අන්තවාදී දේශ ද්‍රෝහීන්
ධර්ම දේශනාව මාසිකව පැවැත්වීමේ කටයුත්ත කෙසේ වෙතත්, මෙතෙක් කල් එම මහ නගර සභාව තුළ තිබුණු බුදු පිළිමය ඉවත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් සංවේගයට කරුණක්..
සමහර රටවල් වල බුදුපිළිමයක් තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා තියෙනවා..අපේ රටේ කිසිම ආගමකට එවැනි ප්‍රශ්නයක් නැහැ..
නමුත් මේ රට ප්‍රධාන වශයෙන් බෞද්ධ සංස්කෘතිය සමඟ ගැට ගැහුණු රටක්..
කාදිනල් තුමා පවා පවසනවා මෙරට අන්‍ය ආගම් වලට මෙතරම් නිදහසක් ලැබී තිබෙන්නේ මෙරට තිබෙන බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය නිසා බව..
මේ රටේ අගනුවර ඇතුව හෝ ප්‍රදේශවල විවිධ ආගමික උත්සව ප්‍රධාන මාර්ග වසා දමමින් පවත්වනවා ඔබට අපට දැකගන්න පුළුවන්..
ඒ සඳහා කිසිදු බාධාවක් නෑ..
එවන් තත්ත්වයක් යටතේ සීයකට හැත්තෑවක බෞද්ධ ජනතාවක් සිටින රටක මෙවැනි තීරණයක් ගැනීමට තරම් යම් පුද්ගලයෙකු කටයුතු කරනවා නම් පසුගිය කාලයේ අප සිතූ දේ ඒ අයුරින්ම සිදුවෙන බවක් පෙනෙනවා..
මේ රටට එරෙහි බලවේග වලට අවශ්‍ය ප්‍රධාන ය කරුණක් තමයි මේ රටේ බෞද්ධ සංස්කෘතිය සමඟ ගැට ගැසුණු හර පද්ධතින් ටික බැඳීම් ටික විනාශ කරන එක.
මේ රටට අනතුරක් වියවුලක් පැමිණෙන විට පෙරට එන ව බලවේග තුළ,
බෙහෑවින් දකින්නට පුළුවන් එම බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු හර පද්ධතින් වලින් පෝෂණය වූ පිරිසක්..
එවැනි පිරිස් ට තුළ ඇතිවීම බිහිවීම වැළැක්වීම තුළින් රටට එරෙහි කුමන්ත්‍රණකාරීන්ට සිය අරමුණු ඉක්මනින්ම ජයගත හැකියි…
ඔවුන්ට අවශ්‍ය පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි පිරිසක් බලයට පත් කරගත්තේ ඒ අරමුණ උදෙසායි..
දැන් පියවරෙන් පියවර ඔවුන් එම ගමන යනවා..
මහා නායක හිමිවරුනි ,
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබ වහන්සේලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් වත් නිකුත් කරා දැයි අප දන්නේ නෑ..
මේ අලුතින් බුදුපිළිමයක් තැබීමක් නෙවෙයි..
බොහෝ කාලයක් තිබුණු බුදු පිළිමයක් ඉවත් කිරීම..
අන්‍ය ආගමිකයන් අතර සභාවේ සිටින නිසා ඔවුන්ගේ හිත රිදෙන නිසා අයින් කරන බවලු කියන්නේ..
තව ටික කාලයක් යනකොට දළදා මාලිගාවයි ජයසිරි මහා බෝධියයි දෙකත් අයින් කරන්න කියාවිද දන්නෑ කට්ටියගේ හිත රිදෙනවා කියලා..
මහ නායක හිමිවරුනි වෙලාවට ඇරෙන්නෙ නැති කටවල් ඇරිලා වැඩක් නෑ…
ආණ්ඩුවේ අවස්ථාවේ බුද්ධාගමට හිමි තත්ත්වය පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා..
මට පෙනෙන විදියට ඒවා වචන වලට පමණක් සීමා වන බවකුයි දැන් දැන් පෙනෙන්නේ..
ආගමික සහ සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයා සමග මේ පිළිබඳ ව සම්මුඛ සාකච්ඡාවකදී විමසන විට ඔහු කියන්නේ එවැනි දෙයක් කිරීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බවයි..
ඇමැතිවරයා එසේ කියන විටම සිදුවන්නේ කුමක්දැයි සිතාගත හැකියි..
නැති වී ගිය බෞද්ධ උරුමයන් රැක ගැනීමට දැනට කලකට පෙර කටයුතු කරන විට එයින් වෛරයට පත් වූ පිරිස් එම පාලනයන් ඉවත් කිරීමට බොහොම ඕනෑකමින් කටයුතු කළා..
අපි එදා ඒවා ගැන කියන විට අපේම අය අපට අපහාස කරා..
දැන් මේ සිදුවෙන දේ ගැනවත් ඔවුන්ට වේදනාවක් දැනෙන්නේ නැත්නම් අපි මොනවා කරන්නද.?
බුදුන් හිමියන් සිටි දවස දේශනා කළ මාර සේනාව දැන් ක්‍රියාත්මක වෙලා…
වැඩේ හිමි හිට ගානට යනවා…
අපේ අය දෙන දීමට තාම දැනෙන්නේ නෑ..
එච්චරටම දෙනවා..
කටින් එන ගානට ආවම තේරෙයි…
එහෙම නැත්නම් රිදෙන ගානට ආවම දැනේවි…Lal De Alwis
13 Viewers





