• Home »
  • Sinhala Articles »
  • ATMANIRBHAR BHARAT හෙවත් ඉන්දියානු ආක්‍රමණික බළලා මල්ලෙන් එලියට පැනීම.

ATMANIRBHAR BHARAT හෙවත් ඉන්දියානු ආක්‍රමණික බළලා මල්ලෙන් එලියට පැනීම.

ATMANIRBHAR BHARAT සඳහා BJP පක්ෂයේ ශාකාවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට වන ප්‍රධාන සැලැස්මේ පළමු පියවර

අතීතයේ බටහිර ආක්‍රමණිකයින්ගේ the white man´s burden උපායට සමාන ඉන්දීය අගමැති මෝදී ගේ Atmanirbhar South Asia’ හෝ  ATMANIRBHAR BHARAT කුඨ සැලැස්ම හෙවත් ඉන්දියානු නව යටත් විජිත ආක්‍රමණය හෙවත් දකුණු ආසියාව සුරාකෑමෙන් භාරතය ස්වයන්පොෂිත වීමේ දැනටමත් අයවැය හරහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ක්‍රියාවට නන්වා ඇති සැලැස්ම තේරුම් ගැනීම වැදගත්වේ..

ඉහත ආක්‍රමණික උපාය නැමැති බළලා මල්ලෙන් එලියට පැන්නේ ත්‍රීපුර මහා ඇමතිගේ ප්‍රකාශයකින් හෙළිවූ BJP පක්ෂයේ ශාකාවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට වන සැලැස්ම නිසාය. නමුත් එම BJP පක්ෂයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම ATMANIRBHAR BHARAT ප්‍රධාන සැලස්මේ එක පියවරක් බවද තේරුම් ගත යුතුය.

බටහිරට අනෙකුත් රටවල් ආක්‍රමණය කිරීමටත් එම රටවල සම්පත් සුරාකෑම වෙනුවෙන් යොදාගත් ව්‍යාජ තාර්කයක් වුයේ the white man´s burden වේ. එනම් බටහිරට අනෙකුත් රටවල් වල සංස්කෘතිකව ශිෂ්ඨ සම්පන්න කිරීමට තිබුනායැයි කියන ඊනියා අවශ්‍යතාවය හෝ වගකීම.

අද ඉන්දියාවද දකුණු ආසියානු රටවල් සුරාකෑමට the white man´s burden වැනි ව්‍යාජ සංකල්පයක් කුඨ සැලැස්මක් නිර්මාණය කරගෙන තිබෙනවා.  මෙම සංකල්පය මෝදී අගමැතිවරයා හදුන්වා දී ඇත්තේ ‘Atmanirbhar South Asia’ නමිනි. මෙයම ATMANIRBHAR BHARAT යන නමින්ද හැදින්වේ. ATMANIRBHAR ලෙස හදුන්වා දෙන්නේ “self-reliance” හෝ “self-sufficiency” එනම් ස්වශක්තිය හෝ ස්වයන්පොෂිත භාවයයි.

Atmanirbhar South Asia’ හෝ  ATMANIRBHAR BHARAT යන නමින් හදුන්වමින් ඉන්දියාවේ අගමැති මෝදී කියන්නේ කුමක්ද? ඔහු කියන්නේ ඉන්දියාව තනියෙන් සංවර්ධනය වීමට කැමති නැහැ, අනෙකුත් රටවල්ද හවුල් කරගෙන එම රටවල්ද සමගම සංවර්ධනය වීම බවයි මෝදී ගේ සැලැස්ම. එය මතුපිටින් බලු විට ඉතා යහපත් අනෙකුත් රටවලට සහයෝගයෙන් සංවර්ධනය වීමේ යහපත් චේතනාවක් ලෙස ඇතැමුන් නොමග යා හැක.

නමුත් මේ කුඨ සැලැස්මේ සත්‍ය උපාය මාර්ගය අවබෝධ කරගැනීමට මෙහි Bharat සහ South Asia යන වචන දෙකම සමාන ලෙස යොදා ගෙන ඇත්තේ ඇයිදැයි තේරුම් ගැනීම වැදගත් වේ. එනම් මේ BHARAT හෙවත් භාරතය හෙවත් ඉන්දියාව යනු මුළු මහත් දකුණු ආසියාවම වේ. දකුණු ආසියාවම භාරතය වූ විට අන් රාජ්‍ය වල ස්වාධීනත්වයක් නැතිවේ. එම සියලු රටවල්ද ඉන්දියාවේම ප්‍රාන්ත හෝ යටත් රාජ්‍ය බව එයින් නිගමනය වේ.

එනම් ATMANIRBHAR BHARAT හෙවත් ඉන්දියාවේ ස්වයංපෝෂිතභාවය ලඟා කරගැනීමට මුළු මහත් දකුණු ආසියාවම යොදා ගෙන එහි සම්පත් උපයෝගී කරගෙන ඉන්දියාව ස්වයංපෝෂිත වීමේ සැලැස්මක් බව පැහැදිලිය.

යටත් විජිත සමයේද the white man´s burden වැනි ව්‍යාජ සංකල්පයක් කුඨ සැලැස්මට අනුව බටහිර නොවන රටවල් ශිෂ්ඨ කිරීමට කියා පැමිණ එම රටවල සම්පත් සුරාකෑමෙන් අවසානයේ සංවර්ධණය වුයේ එම අධිරාජ්‍යවාදී බටහිර රටවල් පමණක් වේ. අනෙකුත් බටහිර නොවන රටවල් තම සම්පත් අහිමි කරගත්තා පමණක් නොව සමාජ දේශපාලන ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිණි. අද ඉන්දියාවේ සැලැස්මද මෙම කුඨ උපයම වී ඇත. අගමැති මෝදී යනු ඉතා සුක්ෂම කපටි තම රට වෙනුවෙන් දුර දැක්මක් ඇති නායකයෙකි. එයට අපට වරදක් කිව නොහැක.

අප වරද දැකිය යුත්තේ අපගේ නායකයන්ගේය. මේ වත්මන් රාජ්‍ය පාලනය පිලිබඳ විවේචනයක් ලෙස නොසලකනු ඇතැයි සිතමි. මන්ද ATMANIRBHAR BHARAT ප්‍රතිපත්තිය දිගු කාලින සැලැස්මක් නිසාය. අනිත් අතට මෙය මෝදී අගමැතිවරයාගේ නව සැලැස්මක්ද නොවන බව පැහැදිලිය. ඉතා ඇත අතීතයේ සිට ඉන්දියාව ශ්‍රී ලංකාව යටත් කරගෙන එහි සම්පත් ඉන්දියාවේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට ක්‍රියා කර ඇත. 1948 න පසු මෑත යුගයේ පවා ඇතැම් ඉන්දීය නායකයන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීමට ඉතා ඕනා කමින් සහ ප්‍රාන්තයක් ලෙස සිතා කටයුතු කර ඇත. එමනිසා වත්මන් නායකයන් සහ අනාගත මෙරට නායකයන් ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී ඉතා බුද්ධිමත්ව සහ සුක්ෂමව කටයුතු කල යුතුය.

ඉන්දියාව අපගේ රටේ ආයෝජනය මුවා වෙන් සිදු කරන්නේ ඔවුන්ගේ රටේ උපාය මාර්ගයට අවශ්‍ය ලෙස රට අස්ථාවර කර මෙරට සම්පත් සුරා කෑමටය. අද ආයෝජන මුවා වෙන් නැගෙනහිර පර්යන්තය පමණක් නොව කොළඹ වරායම ඉන්දියාව සතු කරගැනීම හෝ එය විනාශ කර තම වරායන් දියුණු කරගැනීමේ සැලැස්මක් පැහැදිලිව ක්‍රියාත්මක කර ඇත. රනිල් වික්‍රමසිංහ කිසිඳු පැහැදිලි ගිවිසුමක් නැතිව ඉන්දියාවට ලබා දුන් ත්‍රිකුණාමල තෙල්  ටැංකි ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමට නොහැකි වී ඇත. මෙම හොර ගිවිසුමට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇතිමුත් එම නඩු අසා කඩිනමින් විසඳුමක් ලබා දෙන සෙයක් පෙනෙන්ට නැත. ඒ අනුව අධිකරණයද ඉන්දියාවේ බලපෑමට සෘජුව නතුවී හෝ මෙරට රනිල් වික්‍රමසිංහගේ 2001 පාලනයේ සිටි නායකයන් ඉහත නඩුව කල් දැමීමට බලපෑම් කරමින් සිටිනවාද කියා සැකයක් මතුවේ.

එමනිසා ඉන්දියාවේ නව ආක්‍රමණකාරී යටත් විජිත සැලැස්ම අප ඉතා හොදින් අවබෝධ කරගත යුතුය. මෙහිදී දකුණු අප්‍රිකාවේ Desmond Tutu. බිෂොප් වරයා the white man´s burden හෙවත් සුදු මිනිහාගේ අන් ජාතින් ශිෂ්ඨ කිරීමේ බර හෙවත් ව්‍යාජය මැනවින් විග්‍රහා කරන ප්‍රකාශය වැදගත් වේ.

“When the missionaries came to Africa they had the Bible and we had the land. They said “Let us pray.” We closed our eyes. When we opened them we had the Bible and they had the land.”– Desmond Tutu.

බිෂොප් වරයා පැවසුවේ බටහිර මිෂනාරීන් දකුණු අප්‍රිකාවට පැමිණෙන විට දකුණු අප්‍රිකානුවන් සතුව ඉඩම් තිබුණු බවත් මිෂනාරීන් සතුව බයිබලය තිබුණු බවත්, මිෂනාරීන් ඇස් වසාගෙන යාච්ඤා කරන ලෙස කියු උපදෙසට අනුව අප්‍රිකානු වැසියන්  ඇස් වසාගෙන  යාච්ඤා කර පසුව දෙනෙත් විවර කරන විට දකුණු අප්‍රිකානුවන් සතුව බයිබලයද තිබුණු බවත් මිෂනාරීන් අතට අප්‍රිකානු ඉඩම් නතුවී ඉඩම් තිබුණු බවත්ය.

එලෙසම මෝදී ගේ Atmanirbhar South Asia’ හෝ  ATMANIRBHAR BHARAT කුඨ සැලැස්ම අනුව අප ඉන්දියානු ආයෝජනයයට රැවටී අවසානයේ අපගේ සම්පත් භුමිය පමණක් නොව මුළු රටම ඉන්දියාවට නතු වී හෝ ප්‍රාන්තයක් ලෙස හෝ යටත් රාජ්‍යක් ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම අනතුර වලක්වා ගැනීමට හැකිවන්නේ මේ අනතුර ඉතා බුද්ධිමත්ව අවබෝධ කරගැනීමෙනි.

මෙම ඉන්දියානු ආක්‍රමණික සැලැස්ම හෙවත් බළලා මල්ලෙන් එලියට පනින්නේ හෙවත් මෙම අනතුර පිළිබඳව හෙළි වුනේ ත්‍රීපුර මහා ඇමතිවරයා ඉන්දීය මධ්‍යම රජයේ අයවැය ප්‍රශංසා කරමින් සිදු කල දේශනයකදීය.

එහිදී ඔහු පැහැදිලිවම කියන්නේ හිටපු භාරතීය ජනතා පක්ෂය හෙවත් BJP සභාපති හෙවත් වත්මන් ස්වදේශ කටයුතු ඇමති BJP යේ ප්‍රධාන නායකයන් පිරිසකට ඉන්දියාවේ මෙම සැලැස්ම හෙවත් BJP ය හෝ එහි ශාකාවක් වන වෙනත් නමකින් යුතු පක්ෂයක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවා යම් දිනක එම පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ රජයන් පිහිටුවීම දක්වා වර්ධනය කිරීමයි.

මෙහිදී   ත්‍රීපුර මහා ඇමතිවරයා ඉන්දීය මධ්‍යම රජයේ අයවැයට ප්‍රශංසා කරන්නේ ඉහත කි වැඩපිළිවෙලට මුදල් මේ වෙනකොටත් වෙන්කර තිබීම පිළිබඳවය. අනුව පැහැදිලි වන්නේ මෙම සැලැස්ම හුදෙක් කිසිවෙකුගේ හිතළුවක්වත්, ආඩි පුඩි ගහලා ඉන්න විට කරපු පොර ටෝක් කතාවක්වත්, ගොසිප් එකක් වත්, සැලසුම් මට්ටමේ ඇති ප්‍රතිපත්තියක්වත් නොව දැනටමත් අයවැය හරහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ක්‍රියාවට නැංවීමට ආරම්භ කර ඇති සැලැස්මක් බව.

ඉදිරියේදී මෙම ඉන්දියනු අයවැයෙන් වෙන්කළ මුදල් ශ්‍රී ලංකාවේ නායකයන් දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන්, NGO පිල්ලි, මාධ්‍ය ආයතන, මාධ්‍ය වේදීන්, රජයන්වල වන්දි බට්ටයින්, කුලී ලියන්නන්, රජයේ ඉහල නිලධාරීන්, ඊනියා උපදේශකයන් ඇතුළු නොයෙක් පිරිස් වලට ගලා ඒමට නියමිතව ඇත. එවිට මේ කසකරුවන් ඉතා නිර්ලජ්ජිතව ඉන්දියාවේ උපාය මාර්ගික සැලැස්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මුලා කිරීමට, කඩේ යැවීමට නොයෙක් නිර්මාණ කතා සිදු කරනු ඇත. අප ඉන්දියානු කෞටිල්‍යයලා හනුමන්තලා වගේම ඔවුන්ගේ මුදලින් නැටවෙන මෙරට නොයෙක් තරාතිරමේ පුදගලයන්ගෙන් මේ රට ගලවා ගැනීම ජාති මාමකයින්ගේ වගකීම වේ.

එමනිසා මෙම විග්‍රහය හරහා බිල්ලෝ මැවීමක්ද බලාපොරොත්තු නොවන අතර මේවනවිටත් ක්‍රියාවට නන්වා ඇති ඉන්දියානු අගමැති මෝදීගේ සහ ඉන්දියානු කෞටිල්‍යලාගේ Atmanirbhar South Asia’ හෝ  ATMANIRBHAR BHARAT කුඨ සැලැස්ම පිළිබඳව තාර්කික විග්‍රහයකි. මේ අනතුරට එරෙහිව රටක් වශයෙන් සමගියෙන් එක්වී කටයුතු කර ආක්‍රමණශීලි ඉන්දියානු නව යටත්විජිත සැලස්ම පරාජය කරමු. ඒ සඳහා ගෝඨාභය ජනපතිවරයා නියෝජනය කරන බලවේගය තුල ක්‍රියාත්මක දේශමාමක ජාතිකවාදී මහා සංඝරත්නය සහ දේශපාලන නායකයන් ඇතුළු බලවේග  හැර වෙනත් නායකත්වයක් නැති බවද අවසානයට කිව යුතුය. මන්ද ජවිPAY UNP SJB TNA සහ මුස්ලිම් පක්ෂද මෙම සැලස්මේ පැහැදිලි කොටස්කරුවන් බව 2015 දී රටට ඔප්පු කර ඇති නිසාය.

රුවන් දිසානායක



74 Viewers