කොටින්ගේ දිය යට කිමිදුම් බලකායේ නිර්මාතෘ අමරන් විනාශ කල මේජර් ලලිත් ජයසිංහ

LTTE මුහුදු කොටි අංශයේ මරාගෙන මැරෙන දිය යට කිමිදුම් අංශයේ ආරම්භය 1985 වසර දක්වා දිවයන්නක් බව එහි මූලාශ්‍ර කියවීමෙන් තහවුරු වන්නකි. 1985 සිංගප්පූරුවේ සිට කිමිදුම් ඇදුම් කට්ටල දෙකකින් චෙන්නායි ගෝල්ඩන් බීච් අසල විශේෂයෙන් ඉදිකරන ලද ස්ථානයකදී.. ගංගෙයි අමරන් ඇතුළු LTTE සංවිධානයේ 42 ක් මාස තුනක පමණ විශේෂ කිමිදුම් පුහුණුවක් ලබා ඇති අතර. එම පුහුණුව කර්නල් ශංකර් විසින් අදීක්ෂණය කල බව කියැවේ..
1986 දී.. ඔක්තෝබර් 31 හරියටම මීට වසර 40 කට පමණ පෙර ගංගෙයි අමරන් ගේ නායකත්වයෙන් LTTE කිමිදුම් අංශයේ මුල්ම දිය යට ප්‍රහාරය කරෙයිනගර් නාවික හමුදා කදවුරේ ජැටියේ නවතා තිබූ ප්‍රහාරක යාත්‍රා ඉලක්ක කර එල්ල කිරීමට සූදානම් වූ.. අතර ඒ..සදහා වන පෙර පුහුණුවීම් සැප්තැම්බර් – ඔක්තෝබර් මස සිදු කොට තිබිණ. එහෙත් සැලසුම් කල පරිදිම එම ප්‍රහාරය සාර්ථක නොවූ.. අතර… කරෙයිනගර් නාවික කදවුරේ.. ජැටිය අසලදී.. නාවික හමුදා සෙබලුන්ට LTTE කිමිදුම් කරුවන් ගේ.. වායු බුබුළු ජලය මත නිරීක්ෂණය වීම නිසා.. නාවික හමුදාව ජලය මතට එල්ල කල වෙඩි ප්‍රහාර හා අත් බෝම්බ ප්‍රහාර මගින් එම ප්‍රහාරය සදහා පැමිණි සුලෝජන් , ප්‍රින්ස්ලි,සෙල්වා යන ත්‍රස්ථවාදී කිමිදුම් කරුවන් මිය ගියහ. එම කිමිදුම් කරුවන් ඇද සිටි නවීන කිමිදුම් ඇදුම් ආයිත්තම් , උපකරණ එකල නාවික හමුදා කිමිදුම් අංශ සතුවද නොතිබූ බව පැවසේ..
පලමු ප්‍රහාරයම අසාර්ථක උවද.. නාවික වරායක් තුලට දිය යටින් රිංගා ප්‍රහාර එල්ල කිරීමේ.. පලමු උත්සාහය LTTE සංවිධානය අත් හදා බැලූ අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකිය. එතැන් පටන් එම ප්‍රහාරයෙන් මිය ගිය පලමු කිමිදුම් කරුවා වන සුලෝජන් ගේ.. නමින් LTTE කිමිදුම් බලකාය නම් කිරීමට එහි නායක ගංගෙයි අමරන් පියවර ගෙන තිබුණි.
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ හිටපු නාවික හමුදපති අද්මිරාල් රවී විජේගුණවර්ධනයන් සහබාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී එතුමන් පැවසූවේ.. මුහුදු කොටි නායකයා සුසෙයි උවත් එහි නියෝජ්‍ය නායක ගංගෙයි අමරන් යනු සුසෙයිට වඩා ඉදිරියෙන් සිටි දක්ෂ සටන් කාමියකු බවයි. සුසෙයිගේ ගේ සටන් ක්‍රමවේදය වූයේ.. නාවික හමුදා යාත්‍රා මුහුද මැදට පැමිණි පසු මුහුද මැදදී කොටු කර පහරදීමේ ක්‍රමවේදයයි. එහෙත් ගංගෙයි අමරන් LTTE සංවිධානය තුල කාවද්දා තිබුණේ.. නාවික හමුදා යාත්‍රා මුහුදට පැමිණීමට ප්‍රථම වරාය තුලදීම තමාට විනාශ කල හැකිය යන්නයි. රවීන්ද්‍ර විජේගුණවර්ධනයන්ට අනුව පසු කාලීනව ගංගෙයි අමරන්ගේ දිය යට කිමිදුම් අංශය නිසා වරායන් තුළ නවතා තිබෙන නාවුක යාත්‍රා ආරක්ෂා කිරීමට නාවික හමුදාවට අමතර නාවික සෙබලුන් යෙදවීමට සිදුවූ බවයි. 1987 සිට 2000 වසර දක්වා කාලය තුල වරින් වර ත්‍රිකුණාමලය , කන්කසන්තුරේ වරායන් අසල නැංගුරම් ලා තිබූ නාවික හමුදා යාත්‍රා කිහිපයක් විනාශ කිරීමට LTTE දිය යටින් පැමිණෙන කිමිදුම් කරුවන් සමත් ව තිබුණි. 1994 අගෝස්තු 16 වන දා කිමිදුම් අංශයේ අංගයර්කන්නි නමැති LTTE සාමාජිකාවක් කන්කසන්තුරයේ නැංගුරම් ලා තිබූ නාවික හමුදා යාත්‍රාවක් දිය යටින් ගොස් විනාශ කල බව LTTE මූලාශ්‍ර මගින් කියැවේ..
පසුකාලීනව ඔවුන් දිය යටින් ගමන් කල හැකි සබ්මැරීන් හා ස්කූටර් සමාන විවිධ මාදිළියේ යාත්‍රා ද බාවිතා කොට තිබුණු . ඒවා බොහොමයක් සම්පුර්ණ සබ්මැරීන් නොවූ අතර අර්ද සබ්මැරීන් හැඩයෙන් යුත් යාත්‍රා බව පසුකාලීනව වාර්ථා විය. අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට හා ජලය මට්ටමින් ඉතා සුළුකොටසක් ඉහලට නිරාවරණය වනසේ.. සෑදූ ඈතට නිරීක්ෂණය නොවන සේ සෑදූ ඒවාය. අවසන් යුද සමයේ ගොඩ බිමදී සොයා ගැනුනු සබ්මැරීන් හැඩැති එවැනි යාත්‍රා බොහොමයක් අත් හදා බැලීමේ..පරීක්ෂණ මට්ටමේ තිබූ ඒවා බව සනාථ විය. දිය යටින් පැමිණෙන LTTE මරාගෙන මැරෙන කිමිදුම් කරුවන් ගේ.. තර්ජන වැඩිවීමත් සමග 1996 වසරේදී නාවික හමුදාව විසින් කිමිදුම් කරුවන් හා දිය යටින් පැමිණෙන යාත්‍රා හදුනාගැනීමේ.. තාක්ෂණික උපකරණ ගෙන්වා ගෙන තිබුණි.
LTTE සංවිධානයේ සබ්මැරීන් වැනි යාත්‍රා අත් හදා බැලීම 2000 වසරට පෙර සිටම එනම් කොටි කිමිදුම් අංශයේ නායක ලුතිතන් කර්නල් ගංගෙයි අමරන් සිටි කාලයේ සිටම පැවත එන්නක් බව පැහැදිලිය.
2001 වසරේ මැද බාගයේදී.. යුද හමුදා 3 වන විශේෂ බලකායේ.. දිගුදුර විහිදුම් බලකායට අයත් මේජර් ලලිත් ජයසිංහ ( එවක ලුතිතන් ) ගේ නායකත්වයෙන් කොටි පාලන ප්‍රදේශයේ අබ්‍යන්තරයට කිදා බැස කිලිනොච්චිය සීමාවේ.. අක්කරායන් – කොකාවිල් මාර්ගයේ කොටින්ගේ කිමිදුම් අංශයේ නිර්මාතෘ අමරන් ගමන් ගත් රථ පෙල ඉලක්ක කොට එල්ල කල රැක සිට ප්‍රහාරයෙන් එම ත්‍රස්ථවාදී නායකයා විනාශ වූ අතර එතැන් පටන් 2008 තෙක් වසර ගණනාවක් කොටින්ගේ කිමිදුම් අංශය අඩපණ විය. 1991 දී පුනරීන් අත්පත්කර ගැනීමේ..හා 2000 දී අලිමංකඩ අල්ලා ගැනීමේ මෙහෙයුම් වලදී ගංගෙයි අමරන් ගේ නායකත්වයෙන් LTTE කිමිදුම් අංශය විශාල දායකත්වයක් දී.. තිබිණ. පුනරින් සිට යාපනය කලපුව හරහා යාපනය නගරයට රහසේ ඇතුළු වී එල්ල කල ප්‍රහාර බොහොමයකට නායකත්වය දී තිබුණේ ගංගෙයි අමරන් විසිනි. ඔහු දිගුදුර විහිදුම් ප්‍රහාරයට ලක්ව මිය යන්නේද යාපනය නැවත අත් පත්කර ගැනීමේ සිය සැලසුම ප්‍රබාකරන් වෙත දැන්වීම සදහා පුනරින් සිට අක්කරායන් හරහා ඉරණමඩු වෙත ගමන් ගනිමින් සිටියදීය. මේජර් ලලිත් ජයසිංහද විශේෂ බලකායේ සිටි දක්ෂ කිමිදුම් කරුවකු වූ අතර LTTE කිමිදුම් අංශයේ නායකයා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික කිමිදුම් අංශයේ නිලදාරියකුගේ.. ප්‍රහාරයකින්ම මිය යෑමට සිදුවීම දයිවෝපගත සිදුවීමකි. 2008 වසර වන විට කොටින්ගේ මරාගෙන මැරෙන දිය යට කිමිදුම් බලකාය “ගංගෙයි අමරන් ” කිමිදුම් බලකාය ලෙස පරිවථනය වී තිබූ අතර යුද සමයේ සොයාගත් සබ්මැරීන් හැඩැති බොහෝ යාත්‍රා සහ දිය යට බාවිතා කරන නවීන උපකරණ එම ඒකකයට අයත් ඒවා විය. 2009 වසරේ.. අවසන් යුද සමයේ.. ඉරණමඩු වැවේ සොරොව්ව පුපුරුවා හැරීමට පැමිණි LTTE කිමිදුම් කරුවන් දෙදෙනාද ගංගෙයි අමරන් දිය යට පිපිරුම් ඒකකයට අයත් ත්‍රස්ථවාදීන් දෙදෙනෙකු විය. ඔවුන් දෙදෙනා පසුව සිය සැලසුම අතහැර කිමිදුම් ඇදුම් කට්ටල හා පිපිරවීමට ගෙනා කාන්දම් බෝම්බ සමග හමුදාවට බාරවී තිබුණි.
2001 වසර තුලම ගුවන් කොටි බලකායේ නිර්මාතෘ කර්නල් ශංකර් ද මේජර් ලලිත් ජයසිංහ ගේ නායකත්වයෙන් දිගුදුර ක්‍රියාන්විතයකින් විනාශ කල අතර මාස තුනක් වැනි කෙටි කාලයකින් LTTE සංවිධානයේ ප්‍රදාන ටාක්ස් දෙකක් බිද හෙලීමට මේජර් ලලිත් ජයසිංහ ගේ නායකත්වයෙන් යුත් විශේෂ බලකා දිගුදුර විහිදුම් බලකායට හැකි විය. ගුවන් කොටි බලකායද 1995 වසරේ සිට ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ශංකර් ගේ මරණයත් සමග ගුවන් කොටි අංශය කල එලි බැසීම වසර ගණනක් අඩපණ වූ එය 2007 වසර දක්වා ඇදී ගියහ.
9 Viewers





