• Home »
  • Sinhala News »
  • 20 ට අස්ගිරි පාර්ශ්වයේ විරෝධය පුවතට නීතිය ඉල්ලා පැමිණිල්ලක්

20 ට අස්ගිරි පාර්ශ්වයේ විරෝධය පුවතට නීතිය ඉල්ලා පැමිණිල්ලක්

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ විරෝධය ලෙස පුවත පළ කළ පුද්ගලයාට සහ වෙබ් අඩවියට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අස්ගිරි මහ විහාර කාරක සංඝ සභාව කිසිදු අවස්ථාවක රැස්වී සාකච්ඡා නොකළ බවත් මේ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ මගින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් උන්වහන්සේ පැවසූහ.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ අස්ගිරි මහ විහාර සංඝ සභාව රැස්ව විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්වීමට තීරණය කර තිබෙන බවත් එයට පක්ෂව ඡන්දය ලබාදීමෙන් රට අර්බුදයකට ගමන් ගන්නා බවත් සඳහන් පුවතක් වෙබ් අඩවියක පළවී තිබෙන බව ලේඛකාධිකාරී හිමියෝ කියා සිටියහ.

අදාළ ප‍්‍රවෘත්තියේ සඳහන් සියලූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ධම්මානන්ද නාහිමියෝ කීහ.

සමන්තී වීරසේකර



86 Viewers