• Home »
  • Sinhala News »
  • ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ සියලූ දෙනාගේ දේපළ හා වත්කම් තහනම් – ට‍්‍රම්ප් විධායක නියෝගයක් ප‍්‍රකාශ කරයි.

ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ සියලූ දෙනාගේ දේපළ හා වත්කම් තහනම් – ට‍්‍රම්ප් විධායක නියෝගයක් ප‍්‍රකාශ කරයි.

ඇමරිකානු හමුදාව – බුද්ධි අංශය සහ අනිකුත් සේවා සපයන හමුදා අංශවලට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට උත්සාහ කරන ජාත්‍යන්තර අධිකරණය සහ එම අධිකරණය සමග සම්බන්ධකම් පවත්වන සියලූ පාර්ශ්වයන්ට ඇමරිකාවට ඒම තහනම් කරන විධායක නියෝගයක් ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නිකුත් කර ඇත. එසේම ඔවුන් සතු දේපළ ඇමරිකාව තුළින් ඉවත් කර ගැනීම ද තහනම් වේ.

ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල, ජාත්‍යන්තර හදිසි ආර්ථික පනත, හදිසි ජාතික පනත, ආගමන සහ ජාතික පනත යන ඇමරිකානු බලතල යටතේ ට‍්‍රම්ප් මෙම තහනම පනවා ඇත.

ජාත්‍යන්තර අධිකරණයට ඇමරිකාව සම්බන්ධ නැති අතර එම සම්මුතිය යටතේ ඇමරිකානු හමුදාවට එරෙහිව කි‍්‍රයා කළ නොහැක.

ඇමරිකානු ජනපතිවරයාගේ මෙම විධායක නියෝගය නිසා හේග්නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය බරපතළ දුෂ්කරතාවකට පත්වී ඇත.

මේ අතර ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේදී යුද අපරාධ කළ බවට තහවුරු වන සාක්‍ෂි රැුසක් තමන් වෙත ලැබී ඇතැයි ජාත්‍යන්තර අධිකරණය කියා සිටී. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂවරිය පැවසුවාය. ඇමරිකාව විසින් ජාත්‍යන්තර අධිකරණයට පැනවූ තහනම් නියෝග සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු රටක් විරෝධයක් දක්වා නැත.



184 Viewers