අල් ජසීරා සහ රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ දශක 3ක් ගෝලීය ජාත්‍යන්තරවාදී බල කඳවුරේ මේ රටේ නියෝජිතයා.

අපි රනිල් ගේ වැඩපිලිවලවල් මුහුණු පොතේ වසර 12 කට වැඩි කාලයක් විවේචනය කරලා ඇති.

නමුත් 2022 ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ වෙනස් පුද්ගලයෙක් බවට පත් වුනා.

ඔහු සැබෑවට වෙනස් වෙලාද නැතිනම් දැනට නායකත්ව රික්තකයක් තිබෙන ජාතිකවාදී කඳවුරේ ඡන්ද ලබාගෙන නැවත ජනාධිපති වීමටද කියා මා දන්නේ නැහැ.

කොහොම උනත් පහුගිය දිනයක අල් ජසීරා රූපවාහිනිය සමඟ ඔහු සිදුකළ සාකච්ඡාව නැරඹූ පසු පැහැදිලි වුනේ අලුත් රනිල් වික්‍රමසිංහ ඒ සාකච්ඡාව පුරාම රට වෙනුවෙන් කතා කළ බවයි.

පැහැදිලිවම මේ වැඩසටහන සංස්කරණය කළ එකක්. අරන් ජසීරාවට අවශ්‍ය පණිවුඩය ලැබෙන පරිදි ඔවුන්ට උවමනා තැන් කපාදමා සෑදූ වීඩියෝවක්.

ලෝකය ගැන, ජාත්‍යන්තර මාධ්‍ය ගැන කිසිවක් නොදන්නා ලාංකිකයන් හිතන්නේ මේ මාධ්‍ය ඉතා අපක්ෂපාතී ඉහළ ගුණාත්මක ජනමාධ්‍ය බවයි.

ඔවුන් මේ “අපක්ෂපාතී මාධ්‍ය” ඉදිරියේ රනිල් කුජීත වූ බව කියමින් සිනාසෙනවා. ජාත්‍යන්තර දේශපාලනය සහ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිදු දැනුමක් නොමැති මෙරට ෆේස්බුක් ගව සම්පතට මේ නාලිකාවල සැබෑ අරමුණු වැටහෙන්නේ නෑ.

බටහිර මාධ්‍ය දැඩි ලෙස පක්ෂපාතී, ඔවුන්ගේ ඇජෙන්ඩාවලට ක්‍රියාකරන කිසිදු සදාචාරයක් නැති ආයතන. ආසියානු රටවල් පහත් කරමින් තමන්ගේ ස්වාමිවරුන් ගේ අරමුණු ඉටුකරන කුලී හේවායන්.

අඩුම තරමේ අල් ජසීරාව බටහිර මාධ්‍යක්වත් නොවෙයි. කටාර් රජ පවුලට අයත් බටහිර මාධ්‍යවලටත් අන්ත නාලිකාවක්.

ඔවුන්ගේ අරමුණ මේ සාකච්ජාව හරහා ශ්‍රී ලංකා රාජ්‍ය අවමානයට පත් කිරීම. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකල බවට ප්‍රචාරය කිරීම. ඒ සඳහා ඔවුන් ඊනියා දෙමළ ඩයස්පෝරා ආධාරකරුවන් නාලිකාවට කැඳවා තිබුනා.

ඊට අමතරව පාස්කු ප්‍රහාරය හරහාත් අපේ රටට සහ පාලකයන්ට පහර දීමට ඔවුන්ට උවමනා උනා. ශ්‍රී ලංකාව දූෂිත රාජ්‍යයක් ලෙස ලෝකයට පෙන්වා දීමට ඔවුන්ට උවමනා උනා.

ඔය කියනා ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය වැඩ කරන්නේ එහෙමයි. මේවාට හොඳින්ම මුහුණ දී ඔවුන් සමච්චලයට ලක් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමාජ ජාල තමන්ට විරුද්ධ ආස්ථානයක සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගත්තා.

රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවට සහභාගි වන්නේ මෙවැනි පසුබිමක් තුළයි.

ඔහු සාකච්ඡාව පුරාම රට වෙනුවෙන්, හමුදාව වෙනුවෙන් පෙනී සිටියා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන්න දුන්නේ නැහැ.

කතෝලික සභාවේ නිර්ලජ්ජිත දේශපාලනය සහ පාස්කු ප්‍රහාරය දඩමීමා කරමින් ගෙනයන කුප්‍රකට මහ මොළකරු නාට්‍ය දැඩි ලෙස විවේචනය කළා.

මට පෙනීගිය ලෙසට ඔහු හිර වුනු එකම තැන බටලන්ද කතාව පමණයි. එහි ඉතිහාසය අප සැවොම දන්නා කරුණක්.

අවසානයේ කීමට ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජේ.ඩී. වාන්ස් තරම් නොවුනත් රනිල් වික්‍රමසිංහ අල් ජසීරා මඩ වැඩසටහනට සෑහෙන හොඳින් මුහුණ දුන් බවයි.

එසේම කාලයක් තමන්ද නියෝජනය කළ ජාත්‍යන්තර ගෝලීය දේශපාලනයේ මෙවලමක් වූ මාධ්‍ය තමන්වම මෙසේ ප්‍රශ්න කිරීම රනිල් ලැබූ දෛවයේ සරදමක්.

රනිල්ගේ ඉතිහාසය කුමක් වුවත් මේ වැඩසටහනේ ඔහුගේ අදහස් දැක්වීමට අපි ස්තුතිය පුද කල යුතුයි.
ඔහු තමන්ට හැකි අයුරින් රට වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නා.



19 Viewers