• Home »
  • Articles »
  • කරුණාකරලා මේ කතාව ජාතිවාදී කතාවක් විදියට ගන්න එපා කියලා මුලින්ම ඉල්ලනවා..

කරුණාකරලා මේ කතාව ජාතිවාදී කතාවක් විදියට ගන්න එපා කියලා මුලින්ම ඉල්ලනවා..

ජන සංගණන වාර්තාව එලියට ආවට පස්සේ හැමෝම දැකලා තිබුණේ කාන්තා ප්‍රතිශතය වැඩිවෙලා පිරිමි ප්‍රතිශතය අඩු වෙච්ච එක විතරයි.. ඒකත් විහිලුවට අරගෙන තිබුණා බහුතරයක්.. හැබැයි ඒ වාර්තාවේ අඬන්න වෙන කාරණාව දැක්කෙ නෑ ගොඩක් අය ..

අපිට ජාතියකින් ආගමකින් වැඩක් නැහැ.. ඉන්න ටිකේ කාලා බීලා ආතල් එකේ ඉන්න විතරයි ඕන කියන අයට මේ කතාව අදාල නැහැ..

ඒ සංගණන වාර්තාව දැක්කට පස්සේ හරි නම් සිංහල මිනිස්සුන්ගේ ඔලුවට යන්න ඕනේ
” ආ අපිට වැඩිපුර ගෑනු ඉන්නවා ” වගේ තර්ඩ් ක්ලාස් සිතිවිල්ලක් නෙමෙයි..
ජාතිය වඳ වෙමින් යන්නේ.. තවත් ජාතීන් දෙකක මාස්ටර් ප්ලෑන් එකක ගොදුරක් වෙමින්, සිංහල ජාතිය ක්ෂය වෙමින් යන්න පටන් අරන් කියන එක ඔලුවට ගිහිල්ලා නැත්තං බුද්ධි මට්ටමේ අවුලක් තියෙනවා එයාලට..

සිංහල ජාතිය වර්ධනය වෙන එක නතර වෙලා… ශ්‍රී ලංකාව කියන රටේ මහ ජාතිය අඩුවෙමින් යනවා කියන එක ඇත්තටම ඔබට දැනෙන්නෙ නැද්ද..

තව අවුරුදු කිහිපයකින් ලංකාවේ මහජාතිය සිංහල නෙමෙයි.. තව අවුරුදු කිහිපයකින් සිංහල මහ ජාතියෙන් නායකයෙක් පහළවිය යුතුයි කියන සංකල්පය බිඳලා
#දීර්ඝ_කාලීන_මාස්ටර්_ප්ලෑන් එකක කැමැත්ත පරිදි ඒ වෙනකොට ලංකාවේ ඉන්න සිංහල මිනිස්සුන්ට වෙන ජාතියක කෙනෙක් ජනාධිපති වෙනවා දකින්න පුළුවන්..

මම මේ ළඟදි දවසක පාන්දරක ගමනක් යන්න පටන් ගත්තා.. ත්‍රිකුණාමලය තමයි ගමනාන්තය.. ඔය ගමන වැටෙන්නේ ලොකු සිංහල ගම්මාන මැද්දෙන්.. ඔය සිංහල ගම්මාන මැද්දේ  තියෙන සමහර තැන්වල පල්ලි තියෙනවා.. පාන්දර පහටත් ඒ ජාතියේ අය පල්ලි යන්න ඇවිල්ල පොඩි පිරිමි දරුවෝ එක්ක.. ඒ මිනිස්සුන්ට දොස් කියන්න මම කැමති නෑ.. එයාලා ඒගොල්ලන්ගේ ජාතියෙයි ආගමෙයි වර්ධනය වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්නවා..

අපේ අය මොකද කරන්නේ.. බණ කියාගෙන කියාගෙන යන කත්නෝරුවේ හාමුදුරුවන්ට බැනලා පෝස්ට් දානවා.. පන්සල් හදන ගඟසිරිපුර හාමුදුරුවන්ට බැනලා පෝස්ට් දානවා.. මේ හාමුදුරුවරු ඊනියා මතයක් ගොඩනඟනවා කියලා හාමුදුරුවන්ට කතන්දර හදනවා..

ජාතියෙයි ආගමෙයි අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ගෙ කොඳු බිඳින්න බලාගෙන විතරක් සිංහලයෝ ඉස්සරහට එනවා… සිංහලයා කියන්නේ ඒකට උපන් හපන් කෙනෙක්නෙ..

කකුළුවා නටන්නේ හැලිය රත්වෙනකන් කියන්නැහේ  අපි තමයි මහජාතිය කියන්න පුළුවන් උද්ධච්ච කතාව කියන්න වෙන්නේ තව ටික කාලයයි..

සංගණන වාර්තාවට අදාළ නොවෙන තව එක කතාවක් මං කියන්නම්.. මම ඉන්නේ උතුරේ.. ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිය එක්ක තමයි වැඩ කරන්නෙ.. මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් එක්ක..
සාමාන්‍යයෙන් මෙහෙ ද්‍රවිඩ පවුල්වල බොහොමයක් අය මේ වෙනකොට ඉන්න යුරෝපා රටවල.. හැබැයි ඒ ගොල්ලෝ එහෙ ගිහින් එයාලගේ කවුරුත් අමතක කරලා නෑ.. දැනට ලංකාවේ ඉතුරු වෙලා ඉන්න එයාලගෙ ජාතියේ තරුණ ගෑණු ළමයි පිරිමි ළමයි හැමෝම යුරෝපා රටවල ඉන්න ඒගොල්ලන්ගේ නෑදෑයෝ ඒ රටවල් වලට අරගෙන
ධනය අතින්,  බලය අතින්, ඒගොල්ලන්ගේ ජාතිය මාර විදිහට ඉස්සරහට අරන් එන ගමන් ඉන්නේ.. මම ඒක හොඳටම දකින කෙනෙක්..
( ඒකෙ ප්‍රතිඵලත් දවසක බලන්න පුළුවන් )

කවද හරි දවසක සිංහල මිනිස්සු ලඟ එහෙම ගතිගුණයක් දැකල තියෙනවද ඕගොල්ලෝ.. හොඳ රටකට යන්න හම්බ වුණොත් ලංකාවේ අයත් එක්ක තියෙන කනෙක්ෂන් පවා අයින් කරලා දානවා..

හරි කණගාටුයි.. ප්‍රභාකරන් මැරෙන්න කලින් කිව්වා

” සිංහල මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ දවස් හතයි ”

කියලා .. ඒක ඇත්ත කියලා මම කියන්න ඕනත් නෑ හැමෝම දන්නවා.. දවසක සිංහල මිනිස්සුන්ට නැති වෙන්න වෙනවා #ජනගහනය_අතින්  #බුද්ධිය_අතින්
#බලය_අතින්  #මුදල්_අතින්
අතිශය ප්‍රබලත්වයට පත්වෙන දැනට සුළු ජාතීන් යැයි තකන ජාතීන් දෙකක් අතින්..
ඒක ස්ථිරයි…

ඉතින්.. මලක් ගහගෙන,  අනුන්ගෙ කුනුම හොයන, අයාලේ යන්නම බලන සිංහලයෝ හරි පවු.. නැව ගිලුනත් බෑන් චුන් කියන සංකල්පයෙන් අන්ධයෝ ගොළුවෝ බිහිරෝ වගේ ජීවත් වෙනවා.. ලොකු ඛේදවාචකයක්.

උපුටාගැනුම Nisha Karunadasa



4 Viewers