LTTE පොලිස් නැවත?

“යාල් මානගර කාවල් පඩෙයි” (යාපනය මහ නගර ආරක්ෂක බලකාය) නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සදහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා ඇත.

පොලිසිය ඇතුළු වෙනත් ආයතන වලට අයිති මෙම රාජකාරි සදහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය  හැකියාව කුමක්ද?

ප්‍රසිද්ධියේ LTTE හිතවාදී ප්‍රකාශ නිකුත්කරන පුද්ගලයකු වන විශ්වලිංගම් මනිවන්නන් වන මොහු TNPF පක්ෂයේ පා.ම. පොන්නම්බලම් ගේ අනුගාමිකයෙකි.

මොවුන්ගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්විමයි. එදා කොටි පොලිසියේ නිල ඇදුමට 100% සමාන අයුරින් මෙම නිල ඇදුමද නිමවා ඇති බව ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැක.

මේ පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය සිවිල් සමාජ  කේන්ද්‍රය බලාපොරොත්තු වන අතර නීතිමය සහය ලබාදිය හැකි අයෙක් වෙතොත් අපට දැනුම් දෙන්න.



179 Viewers