• Home »
  • Sinhala News »
  • අරන්තලාවේ හිමිවරු ඝාතනය කර භූමිය අද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් – හිමිවරුන්ට දානෙත් නෑ…

අරන්තලාවේ හිමිවරු ඝාතනය කර භූමිය අද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් – හිමිවරුන්ට දානෙත් නෑ…

මේ කතාව සොහොන් බිමක ඉදිකළ ලංකාවේ එකම පුදබිම් පිළිබඳවයි.

1987 ජූනි දෙවැනිදා ලොවම කම්පාවට පත් කරමින් අරන්තලාවේ දී තිස් එක් නමක් හිමිවරු කපා කොටා වෙඩි තබා ඝාතනය කරමින් තවත් භික්ෂූන් වහන්සේලා දස දෙනකුගේ රුධිරය වැගිර වධක භූමිය අද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා. ඒ අහස පොළොව නුහුලන අපරාධය සිදුකළ බස් රථය තුළ මෙම සිදුවීම නිර්මාණය කර අරන්තලා භික්ෂු ස්මාරකය ඉදිකර තිබෙනවා. භික්ෂුන් වහන්සේලා විසි පස් නමක් වැඩ සිටියද වසරේ එක`දු දානයක්වත් නොලැබීම සුවිශේෂී කරුණක්.

අරන්තලාව පුදබිමේ නිර්මාතෘ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පුළුකුණාව රජමහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන නාහිමියෝ මෙසේ අදහස් දැක්වූවා.

හෑගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ කොටින් විසින් ඝාතනය කළාට පසු එහි සියලූ බර මගේ කරමත පැටවුණා. ඒ අනුව ජීවිත තර්ජන මැද සමහර හිමිවරු උපවැදි වෙද්දී දිගාමඩුල්ලූ බෞද්ධ උරුමය රැුක ගැනීමට මට කටයුතු කරන්න සිද්ධ වුණා.

නායක සමි`දු ඇතුළු තිස් එක් නමක් හිමිවරු ඝාතනය කළ වධකාගාරයේ අරන්තලා ස්මාරකය සාදා පසුව පන්සලක් ඉදිකළා. ඉන් පසුව සිල්වත් ගුණවත්, උගත්, සංඝ, පරම්පරාවක් අරන්තලාවෙන් රටට දායාද කිරීමේ අරමුණින් සාමණේර භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් මීට වසර දෙකකට පෙර ශ‍්‍රී ඉන්දසාර ත‍්‍රිපිටක ධර්මායතනය අරන්තලා පුදබිමේ ආරම්භ කළා.

අඩුපාඩු ගොඩයි.

මෙම ගම්මානයේ තව එක් විහාරස්ථානයක් තියෙනවා. ගම්වාසීන්ට එය රැුකබලා ගන්න සිදුව තිබෙනවා. ගම්වාසීන් ආර්ථික ශක්තිය අඩු පිරිසක් සිටින්නේ. එම නිසා මෙම පුදබිම හිමිවරු දානය ලබා දෙන්නට ඔවුනට ශක්තියක් නෑ. ඒ නිසා එහි වැඩ සිටින හිමිවරුන්ට දානය සකසා ගන්න සිද්ධ වෙලා තිබෙනවා. අරන්තලාවේ ගම්මානය කොටසකට සහ පුදබිමට ජල පහසුකම් නැති නිසා දැඩි ගැටලූවකට පත්වෙලා. එම විහාරස්ථානයට මහඔය මහවැලි අධිකාරියෙන් සහ විශේෂ කාර්ය බළකායේ අරන්තලා ක`දවුරෙන් ජලය ලබා දෙන නිසා කෙසේ හෝ ජල පහසුකම් සපයා ගන්න හැකි වෙලා තිබෙනවා.

සහරාන්ගේ ප‍්‍රහාරය සහ කොරොනා උවදුර නිසා, නැගෙනහිර පළාත නරඹන්න එන බැතිමතුන් නොපැමිණෙන නිසා අප පුද බිමට ද බැතිමතුන් කිසිවෙක් පැමිණෙන්නේ නෑ. සාමණේර භික්ෂුන් වහන්සේලාට පොත් පත් සිවුරු පිරිකර පවා අඩුපාඩුයි. ලයිට් බිල් සහ මෙම පුදබිම නඩත්තු කිරීම සඳහාද විශාල වියදමක් යනවා.

පිරිවෙන් ශාලාවක්, දාන ශාලාවක්, භාවනා කුටි සහ චෛත්‍යරාජයාණන් වහන්සේ, භික්ෂු නේවාසිකාගාරය, විහාර මන්දිරය ගොඩනඟන්නට තිබෙනවා. මෙම ගම්මානයේ ජනතාවට දානය දීමට ශක්තියක් නැහැ. ගම්මානේ අසරණ ජනතාවට උදවු උපකාර කරන්න පන්සලට සිදුවෙලා තියෙනවා. එම තත්ත්වය තුළ දානමාන සකසාගෙන මෙම විහාරස්ථානය දියුණු කර ගැනීම බරපතළ ගැටලූවක් වෙලා තිබෙනවා. එම නිසා දෙස් විදෙස් පින්වතුන්ගේ සහාය ලැබුණොත් මෙම අර්බුද මැද වුවත් ලොවටම ධර්මය ලබා දෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට මේ පින් බිම පත්කර ගැනීමට හැකියාව තිබෙනවා යැයි කිරි`දිවල සෝමරතන නාහිමියෝ අඬහැරයට පවසා සිටියා.

අරන්තලා පුදබිමේ වගාකරන හිමිවරු කිරිඳිවැල සෝමරතන නාහිමියන්ගේ ප‍්‍රධාන ශිෂ්‍ය හිමි නමක් වන නාමල්තලාව ශෛලබිම්බාරාම අධිපති ගම්පහ නාරද හිමියන් මෙලෙස පැවසුවා.

අරන්තලා පුදබිම ගොඩනඟන්න කිරි`දිවෙල සෝමරතන නායක හිමිපාණන් පුදුමාකාර වෙහෙසක් ගනිමින් සිටිනවා. මේ වන විට මෙම පුදබිමේ භික්ෂූන් වහන්සේලා වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. එම හිමිවරුන් කැති, උදලූ අතට අරගෙන බෝග වගා කරනවා. පළතුරු වගා කරනවා. තමන්ගේ උත්සාහයෙන් දානය සකස් කිරීමට එම භික්ෂූන් වහන්සේලා වෙහෙසෙන්නේ. මෙම පුදබිමට වන අලි කරදර දිගින් දිගටම තිබ්බා. වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානයක මහතාගේ මැදිහත් වීමෙන් අලි වැටක් සකස් කරලා දුන්න නිසා අලි කරදරය ඉන් නතර වුණා.

ඒ සමගම මෙම ප‍්‍රදේශයේ ඉඩම් හිමි ධනවන්ත ඇතැම් රාජ්‍යය සේවකයන්, යාන වාහන තිබෙන, ව්‍යාපාර කරන අය වන සංරක්ෂණ ඉඩම් අත්පත් කර ගනිමින් තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ පුද බිමේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරගෙන ඉඩම් පවා ඔවුන් අල්ලා

ගනිමින් සිටිනවා. ඉදිරියේදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු සකස් කරන නිසා මෙම පුදබිමේ ඉඩම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී එය බලවත් ගැටලූවක් වෙන්නට ඉඩ තිබෙනවා. එනිසා මෙම පුදබිම දියුණු කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුයි යනුවෙන් නාරද හිමිපාණන් පවසා සිටියා.

තිස් එක් නමක් හිමිවරු අපවත්වුණු පුදබිමේ කුල දරුවන් දෙසීයක් පැවිදි කරයි.

මහා ඛේදවාචකයක් වෙලා තිස් එක් නමක් හිමිවරු ඝාතනය කළ පුදබිමේ අපේ ගුරු හිමි කිරි`දිවල සෝමරතන නාහිමිපාණන් වරින්වර 200කට අධික කුල දරුවන් පිරිසක් එම ස්ථානයේදීම සම්බුදු සසුනට පැවිදි කර දායාද කර දුන්නා. සම්බුදු සසුනට මහා විනාශයක් කරමින් දැවැන්ත හානියක් සිදුවී ඛේදවාචකය සිදු වූ භූමියේදීම සම්බුදු සසුන පෝෂණය කරන්නට කුල දරුවන් පැවිදි කළාට අමතරව උන්වහන්සේට අයත් විහාරස්ථාන තුළදී තවත් කුල දරුවන් තුන්සියයකට අධික පිරිසක් සම්බුදු සසුනට ඇතුළු කර තිබෙනවා. දිගාමඩුල්ල පුරා වෙහෙර විහාර අතිවිශාල ප‍්‍රමාණයක් රැුකබලා ගනිමින් පුරා වස්තු විනාශයට එරෙහි වෙමින් මහා අරගලයක් කරනවා. එම නිසා මෙම පුද බිම

ගොඩන`ගන්නට රැුකගන්නට ඔබගේ සහාය ලැබෙන්නේ නම් එය විශාල ශක්තියක් යැයි අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය පල්ලෙවල මහින්ද හිමිපානන් වහන්සේ අදහස් දක්වමින් පවසා සිටියා.

මෙම පුදබිමෙහි දියුණුවට කිරි`දිවල සෝමරතන නාහිමියන්ගේ 0718333322 යන දුරකථන අංකයෙන් තොරතුරු ලබාගෙන උපකාරයක් ලබා දෙන්නට පුළුවන්.



52 Viewers