චන්න ජයසුමන

2015 මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරි වූ නමුත් ‘මහින්ද අගමැති කරමු’ තේමාව මුල්කරගෙන අපි විශාල වැඩකොටසක් කළා. මේ මැතිවරණයේ දක්නට තිබුණ  විශේෂත්වය වුයේ ඉහළ  දේශපාලන නායකයින්ගේ කිසිම අනුදැනුමක් නැතිව ස්වේච්ඡා සංවිධාන මගින්  මහින්ද අගමැති කිරීමට විශාල කැපකිරීමක් කිරීමයි.
කාලය ශ්‍රමය පමණක් නොව හැකි පමණ  මුදල්ද වියදම්කොට විශාල බරක් ඇදීමයි. ඒ කාලේ අද මෙන් රාජපක්ෂලාගේ සහයට බොහෝ අය නොසිටියහ. අද කළඑළි  බැස  ඇති බොහෝදෙනා යහපාලනයක රස භුක්ති විදිමින් සැගවී සිටි කාලයක  ස්වේච්ඡා මැදිහත්වීම් සහිතව ඒ ජනමතය වෙනස් කිරීමට කටයුතු කලේ ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ අයයි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, GSLF අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයා දෙමින් ඉදිරියෙන්ම සිටියේය. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ එම කැපකිරීම් නොවන්නට මේ තරම් ඉක්මනින් ජනමතය වෙනස්කර ආණ්ඩු බලය ලබාගැනීමට  හැකියාව ලැබෙන්නේ නැත. ජාතික සංවිධානවල නායකයින්ට නොතිබූ මූල්‍ය ශක්තිය ලබාදෙමින් බොහෝ දේට  උදව් කළේ  ගෝලීය  ශ්‍රී ලාංකික සංසදය බව බොහෝ අයට අමතක වුවද අපට මතක තිබේ. ඉන් කළ  එක් කටයුත්තක් වූයේ “වෙනස” නමින් පුවත්පතක් මුද්‍රණය කොට ජනතාව අතර නොමිලේ බෙදාහැරීමයි.

Isuru Prasanga සංස්කරණය කළ මේ පුවත්පතට  “දේදුනු විප්ලවයෙන් පසු ලංකාව” මැයෙන්  සහ “යහපාලන වෙස්මුණ හා බෙදුම්වාදී සැබෑ වෙස්මූණ” මැයෙන් මුල් ලිපිදෙක ලිවේ මමය.

 රනිල් රටකළ ආකාරයට සාක්ෂි සපයමින් සෙසු ලිපි ඉසුරු හා වෙනත් අය ලියූහ. පුවත්පත බෙදාහැරුණේ  ජනිපෙ කාර්යාලය හරහායි. එහි පිටපත් සැලකිය යුතු ප්‍රමාණයක් අනුරාධපුරයේ බෙදාහැරීමට කටයුතු කළේ Channa Jayasumana යි.
ඔහු බොහෝ දිනවල රජරට  සිට  කොළඹ ආවේ ගියේ බස්වල හා දුම්රියේ එල්ලී කට්ට කමිනි. ඔහුගේ දෑතින්ම පත්තරමිටි බස්රථවලට  පටවා පොදු ප්‍රවාහනයෙන් ගොස් බෙදුවේය. ඒ චන්නලා  ජයග්‍රහණයක් කරා යන ගමනක බීජ වැපිරූ හැටිය. අද වරදාන වරප්‍රසාද ලබන බොහෝ දෙනා නොසිටි කාලයක ඒ අප වැඩකළ හැටිය.

මේ  චන්නගේ අතීත කැපකිරීම්වලට එක් උදාහරණයක් පමණය. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉහළම සුදුසුකම් ඇති චන්න වැනි දේශප්‍රේමියකු පාර්ලිමේන්තු නොඑවන්නේ නම් එවන් ජනතාවකගෙන් රජරටට වැඩක් නැත. මෙවර ඔහුගේ  ජයග්‍රහණය ගැන අපට නිසැක අපේක්ෂාවක් ඇතත් රජරට වැසියන් ඔහුව දිනවිය යුත්තේ අන් සියලුම  දෙනාට වඩා ඉහළිනි. චන්නගේ උපන් දිනයත් අදට යෙදී ඇතිබව දුටුවෙමු. ඒ සදහා රජරට ජනතාව විසින් ඔහුට  දියහැකි හොදම තෑග්ග වන්නේ ලබන පස්වන දා අංක 08 ට කතිරය ගසා ඉහළම මනාපයෙන් දිනවීමයි. මේ දෙකටම අපි ඔබට සුබ පතමු.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



15 Viewers