• Home »
  • Sinhala News »
  • ඊළමට පාර කපන ටී.එන්.ඒ. මැතිවරණ ප‍්‍රකාශ

ඊළමට පාර කපන ටී.එන්.ඒ. මැතිවරණ ප‍්‍රකාශ

(Courtesy of Diwanina)

ද්‍රවිඩ සංධානය බිහි කළේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. 2001 මැතිවරණය සඳහා ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් වූයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය සාම සාකච්ඡුාවලට සහභාගි විය යුතු බවයි.

2004 ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ කොටි සංවිධානය ප‍්‍රකාශයට පත් කළ අන්තර්වාර පාලන අධිකාරියක් ස්ථාපිත කළ යුතු යැයි සඳහන් කර තිබුණි.

2004 ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනය තුළින් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය බවද දක්වා ඇත.

එම වසරේ එකී මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් වූයේ කොටි සංවිධානය රජයක් මෙන් ක‍්‍රියා කරන බවයි. එකී මැතිවරණ ප‍්‍රකාශනයේ මෙලෙස දක්වා තිබුණි. ‘‘කොටි සංවිධානය සම`ග එක්ව අපි කටයුතු කරන්නෙමු’’

එහෙත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී ඉන්දී්‍ය අගමැති වෙත ලිපියක් යවමින් ද්‍රවිඩ සංධානය යනු කොටි සංවිධානයේ රූකඩයක් යැයි පවසා තිබුණි.

2014 වසරේ පැවැති තමිල් අරසුකච්චි පක්‍ෂ සමුළුවේදී ආර්. සම්බන්ධන් පැවසුවේ ඉන්දියාවේ අයිතීන්වලට අනුකූල නොවන ද්‍රවිඩයන් සඳහා වූ ගිවිසුමකට ඉන්දියාව එක`ග නොවන බවයි. එසේම ඊට පෙර ද්‍රවිඩ සංධානය සිය මැතිවරණ ප‍්‍රකාශනවල මෙලෙස දක්වා තිබුණි.

2010 – ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනය

‘‘ද්‍රවිඩයන්ට ස්වයංපාලනයට හිමිකමක් ඇත. බලතල විමධ්‍යගත කළ යුතුයි. ඉඩම් හා නීතිය හා සාමය සහිත බලතල අවශ්‍ය වේ. විදේශ ආයෝජන සෘජුව ලැබිය යුතුය.

2013 – මැතිවරණ ප‍්‍රකාශනය – ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලනය දිය යුතුයි

2015 – එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලන හිමිකම දිය යුතු වේ.

සම ස්වෛරිභාවය මත ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි. මෙම ඉල්ලීම වෙනම රටකට මග පැදීමකි.

එසේම 2014 වසරේදී තමිල් අරසුකච්චි සමුළුව අමතමින් 13 වැනි සංශෝධනයටත් එහා බලතල විමධ්‍යගත කළ යුතුයි.

මෙවන් පසුබිමක් මැද 2020 වසරේ ද්‍රවිඩ සංධානය ප‍්‍රකාශයට පත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් ජනාධිපති සමාවටද අභියෝග කර තිබේ. ඒ මිරුවිල් ඝාතනයට වරදකරු වූ සුනිල් රත්නායකට සමාව ලැබීමයි.

එහෙත් හිටපු කොටි ත‍්‍රස්තයන් 15550 කට ජනාධිපති සමාව ලැබී තිබුණි. එසේ වුවත් ඊට එරෙහිව ද්‍රවිඩ සංධානය හඬනැ`ගුවේ නැත්තේ කොටි සහ ද්‍රවිඩ සංධානය එකම පිරිසක් නිසාය.

මෙවර ද්‍රවිඩ සංධානය ද්‍රවිඩ ජනතාවට පවසා ඇත්තේ අප ස්වයංපාලනය ඉල්ලන්නේ එක්සත් ශ‍්‍රී ලංකාවත් යටතේ බවයි. එහෙත් සත්‍යය කුමක්ද?

ස්වයංපාලනය සහ පෙඩරල් පාලනය ඉල්ලන ද්‍රවිඩ සංධානයට එම ඉල්ලීම් ලබාදීම යනු ශ‍්‍රී ලංකාව භයානක ඉරණමකට ලක් කිරීමකි. මේ ස්වයංපාලන ඉල්ලීම ගැන නිරීක්‍ෂණය කරන විට ස්පාඤ්ඤ රජය කැටලන් ප‍්‍රාන්තයේ ස්වයංපාලනය ඉල්ලීම මර්දනය කිරීමෙන් තහවුරු කළේ කැටලන් බෙදුම්වාදී නායක කාලස් වෙනම රටක් බවට කැටලන් රාජ්‍යය වෙන් කිරීමට පිඹුරු පත් සකස් කිරීමට සමාන බවයි.

මේ තත්ත්වය මත උතුරු නැගෙනහිරට ස්වයංපාලනය දුන්නොත් සිදු වන්නේ කුමක්ද? මෙහි දැක්වෙන්නේ ඊට නිදසුන්ය.

ස්වයංපාලනය යටතේ උතුරු නැගෙනහිර බලය මහ ඇමැතිට හිමිවුවොත් රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජන එල්ල වේ. එවිට පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැුසකට කැඬේ ප‍්‍රාන්ත පොලිසිද බිහි වේ.

උතුරු නැගෙනහිර සියලූ හමුදා කඳවුරු අනාරක්‍ෂිත වේ. මෙරට රහස් පොලිසියට අපරාධකරුවකු අල්ලා ගැනීමට පලාලි සිට ඉදිරියට යෑමට නොහැකි වේ.

ඉන්දියාවේ මුම්බායිහි ටාජ් හෝටලයට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වූ අවස්ථාවේ නවදිල්ලියේ සිට කමාන්ඩෝ බළකායක් ගෙන්වා ගැනීමට මහාරාෂ්ට‍්‍ර මහ ඇමැතිගේ අවසරය

ගැනීමට සිදුවිය.

කොන්ග‍්‍රස් පක්‍ෂයේ නායිකාව ලෙස කටයුතු කළ සෝනියා ගාන්ධි ඉන්දු කාශ්මීරයේ ශ‍්‍රි නගර් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඇයට ගුවන් තොටුපළින් එළියට ඒමට කාශ්මීර් මහ ඇමැතිගේ අවසරය පැතීමට සිදු වූ බව වාර්තා විය.

මෙවන් තත්ත්වයක් මැද විග්නේෂ්වරන්, සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, අඩෙයිකලනන්දන්, සිද්ධාර්ථන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, එම්. ශ‍්‍රිධරන්, එම්. කේ. සුමන්තිරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කිව හැකිද? මේ බෙදුම්වාදීහු ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල කොටස්කරුවන් වේ.

මොවුන් බලා සිටින්නේ අවස්ථාව කුමන මොහොතේ හෝ උදාවනතුරුය. ඒ සඳහා අවි ආයුධ පුහුණුවලත් හිටපු කොටි 15550 ක් සූදානම්ව සිටිති. කිලිනොච්චියේදී බෝම්බයක් එකලස් කිරීමට ගොස් මියගිය හිටපු කොටියකු වූ ගංගයි අස්තන් ඊට නිදසුනකි.

බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ස්විස්, කැනඩා, නෝර්වේ සහ ඕස්ටේ‍්‍රලියානු කොටි ඩයස් පොරොව බලාසිටින්නේද එම අවස්ථාවයි.

මෙවර ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයෙන් ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා ප‍්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමටද ක‍්‍රියා කර ඇත. වන්නි මෙහෙයුමට දායක වූ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානිනීන්ට එරෙහිව ජාත්‍යන්තර හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට ද ඉල්ලා ඇත.

එසේ නම් කොටි රූකඩය ලෙස ක‍්‍රියා කළ ද්‍රවිඩ සංධානය ද කොටි යුද අපරාධවලට සම්බන්ධ නිසා රජයද ඔවුන්ට එරෙහිව විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු වේ.

එහෙත් කිසිදු රජයක් ඒ සඳහා පියවර ගත්තේ නැත.

චෙච්නියාවේ බෙදුම්වාදීන් දියත් කළ බෙදුම්වාදී යුද්ධය රුසියාව විසින් හමුදාව යොදවා පරාජය කිරීමෙන් පසු ජනාධිපති වැලැඩිමිර් පුටින් පැවසුවේ සුළුතර වාර්ගිකයන් රටේ නීතිරීතිවලට අනුකූලව ජීවත්විය යුතු අතර ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවයි.

එහෙත් බෙදුම්වාදී ද්‍රවිඩ සංධානයට රට දෙකඩ කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට පමණක් නොව ජනාධිපතිට එරෙහිව අධිකරණයට යෑමට පවා ඉඩ ලැබී ඇත.

වසර කීපයකට පෙර රටින් පිටත ඊළම් ආණ්ඩුව ප‍්‍රකාශයක් කරමින් උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් බවට පිළිගත යුතු බව පවසා තිබුණි. එසේම 2015 දෙසැම්බර් මස එම සංවිධානය ද්‍රවිඩ ඊළම් මුදල් ව්‍යවහාරයත් ආරම්භ කළ යුතු බවද දක්වා තිබුණි.

2002 ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රට දෙකඩ කිරීමේ මෙහෙයුම අධිකාරියක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට ප‍්‍රභාකරන් විසින් මැලේසියාවේ සිට බෙදුම්වාදී මහාචාර්ය පී. රාමසාම් මෙරටට ගෙන්වනු ලැබීය.

එවකට පැවැති රනිල් වික‍්‍රමසිංහ රජය රාමසාම්ට සති කීපයක් තිස්සේ වන්නියේ රැුඳී සිටීමට ඉඩ දුන්නේය.

රාමසාම්ගේ කෙටුම්පත එළිදැක්වූයේ අන්තර් වාර පාලන කෙටුම්පත ලෙසිනි. එම කෙටුම්පත ඉන්පසු ද්‍රවිඩ මැතිවරණ ප‍්‍රකාශනය ලෙස බිහි විය.

මෙවන් පසුබිමක් මැද මන්නාරම් මුහුදු කලාපයේ ටයිටේනියම් නිධි පිළිබඳව ගවේෂණය කිරීමට ඔස්ටේ‍්‍රලියානු සමාගමකට පවරා තිබේ. ඒ සඳහා මොරිෂියස් රාජ්‍යයේ සමාගම් දෙකකට බලය ලබාදී ඇත. මොරිෂියස් යනු කොටි හිතවාදීන්ට පක්‍ෂපාතී රාජ්‍යයකි. ස්විට්සර්ලන්තයේ මොරිෂියස් තානාපති කාර්යාලයේ නිලධාරියකු කොටි හිතවාදීන් සම`ග මානව හිමිකම් කවුන්සිලය තුළ රහසිගතව සාකච්ඡුා කරන අයුරු අපට දැක ගත හැකි විය.

එවන් තත්ත්වයක් මත මොරිෂියස් සමාගම් දෙකකට ටයිටේනියම් ගවේෂණ බලපත‍්‍ර දුන්නේ හිටපු කර්මාන්ත ඇමතිද?

මෙම ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ තවදුරටත් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමයි. එය වෙනම රටකට මගපෑදීමකි.

එසේම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින් හමුදාව ඉවත් කළ යුතු බවද එම ප‍්‍රකාශනයේ සඳහන් කර තිබේ.

මෙම ප‍්‍රදේශ දෙකින් හමුදාව ඉවත් කළහොත් සිදුවන්නේ එම ප‍්‍රදේශ බන්දේසියක තබා බෙදුම්වාදීන්ට ලබාදීමකි.

මෙයට වසර ගණනකට පෙර ප‍්‍රභාකරන්ද ආණ්ඩුවලින් ඉල්ලූවේ උතුරු නැගෙනහිර හමුදාකරණයෙන් ඉවත් කළ යුතු බවයි. මෙම ඉල්ලීම්වල පසුබිම ගැන අවධානය යොමු කළ විට පෙනී යන්නේ සෑම ඉල්ලීමක්ම දම්වැලක් මෙන් එකිනෙක බැඳී ඇති බවයි.

මේ හැර ශ‍්‍රී ලංකාවේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වූ මන්නාරම, වැල්වැටිතුරේ , කන්කසන්තුරේ, පලාලි, ත‍්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර ද සම්බන්ධන්ගේ ද්‍රවිඩ සංධානයට නතු වේ.

එවිට වෙනම රටක් ප‍්‍රකාශයට පත් කිරීමටද හැකිවේ. යහපාලන රජය ජාතික ආරක්‍ෂාව ගැන තැකීමක් නොකර පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට ප‍්‍රකාශයට පත් කළේය.

එම පසුබිම මැද ද්‍රවිඩ සංධානය ඉල්ලන ස්වයංපාලනය හෙවත් පෙඩරල් පාලනය යටතේ පලාලි ඔවුන්ගේ අන්තර් ජාතික ගුවන් තොටුපළ බවට පත්වේ.

පසුගිය ආණ්ඩු ද්‍රවිඩ ඡුන්ද උදෙසා විවිධ ක‍්‍රියාමාර්ග ගනු ලැබීය. එම ක‍්‍රියාමාර්ග උපක‍්‍රමශීලී ලෙස ලබාගැනීමට ද්‍රවිඩ සංධානයට හැකිවිය.

ආරක්‍ෂක හමුදාව දිවි පුදා නිදහස් කරගත් උතුරේ ඉඩම් ජාතික ආරක්‍ෂාව ගැන තැකීමක් නොකර මුදාහැරීමට යහපාලන රජය ක‍්‍රියා කළේය.

ඉන්පසු හිටපු ජනපති උතුරට පැමිණි විට ද්‍රවිඩ සංධාන නායක සම්බන්ධන් පැවසුවේ ඔහුට උතුරට ඒමට හිමිකමක් නැති බවයි. එසේම පලාලි වෙත සමීප වී ප‍්‍රහාර එල්ල කළ හැකි මයිලඞ්ඩි ධීවර වරායද නිදහස් කෙරුණි. ඉරණතිව් ¥පතේ පදිංචි වීමටද යහපාලන රජය ඉඩ දුන්නේය.

මේ ස්ථාන උපාය මාර්ගික ආරක්‍ෂිත කේන්ද්‍රස්ථාන විය. ද්‍රවිඩ සංධානය ඉන් නතර වුයේ නැත. මුලතිව් හමුදා කඳවුර පිහිටි ස්ථානයෙන් ඉවත් වන ලෙසද කියා සිටියේය.

මේ හැර ඉරනතිව් කොටි ගුවන් ධාවන පථය පිහිටි ප‍්‍රදේශයෙන් ගුවන් හමුදාව ඉවත් කෙරුණි.

මේ අතර මධ්‍යම රජයට සමානව ආර්ථික පිළිවෙතක් ක‍්‍රියාත්මක කිරීමටද ද්‍රවිඩ සංවිධානය සැලසුම් කර තිබුණි.

මේ පසුබිම මැද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සතුරු පාර්ශ්ව තුනකටම මැදිහත්ව සිටී. ඒ උතුරේ බෙදුම්වාදීන්, අන්තවාදීන් සහ ඉතා බලවත් මත්ද්‍රව්‍ය ජාලයයි. මොවුන්ගේ ඉලක්කය ගෝඨාභය රාජපක්‍ෂ බව සනාථ වී තිබේ. එසේ වුවත් මේ සතුරු පාර්ශ්ව කෙරේ අවධානය යොමු වී තිබේද? ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය වූයේ ඇගේ සීක් ආරක්‍ෂකයන්ගෙනි. අම්රිත්සාර්හි රන් දෙවොල කාලිස්තාන් ත‍්‍රස්තයන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම දියත් කළ ජනරාල් අරුන් විද්‍යා වසර ගණනකට පසු ඝාතනය වුයේද සීක් ත‍්‍රස්තයන් දෙදනකු එල්ල කළ ප‍්‍රහාරයකිනි. එම මෙහෙයුමට සම්බන්ධ 2 වැනි හමුදා නිලධාරියා ලන්ඩන් නුවරදී පිහි ඇනුමකට ලක් වී දිවි ගලවා ගත්තේය.

මෙරට තවදුරටත් අන්තවාදී කොටස් ක‍්‍රියාත්මක වේ. හිටපු කොටි ද අවස්ථාව එනතුරු බලාසිටී. බලගතු මත්ද්‍රව්‍ය ජාලයද හිස ඔසවා තිබේ.

බූස්ස බන්ධනාගාර භූමියේදී මත්ද්‍රව්‍ය ඡුාවාරම්කරුවකු ජනාධිපතිට සහ ආරක්‍ෂක ලේකම්ට මරණීය තර්ජනය කිරීම තුළින් ඇති වී තිබෙන බරපතළ තත්ත්වය තහවුරු වේ.

මෙවන් මහමැතිවරණයක් මැද කොළඹ බටහිර තානාපතිවරු තමන්ට හිස නොනමන ජනපතිවරයාගේ ඇදවැටීම අපේක්‍ෂා කරති. මේ තත්ත්වය මැද සතුරන් වෙස් මුහුණු දමාගෙන රජයට සමීප වී සිටිති. මෑතකදී උතුරේ හිටපු මහ ඇමැතිව සිටි විග්නේෂ්වරන් පැවසුවේ පත්වන රජයෙන් ද්‍රවිඩ ඉල්ලීම් දිනාගත නොහැකි බවයි.

එවන් ප‍්‍රකාශ මැද පාස්කු ප‍්‍රහාරය පසුබිමේ ක‍්‍රියාත්මක වූ පිරිස සහ ඊට මුල්වූවන් අද වනතුරු සොයා ගැනීමට නොහැකි විය.

හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ඔහුට බාහිරව නිල නොවන පාලනයක් ක‍්‍රියාත්මක විය. මෛත‍්‍රිපාල වෙනුවට ජිනීවා යෝජනාවට එක`ග වූයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරයි. නිල නොවන පොලිස්පති ලෙස රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර ක‍්‍රියා කළේය. රිෂාද් බදුර්දින් අසාද් සාලි වැන්නවුන් මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් විණි. අමිත් නැමැත්තාගේ මුස්ලිම් කවුන්සිලය ජාතික ආරක්‍ෂාවට මැදිහත් වී මෙරට අයිසිස් ක‍්‍රියාකාරීහු නැතැයි පවසනු ලැබීය. එහෙත් අයිසිස් ක‍්‍රියාකාරීහු 1000 ක් පමණ සිටින බවට ජනාධිපති කොමිෂම හමුවේ තොරතුරු හෙළි කළ බුද්ධි නිලධාරියෙක් පවසනු ලැබීය.

එසේ නම් අයිසිස් ක‍්‍රියාකාරීන් නොසිටින බවට ප‍්‍රකාශ කළ එවැනි අධමයන් ගැන රජය දැඩි ලෙස ක‍්‍රියා කළ යුතුව ඇත.

මේ අතර පසුගිය රජය යටතේ විග්නේෂ්වරන් කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සහාය මත ස්විස් ප‍්‍රිබුක් පෙඩරල් ආයතනයෙන් විශේෂඥයන් දෙදෙනකු මෙරටට ගෙන්වා යාපනයේදී සම්මන්ත‍්‍රණයක් පවත්වනු ලැබීය.

එම සමයේ පැවැති රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකස් කිරීමට මුල්විය. ඊට දායක වූ ජයම්පති වික‍්‍රමරත්න අද සිටින්නේ ස්විට්සර්ලන්තයේයි.

රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ද අද ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබා තිබේ. ඔහුට ස්විට්සර්ලන්තයට යෑමට මග පෑදුවේ කෙසේදැයි ස්විස් තානාපති කාර්යාලය මෙතෙක් හෙළි කර නැත.

විදේශ කටයුතු බලධාරීන් මේ ගැන ස්වස් තානාපතිගෙන් විමසන්නේ නැත්තේ මන්ද යන්න බරපතළ ප‍්‍රශ්නයකි.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුතු අන්තවාදී ඉස්ලාමීය පාර්ශ්ව බේරා ගැනීමට ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීනියක් පර්යේෂිකාවක් ලෙස පත් කර ඇත. පාස්කු ප‍්‍රහාරය ගැන රහස් පොලිසිය සහ අධිකරණය වැඩිදුරටත් පරීක්‍ෂණ කරද්දී ඇයට ඒ ගැන පර්යේෂණ කළ හැකිද? රහස් පොලිසිය වහාම මේ පර්යේෂිකාවට එරෙහිව ක‍්‍රියා නොකරන්නේ මන්ද?

ඇම්නෙස්ට් සංවිධානය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධවූවන් වෙනුවෙන් මැදිහත්වීමෙන් ඔවුන් අධිකරණ පද්ධතියට අභියෝගයක් කර ඇති බව තහවුරු වේ.

මේ අතර ද්‍රවිඩ සංධානය රැුඳවුම්භාරයේ සිටින හිටපු කොටි ත‍්‍රස්තයන් මුදා ගැනීම සඳහා රජයේ සහය පතා ඇත.

හිටපු ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී සුමන්තිරන් හා මාවෙයි සේනාධිරාජා ද ඊට මුල් වී තිබේ. මැතිවරණය ඉලක්ක කර ද්‍රවිඩ සංධානය හිටපු කොටි මුදාහරින ලෙස ඉල්ලා ඇත්තේ ඉදිරි සැලසුමක් සඳහා බව රජය අවබෝධ කර ගත යුතුය.

 කීර්ති වර්ණකුලසූරිය



37 Viewers