• Home »
  • Sinhala News »
  • LTTE හිතවාදී රායප්පු පියතුමා ස්වර්ගස්ථ වෙති.

LTTE හිතවාදී රායප්පු පියතුමා ස්වර්ගස්ථ වෙති.

මන්නාරම හිටපු LTTE කොටි හිතවාදී රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ අපේල් 01 දින අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වි ඇත.

රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු හිටපු රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී හිටපු රදගුරුවරයා කොටි වෙනුවෙන් පෙනී සිටිමින් දෙමළ ත්‍රස්තවාදී හට තම සහය සහ අධාර ලබා දුන් තවත් එක කතෝලික පූජකවරයකු වශයෙන් ජනතාව අතර ඉතාමත් අප්‍රසාදයට පත් පූජකවරයෙකි.

යුද ගැටුම් පැවති සමයේ මන්නාරම මඩු කතෝලික දේවස්ථානය කොටි ත්‍රස්තවාදීන්ට බාර කර යුද හමුදාවට පහර දීමට යොදා ගැනීමට අවස්ථාව උදා කර දීමට කටයුතු කිරීම පිලිබඳව මෙතුමාට චෝදනා ඇත.

තවද, ශ්‍රී ලංකාවට විරුද්ධව අසත්‍ය චෝදනා අන්තර්ජාතිකයට ගෙන යෑමට කටයුතු කල එක් කතෝලික පූජකවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ශ්‍රී ලංකා හමුදා දෙමළ ජාතීන් 145,000 මරා දැමූ බවට අසත්‍ය වාර්තා අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රචාරය කරන ලද දේශද්‍රෝහි ශ්‍රී ලංකිකයෙක් වශයෙන් මෙතුමා ජනතාව අතර ප්‍රසිද්ධ වී ඇත.

1940 වසරේ අප්‍රියෙල් 16 වැනිදා යාපනය නෙදුන්තීව් හි උපත ලැබූ රායප්පු ජෝෂෆ් රදගුරුතුමන් පූජක දිවිය ඇතුළත් වීමට පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙනි. පසුව රදගුරුතුමන් ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ද ලැබීය.

1967 දෙසැම්බර් මාසයේදී කතෝලික පූජකවරය ලබා ගත් රදගුරතුමන් යාපනයේ ශාන්ත සේවියර්ස් සෙමනේරියේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය. 1992 ජූලි මාසයේදී ඔහු මන්නාරම රදගුරු පදවියට පත් වූහ



130 Viewers