• Home »
  • Sinhala News »
  • කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී මේජර් අලදෙණිය ඇතුළු රණවිරුවන් 55ක් සැමරීමේ විශේෂ පින්කමක්

කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී මේජර් අලදෙණිය ඇතුළු රණවිරුවන් 55ක් සැමරීමේ විශේෂ පින්කමක්

මීට වසර 35කට පෙර රට ජාතිය වෙනුවෙන් කිළිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී දිවිදුන් මේජර් සාලිය අලදෙණිය රණවිරුවා ඇතූළු රණවිරුවන් 55 දෙනකු සිහිපත් කිරීම පිණිස විශේෂ පින්කමක් කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී 4 දා පැවත්වුණි.

මහා සංඝරත්නය විසින් මේ අවස්ථාවේදී මියගිය රණ විරුවන්ට පින් අනුමෝදන් කළ අතර මේ දිනවල දකුණේ සිට උතුරට ගමන් කරන සාම පාගමනේ නිරත භික්ෂූන් වහන්සේ පනස් නමක්ද මේ පින්කමට සහභාගී වී රණවිරුවන්ට ආශිර්වාද කිරීම විශේෂ සිද්ධියකි. මෙහිදී භික්ෂූන් වහන්සේලා පනස් නමකට අධික පිරිසකට සාංඝික දානයක්ද පිරිනැමීමට පින්කම සංවිධානය කළ පිරිස කටයුතු යොදා තිබූ අතර සෑම වසරකම කොකාවිල් රණවිරු ස්මාරකය අබිියසදී පැවැත්වෙන පින්කම්වලට මේජර් සාලිය අලදෙණිය මහතාගේ මෑණියන් ඇතුළු පවුලේ ඥාතීන් සහභාගී වූවත් මෙවර මව අසනීප වීම නිසා ඔවුන්ට සහභාගී වීමට නොහැකි වී තිබුණි.

පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන, හිටපු අමාත්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් හා අනුරාධපුරයේ තවත් පින්වතුන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටි අතර යුද හමුදාවෙන් මෙම පින්කම සාර්ථක කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දී තිබුණි.

දිනසේන රතුගමගේ



10 Viewers