• Home »
  • Sinhala »
  • කහ සිවුර රතු ලෙයින් තෙත්කළ වියරු කොටි… අරන්තලා භික්‍ෂු ඝාතනයට අදට වසර 33ක්

කහ සිවුර රතු ලෙයින් තෙත්කළ වියරු කොටි… අරන්තලා භික්‍ෂු ඝාතනයට අදට වසර 33ක්

එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදි සංවිධානයක ආරම්භක පියවරයන් ලෙස තවත් ද්‍රවිඩ තරුණයන් සමග ප‍්‍රභාකරන් එල්.ටී.ටී.ඊ සංවිධානය ම්ලේච්ඡු ක‍්‍රියාවන් ආරම්භ කරන ලද්දේ එහිදී යාපනය වැල්වැටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තබමින්ය. ඒවා මහජන දේපළය. 1975 ජූලි 27 වැනිදා ප‍්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කිරීමෙන් මිනිස් ජීවිත විනාශ කිරීම ආරම්භ විය. දෙමළ ජනතාවගේ විමුක්ති දායකය විසින් තමන්ගේ ජාතියේම දෙමළ දේශපාලඥයෙන් ඝාතනය කරමින්ය. 1976 මැයි මස 05 දින දෙමළ සංවිධාන කිහිපයක් හා එක්ව වඩුක්කුඬේ ප‍්‍රදේශයේ සමුළුවක් පවත්වයි. එනම් 40-50 කණ්ඩායමක් වඩුක්කෝෙඩෙ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශය ප‍්‍රකාශයට පත්කරයි. එම වඩුක්කෝෙඩෙ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.

ඒ අනුව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රදේශය නම් කෙරිණි. මෙම ප‍්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ‍්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. එම අරමුණු සාර්ථක කර ගැනීමට ලාංකීය දෙමළ ජනතාව සියවස් ගණනකට ආපස්සට ඇදගෙන ගියේය.

ඊට හත්පසින්ම වෙනස් ආකාරයෙන් ලාංකීය මුස්ලිම් ජනතාව වර්ධනය වූ අතර සෑම විටම ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරාව එක්ව ගොස් මුස්ලිම් ජනතාවට සේවාවන් සිදු කරගැනීමට කටයුතු කළහ. එම නිසා මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට ද මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලකයන් හරහා සිදු විය. එහිදී රටක ආර්ථික මර්මස්ථානයක් ලෙස සලකන වරාය වැනි අමාත්‍යංශ හරහා ව්‍යාපාර කිරීමට ඒ සඳහා උදව් උපකාර කිරීමට එම ජනතාවට හැකි විය. එහිදී එක් පැත්තකින් වරදක් නැත. තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කිරීම ඒ වෙනුවෙන් වෙහෙස වීම ඒ ඒ ජනතාවගේ උන්නතියට හේතු වන්නේය.

එහෙත් දෙමළ ජනතාව නියෝජනය කරන ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් මෙසේ වර්ධනය කරනවා වෙනුවට ලංකාවේ ආර්ථික මර්මස්ථානවල හා වෙනත් දේශපාලකයින්, බුද්ධිමතුන්, අහිංසක ජනතා ඝාතන සැලසුම් දිගින් දිගටම ක‍්‍රියාවට නංවන ලදි. ඒ අතර එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගේ බිහිසුණු ක‍්‍රියා කිහිපයක් සිහිපත් කරගැනීමේ දි, 1987 මධ්‍යම බස් නැවතුම්පළ බෝම්බ ප‍්‍රහාරය, හැව්ලොක් මංසන්ධියේ බෝම්බ ප‍්‍රහාරය, 1990 ශ‍්‍රී ලාංකික පොලිස් නිලධාරීන් සමූල ඝාතනය, 1996 මහ බැංකු බෝම්බ ප‍්‍රහාරය, 1996 දෙහිවල දුම්රියපළ බෝම්බ ප‍්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ ප‍්‍රහාරය, 1998 දළදා මාලිගාවට එල්ල වූ ප‍්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප‍්‍රහාරය,

අකුරැුස්ස මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය, 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප‍්‍රහාරය, 2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප‍්‍රහාරය, 2008 පිළියන්දල බස් බෝම්බ ප‍්‍රහාරය, 2008 මොරටුව බස් බෝම්බ ප‍්‍රහාරය, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප‍්‍රහාරය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, ශ‍්‍රී මහා බෝධි වහන්සේ ඉදිරිපට උවසු උවැසියයන් ඝාතනය, පල්ලියගොඩැල්ල සමූල ඝාතනය, ගෝනගල සමූල ඝාතනය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, මහවිලච්චිය සමූලඝාතනය, මහගොඩයාය සමූලඝාතනය, කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතන, කල්ලරාව සමූලඝාතනය, කෝකිලායී සමූල ඝාතනය, 2001 ජුලි කටුනායක ගුවන් තොටුපළ ප‍්‍රහාරය, කොලොන්නාව තෙල් ටැංකි ප‍්‍රහාරය, අදි මෙකී නොකී ප‍්‍රහාර රාශියකට වගකීම ප‍්‍රභාකරන් විසින් බාරගත යුතු විය.

1985 වර්ෂයේදී මැයි 14 වන දින අනුරාධපුර පිහිටි ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදි අහිංසක ජනතාව සමූල ඝාතනය කිරීමත් මහනුවර දළදා වහන්සේට පහර දීමත් සිංහල බෞද්ධ හදවත් සංවේදී කරන ප‍්‍රහාර ලෙසද, අරන්තලාවේ භික්ෂුන් වහන්සේ ඝාතනයද ඒ හා සමානව ලෙස සැලකිය හැකිය. මෙය ශ‍්‍රී ලංකාවේ දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් විසින් ක‍්‍රියාවට නංවන ලද අතිශයින්ම දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප‍්‍රදේශයකදී බැහැරව සිදු කරන ලද පළමු දැවැන්ත සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීම ලෙස සැලකිය හැකිය. 1994 දි පොළොන්නරුව දිඹුලාගල ප‍්‍රදේශයට මහ රැුකවරණයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ‍්‍රී සීලාලංකාර නාහිමි වහන්සේ වෙඩි තබා මෙම එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදි. දිඹුලාගල නාහිමියන්ද ත‍්‍රස්වාදයට මුහුණලා සිටි ගම්මානවල ජනතාව අරක්ෂා කළ හිමි නමකි. එබැවින් උන්වහන්සේට ද මෙම ත‍්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වන්නට හේතු විය.

වසර 33 සපිරෙන 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත‍්‍රික්කයේ අරන්තලාවේදී සිදුකළ තවත් ම්ලේච්ජ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සමූල ඝාතනයකි. උතුර නැගෙනහිර දෙදිශාවේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භිකෂූන් වහන්සේ 31 නමක් ද ගිහියන් තිදෙනකු ඇතුළු 34 දෙනකු සමූලඝාතනය විය. මෙම භික්ෂුන් වහන්සේ අතර අතිශයින් බහුතරයක් කුඩා ස්වාමින් වහන්සේය. මෙම කුරිරු ඝාතනය සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත්ම අපකීර්තිමත්ම විනාශකාරී ක‍්‍රියාව ලෙස සැලකිය යුතුය. මෙම ස්වාමින් වහන්සේ සියලූ දෙනාම කැති පොලූවලින් පහරදීමෙන් ඝාතනය කරන ලද අතර එය අහිංසක සතුන් ඝාතනය කරනවා වැනි ම්ලේච්ඡුත්වයේ උපරිමය ලෙස දැක්විය හැකිය.

2009 මැයි 19 දින කොටි ත‍්‍රස්තවාදය අවසන් වන තුරු ලංකා දෙරණ තුළ මිනිස් ඝාතන දේපොළ විනාශය මෙපමණ යැයි කිව නොහැකිය. එහිදි සිංහල, මුස්ලිම්, දෙමළ යන ජනතාවගේ බුද්ධිමතුන් දේශපාලකයන්, රජයේ පරිපාලකයන්, ඇතුළු කුඩා දරුවාගේ පටන් ඕනෑම කෙනෙක් ලංකා දෙරණ තුළ හිමි නොවන අරගලයක් තුළ සිදු කළ ඝාතනය ලෙස සැලකිය හැකිය. ත‍්‍රස්වාදය සම්බන්ධව ලංකාවේ අපට විශාල අත්දැකීම් ඇති රටකි. 30 වසර යුද්ධය අවසන් කර වසර 11 කි. ඉස්ලාම් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ලෝකයම අවධියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත. ලෝකයම දරුණුම ත‍්‍රස්වාදය නැතිකල අභිමානවත් රටක් ලෙස අපට ගෞරවයක් හිමිවන බැවින් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් දැරීම ඕනෑම ත‍්‍රස්තවාදයක් වර්ධනය වීමට හේතුවෙයි. අප රට තුළ පහළ වූ පාලකයන් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප‍්‍රතිපත්ති ගෙන ක‍්‍රියා කිරීම නිසා අවුරුදු 30 ආසන්න කාලයක් යුද්ධයක් ඇදගෙන යන්නට සිදුවයි.

ලෝකයේ බුද්ධිමතුන් විසින් දැන් සිදු කළ යුත්තේ ලංකා රාජ්‍ය විසින් ත‍්‍රස්වාදය අවසන් කර ඇත. එම ත‍්‍රස්වාදයක් තුළ මානව හිමිකම් අනිවාර්යෙන්ම සමස්ත සමාජයටම අහිමි වනවා එය එක් ජාතියකට පමණක් සිදුවන කරණයක් නොව. එම නිසා දැන් ලෝක ප‍්‍රජාව විසින් ලංකා රාජ්‍ය විසින් සිදු කරන ලද ත‍්‍රස්තවාදය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කොට දැනට ත‍්‍රස්තවාදය ඇති රටවලට ලංකාවේ ආදර්ශය ලබා ගැනීමට කටයුතු කිරීමය. ලෝක ත‍්‍රස්වාදය නැති කර ගැනීමට ද මේ පුංචි දේශයේ ආදර්ශය ගත හැකි බව ලෝක ප‍්‍රජාව දැන ගත යුතුය.

අරන්තලාව සමූල ඝාතනය හැඳින්වෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත‍්‍රික්කයේ අරන්තලාවේදී සිදුකළ සමූල ඝාතනයකි. මෙම කුරිරු ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත්ම අපකීර්තිමත්ම විනාශකාරී ක‍්‍රියාව ලෙස සැලකිය යුතුය. අප සැමවිට සිහිපත් කළ යුතු කරුණක් ලෙසත් කොටි ත‍්‍රස්තවාදයේ බිහිසුණු ක‍්‍රියා සම්බන්ධයෙන් නූතන පරපුර දැනුවත් කළ යුතුය. සිංහල සමාජයට මෙවැනි සිදුවීම් ඉතා කෙටි කාලයකින් අමතක වන බව ප‍්‍රසිද්ධ කතාවකි. එසේ අද ජීවත් වන තරුණ පරපුර ත‍්‍රස්තවාදයේ බිහිසුණු බව වටහා දිය යුතු කාලයකි.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදින් විසින් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කරන ලද පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ කුඩා ස්වාමින් වහන්සේ අප සැමදා සැම කල් සිහිපත් කළ යුතුය. එදා අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ ස්ථානයේම එම බස් රිය තුළ ඉදි කරන ලද භික්ෂු ප‍්‍රතිමාව ආදි සිහිවටන ඉදිකර තිබීම ඉතා අගය කළ යුතුය. කුමක් හෙයින් ද මෙම සිදුවීම් අප සමාජයෙන් ක‍්‍රමයෙන් අමතක වී ගෙන යන බැවිණි. මෑත ලෝක ඉතිහාසයේ දරුණුතම භික්ෂු සංහාරය වන 1987 අරන්තලා භික්ෂු ඝාතනය සැලකිය හැකිය. එම සිදුවීමෙන් ජීවිතය බේරාගෙන සුවකළ නොහැකි ලෙස ආබාධිත වූ එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් පමණි.

මෙවැනි අතීතයක් ඇති ත‍්‍රස්තවාදයක් සම්බන්ධයෙන් අප ගත් ක‍්‍රියාමාර්ග හැර වෙනත් ක‍්‍රියාමාර්ගයක් අද ලෝකයාට ද බටහිර රටවල්වලට ද නොමැත. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සංවිධානය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය මගින් ගත් ක‍්‍රියා මාර්ගය අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇති බව ලෝකයට අවබෝධ වේවායි පතමු. අද වන විට ඉස්ලාම් ආගම සමග බැඳුණු ත‍්‍රස්තවාදයක් ලෝකය ගිල ගනිමින් ඇත. හිරු නොබසින අධිරාජ්‍යයේ මෙසේ අහිංසක ජනතා එල්ල කරගෙන බෝම්බ පිපිරීම පුදුම සහගතය. නූතන යුගයේ විද්‍යා තාක්ෂණය උපරිමයෙන් භාවිතා වන සමාජයක ආගමික උන්මාදයක් ඇති වීම විද්‍යා තාක්ෂණයට කරන අභියෝගයකි.

බුදුගල ජිනවංස හිමි
ශාස්ත‍්‍රවේදි – හෙළ බොදු සවිය – සභාපති



160 Viewers