• Home »
  • Sinhala Articles »
  • කොළඹ පෝට්සිටි නිසා බිඳවැටුණු දෙමළ LTTE ඩයස්පොරාවේ ඊලම් සිහිනය….

කොළඹ පෝට්සිටි නිසා බිඳවැටුණු දෙමළ LTTE ඩයස්පොරාවේ ඊලම් සිහිනය….

ලොව රටවල් හතක ද්‍රවිඩ ජනතාව ජීවත් වෙන  දෙමළ ඩයස්පොරාවේ ක්‍රියාකාරීත්වය ඉහළම තිබෙන රටවල් ජන සංහාර සතිය නමින් උතුරේ යුද්දේ අවසන් සටන වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදීන් සිහි කරමින් සිටී.

උතුරේ වේළුපිල්ලේ ප්‍රභාකරන් හ යුද්ධයෙන් මියගිය සියලුම ද්‍රවිඩ ජනතාව ජාතික වීරයන් ලෙස සලකා වසර 30ක ජනතා සංහාරයක් කරන ලදැයි උතුරේ ත්‍රස්තවාදීන් වීරයන් සේ සලකා  ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව මිනිමරුවන් ත්‍රස්තවාදීන් ලෙසට හංවඩු ගසමින් මෙම සතිය ආරම්භ වේ.

ජන සංහාර සතිය නමින් නොයෙක් අන්දමේ සමුළු zoom තාක්ෂණය ඔස්සේ පවත්වන Tamil Diaspora වේ සාමාජිකයින් ලොව දස දෙස විසිරී සිටින ද්‍රවිධ සාමාජිකයින් එකතු කර ගනිමින් නැවත ඊළාම් රාජ්‍යයක් ගොඩ නැගීමේ සිහිනයට මුල්ගල් තබමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම Coron-19 සමයේ කිසිදු රටක තාත්විකව හමුවීමට සමුළු තැබීමට සහ උත්සව තැබීමට කණ්ඩායමක, පිරිස් එක් වීමට කිසිදු අවස්ථාවක් නැති නිසා මෙවර ඔවුන්ගේ සමුළු නවතම තාක්ෂණ ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සමුළුව ඇමතීමට තමිල්නාඩුවේ සිට මෙවර සම්බන්ධ වී සිටින්නේ Naam Tamilar Katchi ප්‍රධාන සංවිධායක සීමන් සෙන්තමිෂාන් ය.

ඔහු දෙමළ ඩයස්පොරාවේ ප්‍රධානම කොටසක ඊළම් හිතවාදියෙකි.

තමිල්නාඩුවේ දකුණු සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස ද නළුවෙක් ලෙස ද කටයුතු කළ හෙතෙම දකුණු සිනමාවේ අප්‍රමාණ චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කළ අතර එහි තේමාව බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ දේශපාලනයට බෞද්ධ ආගමට සහ සිංහල සංස්කෘතියට පහර ගහමින් ිත්‍රපට නිෂ්පාදනය කළේය. එම චිත්‍රපටවලින් ඉන්දියාවේ ද්‍රවිඩ ජනතාව කුල භේදයෙන් තොර ආගම් බෙදීම් තොර ලොව උසස්ම ජනතාවක් ජීවත්වන බවට උදම් අනමින් එම චිත්‍රපට නිෂ්පාදන කළ පුද්ගලයෙකි. ඔහුගේ අඩි පාරේ යමින් වෙනත් නිෂ්පාදකවරු ගණනාවක් එවැනි චිත්‍රපට නිෂ්පාදනය කළ අතර “රාවන්” එවැනි චිත්‍රපටියකි.

එම චිත්‍රපටියේ එක කොටසක ඔසරියක් ඇඳ ගත්ත ්‍රවිඩ කාන්තාවක් පය පාමුල බෞද්ධ හිමිවරු සේවකයින් ලෙස සේවය කරන අයුරු පිළිබිඹු කරමින් ිත්‍රපටිය  අධ්‍යක්ෂණය කර තිබෙනවා. මෙම චිත්‍රපටිය පිළිබඳව අද දක්වා කිසිදු බෞද්ධ හිමි ොරු හෝ ශ්‍රී ලංකාවේ රජය ඉන්දියාවේ රජයට දොස් නැගුවෙ නැත. එම චිත්‍රපට ශ්‍රී ලංකාව පුරා දෙමළ සිනමාහල් වල සහ සීඩී තැටි වශයෙන් ිලියන ගාණක් ශ්‍රී ලංකාවේ විකිනි තිබිණ.

දකුණු ඉන්දියානු සිනමාව තුළින් ඔවුන් උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර පැනනැගී තිබෙන සීතල යුද්දේ ිකඩ චිත්‍රපට තුළින් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ලොවට විදහා දැක් වූ අතර එයින් උතුරේ හින්දි භාෂාව කතා කරන සහ තමිල්නාඩුවේ දෙමළ භාෂාව කථා කරන ජනතාව අතර වෙනස අකමැත්ත හා ප්‍රශ්න තිබෙන බවට “චෙන්නායි එක්ස්ප්‍රස්” චිත්‍රපටය ලොවට පහදා දුන්නේ ය.

1958 දි තමිල්නාඩුවේ දී ආරම්භ වුණු නාං thamilar kachchi පක්ෂයට සමගාමීව නොවුනත් 1939 ශ්‍රී ලංකාවේ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් විසින් ලංකා කම්කරු කොංග්‍රසය වතු ආශ්‍රිතව පටන් ගන්නා ලදී.  එවකටද ද්‍රවිඩ ඩයස්පොරාවේ බළල් ඇත්ත ශ්‍රී ලංකාවට දිගු වී තිබිණ.

වසර 30 ක සිවිල් යුද්ධය ලොව කවුරුත් පුදුම කරමින් ශ්‍රී ලංකාවට නිදහස ගෙනදුන්නෙ ්‍රිවිධ හමුදාවට පින් සිදුවන්නටය.

එය ලොව පුරා වෙනත් ආර්ථික මරමස්ථාන යක් ගොඩ නගමින් සිටී දෙමළ ඩයස්පෝරාව විශාල පහරකි. එතැනින් නොනැවතුන ද්‍රවිඩ ඩයස්පෝරාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට ුදල් වියදම් කරමින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගතු කියන්නට වකවානු ගණනාවක් තුළදී විශාල උත්සාහයක් දැරූ අතර එම උත්සාහය ඵල දැරූ අවස්ථාද නැතුවාම නොවේ.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලට සහභාගි වුණු ශ්‍රී ලංකාවේ නොයෙක් සංවිධානවල අයවලුන් ෙමළ ඩයස්පෝරාවට ඩොලරයක විකිණෙද්දි ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව අසරණ වූ විට මෙවර චීනය-රුසියාවට වඩා  ඉන්දියාව මධ්‍යස්ථභාවය ඉසිලූ බැවින් මෙවර දෙමළ ඩයස්පෝරාවට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සමග සිතල ආරවුලක පැටලී ඇති සැටියක් මෙවර ජන සංහාර සූම් තාක්ෂණ සමුළුවේ දී දැක ගන්නට හැකිය. 

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධය පිළිබඳ සහ අවසන් යුද්ධයේදී මියගිය ත්‍රස්තවාදීන් වෙනුවෙන් කතා නොකිරීම පිළිබඳව ඉතාමත් කණගාටුවෙන් අදහස් දැක්වූ සීමන් ඔහු ඉන්දියාවට බලවත් ලෙස චෝදනා කර සිටියේය.

දැනට ඉන්දියාවේ කෝටි දහයකට පමණ අධික ද්‍රවිඩ ජන කොට්ඨාසයක් ඉන්දියාව පුරා ජීවත් වෙන අතර දකුණු ඉන්දියාවට නොසලකන බව නොකියා කියා සිටින්නේ පසුගිය කාලයේ ඉන්දියානු මහා ආණ්ඩුව විසින් තමිල්නාඩු ප්‍රාන්තයට සහ ගෝවා යන ප්‍රදේශ වලට සෞඛ්‍යය පහසුකම් සහ අවශ්‍ය බෙහෙත් හේත් බා නොදෙමින් සම්පූර්ණයෙන්ම තමිල්නාඩුව අමතක කර දැමීම පිළිබඳව දකුණේ ද්‍රවිඩ ඉන්දියානු ජනතාව ද ලොවට ුරා සිටින ජනතාවද නරේන්ද්‍ර මෝදිට විරුද්ධත්වය පැවද කොරෝනා වසංගතයෙන් පාලනය ගිලිහුණු ඉන්දියානු රජයට තමිල්නාඩු යනු මෝදිගේ ජයග්‍රහණය ට සහයෝගය නොදක්වපු ප්‍රදේශයකි.  ඒ පිළිබඳ මෝදිට නම් එතරම් වගක් ම නැත.

ශ්‍රී ලංකාවේ උතුරේ ජන සංහාරයට කිසිදු විදිහක ප්‍රතිචාරයක් නොදක්වන ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව දැනට කරගෙන යන මධ්‍යස්ථ පිළිවෙතට විරුද්ධව චෝදනා කරන දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ චීන-රුසියා බලවතුන් ඉදිරියේ දී ඉන්දියාව කුලප්පු නොවී සිටින්නේ එයින් ආසියාවේ හිත හොඳ පලුදු වේ යැයි කියා ද , බලවත් රටවල් තුනක් අතර  හිතවත්කම පලුදු නොවීමට දකුණු ඉන්දියානු  ද්‍රවිඩයන්ගේ සිහින අධිරාජ්‍ය තමිල්නාඩුවෙන් එපිටට කොහේ හෝ අටවා ගනින් යැයි කියා නිහඬව සිටීම ද දන්නේ මෝදි පමණකි..  

තමිල්නාඩුව ද්‍රවිඩ  ඩයස්පොරාවේ අධිරාජයා ලෙසට පිළිගැනීමට  සිහිනෙකින්වත් සිතන්න නැත්තේ දකුණු ඉන්දියානු ජන සංහාරය  වඩා භයානක වන බැවිනි. ,( මේ වන විට තමිල්නාඩුව පුරා කොරෝනා ජන සංහාරයක් සිදු වෙමින් පවති )

වර්තමානයේ වෙනවිටත් කාශ්මීර යුද්ධය සිදුවෙමින් පවතින අතර දකුණු ඉන්දියානුවන් තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙසට ඉල්ලීමෙන් පන්ජාබ් ජන වර්ගය වෙනම කොටසක් ඉල්ලීමට ඉඩ ඇති බැවිනුත්  බැංගොලි කතා කරන ජනයා තවත් ප්‍රදේශයේ කෙන් කොටසක් ඉල්ලා යුද්ධයක් ඇති කර ගැනීමෙන් විශාල හානියක් කර ගන්නවාට වඩා උතුරේ ඊලම් සිහිනය නැවත අතපෙවීම සහ ශ්‍රී ලංකාවේ වතුකරයේ ද්‍රවිඩ අධිරාජ්‍යජ පිහිටීම ඊට වැඩිය පහසු යැයි සිතමින් පසු ගිය වසර 12 ක් පුරා ගොඩනගා ගෙන පැමිණි අධිරාජ්‍ය සිහිනය උතුරෙන් කඳුකරය ටත් කඳුකරයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී සුනු විසුනු විමටත් පටන් ගත්තේ පසුගිය දවස්වල ශ්‍රී ලංකා රජය චීන රජයත් සමඟ කොළඹ පොර්ට් සිටියට අත්සන් කිරීමෙන් පසුවය.

ලොව බලවත්ම රට චීනය සමඟ ශ්‍රී ලංකා රජයේ මිත්‍රත්වය තවදුරටත් ළං වෙද්දී එයින් විනාශයට පත් වෙමින් යන්නේ ුළු ලෝකෙම වටා විසිර සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව ඊළමේ සිහිනයයි.

වසර තිහක යුද්ධය අවසන් කර වසර දොළහකට පසු ලෝ වටා විසිර සිටින දෙමළ ඩයස්පොරාවේ
ජන සංහාර සතියේදී   ලොව වටා විසිර සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව මල ගමේ සතිය ලෙසට මෙම සතිය දැක්විය හැක.

ප්‍රශ්නයකට ඇත්තේ කොළඹ පෝට් සිටියට විරුද්ධ වන කණ්ඩායම වලට විශාල මුදල් ්‍රමාණයක් ආයෝජනය කර ඇත්දැයි වහාම පරීක්ෂණයක් කර  පිරිස් ත්‍රස්තවාදී කුමන්ත්‍රණයකට හවුල්කරුවන් දැයි සොයා බැලීමය.

චීනය අපේ රටේ මිත්‍ර රටක් ලෙසට සිටින තාක්කල් ්‍රවිඩ ඩයස්පෝරාව සිහිනය කිසිම දවසක සත්‍යක් නොවනු ඇත.



33 Viewers