුවරුහෙටත් නැගිටින්න ලෑස්තියි.
බුදුහාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනයේ තියෙන මේ සම්බුද්ධ ශාසනයේ එකම රට ලංකාව ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න නෑ. ඒකට අපි විරුද්ධයි. විරුද්ධයි ම තමයි. කැමති නෑ. කැමති නෑම තමයි. ඒකෙන් හොඳක් වෙන්නේ නෑ. වෙන්නේ නෑම තමයි.
17 Viewers